පසුගිය කාලයේ බැංකු , මුදල් , අරමුදල් , කුඩා කංඩායම් සමෘද්ධි සමිති , බැංකු සමිති ඔස්සේ දුප්පතුන් සඳහා මූලික ප්‍රාග්ධනය සපයා දුප්පත්කම තුරන් කිරීම සදහා ක්‍රියාත්මක නොවුයේ බැසිල් රාඡපක්ෂ හා වටේ සිටි නිලධාරින්ට ඒ සම්බන්ධව ඉගෙන ගැනීමටවත් උනන්දුවක් නොවූ නිසා බව සමාජ සවිබලගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස් බී දිසානායක මහතා අද (29) මහනුවරදි පැවැසීය.
‘නාමල්, යෝෂිත, මහින්දානන්ද ආදීන් අත් අඩංගුවට ගත්තාම නිකං අඬ අඬා කෙඳිරි ගාන්නෙ නැතුව අනම් මනම් නොකියා අනේ මුන් මාව අත් අඩංගුවට ගත්තා කොච්චර බලු වැඩක්ද මුන් කරන්නෙ මුන් මගෙන් පළිගන්නවා මේ සල්ලි මම හම්බ කළේ දහඩිය දුක් මහන්සියෙන් නැත්තම් මගේ අම්මගෙන් තාත්තගෙන් බිරිඳගෙන් කියන්නෙ නැතුව වෙන වෙන කතා කියනව ඒවා අහන්න මිනිස්සුන්ට කුර සහ අං තියෙන්න ඕනෑ‘ යැයිද ඇමැතිවරයා කීවේය.
පේරාදෙණි විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශය හා සමාජ සංවර්ධනය පිළිබඳ අන්තර් ජාතික සහයෝගීතා එකමුතුව සංවිධානය කළ සම්මන්ත්‍රණයකදී එසේ කී ඇමැතිවරයා ගිය රජය කාලයේ සමහර තැන් වල අරමුදල් ශක්තිමත්ව තිබුණත් දුප්පත් ජනතාවට ඇප කරුවන් නොමැතිව මුදල් ලබා දි සංවර්ධනය සඳහා යොමු කරවීමට නොහැකි වුයේ බැසිල් රාජපක්ෂ යුගයේ බවත් ඒ නිසා ගම්මාන වල ගිනි පොලිකරුවන් බිහි වි ඔවුන් දෙන මුදල් වලට දුප්පත් ජනතාවට සියයට හැටකට වඩා පොලි ගෙවීමට සිදුවූ බව ද සදහන් කළේය.
එහිදී අදහස් දැක්වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී.දිසානායක මහතා සඳහන් කළේ සමාජ සංවර්ධනය සමාඡ සුභ සාධනය සහ දුගී බව තුරන් කිරිම පිලිබද ජාත්‍යන්තර සමුළුව රටවල් 23 ක ජාතික හා ජාත්‍යන්තර විශේෂඥයන් විද්‍යාඥයන් සහභාගිවන බවත් එයින් සෞඛ්‍ය කේෂත්‍රයේ හා අධ්‍යාපන කේෂත්‍රයේ විශේෂ ඵලදායීතාවයක් පෙන්නුම් කළද දරිද්‍රතාවය තුරන් කිරීමේ ඉලක්ක දෙස බැලු පසු සැහිමකට පත් වීමට නොහැකි බවත් මෙවැනි ජාත්‍යන්තර සම්මේලන පවත්වා එයින් ලබාගන්නා ප්‍රගතියෙන් දරිද්‍රතාවය තුරන් කිරිම පිළිබඳ යහපත් ප්‍රගතියක් ලබා ගැනීම සඳහා මෙවැනි ජාත්‍යන්තර සම්මේලන මගින් විශාල සහායක් ලැබෙන බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වගේම තමයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහරු ඉන්නකම් පක්ෂය ඉදිරියට ගෙනියන්න අමාරුයි (නි)
ගැහිලිකරුවෝ මුල ඉඳලාම සොයමු නේද? එතකොට කාගේ පාත්තරෙන්ද කාලා තියෙන්නේ කියලා දැනගන්න පුළුවන් (නි)
කොහොමද බබා කතාව මෙයා ඒ කාලේ සමෘද්ධි සල්ලිවලින් මාලිගා ගැහුවා, දැන් පේනවනේ හිරගෙදරින් එලියට ගත්ත මිනිහටත් දෙයිපාර. (බ)
ඇත්තටම මහත්තයෝ ඔය කතා කරන්නේ කටින්ද කියලා අහන්න හිතෙනවා. මොකද අපි නොදන්නවායැ, පසුගිය ආණ්ඩුව කාලේ දේවල් (නි)
මට දුක තමුන්නාන්සේලා ගැනයි. ඔය කියන කාලේ ඔය වගේ වැඩ කරනකොට, ඔබතුමන්ලා මොන ඉවසීමක් ඉවසලා තියනවාද කියා අපට හිතාගන්න පුළුවන්. (නි)
අනේ මෙයා සමෘද්ධි මාලිගාවක් හදාගත්තේ කොහොමද, මෙයාගේ අම්ම තාත්තගේ දේපළවලින්ද (බ)
අනේ සර්, අර හඟුරන්කෙත මාළිගාව ගැනයි කොළඹ හතේ ගෙවල් ගැනයි ඊළඟ සම්මන්ත්‍රණයේදිවත් කියන්නවද? (නි)
අනේ කවදාද මෙයාලා දේශපාලනයෙන් ඉවත්වෙලා යන්නේ? (නි)
වීදුරු ගෙවල් ඇතුලේ ඉදන් ගල් ගහන්න එපා. ඔබ කවුද කියන එක දන්නා නිසා තමයි ජනතාව ප්‍රතික්ෂේප කලේ. (ර)
ප්‍රතිපත්ති නැති මනුස්සයෙක් (ම)
කට නිසා හිරේ විලංගුවේ වැටිලා ඉද්දි එලියට ගත්ත මනුස්සයටත් දෂ්ට කරන ජාතියේ සර්පයෙක් මෙයා (ම)
පැනිලි ගැන කතා කරනවිට ඔබ තුමාගේ පැනිලි ගැන මතක් වෙන්නේ නැත්ද ? (ම)
කපටිකම පින් ඇමැතිකමක හම්බෙනවානම් ඕනම වැඩක් කරයි (බ)
එතකොට හගුරන්කෙත මාලිගාව? (බ)
කව්රු කව්රුත් දුප්පතාගේ බත් පතට තමයි පාත් වෙන්නේ. (ර)