අලුත්ගම, කොළඹ දුම්රියක් අද අවලංගු වීම නිසා නිරීක්ෂන චාරිකාවට යාමට පානදුර දුම්රිය පොළට ආ එජාප මන්ත්‍රී කණ්ඩායමට දුම්රිය දෙකටම ගොඩවීමට නොහැකි විය.
එම දුම්රිය දෙකෙහිම සෙනඟ පිරී තිබුණි.
අජිත් පී පෙරේරා හා ආර්.යෝගරාජන් මන්ත්‍රීවරුනට පමණක් තෙවැනි දුම්රියට ගොඩවීමට හැකි විය.
එම දුම්රිය මරදාන බලා ගමන් ගත්තේය.
ඡායාරූප-සිරිමහ බෙල්ලන
ඡායාරූප - ඉෂාන් සංජීව




















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය බෝර්ඩ් එල්ලගෙන ඉන්න කට්ටිය බත් පැකට් එකටද වැඩකරන්නේ. ලැජ්ජයි කියන්න පානදුරේ මෙවැනි මෝඩයෝ ඉන්නවා කියලත් (නදී)
ප්‍රවාහනය තමයි ප්‍රවාහනය (දී)
අනුර, මේ බෝර්ඩ් අල්ලාගෙන ඉන්නේ අහිංසක සාමාන්‍ය ජනතාව. පෙන්නේ නැද්ද මූණු වලින්ම? (දී)
රට විනාසයෙන් මුදවාගන්න කාලය දැන් ඇවිල්ල !!!(දිල්)
රටේ තියන හොරකම් මැරකම් පෙන්වා දිය යුතුයි. රට අගාදයට යන මෙවන් මොහතක ජනතාව එකමුතු විය යුතුයි. (දිල්)
අද හැම දේම කඩාකප්පල් කරන අය වැඩියි (දිල්)
ජනතාව ඉන්න ඕනි ජනතාව එක්ක හොරු එක්ක නොවෙයි .හරි දේ හරි කියන්ත් වැරදි දේ වැරදි කියන්නත් බුද්ධිමත් වෙන්න (දිල්)
ලංකාවේ හැම තැනම මෝඩයන් ඉන්නවා නුගතුන් ඉන්න තරමට දෙසපලන්යට වාසියි ජනතාව කබලෙන් ලිපට (දිල්)
දේශපාලනඥයින්ට කඩේ ගියොත් වැඩ වරදිනවා (දිල්)
සිල්වා ඔබ හරි (දිල්)
දුම්රිය කට්ටිය දන්නේ ඔක්කොම කඩාකප්පල් කරන්න විතරයි. වෙලාවට දුමිරියක් දාවනය කරන්න බැහැ (නදී)
ආණ්ඩුවට කඩේ යන කට්ටියත් ඔය ඔක්කොම බදු ගෙවන්නේ නුගත් කමට. නොදියුනු සමාජයක් සිටීම රට එක තැන පල්වෙන්න හේතුවක්. (නදී)
මේ කාර්යාල දුම්රියේ නග්ගලා යවන්න ඕන අසවලාගේ බේබි නෝනා කෙනෙක්ව. වැඩට යන සාමාන්‍ය කාන්තාවක් මේකේ නැගලා බහින ස්ටේෂන් එකෙන් බහින්න හදන කොට ඇඳගෙන ආපු වස්තරේ ඇඟේ තියාගෙන පාවහන් කකුලේ තියාගෙන බැහැ ගන්නවත් බැරි බව එතකොට තේරේවි. (නදී)
වගකිව යුතු බලවතුන්ගේ හාමිනේලා ටිකක් මේ තද වුන කෝච්චි පෙට්ට්යක පටවලා ඇරියානම් හරි. මහත්තුරුන්ට එදාට ගෙදර ඩිනර් එක ලැස්ති වෙලා තියේවිද කියලා බලා ගන්න පුළුවන්. . (දී)
මරදානේ අලුතින් ටයිල් අල්ලලා මිනිස්සුන්ව ලිස්සල වැටිලා කොඳු කැඩෙන්න නවීකරණය කරපු දුම්රිය පාලමත් බලන්න. මොකද අද වගේ වැහි දිනයක අනතුරු වෙන්න ඇති හැකියාව වැඩියි. පොඩි ළමයි ගැබිණි මවුවරු පවා මේ පාලමෙන් යන්න ඕනා.(දිල්)
රටේ වැරදි පෙන්වා දීම විපක්ෂයේ වගකීම !! ලංකාවේ හැමදේම පිරිහිලා ජනතාව හැමදාම කබලෙන් ලිපට කිසිම සෙතක් නැහැ බඩුමිල, ප්‍රවාහනය පහසුකම් විදුලි බිල් ජල බිල් ගැස් බිල් තෙල්මිල පාසල් පද්දතිය රජයේ කාර්යාල වල දුසනය රජයේ රෝහල් මෙකි නොකී හැමදේකින්ම ජනතාවට පහර ගහල තියෙන්නේ ජනතාවට ලැබුන දෙයක් නැහැ බොරු සංක්‍යා ලේකන ඉදිරිපත් කරමින් ජනතාව මුල කරනවා මෙවැනි දැ තුලින් රටේ අනාගතයට වෙන්නේ විසල පිරිහීමක් (දී)!
උපජීවගේ අදහසට මට හිනාව නවතාගන්න බෑ (දී)
මේ පහල වෙලා තියෙන මානව අනුකම්පාව ඔබතුමන්ලා බලයට අවමත් නැවත පහල වේවායි දෙයියන්ගේ නාමයෙන් අපි ඉල්ලා සිටිනවා. (දී)
අපි වෙනසක් කරලා බලමු (දී)
මේ ගොල්ල දැන් මෙහෙම උනාට බලයට ආවොත් ඉන්න උදවිය වගේම ඒ අයගේ ගමන් යනකොට {යාලුවෙක් බලන්න හරි} අපි කාණුවට බහින්න වෙනවා සමහර වෙලාවට කාණුවේ ඉන්නත් දෙන්නේ නැහැ (නදී)
ඉස්සර දහනායක මැති තුමා වගේ අවංක නිහතමානී ඇමතිවරු ගාල්ලේ ඉඳල පාර්ලිමේන්තු අාවේ දුම්රියේ සාමාන්‍ය ජනතාවත් සමග. දැන් ඉන්න අැමතිවරු ජනතාවට බයේ කොළඹ යන්නේ ප්‍රාඩෝ වලින් ඉගිල්ලිලා ඉදිරිපස තුවක්කු ගත්ත ආරක්ෂකයෝ පුරවාගත් රියක් සමග. දැන් වැරදිලාවත් දේශපාලකයෙක් කෝචිචියේ නැග්ගොත් මිනිස්සු හු කියාවි විරෝධතා පලකරාවී. මේක තමා ආසියාවේ අාස්චර්යය (නදී)
අපි නම් කැමති හිර වෙලා යන්ඩ. ඒ වගේම කවුරු හම්බ කලත් කමක් නැහැ අපි ඡන්දේ දෙන්නේ මේ අයට. (නදී)
මොකක්ද දැන් මේකෙන් වුණේ? අඩු තරමින් රටට වැඩක් ?(දිල්)
ආණ්ඩුවේ වැරදි පෙන්වල දෙන්න නේද විපක්ෂය ඉන්නේ. මෙතුමන්ලගේ මෙහවර අගය කරන්න. දැන්වත් තේරුම් ගන්න මේ ආණ්ඩුවේ ඇමතිවරු සැප ලබන්නේ ඔබත් මාත් ගෙවන බදු වලින් (නදී)
ලංකාව අවුරුදු 200 කින් විතර පිටිපස්සේ ඉන්නේ දියුණුව අතින් බලනකොට ........හොර කම් , මිනීමැරුම් , දුෂණය, අතින් නම් පළමු තැන (දී)
අන්න මේකෙත් ඉන්නවා කෝච්චියේ යන්න අවේ නැති වෙන පළාතකින්ද කොහෙද ගෙන්නලා උද්ගෝෂණ කරවන රැලක්.! (දී)
තෙල් සංස්ථාව වගේ විකුණන්න හිතපු දෙපාර්තමන්තුව ගැන මොනවා හොයන්නද මන්ත්‍රී තුමා. දැන් බලන්න සතොස , තෙල් සංස්ථාව දුන්නේ කව්ද ? අාපහු ගන්න මොනවද කරන්න ඕන කියලා මේ රජයත් එක්ක එකතුවෙලා හිතුවා නම් හරි නේද ? (නදී)
බලය ලැබුන දාක මේ මහතුරුත් අපිත් එක්ක කොචිචියේ යාවි නේ.. (දී)
මේවා රට්ටු හිනස්සන වැඩ. (දී)
බෝඩ් ලෑලි අල්ලාගෙන විරෝදය දක්වන අයට, දවල් කෑම පාර්සලය ඇරෙන් දෙන්නේ කව්ද. ඒකත් මහජනයාගේ පොකට්ටුවෙන්ද . (දී)
අනේ ඔය මහත්තුරුන්ට මාතර - නුවර කෝච්චියට එක දවසකට හරි ගොඩවෙලා යන්න හැකි නම් ආයෙත් බලයට අපු කාලෙකට හරි අපිට පිහිටක් වෙන්න හිතක් පහලවෙයි. මහත්තුරුනි එදාටවත් අසරණ අපි ගැනත් බලන්න. (දී)
අනේ මන්ද, මේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ කෝච්චියක නැගල ගියා කියල මේ මිනිස්සුන්ට මෙච්චර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඇයි? මම නම් හිතුවෙ ටිකට් නැතිව කෝච්චියේ යනව කියලයි. ඒත් බැලින්නං ඒකත් බොරු. ඔය යස අගේට කවුන්ටරයෙන් ටිකටුත් අරගෙන යන්නෙ.(දිල්)
ඇත්තමයි .හැමදාම බොරුවට ආයුෂ නෑ කියලා කතාවක් තියනවානේ (දිල්)
මොන ආයතනද ලාභ ලබන්නේ (දිල්)
ප්‍රවාහන ඇමති තුමා ඒ දවස්වල කිවේ මිට පස්සේ පාර්ලිමේන්තුවට යන්නේ දුම්රියේ කියලා. දවස් දෙකක් ජන මාද්‍ය පිරිවරාගෙන යනවා දැක්කා කෝ දැන් එතුමාට එ් දවස්වලම එපාවුනාද කොහෙද ? (නදී)
මට නම් පිස්සු හැදෙනවා. (නදී)
අපායට යන දුම්රියක් තියනවා නම් කියන්න (නදී)
අනේ ඇත්තටම මරදානේ ටයිල් අල්ලන්න දුම්රිය ස්ථානාදිපතිටත් ගානක් දුන්නද? නැත්නම් ඔය වගේ ටයිල් අල්ලන්න කිසිම මෝඩයෙක් ඉඩ දෙන්නේ නැහැ (නදී)
හොදයි, මට මේක පැහැදිලි කර දෙන්න. හෙට එ.ජා.ප ආණ්ඩුවක් එනවා. මොකක්ද තියෙන විකල්පය. මේ හැම දේම මාධ්‍ය සන්දර්ශන පමණයි. එක එක දේශපාලන පක්ෂ බලයට කෑදර වෙලා. මේ රටට අවශ්‍ය අවස්තාවාදී දේශපාලකයෝ නොවෙයි. අනාගතය දකින්න පුලුවන් ජාතික ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයක්. අවාසනාවට මේ බහුතර ජනතාවට එය තවම තේරිලා නැහැ.(නදී)
ඡන්දයක් ළඟ එන ලකුණු පෙනෙනවා. (නදී)
අධිවේගි මාර්ග වලට යාබදව දුම්රිය පාරවල් හැදුවා නම් ඔය ගැටළුව ඉවරයි. කොහොම වුනත් ද්‍විත්ව දුම්රිය මාර්ග මිට අවුරුදු 10කට 15වත් කලින් හැදෙන්න ඕනා දේවල්. එහෙම වුනා නම් අද මේ ප්‍රශ්න නැහැ. අද පාරවල් පලල් කරලා කාපට් දාන එකට කාපට් කන්නද කියලා අපහාස කරන්නේ නැතුව හෙට ගැන හිතුවම තේරේවි එදා මග ඇරපු දේවල් අද විදවන හැටි. (නදී)
අනේ පව් මේ රටේ දේශපාලන බබාලා දන්නෙම නැහැ මේ රටේ මිනිස්සු රැකියාවට යාමට,ආපසු ඒමට විඳින දහ දුක. (නදී)
නියමයි අබේ අයියා . මම අාවෙත් ඔය දුම්රියේ. හොඳටම පරක්කු උනා (නදී)
මූණු අලුත් උනාට මේ ගොල්ලන්ගේ පක්ෂේ බලයේ ඉන්දැද්දී තමයි පොදු ප්‍රවාහන සේවේ විනාශ කරේ. (නදී)
මේ දුක අපේ ප්‍රවාහන ඇමති තුමාට නම් තේරෙන්නේ නැහැ. වෙන රටවල් වල සත්තු ගෙනියන්නෙත් නැහැ මේ වගේ. කරුණාකරලා සමුද්‍රරේට පෙට්ටි වැඩියන් තිබෙන දුම්රියක් යොදවන්න. හවසට කොටුවෙන් මෙහා නගින ගාල්ල දක්වා යන මගීන්ට සමුද්‍රරේ එනකන් දුම්රියක් නැහැ. හික්කඩුව දුම්රිය පයාගලට එහා ඉඳල සෙනග නැහැ. සීසන් ගත්ත අයත් අනෙක් අයත් සල්ලි දීල හික්කඩුවේ ඉදන් බස් වල හිරවෙලා ගාල්ල දක්වා යනවා. කරුණාකරලා මේ මිනිස්සු විඳින දුක බලන්න. දුර ඉන්න අය ගැනත් මීට වඩා හොයල බලන්න. අපි ඊට පස්සෙන්දත් නිදි මරා ගෙන වැඩට යන්න ඕන. ගරු ඇමති තුමාට මේවා පේන්නෙ නැත්නම් අතිගරු ජනාධිපති තුමනි ඔබ තුමාවත් මේ ගැන සොයල බලන්න. අපිත් කැමතියි කරදරයක් නැතුව වේලාසනින් ගෙදර යන්න. ඔබලා උදේට සහ හවසට මේ දුම්රියක නැගල බලන්න මේ මන්ත්‍රී තුමාලා කරා වගේ. එතකොට දුක තේරෙයි. (නදී)
පානදුර සිට වේයන්ගොඩ දක්වා දාවනය වන කාර්යාල දුම්රියන් මැදිරි ගාන වැඩි කළා නම් ඔය ප්‍රශ්නය යම් තාක් දුරකට විසදිය හැකියි. මීට අමතරව පොල්ගහවෙල සිට අනුරාධපුරයටත්,දකුණු කළුතර සිට ගාල්ලටත් ද්විත්ව දුම්රිය මාර්ගයක් ඉදි කළ යුතුයි (නදී)
මම වොයිස් කට් එක දෙනකොට උදේ 7.00 යි මම කාර්යාලයට එනකොට ලංකාදීපේ දාලත් ඉවරයි. හැමදාමත් ඔයාලට කොමෙන්ට්ස් දාන අබය තමයි ඔය පස්වැනි ෆොටෝ එකේ වොයිස් කට් දෙන්නේ. (නදී)
මන්ත්‍රීතුමා ජැක් එකකුත් ගහගන ඉන්නේ නේද ? (නදී)
පුරාණයේ අපේ රජවරු රටවැසියාගේ සුව දුක් විමසීමට වෙස් වලාගෙන ගිය බව සඳහන් වෙනවා. (නදී)
මරදානේ අලුතින් ටයිල් අල්ලලා මිනිස්සුන්ව ලිස්සල වැටිලා කොඳු කැඩෙන්න නවීකරණය කරපු දුම්රිය පාලමත් බලන්න. මොකද අද වගේ වැහි දිනයක අනතුරු වෙන්න ඇති හැකියාව වැඩියි. පොඩි ළමයි ගැබිණි මවුවරු පවා මේ පාලමෙන් යන්න ඕනා. (නදී)
මේගොල්ලෝ විතරක් නෙවෙයි මේ විෂය භාර වගකිවයුත්තාගේ පවුල පිටින්ම මේ සෙනග පිරුන කාර්යාල දුම්රියේ පටවා යැවිය යුතුයි. (නදී)
අදවත් තේරුනාද මිනිස්සු විදින දුක උදේට වැඩට එන්න (නදී)
අනේ අප්පේ, ! සති දෙකෙන් ප්‍රශ්නය විසදනවා කියල මහා ලොකුවට කතා කරපු අපේ ඇමති තුමා කෝ ? දැනට මාසයකට හමාරකට විතර ඒ උන්නැහේ මහා සද්දෙට ඔහොම කියලා තිබුනා. (නදී)
මං කාටවත් වරදක් කියනවා නෙමෙයි. ඔය ඉන්දියන් කෝච්චි පෙට්ටි වල සෙනග යන්න බැ. අර නිල් පාට කෝච්චි පෙට්ටි වල නම් කරදරයක් නැතුව යන්න පුලුවන්. ඒක ගැනත් වගකිව යුතු අයගේ අවධානය යොමු වුනොත් හොඳයි.(නදී)
මම ළමයි ඉන්න අම්මා කෙනෙක්. හැමදාම වගේ කෝච්චියේ වැඩට යන්නේ සහ එන්නේ පුට් බෝඩ් එකේ. ජීවතයත් මරණයත් අතර මට තියෙන අවධානම වෙල්ගම මහත්තයා වගේ උසස් ප්‍රභූ වරු ගණන් ගන්නේ වත් නැහැ (නදී)
පානදුරේ මිනිස්සු කොහොම හරි රැකියාවට යනවා. සීග්‍රගාමී දුම්රිය ඔක්කොම මොරටුවේ අපිට ඔච්චම් කර කර මරදානට යනවා. මන්දගාමී දුම්රියක් එවල මිනිස්සු රැවැට්ටුවා. අද වැඩට එනකොට කොතරම් ප්‍රමාද වුනාද. මේවා කාටද කියන්නේ. (නදී)
1977 ට කලින් මන්ත්‍රීවරු රැසක්ම පාර්ලිමේන්තු ආවේ දුම්රියෙන් බව ඔබ දන්නවද (නදී)
අලුත්ගමින් එහා යන මගීන්ට උදේට තියෙන්නේ අධිවේගී දුම්රිය 2ක් පමණි. එය කිසිසේත් ප්‍රමාණවත් නැත. උදේට ගාල්ලේ සිට ගමන් කරන මන්දගාමී දුම්රියේ මගින් ගොඩවන්නේ ඉතාමත්ම අඩුවෙන්. ඊට හේතුව පසුව එන අදිවේගී දුම්රිය එකම වෙලාවට කොටුවට ලගාවන බැවිනි. ගාල්ල මන්දගාමී දුම්රිය අලුත්ගමින් පසුව හෝ සීමිත නැවතුම් දුම්රියක් බවට පත් කරන්නේ නම් අනිත් දුම්රිය දෙකෙහි මෙතරම් තදබදයක් නොවෙනු ඇත. මගීන් සියලු දෙනාම ඉක්මනට ගමන් කිරීමට කැමති නිසා මෙම දුම්රියයෙහි නිතරම සෙනග වැඩි වේ. හවසටත් මෙය මෙසේම සිදුවේ. (නදී)
මේවා හොයල බලලා මගීන්ට විසදුමක් දෙනවා නම් හොදයි. (නදී)
මෙතුමන්ලා කරන වැඩේ අපි අනුමත කරනවා (දී)
මොකද්ද මේ වෙන්න යන්නේ රටට (දී)
ඇත්තටම මේ හැමෝම මේ කරන්නේ බලය ගන්න සංදර්ශන. අපි අපේ අත සෙලොව්වොත් අපේ කටත් සොලවා ගත හැකියි. කවුරු බලයට ආවත් ඔය ටික ඔහොමම තමයි. (නදී)
දුම්රිය වේවා ගමන ගමන මණ්ඩලය වේවා විදුලිය වේවා තෙල් සංස්ථාව වේවා මේ සෑම දෙයක්ම ගොඩ ගන්න නම් මුලින්ම මේවාට අරක් ගෙන ඉන්න වෘත්තීය සමිති කාරයින්ට ගහල පන්නල දේශපාලනීකරණයෙන් මේවා මුදවා ගන්න ඕනා. නැත්නම් මොකා බලයට ආවත් පුද්ගලිකරණයෙන් ඇරෙන්න මේ ප්‍රශ්න වලට විසදුම් ලැබෙන්නේ නැහැ. අජිත් පෙරේරා මහත්තය කියන්නේ මගේ පාසල් මිත්‍රයෙක්. රන් හැන්දක් කටේ තියන් ඉපදුනු මනුස්සයෙක් නෙමෙයි. හොදට කට්ට කාල තමන්ගේ දහිරියෙන් උත්සාහයෙන් නමක් ගොඩ නගා ගත්තු ජීවිතය ජය ගන්න කෙනෙකුට ආදර්ශයට ගන්න පුළුවන් චරිතයක්. සැබෑ මහත්තයෙක්. ඔහු දුර ගමනක් යනවා. ඉවසීමෙන් යන මේ ගමනේ ප්‍රතිපල ඔහුට කෙටි කාලයකින් ලැබේවි. ඉන්න පැත්ත සදාකාලිකව මට ඇලජික් පැත්තක් නිසා මනාපයක් දෙන්න බැරි උනත් මගේ සහෝදර පාසල් මිතුරු දාඩිය අජියට මම හදවතින්ම සුබ පතනවා. (නදී)
අනේ ඇත්තට කවුරුවත් මේ පින්තුර රටේ ඉහලම පුරවැසියාට පෙන්වන්නේ නැද්ද ? මේ වගකීම් භාර දීපු උදවිය කටින් බතල කොළ හිටවනවා කියා එතකොට වත් එතුමාට හොඳටම තේරේවි. (දිල්)
මේ මංත්‍රීවරුන්ගෙ වැඩසටහන හොදයි. හැබැයි ඒක රජයෙන් පඩි අරන් වැඩක නැති නිසා කෑම දිරවන්න කරන වැඩක් නොවිය යුතුයි. බලයට ආ ද වසකත් මේ විදියට සොයා බලා ජනතා අවශ්‍යතා ඉටු කළ යුතුයි. එතකොට තමයි සැබෑ මහජන නියෝජිතයො වෙන්නේ (නදී)
මේවායේ තියෙන අඩුපාඩු නිවරදිව සොයා බලා මෙයාලා බලයට ආ පසු නිවරදි කරනවා නම් ලොකු දෙයක්. මේවා මාධ්‍ය සංන්දර්ශන නොවිය යුතුය. මීට පෙර තිබූ තත්වයට වඩා දැනට නම් දුම්රිය ප්‍රවාහනය ගැන සතුටු වෙන්න පුලුවන්. නමුත් තව බොහෝ දියුණු විය යුතුය. මේවා පිලිබද සැලසුම් මේ පරික්ෂා කරන අයගේ මහ අය පාලනය කල කාලයේ දී සිදු කළ යුතු නමුත් එසේ උනේ නෑ. ඒ නිසා වර්ථමානයේ සිදුකල යුතු දේවල් සම්බන්ධව අවංකව සදහන් කිරීමේ වගකීමක් මේ අය සතුය. (නදී)
විරුද්ධ පක්ෂේ අය මේ වගේ එකක යවලා වැඩක් නෑ. මම කියන්නේ ආණ්ඩුවේ ඉඳගෙන බොරුවට බෙරිහන් දෙන හොඳ මන්ත්‍රී කණ්ඩායමක් තෝරලා අරගෙන අපේ ප්‍රවාහන ඇමතිතුමාවත් නඩේ ගුරා වගේ ඉස්සරහින්ම තියලා පොල් පැටව්වා වගේ හොඳට සෙනඟ ඉන්න පෙට්ටියකට දාලා තද කරලා කොටුවේ ඉඳන් පොල්ගහවෙලටවත් එව්වා නම් කෝච්චි වල යන එන මිනිස්සුන්ට ඒවාගේ යනවට ගාණක් දෙන්න ඕන කියලවත් අඩුම ගානේ හිතෙයි (නදී)