දඹුල්ල වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහලේ වෛද්‍ය අධිකාරී හෙද පරිපාලනයට ඇඟිලි ගසතියි කියමින් හෙද හෙදියෝ අද (22)දෙපැයක සංකේත වැඩවර්ජනයක කළහ. ලබන සඳුදා සිට වර්ජනයක් අරඹන බව ඔවුහු කියති. වෛද්‍ය අධිකාරී දොස්තර ප්‍රියන්ත තෙන්නකෝන් පවසනුයේ හෙදියක අනවසරයෙන් එතෙර ගොස් ඇති බවත් මාස හයක්ම වැටුප් ද ලබාගෙන ඇති බවත් එය හෙළිවීමෙන් පසු ඒ ගැන ක්‍රියාකිරිම මේ විරෝධයට හේතුව බවයි. තමා රෝහලේ අධිකාරී බැවින් හෙදියන්ගේ රෝහල් කටයුතු ගැන සෙවීමට නීතියෙන් ඉඩ ඇතැයි වෛද්‍ය අධිකාරි කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ හෙද සේවය හරියන්න නම් දේශපාලකයන් බය කරගෙන ඉන්න මිනිහ නෙවත අගමනුකුලව මහන කරන්න ඕන.එතකොට ලංකාවේ සෞඛ්‍යට හොඳ කලක් යනවා. (අ)
වර්ජනයට හොදම බෙහෙත , අස්කරලා අලුතින් කට්ටිය ගන්න. ඕනෑතරම් ජොබ් නැති කට්ටිය ඉන්නවා. (නි)
පුබුදු ඔයාගේ වයස කීයද?ඔය තවම පාසල් යනවද? එහෙම නැත්නම් මට හිතෙන්නේ ඔය තවම රක්ෂාවක් කරන්නේ නැහැ. 90%කගේ මාසික පඩි බැංකුවේ අදාල ගිණුමට බැරකරන බව ඔයා තවම දන්නේ නැත්තේ ඒකයි (නි)
වෛද්‍යවරු රෝහල් වල තව කෙනෙක් යටතේ සේවයට අකමැති වීමේ හේතුවෙන් රෝහල් පරිපාලකවරුන් වීමට යාම එක වරදකි. වෛද්‍ය සේවාව එකකි. පරිපාලනය සහ කළමනාකරණය තව එකකි. හෙදියන්ට වී ඇත්තේ පරිපාලකය වෛද්‍යවරයකු වීම නිසා කළ වරද පිළිගැනීමට අකමැති වීමය. නැතිනම් රජයේ සේවකයෙකු නිවාඩු නොලබා රටින් බැහැරව යාම වරදක් බව කවුරුත් දනිති. අද හැමතැනම වී ඇත්තේ මේ තත්වයි. සුද්දා නිදහස දෙද්දී අපට ලබා දුන් පරිපාලන ක්‍රමය අවුල් කර ගැනීම නිසා මෙය සිදුවී ඇත. (නි)
මාස හයක් වටුප් දීමනා ලබාදීම සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට දඬුවම් කළ යුතුයි. දෙවනුව වැඩකරන්න බැරි අය ගෙදර යවලා අලුත් අය බදවා ගන්න.රැකියා ප්‍රශ්නයත් විසදෙනවා.අපේ අසරණ ලෙඩ්ඩු දුක්විදිනවා (නි)
අනිත් හෙදියොත් මේ වගේම හොරවැඩ කරලාද දන්නෙ නැහැ (නි)
හෙද සේවය කියන්නේ උත්තරීතර සේවයක්. නමුත් මේ හෙදියන්ගෙන් කී දෙනෙක් මෙය වටහාගෙනද කියන එක සැකයි. බඩගෝස්තරවාදයම මුල් කරගත් කාලයක හෙදියන් මෙහෙම හැසිරිම පුදුමයක් නොවේ (නි)
අනේ අපොයි නයිටින්ගේල් නැවත එන්න මේ ලෝකෙට (නි)
හෙදකම යනු වෙනම වෘතියකි. එය පාලනය කළ යුත්තේ හෙදකමට අදාල සුදුසුකම් ඇති අයෙකු විසිනි. දියුණු රටවල සිදුවන්නේ ඒ ක්‍රමයයි. ඒ නිසා ඒ රටවල මේ වගේ ප්‍රශ්න නැහැ. ලංකාවේ වෛද්‍යවරු කී දෙනෙක් ලංකාවේ සල්ලි වලින් අධ්‍යාපනය ලබාගෙන ලංකාවේ සල්ලි වලින් ශිෂ්‍යත්ව ලබාගෙන පිටරට වලට වෙලා ඉන්නවද? ලංකාවේ හෙදියන් දියුණු රටකට යනවට කොහොමත් වෛද්‍යවරු කැමති නැහැ. (නි)
කිවයුතු තව දෙයක් තියෙනවා, හෙදියනි, අසාධාරණයට එරෙහිව ක්‍රියා කළ යුත්තේ නීති මගින් මිසක් අහිංසක ලෙඩුන්ට දඬුවම් කිරීමෙන් නොවේ. (නි)
අපේ රට ගැන හරිම දුකයි (නි)
ලිලිත්, ඔබ කියන දේම තමා මමත් කියන්නේ.ෂ්‍යාම ඔයා හරි. එංගලන්තේම ඉන්නවා සැහෙන ගානක්.සුද්දෙක්,සුද්දියක් විවහකරගන හරි ඉන්නම තමා බලන්නේ. කොහොම හිටියත් තුන් වෙනි පන්තියේ සැලකිල්ල තමා.වැඩිදුර ඉගෙනගෙන ගිහින් උපන් රටට සේවය කරනවානම් තමන්ගේ අම්මට සලකනවා හා සමාන දෙයක්. වෛද්‍ය අදිකරීතුමාගේ සේවයට අපේ ප්‍රණාමය! (අ)
යුරෝපේ මිනිසුන් නිරුවතින් ඉන්දැද්දී කුවේණි කපු කෙටුවාය, යුරෝපේ මස් පුච්චන් කද්දී අපි උයන් කෑවාය කියමින් සිංහල ජාතිය ගැන පුරාජේරු කියන ඊනියා ප්‍රබුද්ධයන්ගෙන් මම අහන්නේ ඒ කතා ඇත්ත නම් මේ අවම මනුස්සකමට මොකද වුනේ.අපේ ශිස්ටාචාරේ දියුණු වුනේ මනුස්සකම නැතුවද? (නි)
පුද්ගලික රෝහල් තව තව ඇතිවේවා.දියුණු රටවල වගේ රක්ෂණ ක්‍රමේකට බෙහෙත් ගැනීමට අවකාශය අපටත් ලැබේවා. අඩු ආදායම්ලාබී සුදුස්සන්ට පමණක් රජයෙන් නොමිලේ බෙහෙත් ගැනීමට ලැබේවා! උද්දච්ච හෙද ඒකාධිකාරිය බිදේවා! (නි)
මේ ප්‍රවෘත්තියේ සමිතියේ නායකයා කවුද අර .කොහොමද වැඩේ.(අ)
පලකයෙකු හැටියට,ඔබතුමාගේ ක්‍රියාකලාපය හරියට හරි.වැරදිකරන අයට දඩුවම් කලයුතුය.(අ)
රංජනී ඔයත් ලන්ඩන් වල ඉන්නේ සුද්දෙක් එක්කද? (නි)
ෂ්‍යාම, රන්ජනී ,කණගාටුවෙන් වුනත් ඔය දෙන්නට කියන්න වෙනවා ඔය දෙන්නම මොලේ කළදක් නැති මෝඩම මෝඩ කාන්තාවන් දෙන්නෙක් කියලා. මෙතැන් තියෙන්නේ ගිය විදිහේ වැරැද්ද! ලංකාවේ රජයේ සේවකයෙකුට වෙනත් සේවයකට හෝ සංචාරයකට හෝ වෙනත් කරුණකට අවුරුදු 5ක් වැටුප් රහිත නිවාඩු ගන්න පුළුවන් බව ඔය දෙන්නා දන්නේ නැහැ (නි)
සරත් ඔය රන්ජනී ලන්ඩන් කියන්නේ වයසක ගැහැණු කෙනෙක්. ඉස්සර පවුල් සංවිධානයේ වැඩ කරපු කෙනෙක්. දැන් සුද්දෙක්ද කොහෙද බැදලා ඔය ලංඩන් ගිහින් ඉන්නේ.(නදී)
හෙද නම්බුව නැති කරන අයට දඬුවම් දිය යුතුයි (අ)
ඔය වයසක හෙදියන්ට ලෙඩ්ඩු ගැන කිසි අනුකම්පාවක් නෑ. (අ)
ඒ කේ 47 වෙඩි තියන්න මේ අසාදාරන වැඩවර්ජන කරන අයට.(අ)
මේ හෙදියන්ගේ ඇදුම් කවදාවත් කිළුටු හෝ පොඩිවෙලා තියෙන්නේ නැහ. ලංකාවේ හෙදියෝ හෙදියන්ගේ වැඩ නොකර දොස්තරරගේ වැඩේ කරන්න යනවා. ඒගොල්ලෝ ඉන්නේ බෙහෙත් දේන්නයි (අ)
එතකොට මෙයාලත් මේ ඉල්ලන්නේ එයාලටත් හොර වෙඩ කරන්න දෙන්න කියලද?එහෙම නැත්නම් එකට සහයෝගයටද? හොඳ පොඉන්ට් ( එකේ මෙයාල නැවතිලා ඉන්නේ! කොහොමනමුත් නිලාදුම් නැතිකොට මෙයාලත් හොද ඇම්බුලන්ස් තමා! (අ)
මවින් සිල්වා අසරණ මිනිස්සුන්ට චන්ඩි පාර්ට් දානවා පොර ටෝක් දානවා. පට්ට ආශ්චර්යය. වෛද්‍ය අධිකාරීතුමාට දෙයියන්ගේම පිහිටද? (අ)
හෙද්යෝ සදරන්යි? අසදරණය තියෙන්නේ ලෙඩ්ඩුන්ට. ඇමති කරමු. එතකොට ප්‍රශ්න දෙකක් විසදෙනවා. (අ)
හොරට පඩි ගත්තේ එක හොයනකොට හිතෙට අමාරු ඇති (අ)
අධ්‍යාපනය, සෞඛ්‍ය මේ වගේ දේවල් ගැන ලංකාවට හොඳ නමක් තිබුණා. අපිත් වෙන රටවල අයට ඒ වගේ දේවල් ගැන හරි ආඩම්බරෙන් කිව්වා. එත් දැන්? කොහොම කියන්නද? (අ)
දෙන් හෙම එකටම වර්ජන උද්ඝෝෂණ . බංකොලොත් දේශපාලුවන් පිටු පස සිට ලංකාව අස්තවර කිරීම අරමුණ .හෙදියන් කරන ඕනෙම දෙයක් බලධරින් ඇස කට වසා බලා සිටිය යුතුය කියල මේ වර්ජනය (අ)
. මට නම් කියන්න දෙයක් හිතා ගන්නත් බෑ (අ)
හෙදියොත් රෝහලේ සේවකයෝ. එහෙව් එකේ රෝහල් අදිකරිට නැද්ද අවසරයක් තමන්ගේ රෝහලේ මොනවද වෙන්නේ කියල සොයල බලන්න .මේගොල්ලෝ මේ අහිංසක ලෙඩ්ඩුන්ව බිල්ලට දීල නාඩගන් නටන්න හදන්නේ. මේ වෙලාවට තමය් ජේ , ආර්. නියාය හරියන්නේ, කිසිකෙනෙක් කිසිම දෙයක් කියන එක්කක් නැහැ. (අ)
වෛද්‍ය අධිකාරී කියන්නේ රෝහලේ ප්‍රධානියා.රෝහල් කාර්යමණ්ඩලයේ ඕනෑම කෙනෙකුගේ රාජකාරී කටයුතු ගැන සොයාබලන්න එතුමාට නීතිමය අයිතියක් තියෙනවා.මහජන මුදලින් ඉගෙනගෙන ඉහලගොස් මහජන මුදල් කොල්ලකන හා ඒවා සාධාරණීයකරණය කරන්න කාලය කාදමමින් රාජකාරිය පැහැරහරින කිසිවෙකුට ඉඩදෙන්න එපා. (අ)
බලන්න මේ ගොඩ නැගිල්ලේ ලස්සන.නිල ඇඳුම් ඇඳලා ලස්සනට ඉන්න හෙදියන්.ආපදා රථයේ අලුත් කම. මේවා කාගේවත් බුඋදලයක් නෙවේ රජයෙන් වියදම් කරන්නේ මහජනතාවගේ සල්ලි.කැස්සට,හෙම්බිරිස්සආවට ලෙඩ්ඩු ගැන නොබැලුවත් ස්ට්‍රයික් නම් කෙලවරක් නැහැ. මේ වැඩ අසාධාරණයි.(අ)
හෙද හෙදියන් පමණක් නොව රෝහලක සියලු කාර්ය මණ්ඩලය රෝහල් අධිකාරී යටතේ පාලනය වීම අවශ්‍යයි. රෝහලක සේවකයන් වෙනුවෙන් වෙන් වෙන්වූ ස්වාධීන පරිපාලන ඒකක තිබීමෙන් රෝගීන්ට අසාධාරණයක් සිදුවෙනවා.(අ)
හෙදියෝ වසරේ වැඩි හරියක් කරන්නේ වර්ජන වැඩ නැ (අ)
රට ගිය හෙදිය කොහොමද පඩි ගන්න අවේ මාස හයක් ,(අ)
රෝහලක පාලනය රෝහල් අධිකාරී යටතේ සිදුවිය යුතුයි. ඔහු එම ආයතනයේ ප්‍රධානියා වන බැවිනි. එය ඕනෑම ආයතනයකට පොදු මූලික පරිපාලන ලක්ෂණයකි. හෙදියක් වැරැද්දක් කර ඇත්නම් එයට දඬුවම් දීම වැරද්දක් නොවේ. වෘත්තීය සමිතියක් බලවත් වූ පලියට පරිපාලන නීති වෙනස් නොවිය යුතුයි. ඒ නිසා වැඩ වර්ජනය අසාධාරණයි. (නි)