අද (27) හිරු මුදුන් වන්නට පෙර යෙදී ඇති නැකතකින් කොළඹ නවලෝක රෝහලෙන් පිටවී පැලවත්තේ ගෙදර යන්නට බලාපොරොත්තුවෙන් සිටින දුමින්ද සිල්වා පිළිගැනීමට ආධාරකරුවන් හා හිතවතුන් විශාල පිරිසක් පැමිණෙතියි දැනගන්නට ඇත.
ඔහු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු ඝාතනයේ 11 වැනි සැකකරුය.
(පෙවරු 10.30 නව ලෝක රෝහලේදී)
(පෙරවරු 9ට නවලෝක රෝහලේදී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ නීතියද මේ? (නි)
ඔන්න සද දිය උතුරා යනවෝ, ගිලී නාන්න තමයි තියෙන්නේ. (නි)
ඇඩෙනවා.(අ)
ඉස්සර නම් අපි දුටුවේ මෙවැනි ජවනිකා චිත්‍ර පටියක්, ටෙලි නාට්‍යක් තුලිනි. (ස)
නීතියට මොනවා වෙලාද? (නි)
මොහු නිදහස් කිරීමට උරදුන් සියල්ලන්ටම ජාතියේ උපහාරය ! (නි)
ලංකාවේ නීතිය ගැන සිංහල අපිට හරිම ආඩම්බරයි. ලෝකෙටම එකයි. (නි)
ඔහුගේ ඇග දැක්කා නම් කියන්න පුළුවන් ඔහු ඇත්තටම ලෙඩ වෙලා හිටියාද නැද්ද කියා..... (නි)
සුද්දන්ට එන්න කියමු අපේ රට බලන්න කියමු බලාල ඉගෙන ගන්න කියමු අපි සිංදුව ලියවුනේ මේ වගේ දේවල් ඉදිරියට වෙයි කියල හිතල වෙන්න ඈති...(ස)
අන්තො ජටා බහි ජටා ජටාය ජටිතා පජා ඇතුළතද අවුල්ය. පිටතද අවුල්ය. රට අවුලෙන් අවුලට පත්ව සිටිති. (ස)
හිරුනිකටත් එන්න කියන්න (අ)
පෝරුවේ නැකැත් කීයටද දන්නේ නෑ නේද ? (ස)
මෙයා ක්‍රිස්තියන් අගමේ නේද? මොන නැකැත්ද ? (ස)
එතකොට තියෙන නඩු (දී)
පුදුම වැඩේ කියන්නෙ එදා වුණ සිද්ධිය සම්පුර්ණයෙන්ම අමතකලු. හැබැයි අනෙක් හැම දේම මතකලු. (නි)
නැකතටද යන්නේ (දී)
11 වැනි සැකකරුනේ. ඒ නිසා ගානක් නැහැ. (නි)
එතකොට දැන් එයා රටේ පිළිගත් පුද්ගලයෙක්... ආ ? (නි)
නැකත නිසා විෂබීජ වල බලපෑමක් ඇතිවෙන එකක් නැහැ (නි)
නැකැත් බලලාද කලිනුත් වැඩ කළේ? (නි)
ලෝකේ උතුම් රටේ නීතිය ගැන අපිට ආඩම්බරයි. (ස)
ලොකු වීර ක්‍රියාවක් කරලනේ ගෙදර යන්නේ. අපේ බුද්ධිමත් ඡන්ද දායකයෝ ටික එයාව තොරන් බැඳලා පිළිගනීවි... (නි)
දොස්තර ගැට වලට වඩා ප්‍රොක්ටර් ගැට, පොලිටිකල් ගැට කවදත් බලවත්... (නි)
ආවේ එයාගේ අයද? (අ)
අමිල ඔය ඔක්කොම ගැට වලට වැඩිය කර්මය බලවත්!!. (ස)
මේකත් දිනන නැනතක්ද දන්නේ නැහැ...(ස)
උසාවිය නොමග යැවිය හැකිද? (අ)
දේශපාලකයන්ට නීතියක් නැති , ජනතාවට නීතියක් ඇති ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි. (නි)
හොදක් කියන්න වුණත් අපිට වීරයෝ කවුරුත්ම නැහැනේ (නි)
නියමයි හොරු ටිකයි මැරයෝ ටිකයි නැකත් බලල හෙට අනිද්දට එලියට ඒවි. (ස)
මෙයත් නැකැත් විශ්වාස කරනවද? (නි)
පට්ට වැඩකාරයෙක්(අ)
මම හිතන් හිටියේ ලෙඩ සුව කරන්න පුළුවන් දොස්තර මහත්තුරුන්ට පමණි කියල.(අ)
අපි ඔය ගැන කතා නොකර එමු අපි සිංහලයෝ අපේ අගේ සිංහලකම අපිට තිනවා මේවා දකිනකොට අගේ මලු නටනවා (අ)
අපි ඔය ගැන කතා නොකර ඉමු. අපි සිංහලයෝ අපේ ඇගේ සිංහලකම අපිට තියෙනවා. (ස)
අහවල් වාහිනී බලලා ජාත්‍යන්තරයට බනින අපේ කට්ටිය කල්පනා කරන්න, ජාත්‍යන්තරයවත් නැත්නම් මොන විදිහට කට්ටිය නීතිය අතට ගනීද, කෝ මානව හිමිකම්? සාධාරණ සමාන සැලකීම්? මෙහෙමද සුබ අනාගතය හදන්නේ. (නි)
නැවතත් මහජන සේවයට. ! (ස)
අනේ මන්ද ඇප දීපු ගමන් ලෙඩ හොඳවුණා. (ස)
හිරුනිකට අවවාද ....දුමින්ද නැකතට ගෙදර..... අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
හිතාගන්න පුළුවන් පිළිගන්න ඉන්න අයගේ මානසික තත්ත්වය ගැනත් (නි)