IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


දෙමළ තරුණයෝ 44 ක් පොලිස් සේවයට

වසරක පුහුණුව සාර්ථකව නිම කළ  පොලිස් නිලධාරින් 369 දෙනකුගේ විසිර යෑමේ  උළෙල කථානායක චමල් රාජපක්ෂ  මහතාගේ  ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. මෙම පොලිස් නිලධාරීන්  අතුරෙන් 44 ක් උතුරු හා නැගෙනහිර  ප්‍රදේශවලින්  සේවයට එක් වු  දමිළ  ජාතික තරුණයින් වීම විශේෂත්වයකි.

එහිදී චමල් රාජපක්ෂ මහතා පොලිස් ආචාර පෙළපාළිය පිළි ගත්තේය.

පොලිස්පති එන් කේ ඉලංගකෝන්  හා පුහුණු කටයුතු බාර් නියෝජ්‍ය පොලිස්පති එම්.ආර් ලතීෆ් යන මහත්වරු ඊට සහය වුහ.



අදහස් (0)

දෙමළ තරුණයෝ 44 ක් පොලිස් සේවයට

වාකිෂ්ට Monday, 24 June 2013 11:47 PM

රවිනාත් එල කිරි. කිරි හොදයි පැනි තිබුනා නම්.(නදී)

:       0       0

සංජීව Monday, 24 June 2013 11:59 PM

මේකේ ප්‍රතිචාර දාන සමහර අයට කෙල්ලෙක් පෙනෙන්න බැහැ, වෙන දේවල් හිතෙන්නේ. (නි)

:       0       0

හුසේන් Tuesday, 25 June 2013 12:50 AM

ඉතාමත් හොඳ තීරණයක්.කවුරු කළත් රටට ආදරයක්, සුභවාදී ඉදිරි දැක්මක් ඇති කෙනෙක්ගේ වැඩක්. අපි දන්නවා සුළු ජාතී හුඟක් උගතුන් බුද්ධිමතුන් රට හැර ගියා. සුදුස්සාට සුදුසු තැන දුන්නේ නැහැ.ඒ අයගෙන් රටට, රටේ දියුණුවට ගන්න පුළුවන් සේවාව ගැන හිතන්නේ නැතුව ජාතිවාදී වෙලා ඔවුන් රට හැර යන තැනට පත්කළා. දැන්වත් සිංහල, දෙමල, මුස්ලිම් කියන්නේ නැතුව " අපි ලාංකිකයෝ " කියලා, ආකල්පමය වෙනසකට යමු. දියුණුවට එකම මාවතත් ඒකමයි. ජාතිවාදීන් ඕවට කොහොමත් ඉඩ තියන්නේ නැහැ. මොකද හිඟන්නාගේ තුවාලේ වගේ ඔවුන්ගේ බඩ පිරෙන්නෙත් ජාතිවාදයෙන් රට ඇවිස්සුවොත් විතරයි. (නි)

:       0       0

කුමාරිහාමි Tuesday, 25 June 2013 02:19 PM

බුද්ධි අංශ වල දෙමළ නිළධාරියෝ ගොඩක් ලොකු සේවයක් රටට කළා. මෙයාලා සිංහල තරුණියන් සමග යාළු වුනොත් විරුද්ධ වෙන්න එපා. ජාතීන් අතර සහජීවනය ඇතිවීමට හොදම ක්‍රමය එවන් විවාහ සිදුවීමයි (නි)

:       0       0

ආනන්ද ආර් Tuesday, 25 June 2013 11:24 AM

ගාමිණී-සිරි, මොනවද මේ මායිම් ගම්මාන කියන්නේ?(නදී)

:       0       0

ඉන්දික - බහරේන් සිට Monday, 24 June 2013 05:58 PM

මේවා ලන්ඩන් වලටත් දැන ගන්න විදියක් හදන්න. දෙමල ඩයස්පෝරාවට මානව හිමිකම් කතා කරන සුදු මහත් වරුට දැනගන්න සලස්වන්න බැරිද?(නදී)

:       0       0

ගාමිණී-සිරි Monday, 24 June 2013 06:09 PM

රටේ ආරක්ෂක හමුදාවන්ට බඳවා ගැනීමේදී දෙමල භාෂාව ඉගෙනගත් උදවිය හෝ උගන්වලා උතුරු නැගෙනහිර මායිම් ගම්මාන වලින් උගතුන් තෝරා ගත්තා නම් අගෙයි. දැක්කනේ කොටි පොලිසීයේ පොලිස් පතිත් රාජකාරි කරලා තියෙන්නෙත් අපේම පොලීසියේ බව.(නදී)

:       0       0

නිල්මිණී Monday, 24 June 2013 06:23 PM

හොද වැඩක්. නමුත් මෙයාලා හරි මග නොගියොත්?(නදී)

:       0       0

රන්ජනී ලන්ඩන් Tuesday, 25 June 2013 04:37 AM

සිංහල භාෂාව නොදන්නා දෙමළ අයට හොදයි. ඒත් ඉතින් සිංහල අයට අවාසියක් වේවිද? (නි)

:       0       0

පිටබෙද්දර ජයා Tuesday, 25 June 2013 04:38 AM

දෙමළ නෙමෙයි කවුරු වුනත් ඔය කාකි සුට් එක දාගත්තම කරන්න වෙන්නේ දේශපාක්යන්ට යටත්වෙන එකනේ. කොන්ද කෙලින් තියාගෙන රාජකාරිය කරන්න පුලුවන් නම්, මේ එක්කෙනෙකුට හෝ එය ඉතාම අගය කරනවා (නි)

:       0       0

උපාලි Tuesday, 25 June 2013 04:44 AM

අගෙයි. රවිනාත්ගේ අදහස් දෙකම හරි අපුරුයි. (නි)

:       0       0

රේණුකා Tuesday, 25 June 2013 04:50 AM

මෙම නිලදාරිනියන්ට කලිසමක් වගේ නිල ඇදුමක් දුන්නොත් හොඳයි. (නි)

:       0       0

ඇන්ටන් Monday, 24 June 2013 06:39 PM

තරුණයෝ නෙමෙයි .....තරුණියෝ නේද ඉන්නේ..අනේ මන් දන්නේ නැහැ මගේ ඇස පේනවද කියල ..(අ)............

:       0       0

දිස්නා Tuesday, 25 June 2013 06:03 AM

හොදට පුහුණුව දීලා බඳවා ගන්න.... (නි)

:       0       0

ලුම්බිණි Tuesday, 25 June 2013 06:07 AM

පොලිස් නිලධාරින්ගේ විසිර යෑමේ උළෙලට මොකද කථානායකතුමා එන්නේ?(නදී)

:       0       0

සමන් රොහාන් රණසිංහ Tuesday, 25 June 2013 06:48 AM

දැන් දෙමල පොලිසියකුත් හදාගන්නද මේ ලැහැස්තිය? (නි)

:       0       0

සමන් රොහාන් රණසිංහ, Tuesday, 25 June 2013 07:01 AM

සිංහල පොලිසිය මරලා දැන් දෙමල පොලිසියක් හදාගන්න වගේ ලැහැස්තිය. ඉන්දියාවේ අගමැති මන්මෝසින් වගේ බයට, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතත් දැන් මේ අය කියන කියන එක කරන්නද හදන්නේ.(නදී)

:       0       0

ජනක Tuesday, 25 June 2013 08:10 AM

තමන්ට ලොකු පට්ටම් ගන්න දෙමල ජනතාව පොලිසියට බඳවාගෙන පස්සේ ගැරඩි රෙද්ද අස්සේ දාගෙන කනෝ කනෝ කියන්න එපා චමිල් හරිද?(නදී)

:       0       0

රානා Tuesday, 25 June 2013 08:38 AM

හුසේන්,රවිනාත් හරි. ඉතා හොඳ වැඩක්. ඉතාමත් හොඳ තීරණයක්.(නදී)

:       0       0

රන්ගශනී Monday, 24 June 2013 09:13 PM

ඕනවට වැඩිය ඕනෑම නැ.හොද වැඩක් නමුත් පරිස්සමින් කරන්න ඕන දෙයක් .(නදී)

:       0       0

පොඩි බණ්ඩා Tuesday, 25 June 2013 09:46 AM

අපි දැන් කරන්න ඕනෙත් ජාතිවාදය පැත්තකට දාලා සියලු දෙනාම එකමුතුව වැඩ කරන එක. ඒකට විරුද්දවෙන මෝඩයොත් ඉන්නවනේ ඉතින් අතරින් පතර.(නදී)

:       0       0

කුමුදු Tuesday, 25 June 2013 09:56 AM

ඉල්ලගෙන කෑම.(නදී)

:       0       0

තිසල් Tuesday, 25 June 2013 01:37 PM

අල්කයිඩා,තලේබාන් කාරයෝ රජයේ හමුදාවට එකතුවෙලා ටික කලකින් හමුදාවටම පහරදෙනවා වගේ නුසුදුස්සන්ට හමුදා,පොලිසියට රිංගන්නට නොහැකි වන ලෙස පරිස්සමින් තෝරා බේරා ගන්න. (නි)

:       0       0

ෂපීක් Tuesday, 25 June 2013 10:01 AM

පොඩි බණ්ඩා ඔබ හරි.(නදී)

:       0       0

රූපා Tuesday, 25 June 2013 01:40 PM

අපේ මායිම මහ සාගරයයි. (නි)

:       0       0

රවිනාත් Monday, 24 June 2013 10:39 PM

ඉතා හොඳ වැඩක්. ඕනෑම පුද්ගලයෙකුට තමුන්ගේ බස තේරෙන නිලදරියෙකුගේ සේවය ලබා ගැනීමේ අයිතියක් තියෙනවා. සෑම පොලිස් ස්ථානයකය්ටම අනුයුක්ත එක නිලදරුවෙක් අනුයුක්ත කරන්න. තේ කෝප්පයේ කිඹුල්ලු හොයන්න එපා නිල්මිණි. (නදී)

:       0       0

රවිනාත් Monday, 24 June 2013 10:41 PM

ඉස්සරහ පේලියේ දකුණේ සිට තුන්වෙනියට ඉන්න කෙනා කොහොමද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 390 0

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 464 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 142 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 1428 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1082 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 423 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37843 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24946 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 229 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 747 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 268 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site