IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


දුම්රියේ මහ සෙනඟ

අලුත්ගම, කොළඹ දුම්රියක් අද අවලංගු වීම නිසා නිරීක්ෂන චාරිකාවට යාමට පානදුර දුම්රිය පොළට ආ එජාප මන්ත්‍රී කණ්ඩායමට  දුම්රිය දෙකටම ගොඩවීමට නොහැකි විය.

එම දුම්රිය දෙකෙහිම සෙනඟ පිරී තිබුණි.

අජිත් පී පෙරේරා හා ආර්.යෝගරාජන් මන්ත්‍රීවරුනට පමණක් තෙවැනි දුම්රියට ගොඩවීමට හැකි විය.

එම දුම්රිය මරදාන බලා ගමන් ගත්තේය.

 IMG_1668 IMG_1677 IMG_1684 IMG_1686 IMG_1688 IMG_1692 IMG_1704 IMG_1707 IMG_1716 IMG_1721 IMG_1723

ඡායාරූප-සිරිමහ බෙල්ලන

_DSC0421.jpg-3 isan isan-2 ishan1 ishan2 ishan3 ishan-4 ishan-5

ඡායාරූප - ඉෂාන් සංජීව



අදහස් (0)

දුම්රියේ මහ සෙනඟ

දිලාන් Monday, 11 August 2014 04:56 AM

මං කාටවත් වරදක් කියනවා නෙමෙයි. ඔය ඉන්දියන් කෝච්චි පෙට්ටි වල සෙනග යන්න බැ. අර නිල් පාට කෝච්චි පෙට්ටි වල නම් කරදරයක් නැතුව යන්න පුලුවන්. ඒක ගැනත් වගකිව යුතු අයගේ අවධානය යොමු වුනොත් හොඳයි.(නදී)

:       0       0

කුමුදිනි වත්සලා Monday, 11 August 2014 04:58 AM

මම ළමයි ඉන්න අම්මා කෙනෙක්. හැමදාම වගේ කෝච්චියේ වැඩට යන්නේ සහ එන්නේ පුට් බෝඩ් එකේ. ජීවතයත් මරණයත් අතර මට තියෙන අවධානම වෙල්ගම මහත්තයා වගේ උසස් ප්‍රභූ වරු ගණන් ගන්නේ වත් නැහැ (නදී)

:       0       0

වීරහැන්නැදිගේ Monday, 11 August 2014 04:58 AM

පානදුරේ මිනිස්සු කොහොම හරි රැකියාවට යනවා. සීග්‍රගාමී දුම්රිය ඔක්කොම මොරටුවේ අපිට ඔච්චම් කර කර මරදානට යනවා. මන්දගාමී දුම්රියක් එවල මිනිස්සු රැවැට්ටුවා. අද වැඩට එනකොට කොතරම් ප්‍රමාද වුනාද. මේවා කාටද කියන්නේ. (නදී)

:       0       0

ජගත් Monday, 11 August 2014 11:54 AM

ආණ්ඩුවේ වැරදි පෙන්වල දෙන්න නේද විපක්ෂය ඉන්නේ. මෙතුමන්ලගේ මෙහවර අගය කරන්න. දැන්වත් තේරුම් ගන්න මේ ආණ්ඩුවේ ඇමතිවරු සැප ලබන්නේ ඔබත් මාත් ගෙවන බදු වලින් (නදී)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Monday, 11 August 2014 05:14 AM

1977 ට කලින් මන්ත්‍රීවරු රැසක්ම පාර්ලිමේන්තු ආවේ දුම්රියෙන් බව ඔබ දන්නවද (නදී)

:       0       0

පැතුම් Monday, 11 August 2014 05:30 AM

අලුත්ගමින් එහා යන මගීන්ට උදේට තියෙන්නේ අධිවේගී දුම්රිය 2ක් පමණි. එය කිසිසේත් ප්‍රමාණවත් නැත. උදේට ගාල්ලේ සිට ගමන් කරන මන්දගාමී දුම්රියේ මගින් ගොඩවන්නේ ඉතාමත්ම අඩුවෙන්. ඊට හේතුව පසුව එන අදිවේගී දුම්රිය එකම වෙලාවට කොටුවට ලගාවන බැවිනි. ගාල්ල මන්දගාමී දුම්රිය අලුත්ගමින් පසුව හෝ සීමිත නැවතුම් දුම්රියක් බවට පත් කරන්නේ නම් අනිත් දුම්රිය දෙකෙහි මෙතරම් තදබදයක් නොවෙනු ඇත. මගීන් සියලු දෙනාම ඉක්මනට ගමන් කිරීමට කැමති නිසා මෙම දුම්රියයෙහි නිතරම සෙනග වැඩි වේ. හවසටත් මෙය මෙසේම සිදුවේ. (නදී)

:       0       0

චින්තක Monday, 11 August 2014 05:42 AM

මේවා හොයල බලලා මගීන්ට විසදුමක් දෙනවා නම් හොදයි. (නදී)

:       0       0

නියම සිංහලයා Monday, 11 August 2014 12:39 PM

මොකක්ද දැන් මේකෙන් වුණේ? අඩු තරමින් රටට වැඩක් ?(දිල්)

:       0       0

අනෝමා Monday, 11 August 2014 05:47 AM

මෙතුමන්ලා කරන වැඩේ අපි අනුමත කරනවා (දී)

:       0       0

දිමුතු Monday, 11 August 2014 12:59 PM

අපි නම් කැමති හිර වෙලා යන්ඩ. ඒ වගේම කවුරු හම්බ කලත් කමක් නැහැ අපි ඡන්දේ දෙන්නේ මේ අයට. (නදී)

:       0       0

සීවලී Monday, 11 August 2014 06:00 AM

මොකද්ද මේ වෙන්න යන්නේ රටට (දී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 11 August 2014 01:16 PM

ඉස්සර දහනායක මැති තුමා වගේ අවංක නිහතමානී ඇමතිවරු ගාල්ලේ ඉඳල පාර්ලිමේන්තු අාවේ දුම්රියේ සාමාන්‍ය ජනතාවත් සමග. දැන් ඉන්න අැමතිවරු ජනතාවට බයේ කොළඹ යන්නේ ප්‍රාඩෝ වලින් ඉගිල්ලිලා ඉදිරිපස තුවක්කු ගත්ත ආරක්ෂකයෝ පුරවාගත් රියක් සමග. දැන් වැරදිලාවත් දේශපාලකයෙක් කෝචිචියේ නැග්ගොත් මිනිස්සු හු කියාවි විරෝධතා පලකරාවී. මේක තමා ආසියාවේ අාස්චර්යය (නදී)

:       0       0

කුමාරි Monday, 11 August 2014 06:01 AM

ඇත්තටම මේ හැමෝම මේ කරන්නේ බලය ගන්න සංදර්ශන. අපි අපේ අත සෙලොව්වොත් අපේ කටත් සොලවා ගත හැකියි. කවුරු බලයට ආවත් ඔය ටික ඔහොමම තමයි. (නදී)

:       0       0

ටිරෝන් Monday, 11 August 2014 01:17 PM

මේ ගොල්ල දැන් මෙහෙම උනාට බලයට ආවොත් ඉන්න උදවිය වගේම ඒ අයගේ ගමන් යනකොට {යාලුවෙක් බලන්න හරි} අපි කාණුවට බහින්න වෙනවා සමහර වෙලාවට කාණුවේ ඉන්නත් දෙන්නේ නැහැ (නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 11 August 2014 06:25 AM

දුම්රිය වේවා ගමන ගමන මණ්ඩලය වේවා විදුලිය වේවා තෙල් සංස්ථාව වේවා මේ සෑම දෙයක්ම ගොඩ ගන්න නම් මුලින්ම මේවාට අරක් ගෙන ඉන්න වෘත්තීය සමිති කාරයින්ට ගහල පන්නල දේශපාලනීකරණයෙන් මේවා මුදවා ගන්න ඕනා. නැත්නම් මොකා බලයට ආවත් පුද්ගලිකරණයෙන් ඇරෙන්න මේ ප්‍රශ්න වලට විසදුම් ලැබෙන්නේ නැහැ. අජිත් පෙරේරා මහත්තය කියන්නේ මගේ පාසල් මිත්‍රයෙක්. රන් හැන්දක් කටේ තියන් ඉපදුනු මනුස්සයෙක් නෙමෙයි. හොදට කට්ට කාල තමන්ගේ දහිරියෙන් උත්සාහයෙන් නමක් ගොඩ නගා ගත්තු ජීවිතය ජය ගන්න කෙනෙකුට ආදර්ශයට ගන්න පුළුවන් චරිතයක්. සැබෑ මහත්තයෙක්. ඔහු දුර ගමනක් යනවා. ඉවසීමෙන් යන මේ ගමනේ ප්‍රතිපල ඔහුට කෙටි කාලයකින් ලැබේවි. ඉන්න පැත්ත සදාකාලිකව මට ඇලජික් පැත්තක් නිසා මනාපයක් දෙන්න බැරි උනත් මගේ සහෝදර පාසල් මිතුරු දාඩිය අජියට මම හදවතින්ම සුබ පතනවා. (නදී)

:       0       0

ජයන්ත Monday, 11 August 2014 06:49 AM

අනේ ඇත්තට කවුරුවත් මේ පින්තුර රටේ ඉහලම පුරවැසියාට පෙන්වන්නේ නැද්ද ? මේ වගකීම් භාර දීපු උදවිය කටින් බතල කොළ හිටවනවා කියා එතකොට වත් එතුමාට හොඳටම තේරේවි. (දිල්)

:       0       0

ජයරත්න Monday, 11 August 2014 06:54 AM

මේ මංත්‍රීවරුන්ගෙ වැඩසටහන හොදයි. හැබැයි ඒක රජයෙන් පඩි අරන් වැඩක නැති නිසා කෑම දිරවන්න කරන වැඩක් නොවිය යුතුයි. බලයට ආ ද වසකත් මේ විදියට සොයා බලා ජනතා අවශ්‍යතා ඉටු කළ යුතුයි. එතකොට තමයි සැබෑ මහජන නියෝජිතයො වෙන්නේ (නදී)

:       0       0

මිලින්ද Monday, 11 August 2014 06:58 AM

මේවායේ තියෙන අඩුපාඩු නිවරදිව සොයා බලා මෙයාලා බලයට ආ පසු නිවරදි කරනවා නම් ලොකු දෙයක්. මේවා මාධ්‍ය සංන්දර්ශන නොවිය යුතුය. මීට පෙර තිබූ තත්වයට වඩා දැනට නම් දුම්රිය ප්‍රවාහනය ගැන සතුටු වෙන්න පුලුවන්. නමුත් තව බොහෝ දියුණු විය යුතුය. මේවා පිලිබද සැලසුම් මේ පරික්ෂා කරන අයගේ මහ අය පාලනය කල කාලයේ දී සිදු කළ යුතු නමුත් එසේ උනේ නෑ. ඒ නිසා වර්ථමානයේ සිදුකල යුතු දේවල් සම්බන්ධව අවංකව සදහන් කිරීමේ වගකීමක් මේ අය සතුය. (නදී)

:       0       0

සමාධි Monday, 11 August 2014 07:32 AM

විරුද්ධ පක්ෂේ අය මේ වගේ එකක යවලා වැඩක් නෑ. මම කියන්නේ ආණ්ඩුවේ ඉඳගෙන බොරුවට බෙරිහන් දෙන හොඳ මන්ත්‍රී කණ්ඩායමක් තෝරලා අරගෙන අපේ ප්‍රවාහන ඇමතිතුමාවත් නඩේ ගුරා වගේ ඉස්සරහින්ම තියලා පොල් පැටව්වා වගේ හොඳට සෙනඟ ඉන්න පෙට්ටියකට දාලා තද කරලා කොටුවේ ඉඳන් පොල්ගහවෙලටවත් එව්වා නම් කෝච්චි වල යන එන මිනිස්සුන්ට ඒවාගේ යනවට ගාණක් දෙන්න ඕන කියලවත් අඩුම ගානේ හිතෙයි (නදී)

:       0       0

අංජන Monday, 11 August 2014 07:36 AM

තෙල් සංස්ථාව වගේ විකුණන්න හිතපු දෙපාර්තමන්තුව ගැන මොනවා හොයන්නද මන්ත්‍රී තුමා. දැන් බලන්න සතොස , තෙල් සංස්ථාව දුන්නේ කව්ද ? අාපහු ගන්න මොනවද කරන්න ඕන කියලා මේ රජයත් එක්ක එකතුවෙලා හිතුවා නම් හරි නේද ? (නදී)

:       0       0

ජීවා Monday, 11 August 2014 08:14 AM

උපජීවගේ අදහසට මට හිනාව නවතාගන්න බෑ (දී)

:       0       0

සිල්වා Monday, 11 August 2014 08:25 AM

රටේ වැරදි පෙන්වා දීම විපක්ෂයේ වගකීම !! ලංකාවේ හැමදේම පිරිහිලා ජනතාව හැමදාම කබලෙන් ලිපට කිසිම සෙතක් නැහැ බඩුමිල, ප්‍රවාහනය පහසුකම් විදුලි බිල් ජල බිල් ගැස් බිල් තෙල්මිල පාසල් පද්දතිය රජයේ කාර්යාල වල දුසනය රජයේ රෝහල් මෙකි නොකී හැමදේකින්ම ජනතාවට පහර ගහල තියෙන්නේ ජනතාවට ලැබුන දෙයක් නැහැ බොරු සංක්‍යා ලේකන ඉදිරිපත් කරමින් ජනතාව මුල කරනවා මෙවැනි දැ තුලින් රටේ අනාගතයට වෙන්නේ විසල පිරිහීමක් (දී)!

:       0       0

දිලුක්ෂි Monday, 11 August 2014 08:31 AM

මරදානේ අලුතින් ටයිල් අල්ලලා මිනිස්සුන්ව ලිස්සල වැටිලා කොඳු කැඩෙන්න නවීකරණය කරපු දුම්රිය පාලමත් බලන්න. මොකද අද වගේ වැහි දිනයක අනතුරු වෙන්න ඇති හැකියාව වැඩියි. පොඩි ළමයි ගැබිණි මවුවරු පවා මේ පාලමෙන් යන්න ඕනා.(දිල්)

:       0       0

දුලක්ෂි Monday, 11 August 2014 08:34 AM

වගකිව යුතු බලවතුන්ගේ හාමිනේලා ටිකක් මේ තද වුන කෝච්චි පෙට්ට්යක පටවලා ඇරියානම් හරි. මහත්තුරුන්ට එදාට ගෙදර ඩිනර් එක ලැස්ති වෙලා තියේවිද කියලා බලා ගන්න පුළුවන්. . (දී)

:       0       0

දිලී Monday, 11 August 2014 08:38 AM

මේ කාර්යාල දුම්රියේ නග්ගලා යවන්න ඕන අසවලාගේ බේබි නෝනා කෙනෙක්ව. වැඩට යන සාමාන්‍ය කාන්තාවක් මේකේ නැගලා බහින ස්ටේෂන් එකෙන් බහින්න හදන කොට ඇඳගෙන ආපු වස්තරේ ඇඟේ තියාගෙන පාවහන් කකුලේ තියාගෙන බැහැ ගන්නවත් බැරි බව එතකොට තේරේවි. (නදී)

:       0       0

කසුන් Monday, 11 August 2014 08:49 AM

ආණ්ඩුවට කඩේ යන කට්ටියත් ඔය ඔක්කොම බදු ගෙවන්නේ නුගත් කමට. නොදියුනු සමාජයක් සිටීම රට එක තැන පල්වෙන්න හේතුවක්. (නදී)

:       0       0

සිසිර Monday, 11 August 2014 08:52 AM

දුම්රිය කට්ටිය දන්නේ ඔක්කොම කඩාකප්පල් ක‍රන්න විතරයි. වෙලාවට දුමිරියක් දාවනය ක‍රන්න බැහැ (නදී)

:       0       0

අනුර Monday, 11 August 2014 08:53 AM

ඔය බෝර්ඩ් එල්ලගෙන ඉන්න කට්ටිය බත් පැකට් එකටද වැඩකරන්නේ. ලැජ්ජයි කියන්න පානදුරේ මෙවැනි මෝඩයෝ ඉන්නවා කියලත් (නදී)

:       0       0

සුසිල් Monday, 11 August 2014 02:49 AM

අදවත් තේරුනාද මිනිස්සු විදින දුක උදේට වැඩට එන්න (නදී)

:       0       0

කපිල Monday, 11 August 2014 08:57 AM

දේශපාලනඥයින්ට කඩේ ගියොත් වැඩ වරදිනවා (දිල්)

:       0       0

විමල් Monday, 11 August 2014 09:00 AM

ලංකාවේ හැම තැනම මෝඩයන් ඉන්නවා නුගතුන් ඉන්න තරමට දෙසපලන්යට වාසියි ජනතාව කබලෙන් ලිපට (දිල්)

:       0       0

රාජිත Monday, 11 August 2014 09:04 AM

ජනතාව ඉන්න ඕනි ජනතාව එක්ක හොරු එක්ක නොවෙයි .හරි දේ හරි කියන්ත් වැරදි දේ වැරදි කියන්නත් බුද්ධිමත් වෙන්න (දිල්)

:       0       0

දර්ශන Monday, 11 August 2014 09:06 AM

අද හැම දේම කඩාකප්පල් කරන අය වැඩියි (දිල්)

:       0       0

ජිලෝ Monday, 11 August 2014 03:10 AM

මේගොල්ලෝ විතරක් නෙවෙයි මේ විෂය භාර වගකිවයුත්තාගේ පවුල පිටින්ම මේ සෙනග පිරුන කාර්යාල දුම්රියේ පටවා යැවිය යුතුයි. (නදී)

:       0       0

බන්දුල Monday, 11 August 2014 09:09 AM

රටේ තියන හොරකම් මැරකම් පෙන්වා දිය යුතුයි. රට අගාදයට යන මෙවන් මොහතක ජනතාව එකමුතු විය යුතුයි. (දිල්)

:       0       0

අපුගේ Monday, 11 August 2014 09:10 AM

රට විනාසයෙන් මුදවාගන්න කාලය දැන් ඇවිල්ල !!!(දිල්)

:       0       0

සකුන්තලා Monday, 11 August 2014 03:14 AM

මරදානේ අලුතින් ටයිල් අල්ලලා මිනිස්සුන්ව ලිස්සල වැටිලා කොඳු කැඩෙන්න නවීකරණය කරපු දුම්රිය පාලමත් බලන්න. මොකද අද වගේ වැහි දිනයක අනතුරු වෙන්න ඇති හැකියාව වැඩියි. පොඩි ළමයි ගැබිණි මවුවරු පවා මේ පාලමෙන් යන්න ඕනා. (නදී)

:       0       0

ගාමිණී සිරිවර්ධන Monday, 11 August 2014 03:14 AM

පුරාණයේ අපේ රජවරු රටවැසියාගේ සුව දුක් විමසීමට වෙස් වලාගෙන ගිය බව සඳහන් වෙනවා. (නදී)

:       0       0

උපජීව සරත් Monday, 11 August 2014 03:16 AM

මන්ත්‍රීතුමා ජැක් එකකුත් ගහගන ඉන්නේ නේද ? (නදී)

:       0       0

අභය Monday, 11 August 2014 03:17 AM

මම වොයිස් කට් එක දෙනකොට උදේ 7.00 යි මම කාර්යාලයට එනකොට ලංකාදීපේ දාලත් ඉවරයි. හැමදාමත් ඔයාලට කොමෙන්ට්ස් දාන අබය තමයි ඔය පස්වැනි ෆොටෝ එකේ වොයිස් කට් දෙන්නේ. (නදී)

:       0       0

මොහමඩ් Monday, 11 August 2014 03:22 AM

පානදුර සිට වේයන්ගොඩ දක්වා දාවනය වන කාර්යාල දුම්රියන් මැදිරි ගාන වැඩි කළා නම් ඔය ප්‍රශ්නය යම් තාක් දුරකට විසදිය හැකියි. මීට අමතරව පොල්ගහවෙල සිට අනුරාධපුරයටත්,දකුණු කළුතර සිට ගාල්ලටත් ද්විත්ව දුම්රිය මාර්ගයක් ඉදි කළ යුතුයි (නදී)

:       0       0

අජිත් Monday, 11 August 2014 09:32 AM

අනුර, මේ බෝර්ඩ් අල්ලාගෙන ඉන්නේ අහිංසක සාමාන්‍ය ජනතාව. පෙන්නේ නැද්ද මූණු වලින්ම? (දී)

:       0       0

තාරක Monday, 11 August 2014 09:35 AM

ප්‍රවාහනය තමයි ප්‍රවාහනය (දී)

:       0       0

උපුල් Monday, 11 August 2014 03:33 AM

මේ දුක අපේ ප්‍රවාහන ඇමති තුමාට නම් තේරෙන්නේ නැහැ. වෙන රටවල් වල සත්තු ගෙනියන්නෙත් නැහැ මේ වගේ. කරුණාකරලා සමුද්‍රරේට පෙට්ටි වැඩියන් තිබෙන දුම්රියක් යොදවන්න. හවසට කොටුවෙන් මෙහා නගින ගාල්ල දක්වා යන මගීන්ට සමුද්‍රරේ එනකන් දුම්රියක් නැහැ. හික්කඩුව දුම්රිය පයාගලට එහා ඉඳල සෙනග නැහැ. සීසන් ගත්ත අයත් අනෙක් අයත් සල්ලි දීල හික්කඩුවේ ඉදන් බස් වල හිරවෙලා ගාල්ල දක්වා යනවා. කරුණාකරලා මේ මිනිස්සු විඳින දුක බලන්න. දුර ඉන්න අය ගැනත් මීට වඩා හොයල බලන්න. අපි ඊට පස්සෙන්දත් නිදි මරා ගෙන වැඩට යන්න ඕන. ගරු ඇමති තුමාට මේවා පේන්නෙ නැත්නම් අතිගරු ජනාධිපති තුමනි ඔබ තුමාවත් මේ ගැන සොයල බලන්න. අපිත් කැමතියි කරදරයක් නැතුව වේලාසනින් ගෙදර යන්න. ඔබලා උදේට සහ හවසට මේ දුම්රියක නැගල බලන්න මේ මන්ත්‍රී තුමාලා කරා වගේ. එතකොට දුක තේරෙයි. (නදී)

:       0       0

සනත් Monday, 11 August 2014 03:36 AM

ප්‍රවාහන ඇමති තුමා ඒ දවස්වල කිවේ මිට පස්සේ පාර්ලිමේන්තුවට යන්නේ දුම්රියේ කියලා. දවස් දෙකක් ජන මාද්‍ය පිරිවරාගෙන යනවා දැක්කා කෝ දැන් එතුමාට එ් දවස්වලම එපාවුනාද කොහෙද ? (නදී)

:       0       0

අනුර Monday, 11 August 2014 09:44 AM

සිල්වා ඔබ හරි (දිල්)

:       0       0

ඉසුරු Monday, 11 August 2014 03:37 AM

නියමයි අබේ අයියා . මම අාවෙත් ඔය දුම්රියේ. හොඳටම පරක්කු උනා (නදී)

:       0       0

කලුපෙරුමගේ Monday, 11 August 2014 09:47 AM

මොන ආයතනද ලාභ ලබන්නේ (දිල්)

:       0       0

නිමල් ලලිතා Monday, 11 August 2014 03:46 AM

අනේ පව් මේ රටේ දේශපාලන බබාලා දන්නෙම නැහැ මේ රටේ මිනිස්සු රැකියාවට යාමට,ආපසු ඒමට විඳින දහ දුක. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Monday, 11 August 2014 09:48 AM

ඇත්තමයි .හැමදාම බොරුවට ආයුෂ නෑ කියලා කතාවක් තියනවානේ (දිල්)

:       0       0

මිණිරුවන් Monday, 11 August 2014 09:50 AM

අනේ මන්ද, මේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ කෝච්චියක නැගල ගියා කියල මේ මිනිස්සුන්ට මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඇයි? මම නම් හිතුවෙ ටිකට් නැතිව කෝච්චියේ යනව කියලයි. ඒත් බැලින්නං ඒකත් බොරු. ඔය යස අගේට කවුන්ටරයෙන් ටිකටුත් අරගෙන යන්නෙ.(දිල්)

:       0       0

අජිත් Monday, 11 August 2014 10:06 AM

අනේ ඔය මහත්තුරුන්ට මාතර - නුවර කෝච්චියට එක දවසකට හරි ගොඩවෙලා යන්න හැකි නම් ආයෙත් බලයට අපු කාලෙකට හරි අපිට පිහිටක් වෙන්න හිතක් පහලවෙයි. මහත්තුරුනි එදාටවත් අසරණ අපි ගැනත් බලන්න. (දී)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Monday, 11 August 2014 03:57 AM

අධිවේගි මාර්ග වලට යාබදව දුම්රිය පාරවල් හැදුවා නම් ඔය ගැටළුව ඉවරයි. කොහොම වුනත් ද්‍විත්ව දුම්රිය මාර්ග මිට අවුරුදු 10කට 15වත් කලින් හැදෙන්න ඕනා දේවල්. එහෙම වුනා නම් අද මේ ප්‍රශ්න නැහැ. අද පාරවල් පලල් කරලා කාපට් දාන එකට කාපට් කන්නද කියලා අපහාස කරන්නේ නැතුව හෙට ගැන හිතුවම තේරේවි එදා මග ඇරපු දේවල් අද විදවන හැටි. (නදී)

:       0       0

සරත් Monday, 11 August 2014 10:26 AM

බෝඩ් ලෑලි අල්ලාගෙන විරෝදය දක්වන අයට, දවල් කෑම පාර්සලය ඇරෙන් දෙන්නේ කව්ද. ඒකත් මහජනයාගේ පොකට්ටුවෙන්ද . (දී)

:       0       0

සුනෙත් Monday, 11 August 2014 10:28 AM

මේවා රට්ටු හිනස්සන වැඩ. (දී)

:       0       0

සේනාදීර Monday, 11 August 2014 10:32 AM

බලය ලැබුන දාක මේ මහතුරුත් අපිත් එක්ක කොචිචියේ යාවි නේ.. (දී)

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Monday, 11 August 2014 04:06 AM

ඡන්දයක් ළඟ එන ලකුණු පෙනෙනවා. (නදී)

:       0       0

ජනිත දිසානායක Monday, 11 August 2014 04:06 AM

හොදයි, මට මේක පැහැදිලි කර දෙන්න. හෙට එ.ජා.ප ආණ්ඩුවක් එනවා. මොකක්ද තියෙන විකල්පය. මේ හැම දේම මාධ්‍ය සන්දර්ශන පමණයි. එක එක දේශපාලන පක්ෂ බලයට කෑදර වෙලා. මේ රටට අවශ්‍ය අවස්තාවාදී දේශපාලකයෝ නොවෙයි. අනාගතය දකින්න පුලුවන් ජාතික ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයක්. අවාසනාවට මේ බහුතර ජනතාවට එය තවම තේරිලා නැහැ.(නදී)

:       0       0

ජනා Thursday, 14 August 2014 09:37 AM

අපි වෙනසක් කරලා බලමු (දී)

:       0       0

අජිත් Monday, 11 August 2014 10:36 AM

මේ පහල වෙලා තියෙන මානව අනුකම්පාව ඔබතුමන්ලා බලයට අවමත් නැවත පහල වේවායි දෙයියන්ගේ නාමයෙන් අපි ඉල්ලා සිටිනවා. (දී)

:       0       0

තේජාන්විත Monday, 11 August 2014 04:09 AM

අනේ ඇත්තටම මරදානේ ටයිල් අල්ලන්න දුම්රිය ස්ථානාදිපතිටත් ගානක් දුන්නද? නැත්නම් ඔය වගේ ටයිල් අල්ලන්න කිසිම මෝඩයෙක් ඉඩ දෙන්නේ නැහැ (නදී)

:       0       0

රජින්ද Monday, 11 August 2014 10:41 AM

අන්න මේකෙත් ඉන්නවා කෝච්චියේ යන්න අවේ නැති වෙන පළාතකින්ද කොහෙද ගෙන්නලා උද්ගෝෂණ කරවන රැලක්.! (දී)

:       0       0

සුනිල් Monday, 11 August 2014 04:21 AM

අපායට යන දුම්රියක් තියනවා නම් කියන්න (නදී)

:       0       0

ශාන් Monday, 11 August 2014 04:23 AM

මට නම් පිස්සු හැදෙනවා. (නදී)

:       0       0

ගමරාල Monday, 11 August 2014 10:59 AM

ලංකාව අවුරුදු 200 කින් විතර පිටිපස්සේ ඉන්නේ දියුණුව අතින් බලනකොට ........හොර කම් , මිනීමැරුම් , දුෂණය, අතින් නම් පළමු තැන (දී)

:       0       0

කපිල Monday, 11 August 2014 04:24 AM

මූණු අලුත් උනාට මේ ගොල්ලන්ගේ පක්ෂේ බලයේ ඉන්දැද්දී තමයි පොදු ප්‍රවාහන සේවේ විනාශ කරේ. (නදී)

:       0       0

නැනී Monday, 11 August 2014 04:41 AM

අනේ අප්පේ, ! සති දෙකෙන් ප්‍රශ්නය විසදනවා කියල මහා ලොකුවට කතා කරපු අපේ ඇමති තුමා කෝ ? දැනට මාසයකට හමාරකට විතර ඒ උන්නැහේ මහා සද්දෙට ඔහොම කියලා තිබුනා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1148 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2154 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1031 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 223 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2488 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1730 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37868 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24954 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site