IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු ඉහළට

(යොහාන් භාසුර)

දුම්රියෙන් පාර්සල් සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු සියයට 80 කට අදික ප්‍රතිශතයකින් ඉහළ දැමූ බවත් එම ගාස්තු ඉහළ දැමීම ලබන පෙරවාරි මස 1 වැනිදා සිට ක්‍රියාතමක වන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) චන්ද්‍රසේන බණ්ඩාර මහතා පැවසීය. පාර්සලයක් වෙනුවෙන් මීට පෙර අය කළ අවම ගාස්තුව රුපියල් 50 සිට රුපියල් 150 දක්වා ඉහළ දමා ඇති බවත් සාමාන්‍ය පාර්සලයක් යන පුද්ගලයාට අවම බරක් දැණෙන ආකාරයට මෙම ගාස්තු ඉහළ දැමීම සකස් කර ඇති බවත් බණ්ඩාර මහතා කීය.

පාර්සලයේ වටිනාකම මත නව ගාස්තු ක්‍රමයක් හදුන්වා දුන් බවත් ඒ අනුව පාර්සල් සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු ද ඒවාට අදාළ අනෙකුත් රෙගුලාසි සඳහා වන ගාස්තු ද සංශෝධනය කළ බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුව පාර්සල් ප්‍රවාහන කිරීමේදී මෙතෙක් ක්‍රියාත්මක කළ එම පාර්සලයේ බර අනුව ගාස්තු අයකිරීම වෙනුවට දුම්රිය ස්ථානට ඇති දුර පදනම් කර ගනිමින් ගාස්තු අය කර එම ගාස්තුව අනුව වැට් බදු පමණක් අය කර පාර්සලයේ ප්‍රවාහන ගාස්තුව අය කිරීමට තීරණය කළ බවත් පාර්සල් ප්‍රවාහනයේදී ප්‍රවාහන ගාස්තුවට අමතරව පාර්සලේ වටිනාකම මත ද තවත් ගාස්තුවක් අය කිරීමට කටයුතු කර ඇති බවත් එම නිලධාරියා කීය.

ලොතරැයි ටිකට්, බෙහෙත් ද්‍රව්‍ය, ටයර්, වීදුරු, විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපකරණවල පාර්සලයේ වටිනාකම රුපියල් 1,000 හෝ ඊට අඩුනම් වටිනාකමට මුදල් අය නොකරන අතර පාර්සලයේ වටිනාකම රුපියල් 1000 සිට 5000 දක්වා වටිනාකමෙන් සියයට 1.5 ක ගාස්තුවක් අයකෙරේ.

පාර්සලයේ වටිනාකම රුපියල් 5000 සිට 10,000 දක්වා වටිනාකමින් සියයට 2.25 ද, පාර්සලයේ වටිනාකම රුපියල් 10,000 සිට 20,000 දක්වා වටිනාකමින් සියයට 3 ක ද, පාර්සලයේ වටිනාකම රුපියල් 20,000.00 ට වැඩි නම් සියයට 4.5 ක ද, අමතර ගාස්තුවක් අය කරයි.

එම භාණ්ඩලවලට අයත් නොවන වටිනාකම රුපියල් 10,000 ට වැඩි අනෙකුත් සියලුම භාණ්ඩ ඇතුළත් පාර්සල් සඳහා වටිනාකමෙන් සියයට 0.5 ක ගාස්තුවක් අය කරයි.

 



අදහස් (2)

දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු ඉහළට

Aruna Monday, 29 January 2024 09:41 AM

"පාර්සලයේ වටිනාකම මත නව ගාස්තු ක්‍රමයක් හදුන්වා දුන් බවත්".... මොකද්ද මේ ගොන් ක්‍රමය ලෝකයේ කොහෙවත් නැති! ගුවන් සහ නාවික භාණ්ඩ ප්‍රවාහනයේදී පාවිච්චි කරන්නේ බර සහ පරිමාව භාවිතා කොට. අවශ්‍යනම් රක්ෂණයක් සමග කරන්න පුළුවන්.

:       0       0

Chandika Monday, 29 January 2024 11:54 AM

කෝ අර එළවළු දුම්රිය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1349 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 824 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 2082 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 415 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 709 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1761 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38929 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25522 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site