පසුගිය හතර වැනිදා රාත්‍රියේ සිට ජලය ලබාදෙන බවට ජලසම්පාදන මණ්ඩලය පැවසූවද අදත් (06) ජලය තමන්ට නොලැබුණ බව මහරගම, නුගේගොඩ, තලපත්පිටිය ආදි ප්‍රදේශ රැසක ජනතාව පැවසූහ.
අද උදෑසන පහට පමණ ජනතාවගේ පරිභෝජනය සඳහා ජලය මුදා හැරිය බවත් උස් කඳු සහිත ප්‍රදේශවලට ජලය ජලය ලැබීම තරමක් ප්‍රමාද වියහැකි බවත් ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි රංජිත් බාලසූරිය මහතා පැවසුවේය. ජලය නොලැඛෙන අය තමන් ප්‍රසිද්ධ කරන ලද දුරකථන අංකවලට කතා කළහොත් බවුසර් මගින් ජලය ලබාදීමට කටයුතු කරන බවද බාලසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.
අද උදෑසන සිට ජනතාවට සුපුරුදු පරිදි ජලය ලබාදී ඇති බව ජලසම්පාදන මණ්ඩලය පැවසුවද ඊයේ සවස් වනතුරුත් මාදිවෙල කනත්ත පාර, ශ්‍රී ජයවර්ධනපුර, තලපත්පිටිය ආදී ප්‍රදේශ රැසකට ජලය ලැබී තිබුණෙ නැත. මිරිහාන ඇඹුල්දෙණිය ප්‍රදේශවලට ජලය ලැබී තිබුණද ඒවා බොර පැහැයෙන් යුක්ත වූ නිසා ප්‍රයෝජනයට ගත නොහැකිවූ බව ප්‍රදේශවාසීහු පැවසූහ.
අප සමග අදහස් දැක්වූ මාදිවෙල කනත්ත පාරේ රංග කුමාර මහතා -
‘අපිට අද උදේ වතුර එනවා කිව්වත් තවම ආවේ නැහැ. උදේ බවුසරය ඇවිත් වතුර ටිකක් දීලා ගියා. ඒ වෙලාවෙත් කිව්වා පැය එක හමාරකින් ජලය ලැඛෙනවා කියලා. දැන් වෙලාව හවස තුනයි. තාම වතුර නැහැ. බවුසරය එනවා කිව්වා. ඒකත් තාම නැහැ. මම මේ දවස් දෙකේම වැඩට ගියේ නැහැ.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද 05 ද වෙලව රාත්‍රී 9.00 ස්ථානය පිළියන්දල මාවිත්තර අපිට තාම වතුර නැහැ 2 ද උදේ 6.00 ඉඳලා මෙන්න ජලසම්පදනේ වැඩ දෙනවා කියන බෞසර් අපේ පැත්තට එන්නේ නැද්ද අද රැට වතුර අවේ නැත්නම් හෙට වැසිකිලි යන්නේ පිළියන්දල ජලසම්පදනේ ගාව (දී)
අපිට නල ළිඳක් හරි තිබුණ නිසා හොඳයි. නැත්නම් ඉතින් මේ දවස් ටිකේ වැඩට යන්නේ නැතුව ගෙදර ඉන්න තමයි වෙන්නේ. ළිඳක් නැති අය මොනවා කර ගත්තද දන්නේ නැහැ (නි)
අර එක වරක් අල්පිටියෙත් වතුර ඉල්ලපු අයට වතුර දෙන්නට කෙලින්ම ජනාධිපති තුමාට කතා කරපු කෙනාට කිව්වනම් ඕක සුළු දෙයක් . බෝතල වතුර හරි දෙනවා (දී)
වතුර බිල නොගෙවා ඉමු.(අ)
මේකට වෙන්න ඇති ආසියාවේ ආශ්චර්ය කියන්නේ. අපිට මෙහෙම කරනවට හොඳක් වෙයිද? (නි)
ඔයාලා හැමෝටම මේ බව ඡන්දය දෙන දවසට අමතකවෙන එකයි දුක. අපි නම් බලාගෙන ඉන්නේ ඡන්දය ඉල්ලන මහත්හොරු අපේ දිහාට එනකම්. (නි)
වැඩිය කෑ ගහන්න එපා වතුර ඉල්ලලා... (නි)
මිනිසුනේ, දැන්වත් ඉඩක් තියෙන තැනක් බලා ළිඳක් කපාගන්න (නි)
මොකක්ද මේ දියවන්නාවේ බෝට්ටු කතාව? ජලනලය ඉස්සුවේ, අති සුපොකබෝගී බෝට්ටු ධාවනය කරන්නද? (දී)
හොයන්නේ බලන්නේ නැතුව අවසර දුන්නේ කව්ද කියල බලන්න ඕනය ඉස්සෙල්ලාම (දී)
මණ්ඩලයේ සාමාන්‍යාදිකාරි මහතාගේ ප්‍රකාශය නිවැරදියි. උස් බිම් වලට ජලය ලැබෙන්නට ප්‍රමාද විය හැකියි . අපි සෑම ගෙදරකම දින කීපයකට (3කට පමණ ) සැහෙන ජලය ගබඩා කළහැකි ටැංකියක් තබාගමු . (දී)
දීපු දුකේ හැටියට මේ සිද්දියෙන් පීඩාවට පත් උණු අයට,ජලසම්පාදන මණ්ඩලය, ලබන මාසේ වතුර නොමිලේ දිය යුතයි. (දී)
කොළඹට ජලය සපයන ලබුගම , කලටුවාව ප්‍රදේශ නියගයෙන් ජලය හිදිලා වාන් දමනවාලු ! කොහොමද ජලකලමනාකරණය..හා පාර්ලිමේන්තුවේ පම්පෝරි ගැහිල්ල විතරක් !ලැජ්ජයි .. (දී)
මිනිස්සු ලක්ෂ ගානකට දුකක් දුන්නු ජලසම්පාදන මණ්ඩලයේ කිසිම නිලදාරියෙක් හාවක් හුවක් නැතුව ඉන්න හැටි විතරක් දැක්කම පුදුම හිතෙනවා. මින් ඉදිරියේදීවත් ඔය වගේ වැඩක් කරනකොට මීට වඩා වගකීමකින් වැඩ කරන්න ඉගෙන ගත්තොත් හොදයි. මොකද මම අහල තියන විදියට ඔය මණ්ඩලේ ඉන්නේ ඉගෙන ගත්තු අය. (නදී)
මම හෙටත් බලලා,මගේ අලුත් වතුර බිස්නස් එක පටන් ගන්නවා. වැසිකිලි යන්න වතුර බාස්කට් එක රු 100 දෙනවා. (නදී)
මේ පාර උසස් පෙළ විභාගේ කරන අය ගැන වත් හිතන්න බැරි ජලසම්පාදන මණ්ඩලය. දියවන්නා ඔයට බෝට්ටු දාන්න වතුර කපලා... (දී)
කියලා වැඩක් නැහැ ඔය කට්ටියගේ වැඩ නම්. මේවා බලන්න කෙනෙක් නැති එකනේ වැඩේ (නි)
එතකොට කාටද දුන්නේ (දී)