IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


දිඹුලාගලට කොරේ පිටට මරේ

දිඹුලාගල පවුල් හතලිස් දාහකට අධික පිරිසකට පානීය ජලය සැපයෙන මාදුරුඔය ඉෂඩ්.ඩී ඇළේ මාළු ලක්ෂ ගණනින් මිය යන බව ප්‍රදේශවාසීහු පවසති.ලොකු කුඩා මාළු මෙලෙස මියගොස් ප්‍රධාන ඇළේ සොරොව් වල සිරවී ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් හමන බවද ප්‍රදේශවාසිහු කියති.දිඹුලාගල ජනතාව නියඟයකටද මැදිවී සිටිති.

දිඹූලාගල ප්‍රාදේශිය ලේකම් එස්.ජලදීපන් මහත්මිය පැවසුවේ එම ඇළේ ජල සාම්පල් හතරක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මාර්ගයෙන් පරීක්ෂණයක් සදහා කොළඹට යවා ඇති බවයි.එම ඇළ මාර්ගයේ ජලය පරිහරණයෙන් වැලකී සිටින ලෙසට මහජනතාව දැනුවත් කර ඇති බවද ජලදීපන් මහත්මිය පැවසුවාය.

දිඹුලාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේ නිලධාරිනියක් පැවසුවේ මෙම මසුන් මිය යෑමට හේතුව මෙතෙක් හදුනාගෙන නොමැති බවයි.මාදුරුඔය සහ ඉෂඩ් ඇළ භාර මහවැලි ප්‍රධාන නිලධාරීන් පැවසුවේ මියගිය මාළු ඉවත්කර ඇළ පිරිසිදු කරන බවයි.ඉෂඩ්.ඩී ප්‍රධාන ඇළේ සොරොව් වල යකඩවල මළකඩ ඉවත් කිරීමට යෙදූ රසායනික දියරයක් නිසා මෙම මාළු මිය යන බව ගැමියන්ගේ අදහසයි.

ඇලේ රස්නයත් සමඟ ඔක්සිජන් අඩුවීම මාළු මැරිමට  හේතුවක් යැයි කියති. පොළොන්නරුව කාලගුණ මධ්‍යස්ථානයේ ජේ.එම්.පී.යු ජයසුන්දර  මහතා කියනුයේ පෙරදින (28) සෙල්සියස් අංශක 37.2 වු උෂ්ණත්වය අද (29) පස්වරු 2.30 වන විට  35.4 ලෙස සටහන් විය. වැසි අත ළඟ බවට මේ තත්වය සුබ ලකුණක් බවත් ඔහු කියති. සුමානයක් ඉක්මෙන්නට පෙර  වැසි ලැබෙනු ඇතැයි ගොවියෝ කියති.

DSC03933 DSC03922 DSC03925 DSC03925_876 DSC03931_89



අදහස් (0)

දිඹුලාගලට කොරේ පිටට මරේ

ගුණසිරි Thursday, 29 September 2016 06:19 PM

රූපසිංහ මහත්තයා මේ කියන දේවල් මනුෂ්‍යයෝ පිළිගන්න අකමැතියි , මිනිස්සු කැමති බත් කෑවම බඩ පිරෙනවා වගේ දැනෙන දේ විතරක් පිළිගන්න , නැත්නම් මේ මිනිසුන්ගේ ගුණදහම් පිරිහීම සිදුවෙනකොට සොබාදහම විකෘති ආකාරයට ප්‍රතිචාර දක්වනවා. (ර)

:       0       0

සිරී Thursday, 29 September 2016 08:53 PM

හැම තැනම විපත්. (ර)

:       0       0

බණ්ඩාර - කැකිරාව Saturday, 01 October 2016 05:26 AM

මෙ ගැන ඉක්මනටම විධිමත් පරීක්ෂණ කරන්න. නැත්නම් මේ වතුර භාවිතා කරන මිනිසුන්ට තව ලෙඩක් හැදෙයි.

:       0       0

නාමල් Thursday, 29 September 2016 11:50 AM

ජලයට විෂක් එක් වීමෙන් මෙය වන්නට පුළුවන. (ර)

:       0       0

සුජීව Friday, 30 September 2016 09:06 PM

රට කරන අය කෝ? මේ මොනවද වෙන්නේ? (නි)

:       0       0

රූපසිංහ Thursday, 29 September 2016 02:18 PM

මගේ රටට මෙනවා වෙන්න යනවාද මන්ද. එක කාලයක් පාසල් ළමුන්ගේ අහාර විෂවෙලා ළමුන් දුසිම් ගණනින් රෝහල් ගතවුනා. එක එකදිගටම ආවා දැනට නැහැ. ඊළගට තවකාලයක් ඇගලුම් කම්හල්වල සේවයකළ විශේෂයෙන් අපගේ ගැහැණු තරුණ දරුවෝ කෑම විෂවී රෝහල් ගත වුණා සිය ගණනින්. ඊළගට වකුගඩු අසනීප විස රසායනික ජලයට මිශ්‍ර වෙලා. (බ)

:       0       0

තිවංක Monday, 03 October 2016 05:53 AM

මේක ලෝක අවසානයේ සංකේතයක්.. ලංකාවේ විතරක් නෙමෙයි සත්තු ලක්ෂ ගණන් හේතුවක් නැතිව මේ දවස් වල මැරෙනවා සැප්තැම්බර් 27 , 34,000 කට වඩා කුරුල්ලෝ මැරිලා තියනවා කැමරූන් වල10,000 ක් මාළු තුර්කියේ මැරිලා තියනවා. ඒ හේතුව මොකක්ද කියලා කාටවත් හොයාගන්න තාම බැරිවෙලා. (බ)

:       0       0

නිමල් රණසිංහ Thursday, 29 September 2016 03:19 PM

රූපසිංහ මහතා, මගේ රටට මොකුත් වෙලා නැහැ. බුදුන් තුන් වරක් වැඩිය රටේ පන්සල් බණ ඉවරයක් නැහැ. මේකත් ඒ වගේ දෙයක්. දැන දැනම වතුරට උග්‍ර විෂ මිශ්‍රවෙලා. මේවා කරන අයට මිනිස් ජිවිත සතා සිව්පාවා වැඩක් නැහැ (නි)

:       0       0

ලක්ෂ්මන් Saturday, 01 October 2016 12:45 AM

මේ නියඟයක් අස්සේ ඉතුරුවෙලා තියෙන වතුර ටිකත් දූෂණය කරනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රභා ගනේෂන්ගෙන් නව සන්ධානයක්
2024 ඔක්තෝබර් මස 09 99 0

හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.


ඇමෙරිකාවට ඉන්න ලොකුම සතුරා ඉරානය
2024 ඔක්තෝබර් මස 09 230 0

ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත


වැස්සෙන්-සුළඟෙන් පොළොන්නරුවේ ගම් කිහිපයක නිවාසවලට හානි
2024 ඔක්තෝබර් මස 09 46 0

පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.


හොරෙන් රැඳී සිටි චීන්නු 20ක් මාට්ටු:18 පැන ගිහින්
2024 ඔක්තෝබර් මස 09 336 0

වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.


නෙදන්යාහු ලෙබනන් වැසියන් අමතයි
2024 ඔක්තෝබර් මස 09 920 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.


‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 955 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39538 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25752 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1197 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site