භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ 11 වැනි සැකකරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා වසර එකහමාරකට පමණ පසුව අද (19) පාර්ලිමේන්තුවට පැමිණියේය.
ඔහු සුදු ඇඳුමෙන් සැරසී සිටියේය.
ඔහු නොපැමිණි කාලයේදී මාස තුනකට වරක් නිවාඩු අනුමත කැරිණි.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ 11 වැනි සැකකරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා වසර එකහමාරකට පමණ පසුව අද (19) පාර්ලිමේන්තුවට පැමිණියේය.
ඔහු සුදු ඇඳුමෙන් සැරසී සිටියේය.
ඔහු නොපැමිණි කාලයේදී මාස තුනකට වරක් නිවාඩු අනුමත කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ආසියාවේ ආශ්චර්යක්. යුක්තිය සාධාරණත්වයේ කැඩපත මෙමගින් පෙන්වනවා. (ත)
හැමෝටම හැමෙද්ම අමතක වේවා! (නි)
ජෙනරල් සරත් ෆොන්සේකාට දඬුවම් දුන් අවස්ථාවේ ඔහුට දිට්ට ධම්ම වේදනීය කර්මය පලදුන්නා යැයි කියූ හාමුදුරුවරු මේ නුගත් අපේ දැන ගැනීම සඳහා මේ ගැනත් යම් අදහසක් ප්‍රකාශ කළා නම් වටිනවා (නි)
ආසියාවේ ආශ්චර්ය! (නි)
ඔතනට යන අයගෙන් හොද කෙනෙක් ඉන්නේ කව්ද කියලා තෝරලා බේරලා කියන්න බලන්න. (නි)
11 වෙනි සැකකරු වුනේ එතන හිටියේ 11 ද? අපරාදේ.නැත්නම් තව ඈතට යන්න තිබුනා. (නි)
අනේ මේ ලෝකේ දෙවි කෙනෙක් ඉන්නවාද? (නි)
අනේ දුමින්ද මහත්තයට මුකුත් කියන්න එපා (නි)
ඔක්කොම මතක් වුණාට එකම එක දෙයක් අමතකයි කියලා මම කියනවා (නි)
ආසියාවේ ආස්චර්‍යය. රට යන අත.(නදී)
13 වන සංශෝදනය ගැන මෙයයි, පබයි ජෝඩුව මොනවා කතාකරයිද?(නදී)
ලගදිම ඡන්දයක් එනවා. බලමු අපේ අය කාට කතිරේ ගහයිද කියලා.(නදී)
ඕවා ගැන කතාකරලා වැඩක් නැහැ. කරපු අයටම යයි.(නදී)
පැරණි දේවල් සේරම අමතක කරලා පවුලක් පන්සලක් වෙලා ඔය දේශපාලනයෙනුත් අයින් වෙන්න හිතුවොත් නරකද? (නි)
පඩි සහිත නිවාඩු වෙන්න ඇති මගේ හිතේ. නරක නැහැ. අපිට මෙඩිකල් දින 14 යි. ඉතිරිවා නෝපේ. අවුරුද්දක් නම් ගෙදර.අනේ මේ රජයේ රස්සාවට නොගිහින් මටත් මන්ත්‍රී කෙනෙක් වෙන්නයි තිබුනේ. (ත)
මේ ඇමතිවරරු,මන්ත්‍රීලා පාර්ලිමෙන්තුවට බලෙන් ගියේ නැහැනේ. රටේ බහුතරය තමයි තොරලා යැව්වේ. ක්‍රමය වෙනස් කරන්න නම් සියලුදෙනාම ඉදිරි මැතිවරණවලදි බුද්ධිමත්ව කටයුතු කරන්න සිහිතබා ගතයුතුයි. අපේ එකාය, ගමේ එකාය, මේ අපේ පක්ෂය, පාටය කියා ගතානුගතික ආකල්ප වෙනස්කරලා, අපෙක්ෂකයාගේ උගත්කම,පවුල් පරිසරය, බුද්ධිමත්කම,අවංකකම ගැන සොයා බලා තිරනය කරමු.(නදී)
ඇයි මේකත් ලොකු ප්‍රශ්නයක්ද ? කරුණත් ඉන්නේ පාර්ලිමන්ටුවේනේ. පොලිස් කාරයෝ තමයි හම ගහන්ට හදන්නේ . (අ)
ලංකාවේ පාර්ලිමේන්තුව කවදාද බුද්ධිමතුන්ගෙන් පිරෙන්නේ.(නදී)
ලාල් ජකර්තා, ඔයා හිතනවද ඔය වගේ මොලේ තියන අය ලංකාවේ ඉන්නවා කියලා? (නි)
ගෙදරක බල්ලා හැපුවොත් ගෙදර මිනිහයි වගකියන්න ඕනේ. මෙයාගේ ලොක්කා කව්ද?(නදී)
දුමින්දට දොස් කියල වැඩක් නෑ. මරණයෙන්ම දඩුවම් විදින්න තරමි පුද්ගලයෙක් මේ තත්වයට පත්වෙන්නත් හේතු ඇතිනේ. මේ වගේ පාර්ලිමේන්තුවක නැවත පෙනී සිටීමට ලැබීමම එයාට දෙන්න පුලුවන් ලොකුම දඩුවම වෙන්නත් පුලුවන්. ළගදීම මොහුට ඉටුවිය යුතු සාධාරනය ඉටුවෙවායි කියා ප්‍රාර්ථනා කරමු.(නදී)
දුමින්ද සිල්වා කිසි වරදක් කර නැහැ පාර්ලිමේන්තුවේ හැටියට ජනතාවට අවශ්‍ය දේ තමය එයා කරේ. අද පාර්ලිමේන්තුවෙත්,පළාත් සබා වලත් සිදුවෙන සෑම දුෂණ, වංචා,නාස්තිය,දාමරිකකම්,මිනීමැරුම්,මේ වට වග කියන්න ඕනේ ජනතාවයි. එයාලා තමා තමන්ගේ නුගත් කමට මොවුන්ව රටේ ප්‍රගතියට පත් කලේ. රට මේ ආගාදයට පත් කරපු ජනතාව අපේ මතු පරපුරට දෙන පිළිතුර කුමක්ද?(නදී)
අපොයි, දැන් වැරදි කරන අයව මහ උළු ගෙදර නෙමෙයිද ගිනියන්නේ. පාර්ලිමේන්තුවටද? අපේ රට යන්නෙම හරහටනේ. මම හිතන්නේ ආස්චර්‍ය පෙනෙන්නේ නොහිතන පැති වලින් වෙන්න ඕනා.(නදී)
ඒ කියන්නේ සුදු ඇදගෙන ඇවිත් තියෙන්නේ (නි)
නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ මෙතුමාගේ ක්‍රියා කලාපය අනුමත කරන්නේ නැහැ. යූ.එන්.පී එක කොහොමත් මෙතුමා සමග නැහැ. රටේ පොදුජනතාව මෙතුමාට විරුද්ධයි. මෙතුමා පාර්ලිමේන්තුවේ ඉන්නේ කාගේ උවමනාවටද?(නදී)
ඕකට පුදුම වෙන්න දෙයක් නැහැ,ලගදීම තව තව දේවල් ආරංචි වෙයි (නි)
මෙන්න ආසියාවේ ආශ්චර්යය! (නි)
සුදු ඇන්දම ඔක්කොම හරි. දැන් මොහු ඇමති කමට සුදුසුයි.(නදී)
අපිට පායන ඉර හදමනේ මේ අයටත් පායන්නේ (නි)
මම හිතුවේ පාර්ලිමේන්තුවත් අමතක වෙලා තිබුනේ කියලා (නි)
අයියෝ, මට නම් මොනවත් මතක නැහැ. (නි)
දැන් කට්ටිය එකතුවෙලා සැප දුක් විමසනවා ඇති (නි)
එයාට ඉල්ලා අස්වෙන්න කියලා කිසිම කෙනෙක් ඉල්ලුවේ නැහැ නේද? දුමින්දට පාර්ලිමේන්තුවට එන පාර මතක තිබුණ එක ලොකු දෙයක් (නි)
වතුර ගලන්නේ නියරේම මිටි තැනින් කියලා පැරැන්නෝ කිවුවේ කට කහනවට නෙමේනේ. (නි)
අර දණ ගැස්සීමට සැකකරපු පලා බබා නම් එලවලාම දැම්මා. ආයේ එන්න දෙන්නෙත් නැහැ කිව්වා. අපි එහෙමයි. මෙතුමා පුංචි දේකටනේ සැකකරලා තියෙන්නේ. ඉතින් අනේ ඇයි ඔතෙන්ට ආවට දොස් කියන්නෙ? (නි)
පාර්ලිමේන්තුවට එනන මතක තිබ්බද?(නදී)
ඔබතුමා කලින් ඉඳගෙන සිටිය ආසනය මතකද? (නි)
කියලා වැඩක් නැහැ (නි)
පිරිත් නුල් බැඳලා නැහැල්ලුද? (නි)
බෝට්ටුවක් හරි හොයාගෙන රට පනිමු. දැන්නම් මුහුදෙදි මළත් සැපයි (නි)
වීදුරු කාමරේ ඇතුලට ගිහින් දොර වහගත්තහම කාටවත් පෙනෙන්නේ නැහැ. (නි)
ඇයි පිරිත් නුල් බැඳලා නැද්ද? (නි)
අපිට දැන් හැමදේම අමතකයිනේ. (නි)
කෝ ඉතින් ක්‍රිකට් විරුවන්ට කුණු බිත්තර ගහනවා කියපු උන්නැහෙලා ටික? (නි)
අනේ අපේ රටට වුන දේ දෙයියන්ට වත් පෙනෙන්නේ නැද්ද? (නි)
ලංකාවට මොකද මේ වුණේ? (නි)
බලාගෙන පරිස්සමෙන්... විෂබීජ තියෙනවා (නි)
අනේමන්දා මොනවා කියන්න ද(අ)
නිර්වස්තරව ඇතුල් වෙලා වීදුරු කාමරේ දොර වහගන්න තමයි දැන් කටත්වෙන්නේ. එතකොට තමයි කාටත් ලස්සන පෙන්නේ. බලමු කට්ටිය වීදුරු කාමරේ මොකද කරන්නේ කියල. හිතාගෙන ඉන්නේ මහජනතාව මෝඩයෝ කියල. (අ)