දුම්රිය වැඩ වර්ජනය පැවතියද අද (08) පෙරවරුවේ දුම්රිය 7 ක් සහ පස්වරුවේ දුම්රිය දෙකක් ධාවනය කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
සාමාන්‍ය දිනකට දුම්රිය 400 ක් පමණ ධාවනය කැරේ.
වැටුප්තලය ලබා නෙදීමට විරෝධය දක්වා ඊයේ (07)මධ්‍යම රාත්‍රියෙන් ආරම්භ වු පැය 48 වර්ජනය හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුවද යළි දින කිහිපයකින් අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවද දුම්රිය ශ්‍රේණිගත වෘත්තිය සමිති එකමුතුවේ කැදවුම්කරු ජනක ප්‍රනාන්දු මහතතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමල් ඔබ හරි. ඕනෑ නම් දෙන පඩියට වැඩ කරන්න. නැත්නම් දාලා යන්න. වැඩට එන්න මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා. ලංකාවේ නැත්නම් ඉන්දියාවෙන් ගෙන්වමු. (නි)
දිනෙන් දින වැඩිවන ජීවන වියදම අඩු කරන්න රජයෙන් කිසිම සැලැස්මක් නැහැ. දේශපාලකයන් ඇරෙන්න බහුතරයක් පොදු ජනතාව ඉන්නේ අමාරුවෙන්.දුම්රිය සේවකයනුත් ඉන් කොටසක් විතරයි. (නි)
මේක දුම්රිය දෙපාර්තමේන්ත්වේ වර්ජනයක් නෙමෙයි, දුම්රිය දෙපාර්තමේන්තුවේ තර්ජනයක් වගෙයි මට නම් පෙනෙන්නේ. ඇයි රජයට බැරි වෘත්තිය සමිති සාමාජිකයින් සේවයෙන් පහ කරලා නව සේවකයින් බඳවා ගන්න....? (නි)
ඉෂාර, පොඩ්ඩක් කලින් නැගිටලා වැඩට ආවානම් පරක්කු වෙන්නේ නැහැනේ.(නදී)
දැනටමත් කොට උඩ තමා.(නදී)
මොනා වුනත් කාලෙකින් දැක්ක සාර්ථක වැඩ වර්ජනයක්. පාලකයන්ට නොනැමි හොඳින් මුහුණ දුන්නා.(නදී)
ලැබෙනේ පඩියෙන් ජීවත් වෙන්න ඕන මෙයාල විතරද ඈයි මැති ඇමතිවරුන්ටත් පුළුවන් වෙන්න එපායැ. පොදු රාජ්‍ය මන්ඩලීය නායක රැස්වීමේ උත්සවයට රුපියල් කෝටි 3500 ක් වියදම් කරන එකේ මේ සල්ලී වලින් ජනතාවගේ ජීවන බර අඩුකරන්න පුළුවන්නේ. රටේ නාස්ති කරන්න ඕන තරම් සල්ලි තියනවා. මිනිස්සුන්ට සහන දෙන්න ආණ්ඩුවට බැරි ඇයි.(නදී)
කෝච්චිය නැතුව බස් එකේ පරක්කු වෙලා ගිහින් අපෙත් පඩි කැපෙනවා.(නදී)
ලංකාදීපය මේ තරම් බංකලොත්ද වෙබ් එකේ හතර වටෙන්ම වෙළද දැන්වීම දාන්න තරම්. මට නම් දැන්වීම විතරයි පෙන්නේ. ඒකෙන් අයින්වෙන්න තැනකුත් නැහැ.(නදී)
මේ ගොල්ලන්ට විතරක් නොවෙයි හැමෝටම පඩි මදි. මොකද ලැබෙනවට වඩා වියදම් කරන්න පුරුදුවෙලා නිසා. ඉතින් මෙගොල්ලනට පමණක් පඩි වැඩි කරලා හරියනවද?(නදී)
නදීෂානී මිනිසුන්ට හරියන පඩි තමයි දෙන්නේ. ඒ ගොල්ලන් ලැබෙන පඩියට ජීවත් වන්න හදා ගන්න ඕනා. නැතුව එයාලගේ ජීවන රටාවට හරියන්න පඩි ගෙවන්න ආණ්ඩුවට බැහැ.(නදී)
කාලයක් තිබුණා මේ රටේ වැඩ වර්ජන ගැන අහන්න නොලැබුන. වැඩි වැටුප් ඕන නම් තමන්ගේ රාජකාරිය හරියටම ඉටු කල යුතුය. නොඑසේ නම් වැඩි වැටුප් ලැබෙන රැකියාවක් සොයා ගත යුතුය. එසේ නොවන්නේ නම් සුදු වැන් යොදවා මොවුන් මර්ධනය කල යුතුය. (අ)
මේ වර්ජනය වැරදියි කියන මිනිස්සු පොඩ්ඩක් හිතල බැලුවනම් අද ජිවත් වෙන්න ලැබෙන පඩිය මදි නේද? ආසාවට වර්ජන කරනවද? පාලකයෝත් දැනගන්න ඕනේ මිනිස්සුන්ට සරිලන වැටුපක් ලබාදෙන්න.(නදී)
වර්ජකයිනි, වැඩි පඩි ඉල්ලලා කරන වර්ජනය ඔබලාගේ හෘද සාක්ෂියට එකගද කියලා බලන්න. මොකද දැනට ගන්න පඩියටවත් ඔබලාගෙන් මහජනයාට සේවයක් වෙන්නේ නැහැ.(නදී)
විමලේගේ බම්බුව තමයි මේ මිනිස්සුන්ව කොයි කලේ ඉදන්ද පාලකයන් රවට්ටන්නේ? කීපාරක් වර්ජනය කරන්න හැදුවද? පාලකයෝ කල් ඉල්ලා ඉල්ලා මග ඇරියා අපිත් කෝච්චි නැතුව කට්ට කනවා එත් කොයි දේත් රැවටීමේ සීමාවක් තිබිය යුතුයි?(නදී)
දුම්රිය සේවකයෝ වගේ අඩු වැඩ කොටසක් සඳහා වැඩි වැටුප් සහ අතිකාල ලබන තවත් අය ඉන්නේ දෙපාර්තමේන්තු කීපයක විතරයි. සංස්ථාවල නම් ඕන තරම් ඉන්නවා. අතිකාල ගෙවන්නේ ඇත්තටමද? නැහැ. ගෙවල්වල ඉඳන් අතිකාල ගන්න පිරිස තමයි වැඩි. ප්‍රශ්නය විසඳන්න දැන් සාකච්ඡා වලටත් යන්න බැරිලු. ඒ කියන්නේ මස් රාත්තලම ඕන කියන එකනේ. බන්දුල කියනවා වගේ ප්‍රේමදාස ජනාධිපතිතුමා නැති පාඩුව තමයි මේ. (නදී)
ප්‍රේමදාස මහත්තයා හිටියානම් මේ වර්ජකයෝ පන්නලා දාලා අලුත් අයව අරගෙන.(නදී)
මහජනතාවට බොරු පොරොන්දු දී පාර්ලිමේන්තුවට ගොස් ,සුර සැප විඳිමින්, මහජනතාව මත සියලු බර පටවන අයටද නිමල් කියන්නේ සුදු වෑන් යොදවා ජීවත් වීමට වැටුපක් ඉල්ලන අයව මර්දනය කරන්න කියලා. වැඩ කරන මිනිස්සුන්ට හරි වැටුපක් දෙන්න බැහැ.වැඩක් නොකරන මහජනතාවට් බරක්වූ දේශපෙලකයන් වැඩි කිරීමට ක්‍රම සකස් කරන බවට ඉරුදින පුවත් පතක පළවුණා. ඒවා ගැන නිමල්,කියන්නේ මොනවද? (නි)
ඕනෑම කෙනෙකුට තම අවාසිකම් වෙනුවෙන් වර්ජන කිරීමට අයිතියක් තිබේ ඒක කාටවත් වැලක් වන්න බැහ මේ රටේ දෙශපලකින් වංචාව දුෂණය හැම දේම කරනවා ඇත ජිවත් වෙන්න සරිලන වැටුපක් ලබා දෙන්නේ නැහැ අනිවාර්යෙන්ම වර්ජනය කර අයිතිවසිකම් දිනා ගත යුතුය (අ)
ත්‍රස්තවාදී උවදුරු නැති මේ වගේ පරිසරයක ප්‍රේමදාස වගේ ජනාධිපතිතුමෙක් හිටියනම්...අපේ රට ගොඩේ ගොඩ.(නදී)
සාමාන්‍යයෙන් දිනකට දුම්රිය 400 ධාවනය කරන දෙපාර්තමේන්තුව,....අද උදේ 7 සහ හවස 2 ධාවනය කළා ,.කියන්නේ හරියට වර්ජනයෙන් මගීන්ට කිසිම ප්‍රශ්නයක් නොවුණ ගානට,, අනේ හැබැට ,...(අ)