IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


දඹදිව වන්දනා සංවිධායක බේරුණු හැටි කියයි

ඉන්දියාවේ බිහාර ප්‍රාන්තයේ කේසාරිය ස්ථූපය බලන්නට යද්දී බසය ගිනි ගැනීමෙන් ගමන් සංවිධායක බදුල්ලේ ආර් එම් සෝමරත්න බරපතල පිළිස්සුම් තුවාල ලබා ජීවිතය බේරා ගත්තේය.

බසයේ සිටි බදුල්ලේ වන්දනාකරුවන් 16 දෙනාම කේසාරිය ස්ථූපය වදින්නට ගිය නිසා බේරුණු බව ඔහු කියයි. ලොව ලොකුම ස්ථූපය කේසාරිය ලෙසත්, එය ඉන්දියාවේ පුදුම හතෙන් එකක් ලෙසත් සැළකේ. සැවැත්නුවර සිට කිලෝමීටර් 55ක් දුරින් පිහිටියේය. බුදුන් එහිදී කාලාම ගෘහ පත්‍රයනට කාලාම සූත්‍රය දේශනා කළ බව ඉතිහා‍සයේ දැක්වේ.  අඩි 104ක් උසැති කේසරිය ස්ථූපය ඉන්දුනීසියාවේ බොරෝ බුදුර් ස්තූපයට වඩා උසයැයි පුරා විද්‍යාඥයෝ කියති.

මෙම සිද්ධියේදී ඉන්දියා පොලීසිය, රෝහල් වෛද්‍යවරුන්, ශ්‍රී ලංකාවේ මහා සංඝරත්නය හා ශ්‍රී ලංකාවෙන් ගිය වන්දනාකරුවන්  දැක්වූ ඇප උපකාර, ලෙන්ගතුකම හා සිදුකළ පරිත්‍යාග නිසා අනතුරෙන් සිදුවූ වේදනාව පවා මග හැරී ගිය බව සෝමරත්න මහතා පවසයි.

‘ඉන්දියා වෛද්‍යවරුන් පුදුම විදියට උදව් කළා. හෙදියනුත් එහෙමයි. අඟහරුවාදා වනතුරු මගේ ඇස් දෙක අරින්න බැරිවයි හිටියේ. නමුත් අද ඇස් අරින්න පුළුවන්. 23 වැනිදායින් පසුව ඇස් ඇරියේ අදයි. රෝහලේ දවස් දෙකක් ගත කළා. තුවාල වුණේ මට පමණයි. ඉන්පසු වෛද්‍යවරුන් මා රෝහලේම වෙනත් ස්ථානයකට යවා වෙද හෙදකම් ඉස්තරම් ලෙස සිදු කළා. ඔවුන්ට මා ණයගැතියි මගේ ජීවිතය බේරා ගත්තාට. ‘ මාධ්‍යවේදියකු ද වන සෝමරත්න මහතා දුරකථනයෙන් එසේ කීවේ බරණැස සිටය.

ඔහුගේ හිසම වෙළුම් පටිවලින් ඔතා ඇත.

ඔහුගේ උත්සාහය නවදිල්ලියට ගොස් ගමන් බලපත්‍රයද යළි ලබා ගෙන වන්දනා කරුවන් වෙනුවෙන් ගමනේ ඉතිරි ටික සම්පූර්ණ කිරීමයි.

හිස, අත්, පා පිළිස්සී බිහාර් රෝහලක ප්‍රතිකාර ලැබූ සෝමරත්න මහතා බරණැස මහාබෝධි සමාගමේ සිට අද ‘එසැණ‘ට පැවසූයේ ශ්‍රී ලංකාවට ආපසු ඒම සඳහා ගමන් බලපත් හදා ගැනීම ඊළඟ ප්‍රශ්නය බවයි.

බසයේ සිටි සහායකයකු වතුර උණුකරන්නට ගොස් මේ සිද්ධිය වූ බවත්, දුම මැද්දෙන් බසයට පැන ලියැවිලි , මුදල් හා ගමන් බලපත්‍ර අඩංගු බෑගය ගැනීමට යද්දී ගින්නට අසුවූ බවත්, සියලු දෙනාගේම ඇඳිවත හා ජීවිත පමණක් ඉතුරු වූ බව ඔහු කියයි.

‘ගමන් බලපත් හා මුදල් තිබූ බෑගය වෙනුවට මා ඇදගන ආවේ කුළු බඩු පැකට් දමා තිබූ බෑගයයි.‘

රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා ඇමෙරිකා ඩොලර් හා ඉන්දියා රුපියල් පිළිස්සී ගිය බවත්, බසයට ද ඉතා විශාල හානියක් වූ බවත් ඔහු කියයි.

‘ඉන්දියා රුපියල් විසි දහසක් පමණ දුන්නා. හැම වන්දනාකරුවකුටම රුපියල් දාහක් ලැබුණා. සෙසු වන්දනාකරුවන්ගෙන් හා ඉන්දියා රෝහලෙන් ඇඳුම් පැළඳුම් ආදිය ලැබුණා.

ගමන් බලපත්‍ර ලබා ගැනීමට නවදිල්ලි නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශයේ කපිල ෆොන්සේකා මහතා ඇතුළු පිරිස උදව් කළා.

සඳුදා දිල්ලියට ගොස් ඒ කටයුතු කරගන්නවා. ‘

 



අදහස් (0)

දඹදිව වන්දනා සංවිධායක බේරුණු හැටි කියයි

චින්තන Wednesday, 27 March 2013 02:32 PM

වන්දනාකරුවෝ අතරමං කරපු සංවිධායකයෝ සමග බැලුවහම ඒ මහතා කොතරම් අගනේද? (නි)

:       0       0

අනූ Wednesday, 27 March 2013 02:59 PM

ඒත් බුද්ධිමත්ව කටයුතු කල මාධ්‍යවේදියා නිසා ජීවිත හානියක් නොවී සියළු දෙනාම බේරුණා (ස)

:       0       0

සිරානි Wednesday, 27 March 2013 03:14 PM

බොරොබුදුර් ඉන්දියාවට ගෙනල්ලාද? එහෙනම් මාත් යන්න ඕනෑ බලන්න. (නි)

:       0       0

අනුරාධා Wednesday, 27 March 2013 03:19 PM

මේ වගේ ගමන් යනකොට ප්‍රවේශමෙන් යන්න ඕනේ (දී)

:       0       0

ගිහාන් Wednesday, 27 March 2013 03:51 PM

තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම (දී)

:       0       0

අනුරාධා Wednesday, 27 March 2013 04:05 PM

මේ වගේ ගමන් බිමන් යනකොට පරිස්සමෙන් සිහි කල්පනාවෙන් යන්න ඕනේ (දී)

:       0       0

සුජා Wednesday, 27 March 2013 11:53 PM

ඉන්දියාවටද වන්දනාකරුවන්ටද අපල? (නි)

:       0       0

ගාමිණි Wednesday, 27 March 2013 04:39 PM

99තමයි බේරිලා තියෙන්නේ (දී)

:       0       0

වරුණ Wednesday, 27 March 2013 11:32 AM

දභදිව වන්දනා ගමන් සදහා ඉන්දියාව තුළදී ලබාගන්නා ප්‍රවාහන පහසුකම් ගැන අවදානය නැවත යොමුකරන්න වෙයි වගේ.(නදී)

:       0       0

ඉන්දික සුබාෂ් Wednesday, 27 March 2013 05:15 PM

මේක අහවලාගේ වැඩක් වෙන්න පුළුවන් (නි)

:       0       0

අපොන්සු Wednesday, 27 March 2013 11:54 AM

රක්ෂණයක් නැතිව අන්තර්ජාතික ගමන් යන්නේ මෝඩයෝයි. නිසි පරිපාලනයක් තියෙනරටකනම් රජයෙන් නීතියක් දාන්නට තිබුණා , කණ්ඩායම් සංචරයින්ට රක්ෂණයක් ගත යුතුයි කියලා, නමුත් ඉතින් මේක ලංකාවනේ . (ස)

:       0       0

ෂාන් Wednesday, 27 March 2013 05:17 PM

දැන් ඉන්දියාවට යන වන්දනාකරුවන්ට අපලයි වගේ. (නි)

:       0       0

අනු Wednesday, 27 March 2013 12:22 PM

බස් එක ඇතුළේ වතුර රත් කරනවද? (නි)

:       0       0

මහින්ද Wednesday, 27 March 2013 12:26 PM

සල්ලි වලට කෑදරකමට ගිනිගන්න බස් එකට පැනලා හරියනවද? (නි)

:       0       0

පෙරේරා Wednesday, 27 March 2013 12:28 PM

කියන්න බලන්න එහෙනම්. දැන් ඔය දඹදිව වදින්න සිය පාරක් හරි ගිය කෙනෙකුට නිවන සම්පූර්ණ කරගන්න පුළුවන් වෙලා තියෙනවද? (නි)

:       0       0

සමරසිංහ Wednesday, 27 March 2013 12:55 PM

ඉන්දියානු වෛද්‍යවරුන්ට ස්තුතියි.(නදී)

:       0       0

ඉෂාන් Wednesday, 27 March 2013 01:44 PM

ඇයි මේ ස්ථූපයට මෙච්චර වදින්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 783 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 453 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 341 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 603 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 398 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1094 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38668 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site