දුම්රිය රියදුරන් හට දුම්රිය දෙපාර්තමේන්තුව අද (20) නිළ ඇදුමක් දුන්නේය.
ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව දුම්රිය පොළේදී ඔවුනට මෙම නිළ ඇදුම් පිරි නැමිණි.
දුම්රිය රියදුරන් හට දුම්රිය දෙපාර්තමේන්තුව අද (20) නිළ ඇදුමක් දුන්නේය.
ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව දුම්රිය පොළේදී ඔවුනට මෙම නිළ ඇදුම් පිරි නැමිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇදුම විතරක් තිබිල වැඩක් නැහැ.මහත්තුරු වගේ අවංකව වැඩ කරන්නත්,මහත්තුරු වගේ හැසිරෙන්නටත් ලංකාවේ හැම කෙනෙකුටම අයන්නේ ඉදලා කියලා දෙන්න වෙනවා.ඒත් කියලා දෙන්නට තරම් ආදර්ශවත් කෙනෙක් ඉතිරිවෙලා ඉන්නවද කියලත් සැකයි. (නි)
වැඩ වර්ජනය කරනකොට දැන් ඉතින් තවත් ඉල්ලීම් සහ සටන් පාඨ වැඩිවෙනවා. ගුවන් නියමුවන්ගේ වැටුපට සමාන වැටුපක් ලබාදෙනු ! නිල ඇදුමේ ගරුත්වය රැකෙන ලෙස සුපිරි වාහනයකින් පැමිණිය යුතු නිසා ඩියුටි ෆ්‍රී වාහන බලපත්‍රයක් ලබාදෙනු! කාල වරෙන්කො දැන් ඉතින්.....දන්නවනේ දුම්රිය, විදුලිබල සහ තෙල් සංස්ථා සමිති මිනිස්සු ඇපයට අරන් ඉල්ලන ඉල්ලීම් වල ඉවරයක් නැති බව.(ස)
ඇමතිතුමනි, හොද වැඩක්. හැමදාම දුම්රිය ප්‍රමාදයි. උදේ 08.05 රඹුක්කන කෝච්චිය, මීගමුව දුම්රියත් වෙලාවට එන්නේ නැහැ. හැමදාම අපි මේ ගැන පැමිණිලි කරනව. මෙයට විසදුමක් ලබා දෙන්න.(නදී)
හොද වැඩක් තමයි. නමුත් මුහුදු බඩ කාර්‍යාල දුම්රිය හැමදාම පරක්කුයි. ඒවා බලන්න කව්රුත් නැහැ. ඇදුම් දුන්නට මදි වෙලාවට දුම්රිය යන්නත් ඕනේ. එතකොට තමයි වැඩ කාර්‍යක්ෂම වෙන්නේ.(නදී)
එකම කෝච්චියක්වත් වෙලාවට එන්නේ නෑ.. ඒක බලන්න කෙනෙක් නෑ.. ඇදුම් දෙන්න නම් ඉන්නවා...(ස)
වැඩේ හොදයි. නුවර-කොළඹ කෝච්චියටත් වැඩිපුර පෙට්ටි ටිකක් එකතු කරනවා නම් තවත් හොදයි (නි)
මොන ඇදුම් දුන්නත් වෙලාවට එන්න බැරි එක හදන්න බෑ. (ත)
ඇදුම ගුවන් නියමුවෙකුගේ වගෙයි. දැන් මෙයාලත් ඉගිල්ලෙන්න හදයිද දන්නේ නැහැ (නි)
හරි ලස්සනයි. කොටින්ම මෙයාට සැලියුට් එකක් ගහන තරම් ඔතන එහා පැත්තේ ඉන්න පොලිසියේ මහත්තයට හිතිලා තියෙන බවක් පේනවා. ඒත් ජැන්ඩියට ඇඳපු මනමාලයෙක් බර කරත්තෙට නැග්ගා වගේ පේන්න ඉඩ තියෙන නිසා දැන් ඉතින් ඇමතිතුමනි, මනමාලයට ගැලපෙන්න වාහන ටිකත් හදන්න උත්සාහ කරන්න. (නි)
ගාමිණී-සිරි, ඔයාට පිස්සුද? චීන දේවල් කොච්චර වටිනවද? (නි)
දුම්රිය හරස් මාර්ග වලට උණ බම්බු ටිකක් දැම්මා නම් මීට වඩා ප්‍රයෝජනවත් නැද්ද? (නි)
නුවර කොලඹ හොදයි! කොලඹ ගාල්ල තවටිකක් හැදෙන්න ඕනි පිරිසිදුකම මදි වෙලාවට වැඩ කරනවානම් ඉතා හොදයි (අ)
මේක හොඳ වැඩක් (අ).
වෙල්ගම ඇමති තුමාගේ කාරුණික අවධානය සඳහා මෙය යොමු කරමි. ජපන් රජයට අයත් (JR ) දුම්රිය වාර්ෂිකව සුඛෝපබෝගී දුම්රිය පෙට්ටි ,එන්ජින් අයින් කරනවා.මේවා නොමිලයේ ලබා ගන්න පුළුවන් ජපන් රජය සමග කතා කලොත්. පරිත්‍යාග වශයෙන් ඕනෑම දෙයක් ජපනුන් දෙන්නේ අලුත් වැඩියා කරලා.ඔබ තුමා උනන්දු වුවහොත් මේ වැඩේ කර ගන්න පුළුවන් අනි වාර්යයෙන්ම (අ).
ඇඳුම විතරක් තිබුනට මදි , බලන්න සමහර දුම්රිය කොච්චර අපිරිසිදුද කියල .සමහර ආසන වල සත්තු කැත කරලා.වැසිකිලි ගැන කියන්න දෙයක් නැහැ.අද මම ඔය උත්සවය උදේ 11.10 විතර බලාගෙන හිටියා.අසල වැසිකිළියෙන් අධික දුර්ගන්දයක් හමනවා .ඇමතිතුමා ඊට ටිකක් එහාහින් ඉන්නවා . සමහර නිලධාරීන් හරියට වැඩ කරන්නේ නැහැ .සමහරු හොදට වැඩ කරනවා .උදාහරණයක් කියන්නම් .එවලේම අනුරාධපුර සිට මාතර යන රජරට රැජින වේදිකා 5 අවා.තුන්වන මැදිරියේ රෝදයක සුළු දෝෂයක් තිබුන. කාර්මික නිලධාරීන් එය නිවැරිදි කලත් එහි සිටි තරුණ ගාර්ඩ් මහතා ඒ ගැන එතරම් සැහීමකට පත් උනේ නැහැ .පසුව ඔහු සිය නිල ඇඳුම පිටින්ම මැදිරිය යටට රිංගලා නැවත සවි කල යුතු ආකාරය පිලිබදව උපදෙස් දුන්නා.අර නිලධාරීන් නැවත බැහැල නැවත ඒ දේ හරියට කලා.අර ගාර්ඩ් මහතා ගැන එතන හිටපු අය බොහොම ප්‍රසංසාවෙන් කතාකලා. මේක බලන කවුරිහරි මේ ගාර්ඩ් මහතා ගැන දුම්රිය සාමාන්‍යධිකාරී මහතාට කියන්න .වෙල්ගම මහතා ලොකු උත්සහයක් ගන්නවා .ඒ සඳහා මෙවැනි වගකීමෙන් සහ කැපවීමෙන් වැඩ කරන නිලධාරීන් වැඩි පුර සේවයට ගත යුතු බව අවධාරණය කරමි . (අ)
දුම්රිය සේවකයන්ගේ නිල ඇදුම නම් ලස්සනයි.හැබැයි සේවය නම් කැතයි. මේ ප්‍රවාහන ඇමතිතුමාගේ කාරුණික අවධානය පිණිසයි (නි)
ඇමතිතුමා හරියට තොප්පි දාන්න ,අන්දන්න හොදට දන්නවා එත් මොනවා කරත් අපහු ටිකක් ට්‍රේන්ස් පරක්කුයි (අ)
ඔය දුම්රිය එන්ජින් කැබ් එක හරි රස්නෙයි. ටයි කෝට් සූට් බූට් ගහලා තැම්බෙන්න ගත්තම මොනවයින් මොනවා වෙයිද දන්නේ නැහැ. (නි)
ලෝකයෙ වෙනත් රටවල නම් නියමුවෝ සහ ඉන්ජිනේරුවරුන් කිවුවට ලංකාවේ නම් එහෙම කිවුවහම අකමැති අය ඉන්නවා (නි)
ඇත්තටම හොද වැඩක් (නි)
ඇදුම දාගත්තම සේරම හරි. අනාගතේදී මෙයාලත් වර්ජනය කරන්න පුළුවන් කලට වෙලාවට ඇදුම් ලැබුනේ නැහැ කියලා. මේවා දුම්රිය සේවය ගොඩගන්න අවශ්‍යම දේවල්ද? වියදම අඩුවෙන් සේවය වැඩියෙන් විය යුතුයි. (නි)
ඔන්න දැන් තමයි පෙනුමක් තියෙන්න. සුභ පැතූමි.(නදී)
ඔන්න දැන් තමයි පෙනුමක් තියෙන්නේ. සුභ පැතූම්! (නි)
නිල ඇඳුමත් එක්ක හරියට වැඩකරන ඔරලෝසුවකුත් දීල කාලසටහනකුත් දුන්නනම් තමා හොඳ.(අ)
අර ප්‍රයිවට් බස් කාරයෝ වගේ පරීක්ෂකයෝ දැක්කහම ටක් ගාලා ඇදුම දා ගනියිද දන්නෙ නැහැ (නි)
ඇදුම නම් හොදයි. ලස්සන පාටක් නම් තියෙනවා. ගුවන් හමුදාවේ කොපියක් වගේ හරියට.(නදී)
පොදු ප්‍රවාහන සේවය ගොඩගන්න විශාල වැඩ කොටසක් කළ යුතුව තිබෙනවා. ඒ සඳහා අභිමානයෙන් යුතුව රාජකාරිය ඉටුකරන සේවක පිරිසක් සිටීම මුලික අවශ්‍යතාවයක්.(නදී)
විශිෂ්ට කාර්යයක්! (නි)
හොඳ වැඩක්..ඒත් අපේ වගේ රටකට ඒ නිලඇඳම රස්නේ වැඩි නේද? යුරෝය වලත් ඔය වගේමයි .(අ)
නිල ඇඳුම් දීම හොදයි. බොරු සෝබන වලට වඩා මගීන්ට ටිකක් මිල වැඩි උනත් හොඳ සේවයක් දෙන්න. අර නැරඹුම් මැදිරි ඔබ තුමාගේ පරික්ෂාවට ලක් උනොත් හොඳයි. ගමනාගමනය නම් අන්තිම සවුත්තුයි අධ්‍යාපනයයි සෞඛ්‍ය සේවායි වගේ.(නදී)
ඉතාමත්ම හොද වැඩක්.(ස)
දැන් දුම්රිය රියදුරෝ නැහැ. නියමුවෝ හෝ ඉංජිනේරුවෝ කියලා එයාලා තනතුරු නාමය වෙනස් කරගත්තා මතක නැද්ද.(නදී)