පොළොන්නරුව දිඹුලාගල සහ වැලිකන්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස වල ක්‍රියාත්මක පානිය ජල ව්‍යාපෘති රැසක ආසනික් හා කැඩ්මියම් අඩංගු බව පරීක්ෂණයකින් හෙළිවී තිබේ.
වාරි මාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යංශයේ ජල සම්පාදන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ රසායනඥ ඩී වී කේ විජේකෝන් මහතා විසින් එම පරීක්ෂණ වාර්තාව වැලිකන්ද දිඹුලාගල ගම නැඟුම ක්ෂේත්‍ර මෙහෙයුම් ඒකකයට භාර දුන්නේය.
ජල සම්පාදන මණ්ඩලයේ රසායන හා ක්ෂුද්‍ර ජීවී විද්‍යා රසායනාගාර මගින් නිකුත් කැර ඇති එම පරීක්ෂණ වාර්තාවට අනුව දිඹුලාගල පිඹුරත්තෑව,නිකවනලන්ද ,ජයපුර,නව මිල්ලාන,සඳුන්පිටිය,නවගහ ඇල,මුතුවැල්ල,වෙහෙරගම,කැකුළුවෙල,ජයමුතුගම,අළුත් ඔය,මලියදේවපුර,යන ප්‍රදේශයන්හි පිහිටා ඇති ජල මුලාශ්‍ර ආසනික් 1.38 සහ උපරිමය 2.56 අතර ප්‍රමාණ අගයක් ද කැඩ්මියම් 0.03 සහ 0.07 අතර අගයක් ද පැවත තිබු බව තහවුරු වී ඇත.
මීට අමතරව මැදිරිගිරිය බිසෝබණ්ඩාරගම,වැලිකන්ද කොට්ඨාශයේ කඩවන මඩුව ,රුහුණු කෙත ,ඇතුගල ,කුඩා පොකුණ හා සිංහපුර ප්‍රදේශවල ඇති පානීය ජල ව්‍යාපෘති වලද ඉහත ප්‍රමාණ අගයන්ගෙන් ආසනික් හා කැඩ්මියම් ඇති බවට එම පර්යේෂණ වාර්තාවෙන් තහවුරු වී ඇතැයි රසායන විද්‍යා පරීක්ෂකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පැතිවල කෘෂි රසායන පාවිච්චිය කොහොමද? ජලයට මේ වගේ දේවල් එකතු වෙන්න පුලුවන් මිනිසාගේ ක්‍රියා නිසා.(නදී)
හොඳ ගොවි පරපුරක් සිටින ඒ පැතිවල මිනිසුන්ගේ ආරක්ෂාවට ඉක්මනින් යමක් කරන්න. (නදී)
මේක කොටි කරපු වැඩක් වෙන්න බැරිද. මට මතකයි ජලාශ වලට වස මුසු කරනවා කියල කතාවක් ගීයා. යුද්දේ තිබ්බ කාලෙ කෘෂි රසායන පාවිච්චිය වෙන්නත් පුළුවන් බොහෝ දුරට.(නදී)
මේ මොනවා කියනවද මන්ද . වහාම පරීක්ෂණ වාර්තාව ඉක්මන් කරන්න(දිල්)
පරීක්ෂණ තියයි වාර්තා ලියයි. මිනිස්සුත් දිගටම වස මුසු ජලය පානය කොට අකාලයේ මිය යති.(නදී)