දෙමළ ජාතික සන්ධානයට (ටී.එන්.ඒ.) විරුද්ධ පෙරමුණක් පිහිටුවීම සඳහා උතුරේ ද්‍රවිඩ නායකයන් කිහිපදෙනෙකු එකතු වී ඇතැයි ආරංචි මාර්ග කියයි.
ඊපීඩීපී පක්ෂ නායක ඩග්ලස් දේවානන්ද, ද්‍රවිඩ එක්සත් පෙරමුණේ නායක ආනන්ද සංගරී ඇතුළු ද්‍රවිඩ නායකයන් කිහිප දෙනකුගේ එකතුවෙන් මෙම සංවිධානය පිහිටුවීමට අවශ්‍ය මූලික සාකච්ඡා මේවනවිට පවත්වා ඇති බවද වාර්තාවේ.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් මෙම නව පෙරමුණ පිහිටුවන අතර, දෙමළ ජාතික සන්ධානය පරාජය කර උතුරු සහ නැගෙනහිර පළාත් පාලන ආයතනවල බලය ලබාගැනීම සඳහා මෙම සංවිධානය පිහිටුවීමට සාකච්ඡා කර තිබේ.
උතුරු නැගෙනහිර ජනතාව විකල්ප ද්‍රවිඩ නායකයන් පිළිබඳ බලාපොරොත්තුවක් තබා ඇති බවත්, ද්‍රවිඩ ජනතාව බලාපොරොත්තු වූ විකල්ප නායකත්වය ලෙස මෙම පෙරමුණ පෙනී සිටීමට සූදානම් බවත් සඳහන් වේ.
දෙමළ ජාතික සන්ධානය නව ව්‍යවස්ථාවක් ගෙනඒම සම්බන්ධයෙන් සිය එකඟතාව පළකර ඇති අතර, නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ අදහසට වෙනස් අදහසක් ඉදිරිපත් කිරීමටද නව පෙරමුණේ පක්ෂ නායකයන් අතර සාකච්ඡාවක් සිදුව ඇති බව වාර්තා වේ.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දෙමළ ජාතික සන්ධානයට එරෙහිව අලුත් සන්ධානයක්
Perakum Wednesday, 11 October 2017 02:06 PM
මොන නමින් ආවත් අන්තවාදී ජාතිවාදී අරමුණු වෙනස් නොවනු ඇත.
sathyayaa Thursday, 12 October 2017 01:32 AM
මොවුන් ජාතිවාදී වීමෙන් වළක්වා ගත හැක්කේත් සිංහලයාටමයි.
wickrama Thursday, 12 October 2017 08:59 AM
මොනව් උනත් ඉල්ලන්නේ රටේ කොටසකි. රටේ කොටසක් නැතිව මුස්ලිම් ජනතාව ජාතික පක්ෂ හරහා හොදින් නියෝජනය වෙති.