අලුත්ගම ගණේගම අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී සිදුවූ දුම්රිය - වෑන් රථ ගැටුමෙන් අඩු ගණනේ පස් දෙනකු දෙනකු පමණ මිය යන්නට ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කියයි.
තුවාල ලැබූ හය දෙනකු රෝහල් ගත කළ බවත්, වෑන් රියට යටවූ බවට සැකකරන දෙදෙනකු සොයන බවත්, රියදුරු සුළු තුවාල ලබා බේරි ඇති බවත් එම නිලධාරියා කියයි.
දුම්රියේ ගැටුණු වැන් රිය මීටර් දෙසීයයක් පමණ ඇදී ගොස් ඇති බව සිද්ධිය ඇසින් දුටුවෝ ගියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අදහස රියදුරුගේ නොසැලකිලිමත්කම. අනතුරු උනාට පස්සේ පසුතැවිලා වැඩක් නැහැ.(නදී)
ගොඩක් අය හිතන්නෙ ක්‍රොසින් එකකට ගේට්ටුවක් දාන එක දුම්රිය දෙපාර්තමේනතුවට අයිති දෙයක් කියලා. ඒක වැරදි අදහසක් මාර්ග සංවර්ධන අධිකාරියට සහ ඒ අදාල පළාත් සභාවටයි ඒ කාර්‍ය පැවරෙන්නෙ. වගකීම පැහැර හැරලා තියන නිළධාරීන් මේ අසරණ ජීවිත වල වගකීම ගත යුතුයි.(නදී)
වරදින තැනක් තමයි ආරක්ෂාකාරී නොවී , වෑන් රියදුරාත් රථයේ යන පිරිස ඉක්මනින්ම රෑ බෝවෙන්න කලින් නිවසට ගෙන යන්න උත්සාහ කිරීම. (නි)
බලදාරියනි, මගීන් නොමැතිව ධාවනය කරන,සුඛෝපබෝගී දුම්රියන් නවතා මහජන යහපත සදහා උණ බම්බුවත් හරස් කරමු. (නි)
මෙය අපේ රටේ සිදුවුන පලවෙනි අනතුරවත් අවසාන අනතුරවත් නොවන බව අපි සියලු දෙනාත් රටේ වගකිවයුත්තන් සහ බලදාරිනුත් දන්නවා. රටේ දියුණුව කියන්නේ, ජනතාවගේ ආරක්ෂාව කියන්නේ මේ වගේ දුර්වල අවස්ථාවන් සොයා බලා ඒවාට පිළියම් යෙදිමයි. ජනාධිපතිතුමනි, ඔබ කරගෙන යන්නාවූ සංවර්දන ක්‍රියාවලියට මේ වගේ දුර්වල ආරක්ෂාකාරී නොවන දේවල් සොයා බලා ඒවාට වගකිවයුතු පුද්ගලයන් දැනුවත් කර නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් නිසි ක්‍රියාමාර්ග ගන්නේ නම් මේ වගේ දේවල් ඉදිරියේදී වලක්වා ගත හැකිවේවි (නි)
උණ බම්බුවක්වත් දාන්න මේ දවස් වල ආණ්ඩුවට සල්ලි නැහැල්ලුනේ (නි)
රොෂාන් සංජීව වගේ තවත් අය කියන කතාව ඇත්ත. මමත් රියදුරෙක්. අනාරක්ෂිත දුම්රිය පාර හරහා නිතරම යන්න වෙනවා මගේ ගෙදර තියෙන හැටියට. දුම්රියක් කවදාවත් පාරේ ක්ෂණිකව මතු වෙන්නේ නැහැ. ඔය කරදරේට පත් වෙන අය පදමට වඩා බීලා, එක්කෝ කන් ඇහෙන්න නැහැ. එක්කෝ ඇස් පෙනෙන්නේ නැහැ. ආණ්ඩුවට බොරුවට බනින්න එපා ගේට්ටු නැහැ කියලා. (නි)
රොෂාන් සංජීව එක්ක මාත් එකඟයි. මෙහෙම දෙයක් වුනාම අපි කවුරුත් අනාරක්ෂිත ගේට්ටු නැතිවීම ගැන දොස් කියනවා. වාහනයක් පැදවීමේදී මුලික ආරක්ෂක වගකීම තියෙන්නේ ඒ වාහනය පදවන රියදුරුට නේද? කෝච්චියක් කියන්නේ බයිසිකලයක් නෙමෙයි නේ. සද්දේ ඇහෙනවා. එනවා පේනවා. මොනවා නැතත් දුම්රිය හරස් පාරකදී දෙපැත්ත බලන්න පොඩි ළමයෙක් වුනත් දන්නවා. තනිකරම රියදුරුගේ නොසැලකිල්ල නිසා සිද්ධවෙන අනතුරු මේවා. (නි)
තවමත් අනාරක්ෂිත දුම්රිය හරස් පාරවල් තියනවා කියන එක විශ්වාස කරන්නත් අමාරුයි. ගුවන් තොටවල්, අධිවේගී මාර්ග වලට කලින් මේ වගේ මූලික ආරක්ෂක ගේට්ටු සකස් කරලා ඉන්න ඕනෑ.... (නි)
රටකට ඉන්න ඕනෑ ප්‍රායෝගික නායකාකාරකාදීන් , අවුරුදු 30 පෙර අනාරක්ෂිත දුම්රිය ගේට්ටුවේ හැපිලා මැරුනගමන් පහුවදා ඉඳල ක්ෂණික විසඳුමක් දුන්නා උණ බම්බු ගේට්ටු දාලා. මිනිසුන්ට රැකියාත් ලැබුනා. පස්සේ කාලෙක මේ උණ බම්බු ටික ගලවලා දැම්මා. අලවුවේ 30- 40 ගානක් මැරුනා. කෝ මේවට පිළිතුරු? හැමදාමත් සිද්ධ වෙන්නේ එකම දේ. මැරෙන්නේ අහිංසක මිනිස්සු. දේශපාලකයෝ නිදි. අනේ මෙහෙමත් රටක්! (නි)
ඇමති මාසෙකට සැරයක් දුම්රියේ යනවනේ එතකොට ප්‍රශ්න ඔක්කොම හරියයි. ලංකාවේ ඉතින් තියෙන්නේ මෝඩ ජෝක් තමා. මොනා කරන්නද?(නදී)
කවුරු මොනවා කිව්වත් වරද රියදුරන්ගේ. ආරක්ෂක ගේට්ටු දානකම් ගමන් බිමන් නොගිහින් ඉන්න බැහැනේ. ඒ හන්දා රියදුරන් කල්පනාකාරී විය යුතුමයි. ඇහැට නොපෙනෙන රේල් පාරවල් ලංකාවේ කොහෙවත් නැහැනේ. රේල් පාර ළඟ වේගය අඩුකරලා පරිස්සමින් මාරු වුනානම් ඉවරනේ. කෝච්චිය හූනෙක් තරම් පුංචි නම් ඔන්න කරන්න දෙයක් නැහැ. (නි)
ලංකාවේ රියදුරන්ට රියදුරු බලපත්‍ර දෙන ක්‍රමය වෙනස් කළා නම් මේ අනතුරු සෑහෙන දුරට අඩු කරන්න පුළුවන්. (නි)
සරත් හරි (නි)
අනවශ්‍ය ගුවන් තොටුපොළවල් සහ වරාය හදනවා. රේල් ගේට්ටුවක් දාන්නේ නැහැ. අහෝ ආසියාවේ ආශ්චර්ය! (නි)
රටට ඕනෑ ගුවන් තොටුපළවල් නෙමෙයි. මොකද ලංකාව එංගලන්තය නොවෙයි, හැම විනාඩියකට ගුවන් යානා එන්න. මුදල් වැය කළ යුත්තේ මෙවැනි දේවල් වලට (නි)
කොච්චර කිවුවත් වැඩක් නැහැ ආරක්ෂක ගේට්ටු දමන්න කියලා. වගකිවයුත්තෝ නිදි (නි)
කවදාවත් බලයට එන අය පොදු ජනතාව ගැන හිතන්නෙ නැහැ. ඒකට වෙලාව නැහැ. මොකද කොහොම හරි තමන්ගේ මඩිය තර කර ගන්න හිතන්නේ.කව්ද රටට ආදරේ ලොකු තැන් වල ඉන්න අයගෙන්.පොඩි මිනිහ මැරුණට ගානක් නැහැ එයාලට (නි)
මට නම් හිතෙන්නේ මේ විදියට නිරපරාදේ මනුෂ්‍ය ජිවිත නැතිවෙනවට වඩා වාහනයකින් කව්රු හරි රේල් ගේට්ටුවක් පහු කරන්න යනකොට ඉස්සෙල්ලා කවූරුහරි වාහනෙන් බැහැලා හොදට දෙපැත්ත බලන්න ඕනෑ කෝච්චියක් එනවද කියලා. ඊටපස්සේ අපි හැමෝටම පුළුවන් ආශ්චර්රීයමත් ගමන් බිමන් යන්න හැමදාම. ප්‍රවාහන ඇමතිතුමාට අපේ රටට ඕනෑ තරම් රේල් ගේට්ටු හදලා දෙන්න පුළුවන් මාතර ඉංජිනේරු මහත්තයාගේ ටැලිෆෝන් නොම්බර්ය හොයලා දෙන්න.මේ වැඩේ කරන්න පුළුවන් කෙනාට අනිවාර්යයෙන්ම ජනාධිපති සම්මානයක් ලබාගත හැකිවේවි. (නි)
ඇමතිවරු විහිලු කර කර පිස්සු නටනවා.මල්ටි බිලියන් ප්ලෑන් ගහනවා. උණ බම්බුවක්වත් දුම්රිය හරස් පාරට දාන්න බැහැ.ඒ වගේම වාහන එලවන අයත් අස්ස කුලප්පුව නිසා මේ වගේ ජීවිත නැතිකරගන්නවා. (නි)
මම කීපවිටක්ම ලිව්වා,සරලම ක්‍රමයක් ගෑන. දුම්රිය මාර්ගයට පිවිසෙන රථ වාහන පිවිසෙන මාර්ගයේ මීටර් 10 ක්,20ක්, දුරින් කොන්ක්‍රීට් මාර්ග බාධක ඇතිකිරිම. මෙමගින් දුම්රිය මාර්ගයට පිවිසෙන වාහනවල වේගය අවම කිරීමට සිදුවන නිසා, මෙවන් අනතුරු අවම කළ හැකි බව මගේ අදහසයි. (නි)
තරු පහේ හෝටල් ගහන්න කලින් නිරපරාදේ විනාශ වෙන ජීවිත බේරගන්න බැරිද? වරද නිවැරදි කරන්න පුළුවන් ආරක්ෂාකාරී ගේට්ටු දානවා නම්.දන්සල්,තොරන්, මහා සක්මන් මලු මොනවටද පෝයට? (නි)
රියදුරා බේරුනා එකනේ පුදුමේ කියන්නේ පහුගිය දවසක දරුවෙක් බේරගන්න ගිහින් රියදුරෙක් මැරුණා.ඒ තමා නිහතමානී අය. (ත)
දෙවියනේ මේවා අසරන ජීවිත නේද? ලක්ෂ 650ක් වැය කරලා එක තැනක පොසොන් කලාපයක් තිබුණා. රුපියල් 10000ක් වියදම් කරලා ගේට්ටුව්ක් දාලා දෙන්න බැහැ. මේ මැරිල්ලෙ ඉවරයක් දකින්නත් බැහැ. දැන්නම් එපා වෙලා තියෙන්නෙ (නි)
මම මේක දකින්නේ වෙනත් විදියකට. හේතුව පිටරටක ජීවත්වෙන කෙනෙක් හැටියට. මොකද අපේ මිනිස්සුන්ටත් පුදුම හදිස්සියක් තියෙන්නේ. අනිකා ගැන තැකීමක් නැහැ. බොහෝ රිය අනතුරුවලට හේතුව මේකයි. ක්රොසින් එකකදී ටිකක් ඉඳලා ඉවසිලිවන්තව තම ගමන යනවා නම් අනුතුරු ගොඩක් වලක්වා ගන්න පුළුවන්. මොකද කෝච්චිය අනිවාර්යෙන් මෙවැනි තැන්වල හෝන් එක ගහගෙන තමයි එන්නේ. නමුත් ඊට කලින් යන්න ගිහින් තමයි මේවගේ අවාසනාවන්ත අනතුරු වෙන්නේ.ගේට්ටු දැමීමත් රජය කලයුතු අනිවාර්ය කාර්යයක් . (නි)
තවම බැරි වුනානේ මේ ගේට්ටු ටික දා ගන්න.මේ මුහුදුබඩ මාර්ගය අධිවේගී දුම්රිය මාර්ගයක් කරලා අලුතින් පවර් සෙට් දැම්මට පස්සේ කෝච්චිය වේගෙන් යනවා. ඒ නිසා මුහුදුබඩ මාර්ගයේ හැම තැනකටම ගේට්ටු ඕනෑ. අනෙක් දුම්රිය මාර්ග වලත් ගේට්ටු තිබීම අවශ්‍යයි. මම දැකල තියනවා උතුරු මාර්ගයේ කුරුණෑගල පහු වුනාම ගොඩක් තැන් වල ගේට්ටු නැහැ (නි)
අපේ ඇමති උතුමලා පාර්ලිමේන්තුවේ දී විපක්ෂය අහන ප්‍රශ්න වලට උත්තර දෙන හැටි පාර්ලිමේන්තුවේ වෙබ් අඩවිය බලන කොට හොදට පෙනෙනවා. (නි)
අමිල, වගකිවයුත්තෝ මේ දවස්වල 13 එක්ක බිසී නේ. (ත)
අනේ අර මාතර කෙනෙක් හදලතමන්ගේ ගෙදර සවිකරගෙන ඉන්න ගේට්ටුව වත් සවි කරන්න ඇමතිගේ අවදානය යොමුවේවා. කොමිස් අරගෙන හරි මේ දේශීය නිෂ්පාදනය ට තැනක් දෙන්න දැන් වෙලාව (අ)
දුම්රියට වාහනයක් හැප්පෙන්නේ අනිවාර්යයෙන්ම නොසැලකිලිමත් කම. දුම්රියේ රියදුරුගේ වරද නොවේ , වාහනය එලවන අයගේ. කොහොම හැප්පුනත් වාහනේ රියැදුරු බේරෙනවා ඒකයි රටාව.(නදී)
තවම නොහැකි වී ඇත අපේ බලදාරීන්ට ක්‍රමවත් ගේට්ටු ටිකක් හදලා මේ ජීවිත අනතුරු ටික බේරගන්න. මට මතකේ හැටියට ඉස්සර හිටපු ජනපතියෙක් උන බම්බු දාල හරි තදේට හිටිය රේල් පාරට පිස්සෝ වගේ පනින්න නොදී. ජනතාවගේ ආරක්ෂාව පළමුවැන්න වෙනත් රටවල නම්.(නදී)