කොළඹ නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාවක් සමග ඔහු මාර්තු 28 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සඳුන් විතාන මහතා රහස් පොලීසියට හා බන්ධනාගාරයට නියෝග කළේය.
ජනාධිපති උපදේශකයකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු 2011 ඔක්තෝබර් 08 වැනිදා කොළොන්නාවේදී මරා දැමීයැයි කියන සිද්ධියේ ඔහුද සැකකරුවෙකි.
රහස් පොලීසිය දුමින්ද සිල්වා සම්බන්ධයෙන් පිළිගත් පිළිවෙත අනුගමනය කර නැතැයි ද රජයේ අධිකරණ වෛද්‍ය නිලධයාගෙන් වාර්තාවක් ලබාගෙන නැතැයි ද, එය නොපිළිගත හැකි ක්‍රියාවක් යැයි ද ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතීවේදී අජිත් පතිරණ මහතා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේස්ත්‍රාත්තුමාගේ නියෝගය ඉතා අගේ කොට සළකමි.. යුක්තිය ඉටු කරන්න.. (නු)
නියෝගය ඉතාම අගේකොට සළකමි..!(නු)
neethiya semata samana bawa me nadukarathuma nam dannawa
නියෝගය ඉතා වටිනවා. (නි)
ඔන්න නිදහස් කරනවා එහෙම නෙමෙයි හොදේ. (නි)
සාධාරණ තීරණයක් දෙන්න ඒක වැදගත් (දී)
මෙන්න මෙහෙම තමයි වෙන්න ඕනෑ. (නි)
වාර්තා නම් දෙන්න බැරියැ..!(නු)
ඉතාම අගය කරනවා(නු)
අන්න හරි (දී)
සින්ගප්පුරුවෙන් ගෙන්න ගන්න (දී)
මේවා ගන්නේ කාගෙන්ද? අනේ මන්දා. මට නම් මේ මුකුත්ම තේරෙන්නේ නැහැ. (නි)
නියෝගය හොඳයි. (නි)
ඔහු මේකට සම්බන්ධ නැත්නම් නිදහස් කළා නම් ඉවරයිනේ. (නි)
රහස් පොලිසියටත් හොරෙන් සැකකරුවෙකුට ගුවන් තොටුපළින් එන්න පුළුවන්ද? ආශ්චර්යයක් නොවේද එය? (නි)
වරදක් කර ඇත්නම් අනිවාර්යයෙන්ම දඩුවමක් ලැබිය යුතුයි. (නි)