ඉන්දියාවේ බිහාර ප්‍රාන්තයේ කේසාරිය ස්ථූපය බලන්නට යද්දී බසය ගිනි ගැනීමෙන් ගමන් සංවිධායක බදුල්ලේ ආර් එම් සෝමරත්න බරපතල පිළිස්සුම් තුවාල ලබා ජීවිතය බේරා ගත්තේය.
බසයේ සිටි බදුල්ලේ වන්දනාකරුවන් 16 දෙනාම කේසාරිය ස්ථූපය වදින්නට ගිය නිසා බේරුණු බව ඔහු කියයි. ලොව ලොකුම ස්ථූපය කේසාරිය ලෙසත්, එය ඉන්දියාවේ පුදුම හතෙන් එකක් ලෙසත් සැළකේ. සැවැත්නුවර සිට කිලෝමීටර් 55ක් දුරින් පිහිටියේය. බුදුන් එහිදී කාලාම ගෘහ පත්‍රයනට කාලාම සූත්‍රය දේශනා කළ බව ඉතිහාසයේ දැක්වේ. අඩි 104ක් උසැති කේසරිය ස්ථූපය ඉන්දුනීසියාවේ බොරෝ බුදුර් ස්තූපයට වඩා උසයැයි පුරා විද්‍යාඥයෝ කියති.
මෙම සිද්ධියේදී ඉන්දියා පොලීසිය, රෝහල් වෛද්‍යවරුන්, ශ්‍රී ලංකාවේ මහා සංඝරත්නය හා ශ්‍රී ලංකාවෙන් ගිය වන්දනාකරුවන් දැක්වූ ඇප උපකාර, ලෙන්ගතුකම හා සිදුකළ පරිත්‍යාග නිසා අනතුරෙන් සිදුවූ වේදනාව පවා මග හැරී ගිය බව සෝමරත්න මහතා පවසයි.
‘ඉන්දියා වෛද්‍යවරුන් පුදුම විදියට උදව් කළා. හෙදියනුත් එහෙමයි. අඟහරුවාදා වනතුරු මගේ ඇස් දෙක අරින්න බැරිවයි හිටියේ. නමුත් අද ඇස් අරින්න පුළුවන්. 23 වැනිදායින් පසුව ඇස් ඇරියේ අදයි. රෝහලේ දවස් දෙකක් ගත කළා. තුවාල වුණේ මට පමණයි. ඉන්පසු වෛද්‍යවරුන් මා රෝහලේම වෙනත් ස්ථානයකට යවා වෙද හෙදකම් ඉස්තරම් ලෙස සිදු කළා. ඔවුන්ට මා ණයගැතියි මගේ ජීවිතය බේරා ගත්තාට. ‘ මාධ්‍යවේදියකු ද වන සෝමරත්න මහතා දුරකථනයෙන් එසේ කීවේ බරණැස සිටය.
ඔහුගේ හිසම වෙළුම් පටිවලින් ඔතා ඇත.
ඔහුගේ උත්සාහය නවදිල්ලියට ගොස් ගමන් බලපත්‍රයද යළි ලබා ගෙන වන්දනා කරුවන් වෙනුවෙන් ගමනේ ඉතිරි ටික සම්පූර්ණ කිරීමයි.
හිස, අත්, පා පිළිස්සී බිහාර් රෝහලක ප්‍රතිකාර ලැබූ සෝමරත්න මහතා බරණැස මහාබෝධි සමාගමේ සිට අද ‘එසැණ‘ට පැවසූයේ ශ්‍රී ලංකාවට ආපසු ඒම සඳහා ගමන් බලපත් හදා ගැනීම ඊළඟ ප්‍රශ්නය බවයි.
බසයේ සිටි සහායකයකු වතුර උණුකරන්නට ගොස් මේ සිද්ධිය වූ බවත්, දුම මැද්දෙන් බසයට පැන ලියැවිලි , මුදල් හා ගමන් බලපත්‍ර අඩංගු බෑගය ගැනීමට යද්දී ගින්නට අසුවූ බවත්, සියලු දෙනාගේම ඇඳිවත හා ජීවිත පමණක් ඉතුරු වූ බව ඔහු කියයි.
‘ගමන් බලපත් හා මුදල් තිබූ බෑගය වෙනුවට මා ඇදගන ආවේ කුළු බඩු පැකට් දමා තිබූ බෑගයයි.‘
රුපියල් ලක්ෂ හතක් පමණ වටිනා ඇමෙරිකා ඩොලර් හා ඉන්දියා රුපියල් පිළිස්සී ගිය බවත්, බසයට ද ඉතා විශාල හානියක් වූ බවත් ඔහු කියයි.
‘ඉන්දියා රුපියල් විසි දහසක් පමණ දුන්නා. හැම වන්දනාකරුවකුටම රුපියල් දාහක් ලැබුණා. සෙසු වන්දනාකරුවන්ගෙන් හා ඉන්දියා රෝහලෙන් ඇඳුම් පැළඳුම් ආදිය ලැබුණා.
ගමන් බලපත්‍ර ලබා ගැනීමට නවදිල්ලි නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශයේ කපිල ෆොන්සේකා මහතා ඇතුළු පිරිස උදව් කළා.
සඳුදා දිල්ලියට ගොස් ඒ කටයුතු කරගන්නවා. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒත් බුද්ධිමත්ව කටයුතු කල මාධ්‍යවේදියා නිසා ජීවිත හානියක් නොවී සියළු දෙනාම බේරුණා (ස)
ඉන්දියාවටද වන්දනාකරුවන්ටද අපල? (නි)
දැන් ඉන්දියාවට යන වන්දනාකරුවන්ට අපලයි වගේ. (නි)
මේක අහවලාගේ වැඩක් වෙන්න පුළුවන් (නි)
99තමයි බේරිලා තියෙන්නේ (දී)
මේ වගේ ගමන් බිමන් යනකොට පරිස්සමෙන් සිහි කල්පනාවෙන් යන්න ඕනේ (දී)
තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම (දී)
මේ වගේ ගමන් යනකොට ප්‍රවේශමෙන් යන්න ඕනේ (දී)
බොරොබුදුර් ඉන්දියාවට ගෙනල්ලාද? එහෙනම් මාත් යන්න ඕනෑ බලන්න. (නි)
දභදිව වන්දනා ගමන් සදහා ඉන්දියාව තුළදී ලබාගන්නා ප්‍රවාහන පහසුකම් ගැන අවදානය නැවත යොමුකරන්න වෙයි වගේ.(නදී)
වන්දනාකරුවෝ අතරමං කරපු සංවිධායකයෝ සමග බැලුවහම ඒ මහතා කොතරම් අගනේද? (නි)
ඇයි මේ ස්ථූපයට මෙච්චර වදින්නේ? (නි)
ඉන්දියානු වෛද්‍යවරුන්ට ස්තුතියි.(නදී)
කියන්න බලන්න එහෙනම්. දැන් ඔය දඹදිව වදින්න සිය පාරක් හරි ගිය කෙනෙකුට නිවන සම්පූර්ණ කරගන්න පුළුවන් වෙලා තියෙනවද? (නි)
සල්ලි වලට කෑදරකමට ගිනිගන්න බස් එකට පැනලා හරියනවද? (නි)
බස් එක ඇතුළේ වතුර රත් කරනවද? (නි)
රක්ෂණයක් නැතිව අන්තර්ජාතික ගමන් යන්නේ මෝඩයෝයි. නිසි පරිපාලනයක් තියෙනරටකනම් රජයෙන් නීතියක් දාන්නට තිබුණා , කණ්ඩායම් සංචරයින්ට රක්ෂණයක් ගත යුතුයි කියලා, නමුත් ඉතින් මේක ලංකාවනේ . (ස)