IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දඹුල්ලේ පිරිසක් උපවාසයේ

දඹුල්ල පූජා භූමි සංවර්ධන වැඩසටහන නිසා ඉඩම් හා දේපල අහිමිවූවෝ පිරිසක් සාධාරණ වන්දියක් ඉල්ලා දඹුල්ල කණ්ඩලම හංදියේ අද පෙරවරුවේ  උද්ඝෝෂණයක් ආරම්භ කළහ.

ඔවුන් කියා සිටින්නේ පූජා භූමි සංවර්ධනයට  කැමැත්ත පළ කරන නමුත් අහිමිවන දෙපළවලට සාධාරණ වන්දියක් ලබා දෙන ලෙසයි.

නාගරික සංවර්ධන අධිකාරිය කියනුයේ තමන් වන්දි ලබා දෙන්නේ 1982 වන්දි තක්සේරුවට අනුව බවයි.



අදහස් (0)

දඹුල්ලේ පිරිසක් උපවාසයේ

ටිකිරි බණ්ඩාර Sunday, 11 August 2013 10:47 AM

අනේ අම්මප ලංකාවේ සිංහලයන්ට කිසිම දෙයක් මතක් තියෙන එකක්යැ .නැතිනම් මේ තරම් වෙඩි තියල මරල,තුවාලකරලා,මුහුදු වතුර බොන්න සලස්වලත් බයක් සැකයක් නැතිව සතියක් යන්න කලින් උද්ගෝෂණ කරන්න එනවනේ මම අහන්නේ. (දී)

:       0       0

ද සිල්වා Monday, 12 August 2013 07:25 PM

ඔය ළමයින් ඔහොම උද්ගෝෂණය කර කර ඉන්න. එතකොට අහවල් ඇමතිතුමා ඇවිල්ලා කවියකුත් කියලා හොද පාඩමක් කියලා දේවි. ඒකත් නොතේරුනොත් තුන්වෙනි පාර්ශවයකින් ඇවිත් ඉක්මනින් හොද පියවරක් ගැනීමට මාර්ගය පාදා දේවි (නි)

:       0       0

ලතිකා Sunday, 11 August 2013 10:59 AM

මොකද මේ මිනිස්සු ඉල්ලන්නේ මොකද්ද කියලා පොඩ්ඩක් ඇවිල්ලා හොයලා බලන්න බැරි නිසි බලධාරීන්ට (දී)

:       0       0

සුදත් Saturday, 10 August 2013 10:27 PM

පාරට නම් එන්න එපා පුතෝ (නි)

:       0       0

ටිකිරි Saturday, 10 August 2013 10:34 PM

ආණ්‌ඩුවට වැලිවේරිය රතුපස්‌වල ජනතාවට වතුර ටික දෙන එක ප්‍රශ්නයක්‌ නොවේ. (නි)

:       0       0

ආනන්ද Saturday, 10 August 2013 12:58 PM

මම හිතුවේ මේ ලොකු ළුෑණු ටික විකුණගන්න බැරුව කියලා. මේ මිනිස්සු හැම එකටම පිකටින් කරන්න පටන් අරගෙන! 6-4 නොදන්නා කුඩා දරුවනුත් දැන් මේවට පොඩි කාලේ ඉදන්ම හුරු කරනවා. අනාගතයත් මෙහෙමම වෙයි. මේ පර්සියන් කාපට් එක කොයි ගෙදරද දන්නේ නෑ නේද? (ස)

:       0       0

නිමල් ජයසිංහ Saturday, 10 August 2013 01:07 PM

රතුපස්වලට ලැබුනේ නම් උණඩ, ඔබලටමොනවා ලැබෙයිද කියලා දැම්ම කියන්න බැහැ. හැබැයි ඡන්දය තිෙයන හින්ද උණ්ඩ නම් දැනට නොලැබේවි.(ස)

:       0       0

ටිකිරි Saturday, 10 August 2013 10:36 PM

මේවා හෙණ ගහන අපරාධ (නි)

:       0       0

යසින්ත Saturday, 10 August 2013 01:11 PM

මෙහෙම වන්දි දෙන්න කොහෙන්ද සල්ලි. කරුණාකර සංවර්ධන වැඩට ඉඩ දෙන්න.(ස)

:       0       0

දුමින්ද Saturday, 10 August 2013 01:11 PM

මොකක්ද අර 82 කතාව, ඒක කොච්චර අසාධාරණද? (ස)

:       0       0

ටිකිරි Saturday, 10 August 2013 10:40 PM

කල්පනී ,ඔයාට වගේ මටත් මේ මනුස්සයාගේ අදහස් ගැන හොද වැටහීමක් තියෙනවා.බන්දුල පෙරේරා,ආනන්ද කියන්නේ දෙන්නෙක් නෙමෙයි.අසරණ මිනිසුන් ගැන බද්ද වෛරයකින් පසු වෙන මානසික ලෙඩෙක්. (නි)

:       0       0

දිසානායක. Saturday, 10 August 2013 01:39 PM

මොනවා කරන්නද මිනිස් ජීවිතවල වටිනාකම ශුන්‍ය වී බල්ලන් බළලුන් සේ මරා දමන යුගයක ආගමත් දැන් ඔබලාට එරෙහි වෙලා. ගවයෙකුට ඇති සලකිල්ලවත් ආගමෙන් මිනිස්සුන්ට නැතිවෙලා. පිරිත් නුල්, පිරිත් පැන්, මිනීමරුවන්ට, අපරාධ කරුවනට ගරු ගෞරවාන්විතව පිළිගන්වන කාලයක් මේක. (ස)

:       0       0

මාලා Saturday, 10 August 2013 01:41 PM

සාධාරණ අසාධාරණ කතාකරලා කරදර වෙන්න එපා. දෙන ගණන අරගන්න. දඹුල්ල වැලිවෙරියක් කරන්න ද හදන්නෙ? (ස)

:       0       0

ලෙස්ටර් Saturday, 10 August 2013 01:52 PM

"නාගරික සංවර්ධන අධිකාරිය කියනුයේ තමන් වන්දි ලබා දෙන්නේ 1982 වන්දි තක්සේරුවට අනුව බවයි." විහිළු කතානේ අනේ මේවා 1982 කාර් එකක් ගන්න මිලට අද පාන් ගෙඩියක්වත් ගන්න පුළුවන්ද පවු අහිංසක මිනිස්සු. (ස)

:       0       0

දිසානායක. Saturday, 10 August 2013 02:06 PM

මුදලාලිගේ නම පන්සල් තොරණේ වැටේ. බොරුවට මිසක් ඉඩ නැහැ ඇත්තකට රටේ. (කොළඹ යුගයේ කවියෙක්) අද ආගම අසරණයන් සඳහා නොවේ දේශපලකනයට සහ අපරාධ කරුවනට හා මුදලට. (නදී)

:       0       0

සත්‍යපාල Saturday, 10 August 2013 02:07 PM

රතුපස්වල කරපු දෙයට සමාව ගත්ත නිසා දැන් ඒ සිදුවීම ඉවරයි. දැන් ඉතින් ආයෙත් වෙඩි තියන්න අවසර තියනවා. ඉන්පසු නැවත කොමිසමක් පත්කරනවා. ඒ නිසා පරිස්සමින්.(නදී)

:       0       0

ලීමර් Saturday, 10 August 2013 02:07 PM

ආනන්ද වගේ මෝඩයෙක්. පිටකොටුවට එන්න. රු. 500ට කාපට් අරන් දෙන්න. (ස)

:       0       0

‍සේනාරත්න Saturday, 10 August 2013 02:08 PM

මේකට ආණ්ඩුවේ ප්‍රතිචාර මොන වගේද දැනගන්න ආසයි. (ස)

:       0       0

කෙවින් Saturday, 10 August 2013 02:21 PM

බීරි අලින්ට වීනා වයා වැඩක් නැත. සාදාරන යහ පාලනයකට ඔබේ ඔළුවෙන් චන්දෙ දෙන්න. (ස)

:       0       0

මිගිද Saturday, 10 August 2013 02:25 PM

මිනිස් ජීවිත වල වටිනාකම අද සතුන්ටත් වඩා පහත වැටිලා. මහා ලොකුවට කතා කරන්නේ මානව නිදහස ගැන. කෝ ඔය නිතර නිතර ලියන මානව හිත වාදියෝ.? (ස)

:       0       0

ප්‍රියාන් Saturday, 10 August 2013 02:55 PM

1982 ගානට දැන් වන්දි ගෙවනවා නම් 1982 තිබුන මිලටම දැන් අනිත් දේවලුත් ගන්න පුළුවන් වෙයි නේද? ජනතාවට දෙයක් දෙන්න තියෙනවා නම් මේ විදියට. එයාලට දෙයක් ගන්න නම් දැන් ගානට. අනේද කියන්නේ.?(නදී)

:       0       0

අානන්ද Saturday, 10 August 2013 03:00 PM

ලීමර් ඔයා හොරකන් කරන ඒවා නම් 500 ට විතර විකුනනවා ඇති. ඒත් ඕනෙම මෝඩයෙක් දන්නවා අද පාපිස්සක්වත් රු. 500 කට ගන්න බැරි බව.(නදී)

:       0       0

ටිකිරි බණ්ඩාර Saturday, 10 August 2013 11:02 PM

බුදු දුවේ පුතේ, ඉක්මනින් ඔතනින් දුවන්න. (නි)

:       0       0

පෙරේරා Saturday, 10 August 2013 03:05 PM

1980 උඩහමුල්ලෙන මගේ අම්මා පර්චස් එකක් ගත්තේ රුපියල් 750 ට. පර්චස් 15 ටම ගියේ 11,250 යි. දැන් උඩහමුල්ලේ පර්චස් එකක් ලක්ෂ 8 යි. රුපියල් 1500 ට මාසයක් කන්න පුළුවන් කීව්ව ආර්ථික විද්වතුන් වන අධයාපන ඇමතිලා ඉන්න රටේ මේවත් වැඩද ?(නදී)

:       0       0

ලුම්බිණි Saturday, 10 August 2013 03:10 PM

1982 වන්දි තක්සේරුවට අනුව දෙන එක ඉතාම අසාධාරණයි. අවරුදු 30 කට කලින් තිබුන මිල ගණන් නම් ගන්නේ ඒ කාලේ වන්දිය දිය යුතුයි නේද? (නදී)

:       0       0

කල්පනී Saturday, 10 August 2013 03:16 PM

ආනන්ද කියන්නෙත් බන්දුල කියන පුද්ගලයමයි, ඉතින් කලබල නොවි ඉන්න​, අසරන මිනිසුන්ට බනින අසත් පුරුෂ පුද්ගලයෙක්, මහත්තයො ඔබතුමාට ඹය දෙය වුනොත් වැටහේවි.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 10 August 2013 03:19 PM

ඔන්න රතු මල්ලිලට ගොදුරක් හොයාගන්න අවස්ථාවක්. පළමුව ඕකට අනිත් මිනිස්සුත් කුලප්පු කරලා අරන් ඔය තරුණ මදේ ගහපු කොල්ලෝ ටිකක් ඉස්සරහට දාල දඹුලු කොලඹ පාර හරස් කරලා උද්ගෝෂණයක් පටන් ගන්න. කොල්ලන්ට ගල් මුල් පොලු අතට දීල පොලිසියට නෙලන්න සලස්වන්න. දෙවන පියවර වසයෙන් තුන් වෙනිව තියෙන්නේ අස්වැන්න නෙලා ගන්න රතුපස්වල, කටුනායක, හලාවත වගේ. හතර වෙනුව තියෙන්නේ විකුණන් කන එක. අම්මප 60/70 දාහක් නෙමෙයි 71 ත් එක්ක ගත්තම ලක්ෂ ගානක් තරුණ ජීවිත පොලවට පස් කරපු අය අද එක්කෙනෙක් මැරෙන කොට අඩන ඇඩිල්ල දැක්කම අනේ අපොයි කියලා හිතෙනවා.(නදී)

:       0       0

සමන් Saturday, 10 August 2013 03:58 PM

ලංකාවේ දැන් පුණ්‍ය භුමිය වැඩි වෙලා මිනිස්සුන්ට ඉන්න හිටින්න තැනක් නැතිවෙලා.(නදී)

:       0       0

කෙවින් Saturday, 10 August 2013 04:06 PM

බන්දුල පෙරේරා, ඔබට නිවන් සුව අඩුම තරමින් මනුස්ස ආත්මයක් වත් ලැබේවා.(නදී)

:       0       0

සංජීව Saturday, 10 August 2013 04:33 PM

බන්දුල, කෝකටත් තෛලය රතු මල්ලිලා නේද, හැම දෑම රතු මල්ලිලාගේ ඇඟට දාල අත් දෙක පිහද ගත්තහම වැඩේ ලේසිය් නේද. (අ)

:       0       0

බණ්ඩාර Saturday, 10 August 2013 11:54 PM

මේක ජනතාවාදී රජයක් (නි)

:       0       0

ටිකිරි බණ්ඩාර Saturday, 10 August 2013 11:54 PM

බලාගෙන ඉන්න සාදාරණයක් ඉෂ්ට වේවි ඉක්මනින්ම (නි)

:       0       0

කුමාර Saturday, 10 August 2013 06:34 PM

පාරට බහිනු නම් බැහැ හොදේ (නි)

:       0       0

සත්‍යපාල Sunday, 11 August 2013 02:31 AM

රජයට කඩේ යන බන්දුල පෙරේරාල වෙනුවෙන් කඩේ යන්න එපා.(නදී)

:       0       0

නිමල් ජයසිංහ Saturday, 10 August 2013 07:07 PM

හැබැයි ඔය නරක රතු මල්ලිලා ටික හින්ද තමයි ඔය කොයි අයියලටත් ඇස් ඇරෙන්නේ. මාටින් නිමෝලර් ගැන කියවන්න කියල බන්දුල පඩිතුමාට කියන්න. (අ)

:       0       0

ශාන සෞදි Saturday, 10 August 2013 07:39 PM

රතුපස්වලට ලැබුනේ නම් උණඩ, ඔබලට මොනවා ලැබෙයිද දැන් නැ මම කියන්නේ ඔයාල ඔතන වසරක් හරි ඉදල ඔය කරණය ඉටුකරගන්න හැබැයි දබුලු පාරටනම් බහින්න එපා පර අවහිර කරන්න එපා මොකද අලාබ ගන්නත් අපි ජීවත් වෙලා ඉන්න ඕනේ හන්ද ඔය කුඩා දරුවන් ගෙවල් වල තියල මේක කරනවානම් ගොඩක් නුවනට හුරුයි (අ)

:       0       0

ෂියා Sunday, 11 August 2013 05:30 AM

මිනිසුන් පාරට අද දමා කරන පින් කුමටද?(නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 10 August 2013 08:31 PM

අපොයි නිමල් මහත්තයා,රතු අයියලා නිසා ඇස් ඇරිච්ච කට්ටිය කොහොම වෙතත් රතු අයියලා නිසා ඇස් වැහිච්ච කට්ටිය ගැනනම් ඔයා හරියට දන්නේ නැහැ වගේ තාම (නි)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 11 August 2013 09:02 AM

මේ ප්‍රශ්න දිහා සදාරනව මධ්‍යස්තව බලන අදහස් දාන අයගෙන් ඉල්ලනවා සති අන්ත පුවත් පතක මනෝජ් අබයදීර කියන මාධ්‍ය වේදියා ලියලා තියෙන ලිපිය කියවන්න කියලා. මිනී කාක්කන්ට වලංගු නැත.(නදී)

:       0       0

නිලන්ත ගමගේ Sunday, 11 August 2013 10:15 AM

82 තක්සේරුවට වන්දි දෙන්නේ 82 දී මෙයාලට යන්න කිව්වේ . තම ඉන්නවා.දුන්න ඉඩම්වෙන අයට විකුණලා. (දී)

:       0       0

බණ්ඩාර Sunday, 11 August 2013 10:44 AM

අධි වෙගියේ වත් තවම වන්දි ප්‍රශ්නය විසදලා නැහැනේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 5320 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 3567 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 4363 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3628 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 842 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1576 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36248 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24152 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 520 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 225 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site