IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


දයා ඇපරල් නඩු තීන්දුව අද ?

අම්පාර දයා ඇපරල් ආයතනයේ  අනවසර ගොඩනැගිලි ඉදිකිරීමක්  සම්බන්ධ  නඩුතීන්දුව  අම්පාර මහෙස්ත්‍රාත්  උසාවියේදී අද (22) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

ආයතනයේ හිමිකරු දයා ගමගේ හා ඔහුගේ බිරිය පාර්ලිමේන්තු මන්ත්‍රීනී අනෝමා ගමගේ  මහත්මිය මින් මද වේලාවකට  පෙර අධිකරණ ශාලාවට ඇතුළු වුහ.

ආයතනයේ දෙදහසක පමණ සේවක සේවිකාවෝ ද ඇතැමකුගේ මව්පියෝද උසාවිය අසල රැදී සිටිති.

අනවසරයෙන් ගොඩනැගිලි  ඉදිකිරීම් කළැයි නාගරික සංවර්ධන අධිකාරියෙන් මේ නඩුව පවරා ඇත.



අදහස් (0)

දයා ඇපරල් නඩු තීන්දුව අද ?

සුජිවා Thursday, 22 August 2013 08:20 PM

දයා ගමගේ මැතිතුමනි, මැතිනියනි, ඔබ දේපල මගේ රත්‍රන් රටට වාසනාවක් ! නමුත් අවසනවන්තක රහස ඔබ දේපල මගේ රට දියුණු ලෝකයට මංපෙත් විවර කරන්නට ගන්න උත්සාහය සහ දුප්පත් නැති බැරි ජනතාව නාග සිටුවීමට ගන්න දිරිය මේ රටේ පාලයනය ගෙනියන අයට තේරුම් ගැනීමට නොහැකි වීම ශ්‍රී ලංකික ජාතියේ මහත් අවාසනාවක්, තිස්තුන් කෝටියක් දෙවියන් ඔබ දේපල රැකදේවා, ශ්‍රී ලංකික ජාතියේ අනාගතය ගොඩනැගීමට. (අ)

:       0       0

සෑම් Thursday, 22 August 2013 03:31 PM

අනවසර ගොඩනැගිලි ඉදිකිරීම වැරදියි. අඑත් ලංකාවේ කවුද හරියට නීති පිළිපදින්නේ.අනික ඔච්චර බිල්ඩිම හදනකල් ඔය නීති කොහේද තිබුණේ? ඇත්තටම එතන වැඩ කරන පවුල් වල ජනතාව පවු. එච්චරයි මං කියන්නේ. (නි)

:       0       0

අජිත් Friday, 23 August 2013 09:05 AM

මේවා දේශපාලන පලි ගැනීම් මිසක් වැදගම්මක් නැති වැඩ. ආණ්ඩුවට අයිති නම් උසාවි යන්න ඕනේ නැහැ ඔහුට බදු බල පත්‍රයක් දෙන්නයි තියෙන්නේ. එතකොට කර්මාන්තයත් . ඉඩමත් දෙකම ආරක්ෂා වෙනවා. කාලයත් මුදලත් ඉතුරු වනවා.(නදී)

:       0       0

සනී Thursday, 22 August 2013 03:40 PM

සින්හරාජ වනයේ හෝටල් හදලා තියනවා නඩු නැහැ පරිසරය විනාස කරමින් වැව් තාවුල්වල හෝටල් ඉදිකර ඇත .නඩු නැත මහනුවර කෙනෙක් චෝදනාවකින් බේරීමට පාට මාරු කලා නඩු නැහැ සියල්ල ලියන්න ගියොත් බයිබලය වගේ දිගයි .කඩේ යනවනම් අද බන්දුල. හෙට කන්ධුල ඇතා.(නදී)

:       0       0

කැනඩා දිසා Friday, 23 August 2013 09:17 AM

මේ බන්දුල පෙරේරා ,තමුන් මෙන්න මේ ටික හොදින් දැන ගන්නවා , දයා ගමගේ කියන්නේ මහත්මයෙක් මිසක් ඔය තමුන් උන්ගේ ඉදුල් කන ජාතියේ මහත් හොරෙක් නොවන වග මේ ආත්මෙදි වත් අමතක කරන්න එපා .(නදී)

:       0       0

දමිත් Thursday, 22 August 2013 10:39 AM

මේවා ගැන කතා කරලා වැඩක් නැති නිසා මම කතා කරන්න යන්නේ නැහැ (දී)

:       0       0

කැනඩා දිසා Friday, 23 August 2013 09:23 AM

අජිත් , ඔයා හරි මම ඔයාගේ අදහස අනුමත කරනවා .(නදී)

:       0       0

නිරුත්තර Thursday, 22 August 2013 10:43 AM

අපි මේ ගැන සොයා බලනවා. වහාම ගින්න නිවන්න උපදෙස් දීල තියෙන්නේ. කිසියම් අක්‍රමිකතාවයක් සිදුවී ඇත්නම් ඒගැන සොයා බල වගකිව යුතු අයට නිසි දඩුවම් දෙන්න කටයුතු කරනවා. (දී)

:       0       0

නිලක්ෂි Thursday, 22 August 2013 10:55 AM

නඩුව දිනයිද පරාද වෙඉද මන්ද?සමහරවිට දිනයි බිරිය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නේ .............සේවක සේවිකාවෝ ටික ගැන නම් දුක හිතෙනවා ඇත්තටම . (දී)

:       0       0

රෝහණ Thursday, 22 August 2013 10:55 AM

රැකියාවල් දීම හොඳයි. නමුත් දැන උගත් පාර්ලිමේන්තු මන්ත්‍රීනියන් හා දැන උගත් අය මේවා කරන කොට අනිත් අය මොනවා නොකරයිද? (ස)

:       0       0

ලාල් සුරන්ජිත් Thursday, 22 August 2013 11:02 AM

දයා ගමගේ කියන්නේ දුප්පත් කමේ ජීවිතය ජයගෙන අනික් දුප්පත් මිනිසුන්ට ජීවිතය ගෙනියන්න මහඟු සේවයක් කරන මිනිසෙක්. මෙම ඇඟලුම් කම්හල නතර කලොත් එතුමාට වැඩ පවුල් 2000ක්ගෙ ජීවනාලිය වනසනවා නේද? . අපේ රටේ පාලකයෝ ඇයි මේ තරමට හිතාගන්න බැරි වැඩ කරන්නේ. (ස)

:       0       0

වරුණ Thursday, 22 August 2013 11:14 AM

පක්ෂ පාට බේදයෙන් තොරව දහස් ගණනකගේ රැකියාව අහිමිවෙනවා කියන්නේ පවුල් කියක් අනාත වෙනවාද?අද රටේ තියන ආර්ථික තත්වේ අනුව මේ ආයතනය වසා දැමුවොත් මේ මිනිස්සුන්ට මොකද වෙන්නේ?විශේෂයෙන් අම්පාර වගේ දුෂ්කර පැත්තක.මම නම් දකින විදිහට ගාමන්ට් එකත් බේරාගෙන ළමයින්ගේ රැකියා ටිකත් බේරලා දෙන්න තියෙන්නේ එක විකල්පයයි? තීරණය මන්ත්‍රීතුමා අතේ. එතකොට මේ සියලු කරදර ඉවරයි නඩුත් නැහැ මුකුත් නැහැ (නි)

:       0       0

නලින් Thursday, 22 August 2013 04:16 PM

අපේ පැත්තෙත් බන්දුල වගේ කෙනෙක් හිටියා නම් සබන් නැතුව කුණු හෝදා ගන්න පුළුවන්. (ස)

:       0       0

දෙනෙත් Thursday, 22 August 2013 10:28 PM

වැව් තාවුලු වල හෝටල් ගහන ඒවා, රක්ෂිත වනාන්තර වල හෝටල් ගහන එවා, කොළඹ ඉඩම් ටික සුද්දන්ට විකුනන්නේ එවා පේන්නේ නැත්ද, නැති බැරි අහිංසක කොල්ලෝ කෙල්ලො ටික හම්බකරගෙන කන්නේ තමන්ගේ මහන්සියෙන්. මේ බිල්ඩිමේ කරන්නේ නීති විරොධී වැඩ නෙවෙයිනේ. මන්ත්‍රී තුමිය කලින්ම දෑත් ශක්තිමත් කරන්න ගියා නම් පැල් වත්තත් බේරගන්න තිබ්බා. නාගරික සංවර්ධන අමාත්යාංශයේ ලේකම් අරයනේ.(නදී)

:       0       0

සුනෙත් Thursday, 22 August 2013 11:18 AM

අයියෝ ලාල්, ඕක තේරෙන්නේ නැද්ද? (නි)

:       0       0

නිරෝෂාන් Thursday, 22 August 2013 11:18 AM

ඇයි මේ තාමත් දේශපාලන අඩත්තේට්ටම්. කවදා මේවා ඉවර වෙයිද ? (ස)

:       0       0

අමල් Thursday, 22 August 2013 11:19 AM

හෙට අපි සීගිරි ගලේ ඇගලුම් කම්හලක් දාලා සීගිරියේ මිනිසුන්ට කන්න දීලා, අනිද්දට සිරිමා බෝධිය ළඟ එකක් පටන් ගමු. අනුරාධපුරේට කන්න දෙන්න. ඔන්න නඩු දානවා හෙම නෙවෙයි හොඳේ. (ස)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Thursday, 22 August 2013 11:22 AM

ඔය මහත්මයා ගැන මම දන්නවා. එතුමා හොද මහත්මයෙක් ඒ වගේම කවදාවත් තමන් යටතේ සිටින උප කොන්ත්‍රාත්කරුවන්ව රවටන්නේ නැතුව මුදල් ගනුදෙනු කළා.හොද මහත්මයෙක් බොහොම විවෘතව කතා කරන කෙනෙක්. සියලු දෙනාටම ජයවේවා! (නි)

:       0       0

සුදීර Thursday, 22 August 2013 11:25 AM

ඉඹින්න බැරි අත හපා කනව කියන්නෙ ඔන්න ඕකට තමයි.. දයා ගමගේ විතරයි අනික් පැත්තට ගන්න බැරි උනේ.. රටට ගියපු කලක්.. (දී)

:       0       0

පසිදු Thursday, 22 August 2013 10:38 PM

බන්දුල පෙරේරා ඔබ හරියට හරි. පාට පාට කණ්ණාඩි දාල බලන අයට හරියට පේන්නේ නැහැ. . නිකං කරකැවිල්ල වගේ. රටක නිතියට පිටින් යන්න කාටවත් බෑ. අයුතු අසාධාරණ ලෙස මුදල් හම්මබ කළොත් එය කවදා හෝ නැතිවෙනවා. දයා මහත්මයා ඉතා හොද මහත්මයෙක්. දේශපාලනයෙන් හොර ලියකියවිලි හදලා අක්කරය රු 8 කට මිලට අරෙගන ගාමන්ට් ගහලා මිනිස්සුන්ට රස්සාවල් දුන්නට, ඔහු කළ ඉදිකිරීම නීතියට පටහැනි නම් රැකියා ලක්ෂයක් නැති වුවත් එය හැමෝටහ විදගත යුතුයි. බලය ඇතිදා බෙදා ගනී. නැති දා අනාගනී.(නදී)

:       0       0

චමීර Thursday, 22 August 2013 11:36 AM

අරක්කු පෙරනව කියල හිගුරාන අරං අද ඒකෙ ගහනව වොඩ්කා. මෙහෙව් රටක්. අර බන්දුල කඩේ යන ජොබ් එකෙන් දැන් නිවාඩුද දන්නෑ. (දී)

:       0       0

සම්පත් Thursday, 22 August 2013 11:40 AM

මෝඩ අදහස් දාන්න එපා. අනවසර ගොඩනැගිල්ල කැඩුවා කියලා රස්සා නැති වෙන්නේ කොහොමද? මේක අධිකරණ තීන්දුවක්. හැම දෙයටම දේශපාලනේ ගාවා ගන්නේ මෝඩයෝ. (ස)

:       0       0

අර්ෂා Thursday, 22 August 2013 11:43 AM

පුද්ගලයා, පක්ෂ, පාට, ජාතිබේද , කුල ගැන නොසලකා අධිකරණයෙන් සාධාරණ තීන්දුවක් ලැබේවි යැයි මාගේ විශ්වාසය.. (දී)

:       0       0

චමල් Thursday, 22 August 2013 11:45 AM

දයා ගමගේ ආණ්ඩුවේ උනානම් මොකුත් නැහැ ශක්තිමත් විපක්ෂයක් නැති කමින් තමයි මේ ඔක්කොම . (දී)

:       0       0

දාස් Thursday, 22 August 2013 11:01 PM

බන්දුල පෙරේරාට ඇමතිකමක් දෙන්නකෝ කුණු හෝදන අමාත්‍යංශය කියලා එකක් අළුතෙන් හදලා (නි)

:       0       0

ලංකා Thursday, 22 August 2013 11:46 AM

බලාසිටිමු නිහඩව අපි

:       0       0

හිරන්ත Thursday, 22 August 2013 11:58 AM

රටට වටිනා මිනිස්සුන්ව රැක ගන්න ඕන කාලේ. ඒ වගේ මිනිස්සුන්ට ගහලා වට්ටන එක, රටටම කරන නින්දාවක්. (ස)

:       0       0

ක්‍රිස් Thursday, 22 August 2013 11:59 AM

පව් වැඩේ මේ මිනිස්සුන්ගේ රැකියා ... (ස)

:       0       0

රූපසිංහ Thursday, 22 August 2013 12:06 PM

මට ඔබ ගැන කනගාටුයි (දී)

:       0       0

නිමල්ලාලිත Thursday, 22 August 2013 12:10 PM

ඔය කර්මාන්තශාලා සහ වෙනත් ඉදිකිරීම් පිළිබඳව නීති අනුමත කරන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න අයම නේද? (ස)

:       0       0

කුමාර Sunday, 25 August 2013 06:09 PM

බන්දුල පෙරේරා මෙතන්දී ඔබ කියනදේ නිවැරදියි .ඇයි මේ මොලේ රතු පස්වල කොම්පැනි සිද්ධියෙදි වැඩ නොකලේ ?මොකා කලත් වැරදි දේ වැරදියි කියන්න කොන්ද කෙලින් තියෙන්න ඕන .(දී)

:       0       0

තුසිත ලෙබනන් Thursday, 22 August 2013 11:46 PM

මගේ ගමත් අම්පාර.දයා ගමගේ මහත්මයා අම්පාරට ව්‍යාපාරිකයෙකු වශයෙන් ඉතාම වැදගත් පුද්ගලයෙක්.දේශපාලනය අතිනුත් හොද මහත්මයෙක්.දයා ගමගේ මැතිතුමාට අම්පාරේ ආයතන 2 තියෙනවා. 3500 විතර සේවක පිරිසක් ඇති කියලා හිතනවා.අලුතින් ඉදිකළ දෙවන ආයතනයේ ඔය ප්‍රශ්නය කියන්නේ.දැන් ඕක ඉදිකරලා අවුරුදු 5-6 විතර ඇති.ඕක හදන්න ඉස්සෙල්ලා ඔතන මඩ වගුරක්.දැන්ද නාගරික සංවර්ධන අධිකාරියට ඔතන අනවසර ඉදිකිරීමක් වුනේ.ලංකාව කවදා දියුණු වෙයිද. (නි)

:       0       0

මලිත් Thursday, 22 August 2013 12:28 PM

ලංකාවේ වෙන වැඩ ගත්තාම කතා කරලා වැඩක් නැහැ (දී)

:       0       0

සරා Thursday, 22 August 2013 12:30 PM

වෙන රටවල් වල ආයෝජකයෝ පිළිගන්නේ අක්කර දහස් ගණන් ඉඩම්, බදු ලිහිල් කිරීම් වගේ බොහෝ සහන දීල ..ඒකට මෙහෙ ..රටක් දියුණු වෙයිද ඉතින් (දී)

:       0       0

දිමාල් Thursday, 22 August 2013 12:32 PM

මහත්තයෝ ව්‍යාපාරය බෙර ගන්න මොකද අපි මීලගට ගන්න ඕන පියවර

:       0       0

බන්දුල පෙරේරා Thursday, 22 August 2013 12:34 PM

වරුණල වැලිවේරියේ කර්මාන්ත ශාලාව වහන්නලු..මේක අරින්නලු..දෙකේම රස්සාවල් කරන්නේ මිනිස්සු තමය්..නීතියට පිටින් යමක් වෙනවනම් එක රතුපස්වලටත් එකය් අම්පාරටත් එකය්. මේක අනවසර ඉදි කිරීමක්නම් මේක මෙතනින් ඉවත් කර ගෙන වෙන තැනක පිහිටුවන්න දයා ගමගේට බැරිද..නිකන් බය්ලා කියන්න එපා මහත්තයෝ..දයා ගමගේට අමුතු නීතියක් රටේ නැහැ..කව්රු කලත් වරද වරදමය්.ඉදිකිරීම අනවසරනම් දයා ගමගේ එ ගැන නොදෙන ඉන්න එයා තොත්ත බබෙක්ද.. තීන්දුව තමන්ට වාසි උනොත් එතනත් ගොඩ..අනවසර ගොඩනැගිල්ලට නිත්‍යානුකුල බාවය ලැබෙනවා.. තීන්දුව ඒක නොවුනොත් ගාමන්ට් ඒක වහල මේ මිනිස්සුන්ගේ රැකියා අහිමකලා කියල රජයට එ වගකීම පවරලා මිනිස්සුන්ගෙන් ආණ්ඩුවට බැනුම් අස්සවනවා .. (දී)

:       0       0

චුටා Thursday, 22 August 2013 12:34 PM

වැලිවේරියේ නේද කර්මාන්තශාලාව වහන්ඩ කියල ජනතාව ඉල්ලුවේ..ඒක වහන්නේ නැතිව ඒ වෙනුවට මේක වහල දානවා ඇති. එතකොට වැලිවේරියේ ප්‍රශ්නයත් ඉවරයි නේ ..කොහොමද පුංචි මොලේ (දී)

:       0       0

දර්ශන Thursday, 22 August 2013 05:34 PM

ලංකාවේ මෙය විතරද අනවසර බිල්ඩින් තියෙන්නේ. අපිට කොළඹ පාරවල් වල වාහන එලවන්න බැහැ. අනවසර ඉදිකිරීම් වලට සිමෙන්ති මිශ්‍ර කරන්නෙත් පාරේ.(නදී)

:       0       0

ඉෂාර Thursday, 22 August 2013 12:58 PM

අපි එකා පිට එකා මැරුණත් මේ රට යන අත නවත්තන්න බෑ. ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ බලන් ඉන්නයි තියෙන්නේ. (ස)

:       0       0

ඉෂාර Thursday, 22 August 2013 01:02 PM

බුද්දිමත් සම්පත් වෙත, ඔය ගොඩනැගිල්ල අනවසර එකක් කියලම කියමු. එතකොට සම්පූර්ණ ගොඩනැගිල්ල එක පාරට අහසෙන් ‍ගෙනත් බෑවෑ කියලද කියන්නේ? ඇයි මුලින් මුකුත් කලේ නැත්තේ? මට වයස අවුරුදු 28යි. ඒ 28ම මං අම්පාරේ. ගාමන්ට් එකේ වැඩ කරලා ජීවිත ගැට ගහගන්න පවුල් ප්‍රමාණය දන්නේ අපි. අපි නෙමෙයි සම්පත් හැම දේටම දේශපාලනේ ගා ගනේ. රටේ ලොකු ලොක්කෝයි, කඩේ යන ඔහේලයි. (දී)

:       0       0

රංග Thursday, 22 August 2013 01:07 PM

අනේ බන්ධුල නොදිටි මොක්පුර ..කාගේ කුණුද මේ හෝදන්නේ (දී)

:       0       0

ලාල් සුරන්ජිත් Thursday, 22 August 2013 01:08 PM

මෙතන එක්කෙනෙක් විකාර මනසකින් ප්‍රතිචාර දානවා මොකක්දෝ දේශපාලකයෙකුගේ බූව ඇඟේ ග ගෙන පාලකයන්ගේ අත්තනෝමතික වැඩ වලට ආවඩනවා

:       0       0

චා Thursday, 22 August 2013 01:12 PM

ඔයත් පනින්න

:       0       0

සංජිව Thursday, 22 August 2013 01:12 PM

රතු පස්වල කර්මාන්ත ශාලාවට මොකද උනේ (දී)

:       0       0

සුජිත් Thursday, 22 August 2013 01:19 PM

මගේ අදහසත් දයා ඇපරල් වසා දැමිය යුතුයි .අනවසර ඉදි කිරීම් කර නීතිය කඩ කලාට උපරිම දඩුවම්ද දිය යුතුයි ,නීතිය කටත් එකයි (දී)

:       0       0

චින්තක Thursday, 22 August 2013 01:24 PM

ඉෂාර අම්පාරේ කොහෙද? නිකන් බොරු කියන්න එපා. දයා හදන්නේ ලමයි ඉස්සරහට දාලා මේ ගොඩනැගිල්ලට නීත්‍යානුකූල බවක් දෙන්න. (දී)

:       0       0

ගෙරඩ් තෝමස් Thursday, 22 August 2013 01:24 PM

මේක අනවසර ඉඩමක් නම් වෙනත් ඉඩමක කර්මාන්ත ශාලාව හදන්න කාලයක් දෙන්න එහෙම නැත්නම් අනික් මිනිස්සුත් ඔක්කොම අනවසර ගොඩනැගිලි හදාවි මෙයට විතරක් අමුතු සැලකිලි අවශ්‍ය නැහැනේ (දී)

:       0       0

කුමුදු Thursday, 22 August 2013 01:37 PM

හොදම දේ නොදන්නා දේ ගැන පන්ඩිතකම් නොකියා සිටීමයි. අම්පාරේ දයා ගමගේට තියෙන ප්‍රශ්න ඔක්කොම දේශපාලනය මත ඇති වන ප්‍රශ්න. (දී)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 22 August 2013 01:38 PM

කව්රුත් තරහ වෙන්න එපා. මේක මිනිස් පලිහක්.(දී)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Thursday, 22 August 2013 06:53 PM

බන්දුල , එක එක්කෙනාට ආවඩනවට වඩා කඩයක් දාගත්තා නම් හොද නැද්ද? (නි)

:       0       0

අසංක Thursday, 22 August 2013 01:50 PM

බුද්ධ ධර්මයට අනුව කළකම් පළදේ... (නි)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Thursday, 22 August 2013 06:57 PM

බන්දුල, රස්සාවක් හොයා ගන්න පිස්සෙක් වගේ කියව කියවා ඉන්නේ නැතුව (නි)

:       0       0

ලෙස්ලි ලෝව් Thursday, 22 August 2013 07:00 PM

මේවා දැන් රටේ සාමාන්‍ය දේවල් වෙලා (නි)

:       0       0

අතුල Thursday, 22 August 2013 02:00 PM

අනවසර කියන වචනයේ තේරුම දැනගෙන අදහස් දක්වන්න .මෙපමණ යහගුණ පිරි පුද්ගලයකු නම් වැරදි දෙයකට මුල පිරුවේ මොකටද ? හැමදේටම දේශපාලනය ඇදගෙන අදහස් දක්වන්න එපා. (ස)

:       0       0

වරුණ Thursday, 22 August 2013 02:24 PM

ඔන්න දලා තියෙනවා සම්පත් මහාචාර්යතුමා නියම අදහසක් ගොඩනැගිලි කැඩුවම රස්සා නැති වෙන්නේ නැහැලු? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 702 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 253 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 715 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 1975 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 246 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 2161 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35497 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24083 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 163 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 503 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site