ඉනාමළුවේ ශ්‍රී සුමංගල සියම් මහා නිකායේ රංගිරි දඹුලු විහාර පාර්ශ්වයේ මහා නායක හිමියන්ගේ පැවිදි දිවියට පවස් වසරක් පිරීම සහ විහාරාධිපති ධුරයට පත් වී තිස් පස් වසරක් පිරීම නිමිත්තෙන් ගැබිණි මව්වරුන් 100ක් වෙත සෙත් පිරිත් දේශනා කැර පිරිත් නූල් බැඳ දරු ප්‍රසූතියේ දී අවැසි වන සියලු භාණ්ඩ ඇතුළත් කට්ටල පරිත්‍යාග කිරීම හා ‘ගැබ් පෙලහර‘ දිවා ආහාරය ලබා දීම අද සිදු විය.
සුමංගල මහා නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය දඹුලු උයන්වත්ත විහාරස්ථානයට වැඩම කැර ගැබිණි මව්වරුන්ට පිරිත් දේශනා කර මව් පදවියේ ඇති ගුණය පැහැදිලි කැර දුන්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආනන්ද හිමියන් බුදුරජානන් වහන්සේගෙන් අවසන් මොහොතේ අහනවා කාන්තාවන් අරභයා හැසිරිය යුත්තේ කෙසේද කියා. මේ කිසිම භික්ශූවකට ඒක මතක නැහැ වගේ. (ස)
ඔබ වහන්සේට දිගාසිරි වේවා! (නි)
වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ඉතා හොඳ හිමිනමක් (නි)
ඔබ වහන්සේට දීර්ඝායු හාමුදුරුවනේ! (නි)
උතුම් මෙහෙවරකි. බුදු පුතණුවනේ, ඔබ වහන්සේට "සම්මා සම්බුදු සරණයි" ! (නි)
ගොඩාක් ලොකු පුණ්‍ය කර්මයක් (දී)
අද ලංකාදීප පුවත් බලල තුන්වෙනි වතාවටත් 'සාදු' කිව්වා. මේ මොනතරම් උදාර කටයුත්තක්ද! ඔබ වහන්සේට දිගාසිරි පතමි!(දී)
ඔබ තුමන්ට දීර්ඝායු (දී)