IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


දෙමළ ජාතික සන්ධානය කම්පනයට පත්වෙයි

යෝජිත ත්‍රස්ත විරෝධී පනතට සම්බන්ධ ප්‍රතිපත්ති හා නීතී රාමුවක් සඳහා කැබිනට් අනුමැති ලබා දීම පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

ඒ සම්බන්ධයෙන් තමන්ගෙන් කිසිදු විමසීමක් හෝ දැනුම්වත් කිරීමක් කර නොමැති බවද දෙමළ ජාතික සන්ධානය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

ප්‍රජා නිදහස අඩුකරන, රාජ්‍ය ආරක්ෂක යාන්ත්‍රණය තුළ පවතින අධිකරණ පාලනය බිඳී යන හා අපරාධ හා වධ හිංසා සඳහා දැවැන්ත හැකියාවක් ලබාදෙන එම පනතේ යම් යම් කොටස් දැක තමන් කම්පනයට පත් වූ බවද එම සන්ධානය සඳහන් කරයි.

නීත්‍යානූකූල ලෙස ත්‍රස්ත ක්‍රියා වළක්වන හා ඒවාට නීත්‍යානුකූලව දඬුවම් ලබාදෙන නීතීයේ පාලනයට හා මානව හිමිකම්වලට අනූකූල නීතී රාමුවක් සඳහා සහයෝගය දීමට තමන් එකහෙළාම කැප වන බවද එම සන්ධානය කියයි.

තම සන්ධානය මේ වන තෙක් ඒ සඳහා පාර්ලිමේන්තුවේදී කටයුතු කළ බවත් ඒ නිසා ආණ්ඩුවේ මෙම කෙටුම්පතෙන් දැඩි ලෙස කණස්සල්ලට පත් වූ බව එම නිවේදනයේ සඳහන් වෙයි.



අදහස් (13)

දෙමළ ජාතික සන්ධානය කම්පනයට පත්වෙයි

රජින්ද Thursday, 04 May 2017 02:26 PM

එහෙනම් ඔය කම්පනයම තියාගෙන දුක් වෙන්න වැඩ ඉදිරියට සිදු වෙන්න පුළුවන්. මොකද මෙයාල හැමතිස්සෙම කම්පනයට පත් වෙන්නේ ත්‍රස්තවාදය මඩින වෙලාවට මිසක් ඊට කලින් නෙවෙයිනේ. ත්‍රස්තවාදය නැත්නම් මෙයාලගේ පක්ෂ වලට පැවැත්මකුත් නැහැ. රට කාල දාන මිනිස්සු.!

:       246       317

පෙරුමාල්Friday, 05 May 2017 04:20 AM

ත්‍රස්තවාදයට අදාල පනතක් සම්මත කර ගන්න කොට ත්‍රස්තවාදින්ගෙ අදහස් විමසීමකුත් කරන්න ඕන කියලනෙ එතුමල කියන්නෙ. සාධාරණයි වගේනෙ?

:       1       10

NIhal Thursday, 04 May 2017 03:33 PM

මෙයාලගේ ඉදිරි වැඩකටුතුවලට මේ පනතින් වෙන හානිය දැක්කම ඇගේ මයිලුත් කෙලින් වෙන්න ඇති.

:       81       44

theshan Thursday, 04 May 2017 03:49 PM

මෙන්න මෙයා බය වෙලා. හිතගෙන ඉන්න ඇති මේ ආණ්ඩුව ආවම මේගොල්ලන්ගේ දේවල් ලබෙයි කියලා.

:       167       109

peduru Thursday, 04 May 2017 05:51 PM

අනේ මගේ කට

:       89       41

de silva berlin Thursday, 04 May 2017 08:18 PM

මම දන්නා විදියට මෙම පනතින් කෙරෙන්නේ ඉදිරියට ඇති වියහැකි ත්‍රස්තවධය මර්ධනය කිරීම මිසක් දෙමළ සන්ධානය හෝ දෙමල ජාතිය මර්ධනය කිරීමක් නොවේ. එමනිසා කම්පනයට පත්වෙන්න ඕනේ ත්‍රස්ත්වාදීන් මිසක් සාමාන්‍ය ජනතාව හෝ ද්‍රවිඩ දේශපාලකයන් නොවේ. පසුගිය කාලේ මෙවැනි ත්‍රස්තවධි මර්ධන පනත් බටහිර රටවල්, ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව යන රටවලත් සම්මත කර ගනු ලැබුවා. මේවා ලෝකෙට අලුත් දේවල් නොවේ . ත්‍රස්තවාදය ලෝකය බූවල්ලෙකු ලෙස වෙලාගෙන ඇත. දැන් ලෝකයේ රටවල් බොහොමයක් තමන් අතර තිබෙන භේද අමතක කර දමා ත්‍රස්තවාදයට විරුද්ධව සටන් කිරීමට එකතු වෙමින් සිටිති.

:       0       1

sarath Thursday, 04 May 2017 08:32 PM

මෙයාල ඇයි ත්‍රස්ත පනතට බය? මෙයාල ත්‍රස්තවාදියෝද? තියෙන පනත අයින් කරලා අලුත් පනතක් ගෙනාවේ... මෙයාල එහෙ ගිහින් කියපු කතන්දර වලට කරපු යුරෝපා බලපෑමට. මෙයාලා ත්‍රස්තයින්ට ආදරෙයිනේ කොහොමත්....

:       0       1

de silva Thursday, 04 May 2017 09:12 PM

අර සුමන්තිරන් මන්ත්‍රීවරයාට තියන්න ගිය ක්ලේමෝ බෝම්බය පත්තු වුණා නම් කම්පනය හොඳ වේවිද?

:       0       1

de silva berlin Thursday, 04 May 2017 09:16 PM

අද යුරෝපයේ නගරවල පුරවැසියන්ට සහ සංචාරකයන්ට සපයල තිබෙන ආරක්ෂාව දැක්කම හිතෙනවා ලංකාවේ අපි මොකක්ද මේ කරන්නේ කියලා? එම රටවල හමුදාව තම ප්‍රදේශයෙන් ඉවත් කරන්න කියල උද්ඝෝෂණය කළොත් කනට දෙකක් දීල හිරේදමාවි !!!

:       0       2

abaran Friday, 05 May 2017 04:21 AM

ත්‍රස්තයින්ට මේ ලෝකයේ දඬුවම් දෙන හැටි මේ ගොල්ලෝ දැකල නැති නිසා මේ සන්ධානයේ අය පලස්තීනේටයි ඇෆ්ගනිස්තානේටයි තුවක්කු දීල අරින්ට ඕනෑ ....

:       0       4

kulatilake Friday, 05 May 2017 04:25 AM

ත්‍රස්තවාදය වලක්වන නීති ගැන එකගත්වයට කාගෙවත් අවසරයක් අවශ්‍ය නැහැ ....රටේ ආරක්ෂාව සදහා ගන්න පියවරවල්..

:       0       2

Ranjith Dias Friday, 05 May 2017 05:25 AM

කවදාහරි අනාගතේදී මුස්ලිම් ත්‍රස්ත වාදයටත් ඔය පනත අදාල වෙනවා?

:       0       2

de silva berlin Friday, 05 May 2017 10:15 AM

එක පාරටම කම්පනයට පත්වුනේ මොකද? මේ පනතට විරුද්ධ නොවුණොත් විනාශ කරනවා කියලා ඩයස්පෝරාවෙන් කෝල් එකක්වත් ආවද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 369 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 87 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 226 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 282 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 352 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 643 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 404 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 914 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site