IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


දුම්රිය වර්ජනය නිසා ඉංජිනේරු සිසුවා මරුට

(යොහාන් භාසුර මහින්ද නිශ්ශංක සහ තිලකරත්න දිසානායක)

මහනුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියේ වහලය මත සිටි තරුණයෙක් හොරපේ දුම්රිය ස්ථානය අසලදී අනතුරකින් අද (12) පෙරවරුවේ මරණයට පත්ව තිබේ.

මියගොස් ඇත්තේ ඩබ්. ඩී .ඩී අයි පෙර්රා නැමැති 18 හැවිරිදි සිසුවෙක් බව අනාරණය වී තිබේ.

ඔහු ගම්පහ මොරගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙකි. මොරටුව කර්මාන්ත ඉන්ජිනේරු අභ්‍යාස ආයතනයේ ඉ‌ෙගනුම ලබන ඉංජිනේරු සිසුවෙකු බව තොරතුරු අනාරණය වී ඇතැයි පොලීසිය කියයි.

එම තරුණයා දුම්රිය වහලය මත සිටියදී හොරප දුම්රිය ස්ථානයේ වහලයේ ගැටී ඇති බවත් මරණය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත බවත් දුම්රිය දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් පැවැසීය. දුම්රිය රියදුරන් අද ආරම්භ කළ වැඩ වර්ජන හේතුවෙන් දුම්රිය ධාවනය සීමා වීමෙන් ජනතාව මෙසේ අනතුරුදායක ලෙස දුම්රිය භාවිතා කරන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය. 

(ඡායාරූපය: රටවටා දුම්රිය මගීන්ගේ නිල සමූහය - ෆේස්බුක්)



අදහස් (37)

දුම්රිය වර්ජනය නිසා ඉංජිනේරු සිසුවා මරුට

අරවින්ද මොනරවිල Tuesday, 12 September 2023 09:59 AM

මේවට වග කියන්න ඕනා දුම්රිය වර්ජකයෝ නොවෙයි වැඩ බැරි දුෂ්ඨ දූෂිත පාලකයොයි උන්ට ආවඩන උන් සමග හවුලේ හොරා කන නිළධාරින් යයි කියන කල්ලියයි. මේ තරම් රට ප්‍රපාතයට ඇද වැටෙන්න ප්‍රධානම හේතුව මේ කල්ලි දෙකේ දූෂිත මජර පාලන ක්‍රමයයි. ඒ නිසා අද රාජ්‍ය සේවකයා පමණක් නොවේ පෞද්ගලික අංශයේ සේවකයා, කුඩා හා මධ්‍යම පරිමානයේ ව්‍වසායකයා ධීවරයා ගොවියා වගේම පාසල් සිසුවා දක්වා සමාජය දැඩි පීඩනයකට,ආතතියට හා අසහනයට පත්වෙලා තිබෙනවා. ඒ එක් අතකින් තමන්ට දරා ගන්න බැරි තරමට ආර්ථික හා සමාජීය පීඩනයකට ඔවුන් ලක් කර ඉහත සදහන් කල්ලි දෙක මහජන මුදල් හා සම්පත් හොරකම් කරමින් අවභාවිත කරමින් සුරසැප විදිනවා බැවින්.එය වෙනස් කරන තුරු මෙවැනි සමාජිය නොසන්සුන්තා හා අපරාධ සිදුවනු ඇත.

:       120       155

kushan pereraTuesday, 12 September 2023 11:13 AM

සේවකයින්ට මොන තරම් අමාරුකම් තිබුනත් මේ වගේ තිරිසනුන් වගේ අහිංසක මහජනතාව පීඩාවට පත් කිරීම කෙතරම් සාදරණද,? ඔය සේවකයින් ගන්න පඩියට ඔවුන්ගේ සේවය 100%ක් ලබා දෙනවද? බොහෝ රාජ්‍ය සේවකයින්ගේ පලදායිතාව 60%ක් පමණි. එනමුත් ඕනෑම ආර්තික අර්බුදයකදී වේවා , වසංගත රෝග පවතින අවස්ථාවන් (කොරෝනා කාලය) වේවා , හිඟයක් නැතිව පඩි ලබා දුන්නා . ඒවා ගැන කතා කරන්නේ නැති මේ වගේ තිරිසන් විදිහට මිනිසුන්ගේ ජන ජීවිත වලට බාධා කරන දුම්රිය සේවකයින්, ලංගම සේවකයින්, සෞඛ්‍ය සේවහි දොස්තර හෙදි , හා සුළු සේවකයින් මෙන්ම අනෙකුත් රජයේ සේවකයින්ට සාපයක්ම විය යුතයි.

:       18       144

රාවණාTuesday, 12 September 2023 11:42 AM

ජෙප්පන්ගේ පොදු තියරි, වර්ජන සර්ව සාධාරණයි, ජෙප්පන් ආවොත් වර්ජන ඉවරයි, වැරදි කරන්නේ පාලක පන්තිය පමණයි

:       0       0

ධම්මිකTuesday, 12 September 2023 11:52 AM

ලංකාවෙ ඉන්න ලිං මැඩියොන්ගෙ අලුත්ම ස්ටයිල් එක තුන්වෙනි පාර්ශවයක් බලයට ගේන්න ඕන කියන එක.ඔය කෑගහන අති බහුතරය ගෝඨාභයට ඡන්දෙ දීපු අය.ඊට කළින් පොහොට්ටුවට පුටුවට අතට බුලත් කොළේට ඡන්දෙ දීපු අය.ඔතන ලිබරල් වාදීන් නැහැ.මුන් ලිබරල් කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නෑ. ඔය මොංගල් මැද මාවතේ අයයි අංශභාග සමාජවාදී කාරයොයි 2000න් පස්සෙ ආපු ජාතිමාමක වංශලයි එකතුවෙලා හදපු අච්චාරු ආණ්ඩු හින්ද තමයි ලංකාව වළ පල්ලට ගියේ.වංචා දූෂණ හින්ද රට වැටුණ කියන එක නොදරුවන්ගෙ කතාවක්.පෞද්ගලික ව්‍යවසායකයො එක්ක තියෙන කුහක තරහ හින්ද රාජ්‍ය අංශය තව තව පෝෂණය කළා.රස්සා හොයාගෙන දේශපාලකයො පස්සෙ යන්න වුණා.රාජ්‍ය අංශය කුණු වුණා.ඒකෙ වෘත්තීය සමිති ඉහඳ පණුවො ගැහුව.පාලකයන්ට හොරා කන්න ලේසි වුණා.ඔය තුන්වෙනි පාර්ශවය ආවත් ලිබරල්වාදී ප්‍රතිපත්තියෙන් තොරව මේ රට හදන්න බෑ.අද චීනයත් සියළු දේ විකුණල තියෙන්නෙ.අපි ලිං මැඩියොන්ටත් අන්ත ජාතියක්.ඇත්තම කියනවනම් ලංකාවෙ දේශපාලකයන්ටත් මේ මෝඩ ජනතාව එපාවෙලා තියෙන්නෙ.ඡන්දෙ ගන්න ඇන්දුවට මේතරම් ඇඳ ගනීවි කියල පාලකයොවත් හිතුවෙ නෑ.

:       17       39

Pradeep KumaraTuesday, 12 September 2023 12:09 PM

අරවින්දගේ මතය සමග මම 100% ක් එකගයි. නමුත් තවමත් මේ අමන දේශපාලකයින්ට සහ දූෂිත පාලනයට ආවඩනා පිරිස් කොතරම් සිටිනවාද කියලා ඔප්පුවෙන්නේ ඔහුගේ මතයට ලැබිලා තියන ප්‍රතිචාරත් එක්කයි. දුම්රිය සේවක වර්ජනය ගැන විතරක් කතා කරන්න එපා, ඔවුන් ඒ තත්වයට ඇද දැමූ හේතුව ගැන නොසොයා.

:       44       38

LalindraTuesday, 12 September 2023 02:19 PM

ඇයි එහෙම කියන්නේ? දුම්රිය රියදුරු සංගමය තනිකරම දේශපාලන බලල් අතක්... රියදුරු සංගමේ සභාපති බැසිල්ගෙන් කන කෙනෙක්. ඔවුන් කරන හුඟක් වර්ජන දෙශපාලන වුවමනා මත තමයි කෙරෙන්නේ...

:       0       0

AJITHTuesday, 12 September 2023 05:42 PM

ලංකාවේ සිදුවන සියලු වර්ජනවලට වගකිව යුතුවන්නේ දේශපාලන පක්ෂවිසින් රජයේ සහ පුද්ගලික ආයතන තුළ පිහිටුවාගෙන සිටින්නා වූ වෘත්තීය සමිති නිසාවෙනි. පක්ෂ දේශපාලනය අනුව වෘත්තීය සමිති පිහිටුවාගෙන සිටිනාතුරු එම රටට දියුණුවක් නැත. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මෙන් වෘත්තීය සමිතින්ද ආයතන තුළ අනවශ්‍ය ආකාරයට ක්‍රියාත්මක වීම නිසා රටට මෙතෙක් සිදුවූ හානියට සහ රාජ්‍ය ආයතන පාඩු ලැබීමටද දේශපාලකයින් සහ වෘත්තීය සමිති වගකිව යුතුවේ...

:       0       0

Bunny Preena Tuesday, 12 September 2023 10:10 AM

බොහොම කනගාටුදායක මරනයක්. බෙහෙවින්ම ඇනතුරුදායක වූ මෙවනි ගමන් කිසිසේ අනුමත කල නොහකිය. ඔහුට මෙයට වඩා බුද්දිමත් ලෙස කටයුතු කරන්ට තිබුනා.

:       5       95

Shantha-QatarTuesday, 12 September 2023 02:37 PM

දැන් වයසේ ප්‍රශ්නයද වටින්නේ, කොල්ලගේ ජීවිතේ නැතිවුණු එකද වටින්නේ...? මෙයත් දුම්රිය වර්ජකයෙක්ද කොහේද? නැතිනම් ඔවුන්ට ගෑවිච්චි එකෙක් වෙන්න ඇති. සියලුම...වර්ජකයින්ට සාපවේවා...!

:       0       0

Chinthana Tuesday, 12 September 2023 10:13 AM

අවුරුදු 18න් විශ්වද්‍යලයට යන්න බෑ. උසස්පෙල පලමුවර සමත් වෙලා ගියත් වයස 20ක් වෙන්න ඔන

:       45       28

Nimal Kumara Tuesday, 12 September 2023 10:18 AM

සියළුම ආකාරයේ වර් ජකයන්ට සාපවේවා

:       24       98

ලක්මාල් Tuesday, 12 September 2023 10:48 AM

සියලු රාජ්‍ය ආයතන පෞද්ගලිකකරනය කරනු

:       19       100

sachith Tuesday, 12 September 2023 11:14 AM

ඉතාම සෝචනීය පුවතක් .හැබැයි "දුම්රිය වර්ජකයෝ "මේ ළමයාගේ ජීවිතේ බිලිගත්තානම් ,බෙහෙත් ඉස්පිරිතාලෙට ගිහින් බාල බෙහෙත් නිසා මැරුණ අහිංසකයෝ මැරුණේ කාගේ වරදින්ද ?

:       25       53

pakeer Tuesday, 12 September 2023 11:42 AM

එතකොට 12 වෙනිදාම තව එක්කෙනෙක් බම්බලපිටියේදී වැටිලා මරුනා එහෙම නැතිනම් කකුල් දෙකම නැති උනා .ෆුට් බෝඩ් යන්න ගිහින් ...එයා කවුද ?

:       0       0

sam Tuesday, 12 September 2023 11:45 AM

උගත් උනත් බුද්ධියක් නෑ

:       0       0

dhamneth Tuesday, 12 September 2023 11:51 AM

වැඩ වර්ජනය කරනවානම් සතියකට කලින් ජනතාවට හා රජයට දැනුම්දිය යුතුයි කියා නීති සකසන්න .එසේ නැතුව වැඩ වද්ජනය කලොත් වැඩ වර්ජනය කරන එක් දිනකට සතියක වැටුප් කපන්න

:       6       28

මැක්ස් Tuesday, 12 September 2023 11:57 AM

වර්ජකයන් සේම ඊට උඩ ගෙඩි දෙමින් තම දේශපාලන මතවාදය වෙනුවෙන් කොමෙන්ටු ලියන්නන්ට මෙම පාප කර්මයෙන් ගැලවිය නොහැකිය. තමන්ගේම මඩිය ගැන පමණක් සිතමින්, වගකීම් පිලිබඳ කිසිම සැලකිල්ලක් නොදක්වන මේ නොසන්ඩාල වර්ජකයන් මෙල්ල කරන්න කිසිවකුත් නොමැති වීම රටේ අවාසනාවකි. දුම්රිය පුද්ගලීකරණය ඉක්මන් වේවා!

:       5       24

NILANTHA Tuesday, 12 September 2023 12:02 PM

මේවට වග කියන්න ඕන රටේ ගොන් පාලකයෝ .සැලැස්මක් නැති,නීතියක් නැති ගොන් හැත්ත

:       16       29

අරැණ බටුගෙදර Tuesday, 12 September 2023 12:04 PM

දුම්රිය සේවකයන්ට වැටුප් ,දිරි දිමනා ,උසස්විිම් නොදි වැඩ ගැනිම පමණක් අනුමත කරන්න බැහැ .විරැද්ධ අදහස් ලියා ඇති අය ඒ රැකියාවම කලා නම් ඔවුනුත් එහෙම තමයි . රටේම ජනතාව පීඩනයට පත් කර ඇති මේ ජඩ පාලකයන් පන්නන්න එකතුවෙමු .එයයි අපගේ කාර්ය

:       38       24

ashan Tuesday, 12 September 2023 12:47 PM

ජරා ආණ්ඩුව , මිනිහෙක් මැරුවා

:       22       14

ලංකාධීර Tuesday, 12 September 2023 12:48 PM

ඉංජිනේරු ශිෂ්‍යයෙක් වෙලත් මේ වාගේ අනතුරුදායක තැන් වල ගමන් කරනවද. දැන් තියෙන අධ්‍යාපනයේ දියුණුව පේනවනේ ඉංජිනේරු ශිෂ්‍යයන්ගේ බුද්ධියේ තරම..... ඔබතුමාට නිවන්සුව පතමු.

:       9       17

C.K.Lankaputhra Tuesday, 12 September 2023 12:49 PM

එතකොට 259 ක් බිලිදුන්න උන්!

:       4       16

ආනන්ද Tuesday, 12 September 2023 12:53 PM

අරුණ බටුගෙදර මහතාගේ අදහසට එකඟ විය නොහැකියි. ලංකාවේ ඉතාමත් අකාර්යක්ෂම හා විනාශකාරී ආයතනයන්ගෙන් ප්‍රමුකස්ථානය දුම්රියට හිමි වන බව නොරහසක්. ඒ අනුව රජයේ දෙපාර්තමේන්තුවක් වන මෙහි නිලධාරීන් මෙන්ම සේවකයන්ද බඩේ රුජාවක් හැදුනද වර්ජන කිරීමට පෙලඹීම අනුමත කල හැකිද. අකාර්යක්ෂමතාවය මත අධික සම්පත් නාස්තිය අනුමත කල හැකි වේද. මෙහි ආයතන ප්‍රධානීන් සාකච්ඡාවට ඉඩක් නොදෙන ඒකාධිපතියන්ද. එසේම සේවකයින් තම වෘතිතීය සමිති බලයෙන් සියල්ලන් යටකරගෙන සිටිත්ද. මේවා මුල සිටම ක්‍රමානුකූලව සොයා බැලිය හැකි ප්‍රතිපත්ති සම්පාධකයින් මෙන්ම නිලධාරීන් වහාම අවශ්‍යව ඇති බව තොරුම් .ත යුතුව ඇත.

:       2       20

සමුදිත Tuesday, 12 September 2023 01:21 PM

කාලකන්ණි දුම්රිය සේවකයින් ට ලැබෙන පඩියට වැඩකිරීමට නොහැකිනම් , ඔවුන් තමාට ගැලපෙන වැටුපකට සුදුසු රැකියාවක් සොයාගැනීම විනා , තරුණ ජීවිත බිලිගැනීම නොකලයුතුය. මෙම වර් ජන මෙහෙයවන දේශපාලකයන්ටද සාප වේවා .

:       7       27

අරුණ Tuesday, 12 September 2023 01:31 PM

ගන්න පඩියට වැඩකරන්න බැරිනම් අස්වෙලා පලයව් කාලකන්නි

:       5       32

Shashika519 Tuesday, 12 September 2023 01:47 PM

කෝච්චි 60ක් පාලනය කරගන්න බැරි පොයන්න අල් නයන්න නයන්න ආණ්ඩුව

:       11       17

pjWednesday, 13 September 2023 02:42 AM

ඔය කියන දුම්රිය 60 දුවන්න සේවකයෝ කීයක් ඉන්නවාද කියලාවත් හරියට දන්නවාද? ඒ අතරින් වෘත්තිය සමිති, පින්පඩිකාරයෝ කීදෙනෙක් ඉන්නවාද කියලා හොයලා බැලුවාද?

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 12 September 2023 02:29 PM

රටක් පාලනය කරන පාලකයා රටේ මහජන මුදල් හොරා කනවිට අවභාවිතා කරන විට ඊට එරෙහි වන්නට තරම් ආත්ම විශ්වාසයක් නැති නිවට ජනයා, ඔවුන්ගෙන් ලැබෙන සුළු, සුළු වාසි වෙනුවෙන් වෙනුවට පාලකයන්ගේ වැරැදි වලට හා හොරකම් වලට එරෙහිව ඝෝෂා කරන්න අවලාද නගන්න යුහුසුළු වෙනවා. ඔවුන්ගේ සැබෑ වුවමනාවන් වනු ඇත්තේ රට විනාශකළ පාලකයින් තවදුරටත් බලයේ තබාගෙන මෙම රට මහා විනාශයක් කරා රැගෙන යාම විය යුතුයි...!

:       0       0

Jagath Wickramasekara Tuesday, 12 September 2023 03:29 PM

කාලකන්නි JEPPO.. රට කනවා.

:       0       0

jayasri Tuesday, 12 September 2023 04:20 PM

මේ වගේ මරණයකිනුත් ජෙප්පන් හදන්නේ වාසියක් ගන්න. ආණ්ඩුව පන්නලා ජෙප්පන්ට බලයට එන්න ආසා ඇති...

:       0       0

ajith Tuesday, 12 September 2023 04:27 PM

තමන්ගේ රාජකාරිය කරන්ට වැටුපට අමතරව "දිරි දීමනා" දෙන්ට ඕනේද?

:       0       0

සල්ලි Tuesday, 12 September 2023 04:27 PM

අපේ රට හෙට එකම එක සුරපුරයක්... උතුරු කොනින් එන්න... දකුණු කොනින් එන්න.

:       0       0

Che Tuesday, 12 September 2023 08:31 PM

දේශපාලුවන් ජනතාවට උරුම කර දී ඇති රටක ශෝකාන්තය...!

:       0       0

saman Tuesday, 12 September 2023 09:44 PM

මමත් මේ දුම්රියේ හිටියා. වර්ජනයක් තිබෙනවා කියලා දැනගත්තේ පස්සේ... දුම්රිය රඹුක්කනින් එහාට වෙනදා නවත්වන්නේ නෑ. අද හැම තැනම නවත්තලා පොල් පටවනවා වගේ සෙනග පටවා ගත්තා. මට නිකමට හිතුණා කවුරුහරි මේකෙන් වැටෙයි කියලා. දුම්රිය සේවකයෝ කියන්නේ කාලකණ්ණි. අනික් රජයේ සේවකයෝ මේ වගේ හැසිරෙන්නේ නැහැ...

:       0       0

Sampath Tuesday, 12 September 2023 10:24 PM

මේ වගේ ගහෙන් ගෙඩි එන වර්ජන කරන්න... කවුද බලය දුන්නේ... අර ලලිත්, J R 80 කළා වගේ නොකරන එකේ ප්‍රතිඵල... සේවකයින් පඩි ඉල්ලන්නේ ජනතාවට බදුබර වැඩි කරන්න කියන එකමයි... ආණ්ඩුව ගෙදරින් ගේන්නද? මේවා විකුණලා දාන්න රජය සතු ආයතන 5ක් 6කට වඩා තියාගෙන වැඩක් නැහැ...

:       0       0

kkair Wednesday, 13 September 2023 02:00 AM

මාලිමාවට නිවන් සුව ලැබේවා...!

:       0       0

Ruwan Wednesday, 13 September 2023 05:18 AM

කණගාටුදායක පුවතක්. හැබැයි ආණ්ඩුව මේකෙන් හරි ලස්සනට තමන්ට වාසි විදියට පුවත් හදනවා. මිනිස්සු ගැන අනුකම්පාවෙන් නෙමෙයි.. තමන්ගෙ බැරිකමේ හෙළුව වහගන්න. ඒ වගේම මේ මරණය නොසැලකිලිමත්කම නිසා වුණු අනතුරක් බවත් කියන්නම ඕනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 478 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 676 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 403 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 354 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1119 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 207 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40231 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26024 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 287 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1338 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site