IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


දුම්බර කඳුවැටියේ සොඳුරු නවාතැන 'සෙම්බුවත්ත'

2016-10-05-ent-13

2016-10-05-ent-30නිවාඩුවක් වගේම විවේකී සතිඅන්තයක් පැමිණෙන විට ඒකාකාරී පරිසරයෙන් මිදී, අවිවේකී ජීවිතවලින් ඔබ්බට ගොස් නිදහසේ සිටින්නට බොහෝ දෙනෙක් ඇලුම් කරති. එසේ නිදහසේ සිටින්නට කැමති අයට පවුල පිටින්ම ගොස් විනෝදයෙන් සිටීමට හැකි සොඳුරු ඉසව්වක් සොයාගෙන අපි මෙවර මාතලේ නගරයේ සංචාරයක නිරත වූවෙමු.

දුම්බර කඳුවැටියෙන් වටවූ මාතලේ නගරය ශීත දේශගුණයකට උරුමකම් කියන නිසත්, එහි තිබෙන ගැමි සුවඳ නිසත් සංචාරකයෝ මෙම ප්‍ර‘දේශයේ සංචාරය කිරීමට වඩාත් කැමැත්තක් දක්වති. මෙතෙක් එම ප්‍ර‘දේශයේ සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් යොමු වී තිබුණේ නකල්ස්, පිටවල යන කඳුපන්ති වෙතය. නමුත් මෙවර අපගේ සංචාරය සිදු කළේ එම ප්‍ර‘දේශයෙන්ම සැඟවී තිබෙන, සංචාරකයන් වැඩි දෙනෙක් නොදන්නා "සෙබ්වුවත්ත" නම් සොඳුරු ඉසව්වේ මං සලකුණු සොයාගෙනය.

ඇල්කඩුව වැවිලි සමාගමට අයත්, ඇල්කඩුව වතුයායේ සරු තේ යායකට සහ ෆයිනස් යායකට මැදිව මෙම "සෙම්බුවත්ත වැව" පිහිටා තිබේ. මාතලේ සිට පැමිණෙන අයෙකුට මාතලේ නගරයේ සිට උකුවෙල හරහා ඇල්කඩුව නගරයට පිවිස, එතැන් සිට ඇල්කඩුව වතුයාය හරහා වැටී තිබෙන මාර්ගය ඔස්සේ මෙම ස්ථානයට පිවිසිය හැක. එමෙන්ම කොළඹ සිට වාහනයකින් පැමිණෙන සංචාරකයන්ට මහනුවර නගරයට පැමිණ උකුවෙල හන්දියෙන් හැරී ඇල්කඩුවට පැමිණ හුණුගල මාර්ගය ඔස්සේ ගමන් කිරීමෙන් සහ බසයෙන් පැමිණෙන මගීන්ට කොළඹ- මහනුවර බසයකින් මහනුවරට පැමිණ, එතැන් සිට මහනුවර සිට වත්තේගම නගරයටද, වත්තේගම සිට ඇල්කඩුව නගරයටද පිවිස, ඇල්කඩුව සිට සෙම්බුවත්ත දක්වා ගමන් කරන බසයෙන් මෙම ස්ථානයට ළඟාවිය හැකිය. ඇල්කඩුවේ සිට කිලෝමීටර් 6ක් පමණ දුරකින් මෙම ස්ථානය පිහිටා තිබෙන හෙයින් ත්‍රීරෝද රථයකින් වුවද පහසුවෙන් ගමන් කිරීමට හැකියාව ලැබේ. ඇල්කඩුවේ සිට කඳුකර ප්‍රදේශයකට දිවෙන පටු මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමට සිදුවන බැවින් වාහනවලින් සංචාරය කරන සංචාරකයන් ඒ සඳහා යෝග්‍ය වාහන සහ පළපුරුදු රියදුරන් යෝදාගැනීමටද වගබලා ගත යුතුය.

මාතලේ නගරයේ සිට කිලෝමීටර් 21ක් දුරින් සහ මහනුවර නගරයේ සිට කිලෝමීටර් 32ක් පමණ දුරින් පිහිටි මෙම ඉසව්ව යටත් විජිත සමයේදී ඉංග්‍රීසින් විසින් තේ වගාකර තිබේ. ඔවුන් එම සමයේ විනෝදවීම සඳහා වර්තමානයේ වැව තිබෙන භූමිය පෝලෝ ක්‍රීඩාංගණයක් ලෙස භාවිත කර තිබේ. 1949 වර්ෂයේදී මෙම ස්ථානයට යාබදව තේ කර්මාන්ත ශාලාවක් නිර්මාණය කොට තිබෙන අතර, ඒ සඳහා විදුලි බලය ලබාගැනීම සඳහා පෝලෝ ක්‍රීඩාංගණය තුළ වැවක් නිර්මාණය කිරීමට ඔවුන් පියවර ගෙන තිබේ.

මීට අවුරුදු 20කට පමණ පෙර එම කම්හලේ යන්ත්‍රවල ඇති වූ දෝෂයක් නිසා එය වසා දැමීමට තීරණය කළේය. නමුත් ඒ අවට ගොඩනගා තිබෙන නිවෙස්වලට විදුලිය සැපයෙන්නේ මෙම වැවෙනි.

1949 වර්ෂයේ සිට විදුලි බලය ගැනීම සඳහාම පමණක් භාවිත කළ මෙම වැව 2005 වර්ෂයේදී ඇල්කඩුව වතුයායේ සේවයට පැමිණෙන, වර්තමානයෙත් එහි වතු අධිකාරීවරයා ලෙසින් සේවය කරන රැඩ්ලි දිසාගේ මහතාගේ සංකල්පයකට අනුව සංචාරක පුරවරයක් ලෙස නිර්මාණය කර මෙය සංචාරකයන් අතර ප්‍රචලිත කර තිබේ.

දිසාගේ මහතා මෙය සංචාරක පුරවරයක් කිරීමට මත්තෙන් මෙහි අතීතය පිළිබඳව යම් සොයා බැලීමක් කර තිබෙන අතර, එහිදී අතීතයේ තේ කම්හල අසල තිබෙන ජල උල්පතකින් රන් සෙම්බුවක් මතුවූ බවටත්, එය සිහිවීම පිණිස කෝවිලක් ඉදිකර තිබෙන බවටත් ඔහුට දැනගැනීමට හැකිවී තිබේ. එහෙයින් 2005 වර්ෂය දක්වා %හපුවිද ඩිවිෂන්^ ලෙස හැඳින්වූ එම ප්‍රදේශය "සෙම්බුවත්ත" ලෙස නම් කිරීමට ඔහු පියවර ගෙන තිබුණි. ඒ ආකාරයට එම ප්‍ර‘දේශය සෙම්බුවත්ත ලෙස ජනප්‍රිය කරමින්, වැව සෙම්බුවත්ත වැව ලෙස නම් කරමින් අද වනවිට වැව හා ඒ අවට ප්‍රදේශය නිසි ආකාරයෙන් නඩත්තු කර ස්වභාවික පරිසරයට දායාද කොට තිබේ.

වර්තමානය වනවිට වැව අවට ගිම්හාන කුටි 10කට ආසන්න සංඛ්‍යාවක් ඉදිකර තිබේ. එම ගිම්හාව කුටිවල රාත්‍රිය ගත කිරීමටද මේ වනවිට පහසුකම් සලසා දී තිබේ. ඊට අමතරව ළමුන්ට විනෝදවිය හැකි සියලුම පහසුකම්වලින් සමන්විත විනෝද උයනක්ද නිර්මාණය කිරීමට දිසාගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.

අඩි 35ක් පමණ ගැඹුරින් යුත් වැවේ දියනෑමට අවස්ථාව සලසා දී නොමැති වුවත්, උල්පත් ජලයෙන් පෝෂණය වන අඩි 05කින් යුත් නාන තටාකයක් වැව අද්දරින්ම නිර්මාණය කොට තිබෙන හෙයින් සීතල දිය පොදක අස්වාදය විදීමට එමගින් අවස්ථාව සැලසෙයි.

මෙම ස්ථානයේ තිබෙන සුන්දරත්වය නිසාම ටෙලි නාට්‍ය, චිත්‍රපට, ගීත රූප රචනා බොහෝමයක් මේ ස්ථානයේ රූගත කර තිබේ. "උතුම් පැතුම්" ටෙලි නාට්‍ය‘යේ තේමා ගීතය, දමිත් අසංක ගායනා කරන "සිත මගෙ රිදුනා" ගීතයේ රූප රචනා නැරඹීමෙන්ද එහි සුන්දර දසුන්වල සුන්දරත්වය සංචාරක ඔබට දැක බලාගැනීමට හැකිය.

මේ වනවිට "Pre shoot" සඳහා ද මෙම ඉසව්ව වෙන් කර ගැනීමට ද හැකියාව පවතියි. මීට අමරතව 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සඳහා මෙහි තිබෙන ගිම්හාන කුටියක් තුළට වී මධුවිත තොලගාමින් විනෝද වීමට (පිරිමි පාර්ශවයට පමණක්) සවස 6.00 පසුව අවස්ථාව සලසා දී තිබේ. එමෙන්ම ඡායාරූපකරණයේ යෙදෙන ඡායාරූප ශිල්පීන්ට මනරම් දර්ශනතලවලින් යුක්ත ඡායාරූප ගැනීමටද මෙහිදී අවස්ථාව උදාවේ.

රාත්‍රියේ නවාතැන් පහසුකම් ලබාගැනීමට සහ "Per shoot" සඳහා අවසර ලබාගැනීමට 066-3682459, 066-4935767, 066-493576 යන ඇමතීමෙන් හැකියාව ලැබෙන අතර, ආරක්ෂාව සහ පරිසරය සුරකීම සඳහා එහි සේවක මණ්ඩලය අසීමිත කැප කිරීමක් කරන හෙයින් එහි සංචාරය කරන ඔබ පා සටහන් පමණක් ඉතිරි කර මතකයන් පමණක් රැගෙන ඒමට වග බලාගත යුතුය.

 

2016-10-05-ent-42
2016-10-05-ent-41
2016-10-05-ent-40
2016-10-05-ent-39
2016-10-05-ent-38
2016-10-05-ent-37
2016-10-05-ent-36
2016-10-05-ent-35
2016-10-05-ent-34
2016-10-05-ent-33
2016-10-05-ent-32
2016-10-05-ent-31
2016-10-05-ent-29
2016-10-05-ent-28
2016-10-05-ent-27
2016-10-05-ent-26
2016-10-05-ent-25
2016-10-05-ent-24
2016-10-05-ent-23
2016-10-05-ent-22
2016-10-05-ent-21
2016-10-05-ent-20
2016-10-05-ent-19
2016-10-05-ent-18
2016-10-05-ent-17
2016-10-05-ent-16
2016-10-05-ent-15
2016-10-05-ent-14 
2016-10-05-ent-12
2016-10-05-ent-10
2016-10-05-ent-09



අදහස් (0)

දුම්බර කඳුවැටියේ සොඳුරු නවාතැන 'සෙම්බුවත්ත'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෙසෙල්වත්ත කාන්තා ඝාතනයේ සැකකරු රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 09 184 0

කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවකගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන කොළඹ පුද්ගලික රෝහලක ආරක්ෂක නිලධාරි සැකකරු ලබන 22 දක්වා රක්ෂිත බන්ධ


රජරට පාසල් වාර විභාගයෙත් ප්‍රශ්න පත්‍ර පිටවෙලා?
2024 ඔක්තෝබර් මස 09 110 0

උතුරු මැද පළාත් පාසල් දෙවන වාර පරික්ෂණයේ 10 වන ශ්‍රේණියේ විද්‍යාව හා තොරතුරු හා සංනිවේදන ප්‍රශ්න පත්‍ර දෙක විභාගය පැවැත්විමට පෙර උපකාරක පන්ති පවත්වන ග


බටනා ගොවීහු හූල්ලති
2024 ඔක්තෝබර් මස 09 269 0

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ගම්මාන රැසක වගා කළ බටානා වට්ටක්කා අලෙවි කර ගත නොහැකිව වගා බිම්වල සහ ගොවියන්ගේ නිවෙස්වල කුණු වී යන බව ගොවීහු චෝදනා කරති.


කොටුව-බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය දෙක අද ධාවනය කරයි
2024 ඔක්තෝබර් මස 09 120 0

උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (9) උදේ 7.30 සිට සවස 5.30 දක්වා කොළඹ කොටුව හා ඇල්ල අතර සීමා කළද කොටුව _බදුල්ල හා බදුල්ල _කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක ද


රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න ජර්මන් සහය
2024 ඔක්තෝබර් මස 09 629 1

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් (Felix Neumann) මහතා අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය.


සැත්කමින් පසු දැරිය මිය යාමේ සිද්ධියේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්න නියෝග
2024 ඔක්තෝබර් මස 09 1331 1

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39610 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25774 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 365 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1205 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site