අම්පාර දයා ඇපරල් ආයතනයේ අනවසර ගොඩනැගිලි ඉදිකිරීමක් සම්බන්ධ නඩුතීන්දුව අම්පාර මහෙස්ත්‍රාත් උසාවියේදී අද (22) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ආයතනයේ හිමිකරු දයා ගමගේ හා ඔහුගේ බිරිය පාර්ලිමේන්තු මන්ත්‍රීනී අනෝමා ගමගේ මහත්මිය මින් මද වේලාවකට පෙර අධිකරණ ශාලාවට ඇතුළු වුහ.
ආයතනයේ දෙදහසක පමණ සේවක සේවිකාවෝ ද ඇතැමකුගේ මව්පියෝද උසාවිය අසල රැදී සිටිති.
අනවසරයෙන් ගොඩනැගිලි ඉදිකිරීම් කළැයි නාගරික සංවර්ධන අධිකාරියෙන් මේ නඩුව පවරා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ පැත්තෙත් බන්දුල වගේ කෙනෙක් හිටියා නම් සබන් නැතුව කුණු හෝදා ගන්න පුළුවන්. (ස)
මෙතන එක්කෙනෙක් විකාර මනසකින් ප්‍රතිචාර දානවා මොකක්දෝ දේශපාලකයෙකුගේ බූව ඇඟේ ග ගෙන පාලකයන්ගේ අත්තනෝමතික වැඩ වලට ආවඩනවා
ඔයත් පනින්න
රතු පස්වල කර්මාන්ත ශාලාවට මොකද උනේ (දී)
මගේ අදහසත් දයා ඇපරල් වසා දැමිය යුතුයි .අනවසර ඉදි කිරීම් කර නීතිය කඩ කලාට උපරිම දඩුවම්ද දිය යුතුයි ,නීතිය කටත් එකයි (දී)
ඉෂාර අම්පාරේ කොහෙද? නිකන් බොරු කියන්න එපා. දයා හදන්නේ ලමයි ඉස්සරහට දාලා මේ ගොඩනැගිල්ලට නීත්‍යානුකූල බවක් දෙන්න. (දී)
මේක අනවසර ඉඩමක් නම් වෙනත් ඉඩමක කර්මාන්ත ශාලාව හදන්න කාලයක් දෙන්න එහෙම නැත්නම් අනික් මිනිස්සුත් ඔක්කොම අනවසර ගොඩනැගිලි හදාවි මෙයට විතරක් අමුතු සැලකිලි අවශ්‍ය නැහැනේ (දී)
හොදම දේ නොදන්නා දේ ගැන පන්ඩිතකම් නොකියා සිටීමයි. අම්පාරේ දයා ගමගේට තියෙන ප්‍රශ්න ඔක්කොම දේශපාලනය මත ඇති වන ප්‍රශ්න. (දී)
කව්රුත් තරහ වෙන්න එපා. මේක මිනිස් පලිහක්.(දී)
බුද්ධ ධර්මයට අනුව කළකම් පළදේ... (නි)
අනවසර කියන වචනයේ තේරුම දැනගෙන අදහස් දක්වන්න .මෙපමණ යහගුණ පිරි පුද්ගලයකු නම් වැරදි දෙයකට මුල පිරුවේ මොකටද ? හැමදේටම දේශපාලනය ඇදගෙන අදහස් දක්වන්න එපා. (ස)
ඔන්න දලා තියෙනවා සම්පත් මහාචාර්යතුමා නියම අදහසක් ගොඩනැගිලි කැඩුවම රස්සා නැති වෙන්නේ නැහැලු? (ස)
අනවසර ගොඩනැගිලි ඉදිකිරීම වැරදියි. අඑත් ලංකාවේ කවුද හරියට නීති පිළිපදින්නේ.අනික ඔච්චර බිල්ඩිම හදනකල් ඔය නීති කොහේද තිබුණේ? ඇත්තටම එතන වැඩ කරන පවුල් වල ජනතාව පවු. එච්චරයි මං කියන්නේ. (නි)
සින්හරාජ වනයේ හෝටල් හදලා තියනවා නඩු නැහැ පරිසරය විනාස කරමින් වැව් තාවුල්වල හෝටල් ඉදිකර ඇත .නඩු නැත මහනුවර කෙනෙක් චෝදනාවකින් බේරීමට පාට මාරු කලා නඩු නැහැ සියල්ල ලියන්න ගියොත් බයිබලය වගේ දිගයි .කඩේ යනවනම් අද බන්දුල. හෙට කන්ධුල ඇතා.(නදී)
අනේ බන්ධුල නොදිටි මොක්පුර ..කාගේ කුණුද මේ හෝදන්නේ (දී)
ලංකාවේ මෙය විතරද අනවසර බිල්ඩින් තියෙන්නේ. අපිට කොළඹ පාරවල් වල වාහන එලවන්න බැහැ. අනවසර ඉදිකිරීම් වලට සිමෙන්ති මිශ්‍ර කරන්නෙත් පාරේ.(නදී)
බන්දුල , එක එක්කෙනාට ආවඩනවට වඩා කඩයක් දාගත්තා නම් හොද නැද්ද? (නි)
බන්දුල, රස්සාවක් හොයා ගන්න පිස්සෙක් වගේ කියව කියවා ඉන්නේ නැතුව (නි)
මේවා දැන් රටේ සාමාන්‍ය දේවල් වෙලා (නි)
දයා ගමගේ මැතිතුමනි, මැතිනියනි, ඔබ දේපල මගේ රත්‍රන් රටට වාසනාවක් ! නමුත් අවසනවන්තක රහස ඔබ දේපල මගේ රට දියුණු ලෝකයට මංපෙත් විවර කරන්නට ගන්න උත්සාහය සහ දුප්පත් නැති බැරි ජනතාව නාග සිටුවීමට ගන්න දිරිය මේ රටේ පාලයනය ගෙනියන අයට තේරුම් ගැනීමට නොහැකි වීම ශ්‍රී ලංකික ජාතියේ මහත් අවාසනාවක්, තිස්තුන් කෝටියක් දෙවියන් ඔබ දේපල රැකදේවා, ශ්‍රී ලංකික ජාතියේ අනාගතය ගොඩනැගීමට. (අ)
වැව් තාවුලු වල හෝටල් ගහන ඒවා, රක්ෂිත වනාන්තර වල හෝටල් ගහන එවා, කොළඹ ඉඩම් ටික සුද්දන්ට විකුනන්නේ එවා පේන්නේ නැත්ද, නැති බැරි අහිංසක කොල්ලෝ කෙල්ලො ටික හම්බකරගෙන කන්නේ තමන්ගේ මහන්සියෙන්. මේ බිල්ඩිමේ කරන්නේ නීති විරොධී වැඩ නෙවෙයිනේ. මන්ත්‍රී තුමිය කලින්ම දෑත් ශක්තිමත් කරන්න ගියා නම් පැල් වත්තත් බේරගන්න තිබ්බා. නාගරික සංවර්ධන අමාත්යාංශයේ ලේකම් අරයනේ.(නදී)
බන්දුල පෙරේරා ඔබ හරියට හරි. පාට පාට කණ්ණාඩි දාල බලන අයට හරියට පේන්නේ නැහැ. . නිකං කරකැවිල්ල වගේ. රටක නිතියට පිටින් යන්න කාටවත් බෑ. අයුතු අසාධාරණ ලෙස මුදල් හම්මබ කළොත් එය කවදා හෝ නැතිවෙනවා. දයා මහත්මයා ඉතා හොද මහත්මයෙක්. දේශපාලනයෙන් හොර ලියකියවිලි හදලා අක්කරය රු 8 කට මිලට අරෙගන ගාමන්ට් ගහලා මිනිස්සුන්ට රස්සාවල් දුන්නට, ඔහු කළ ඉදිකිරීම නීතියට පටහැනි නම් රැකියා ලක්ෂයක් නැති වුවත් එය හැමෝටහ විදගත යුතුයි. බලය ඇතිදා බෙදා ගනී. නැති දා අනාගනී.(නදී)
බන්දුල පෙරේරාට ඇමතිකමක් දෙන්නකෝ කුණු හෝදන අමාත්‍යංශය කියලා එකක් අළුතෙන් හදලා (නි)
මගේ ගමත් අම්පාර.දයා ගමගේ මහත්මයා අම්පාරට ව්‍යාපාරිකයෙකු වශයෙන් ඉතාම වැදගත් පුද්ගලයෙක්.දේශපාලනය අතිනුත් හොද මහත්මයෙක්.දයා ගමගේ මැතිතුමාට අම්පාරේ ආයතන 2 තියෙනවා. 3500 විතර සේවක පිරිසක් ඇති කියලා හිතනවා.අලුතින් ඉදිකළ දෙවන ආයතනයේ ඔය ප්‍රශ්නය කියන්නේ.දැන් ඕක ඉදිකරලා අවුරුදු 5-6 විතර ඇති.ඕක හදන්න ඉස්සෙල්ලා ඔතන මඩ වගුරක්.දැන්ද නාගරික සංවර්ධන අධිකාරියට ඔතන අනවසර ඉදිකිරීමක් වුනේ.ලංකාව කවදා දියුණු වෙයිද. (නි)
මේවා දේශපාලන පලි ගැනීම් මිසක් වැදගම්මක් නැති වැඩ. ආණ්ඩුවට අයිති නම් උසාවි යන්න ඕනේ නැහැ ඔහුට බදු බල පත්‍රයක් දෙන්නයි තියෙන්නේ. එතකොට කර්මාන්තයත් . ඉඩමත් දෙකම ආරක්ෂා වෙනවා. කාලයත් මුදලත් ඉතුරු වනවා.(නදී)
මේ බන්දුල පෙරේරා ,තමුන් මෙන්න මේ ටික හොදින් දැන ගන්නවා , දයා ගමගේ කියන්නේ මහත්මයෙක් මිසක් ඔය තමුන් උන්ගේ ඉදුල් කන ජාතියේ මහත් හොරෙක් නොවන වග මේ ආත්මෙදි වත් අමතක කරන්න එපා .(නදී)
අජිත් , ඔයා හරි මම ඔයාගේ අදහස අනුමත කරනවා .(නදී)
බන්දුල පෙරේරා මෙතන්දී ඔබ කියනදේ නිවැරදියි .ඇයි මේ මොලේ රතු පස්වල කොම්පැනි සිද්ධියෙදි වැඩ නොකලේ ?මොකා කලත් වැරදි දේ වැරදියි කියන්න කොන්ද කෙලින් තියෙන්න ඕන .(දී)
දයා ගමගේ ආණ්ඩුවේ උනානම් මොකුත් නැහැ ශක්තිමත් විපක්ෂයක් නැති කමින් තමයි මේ ඔක්කොම . (දී)
අපි මේ ගැන සොයා බලනවා. වහාම ගින්න නිවන්න උපදෙස් දීල තියෙන්නේ. කිසියම් අක්‍රමිකතාවයක් සිදුවී ඇත්නම් ඒගැන සොයා බල වගකිව යුතු අයට නිසි දඩුවම් දෙන්න කටයුතු කරනවා. (දී)
නඩුව දිනයිද පරාද වෙඉද මන්ද?සමහරවිට දිනයි බිරිය පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් නේ .............සේවක සේවිකාවෝ ටික ගැන නම් දුක හිතෙනවා ඇත්තටම . (දී)
රැකියාවල් දීම හොඳයි. නමුත් දැන උගත් පාර්ලිමේන්තු මන්ත්‍රීනියන් හා දැන උගත් අය මේවා කරන කොට අනිත් අය මොනවා නොකරයිද? (ස)
දයා ගමගේ කියන්නේ දුප්පත් කමේ ජීවිතය ජයගෙන අනික් දුප්පත් මිනිසුන්ට ජීවිතය ගෙනියන්න මහඟු සේවයක් කරන මිනිසෙක්. මෙම ඇඟලුම් කම්හල නතර කලොත් එතුමාට වැඩ පවුල් 2000ක්ගෙ ජීවනාලිය වනසනවා නේද? . අපේ රටේ පාලකයෝ ඇයි මේ තරමට හිතාගන්න බැරි වැඩ කරන්නේ. (ස)
පක්ෂ පාට බේදයෙන් තොරව දහස් ගණනකගේ රැකියාව අහිමිවෙනවා කියන්නේ පවුල් කියක් අනාත වෙනවාද?අද රටේ තියන ආර්ථික තත්වේ අනුව මේ ආයතනය වසා දැමුවොත් මේ මිනිස්සුන්ට මොකද වෙන්නේ?විශේෂයෙන් අම්පාර වගේ දුෂ්කර පැත්තක.මම නම් දකින විදිහට ගාමන්ට් එකත් බේරාගෙන ළමයින්ගේ රැකියා ටිකත් බේරලා දෙන්න තියෙන්නේ එක විකල්පයයි? තීරණය මන්ත්‍රීතුමා අතේ. එතකොට මේ සියලු කරදර ඉවරයි නඩුත් නැහැ මුකුත් නැහැ (නි)
අයියෝ ලාල්, ඕක තේරෙන්නේ නැද්ද? (නි)
ඇයි මේ තාමත් දේශපාලන අඩත්තේට්ටම්. කවදා මේවා ඉවර වෙයිද ? (ස)
හෙට අපි සීගිරි ගලේ ඇගලුම් කම්හලක් දාලා සීගිරියේ මිනිසුන්ට කන්න දීලා, අනිද්දට සිරිමා බෝධිය ළඟ එකක් පටන් ගමු. අනුරාධපුරේට කන්න දෙන්න. ඔන්න නඩු දානවා හෙම නෙවෙයි හොඳේ. (ස)
ඔය මහත්මයා ගැන මම දන්නවා. එතුමා හොද මහත්මයෙක් ඒ වගේම කවදාවත් තමන් යටතේ සිටින උප කොන්ත්‍රාත්කරුවන්ව රවටන්නේ නැතුව මුදල් ගනුදෙනු කළා.හොද මහත්මයෙක් බොහොම විවෘතව කතා කරන කෙනෙක්. සියලු දෙනාටම ජයවේවා! (නි)
ඉඹින්න බැරි අත හපා කනව කියන්නෙ ඔන්න ඕකට තමයි.. දයා ගමගේ විතරයි අනික් පැත්තට ගන්න බැරි උනේ.. රටට ගියපු කලක්.. (දී)
අරක්කු පෙරනව කියල හිගුරාන අරං අද ඒකෙ ගහනව වොඩ්කා. මෙහෙව් රටක්. අර බන්දුල කඩේ යන ජොබ් එකෙන් දැන් නිවාඩුද දන්නෑ. (දී)
මෝඩ අදහස් දාන්න එපා. අනවසර ගොඩනැගිල්ල කැඩුවා කියලා රස්සා නැති වෙන්නේ කොහොමද? මේක අධිකරණ තීන්දුවක්. හැම දෙයටම දේශපාලනේ ගාවා ගන්නේ මෝඩයෝ. (ස)
පුද්ගලයා, පක්ෂ, පාට, ජාතිබේද , කුල ගැන නොසලකා අධිකරණයෙන් සාධාරණ තීන්දුවක් ලැබේවි යැයි මාගේ විශ්වාසය.. (දී)
මේවා ගැන කතා කරලා වැඩක් නැති නිසා මම කතා කරන්න යන්නේ නැහැ (දී)
බලාසිටිමු නිහඩව අපි
රටට වටිනා මිනිස්සුන්ව රැක ගන්න ඕන කාලේ. ඒ වගේ මිනිස්සුන්ට ගහලා වට්ටන එක, රටටම කරන නින්දාවක්. (ස)
පව් වැඩේ මේ මිනිස්සුන්ගේ රැකියා ... (ස)
මට ඔබ ගැන කනගාටුයි (දී)
ඔය කර්මාන්තශාලා සහ වෙනත් ඉදිකිරීම් පිළිබඳව නීති අනුමත කරන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න අයම නේද? (ස)
ලංකාවේ වෙන වැඩ ගත්තාම කතා කරලා වැඩක් නැහැ (දී)
වෙන රටවල් වල ආයෝජකයෝ පිළිගන්නේ අක්කර දහස් ගණන් ඉඩම්, බදු ලිහිල් කිරීම් වගේ බොහෝ සහන දීල ..ඒකට මෙහෙ ..රටක් දියුණු වෙයිද ඉතින් (දී)
මහත්තයෝ ව්‍යාපාරය බෙර ගන්න මොකද අපි මීලගට ගන්න ඕන පියවර
වරුණල වැලිවේරියේ කර්මාන්ත ශාලාව වහන්නලු..මේක අරින්නලු..දෙකේම රස්සාවල් කරන්නේ මිනිස්සු තමය්..නීතියට පිටින් යමක් වෙනවනම් එක රතුපස්වලටත් එකය් අම්පාරටත් එකය්. මේක අනවසර ඉදි කිරීමක්නම් මේක මෙතනින් ඉවත් කර ගෙන වෙන තැනක පිහිටුවන්න දයා ගමගේට බැරිද..නිකන් බය්ලා කියන්න එපා මහත්තයෝ..දයා ගමගේට අමුතු නීතියක් රටේ නැහැ..කව්රු කලත් වරද වරදමය්.ඉදිකිරීම අනවසරනම් දයා ගමගේ එ ගැන නොදෙන ඉන්න එයා තොත්ත බබෙක්ද.. තීන්දුව තමන්ට වාසි උනොත් එතනත් ගොඩ..අනවසර ගොඩනැගිල්ලට නිත්‍යානුකුල බාවය ලැබෙනවා.. තීන්දුව ඒක නොවුනොත් ගාමන්ට් ඒක වහල මේ මිනිස්සුන්ගේ රැකියා අහිමකලා කියල රජයට එ වගකීම පවරලා මිනිස්සුන්ගෙන් ආණ්ඩුවට බැනුම් අස්සවනවා .. (දී)
වැලිවේරියේ නේද කර්මාන්තශාලාව වහන්ඩ කියල ජනතාව ඉල්ලුවේ..ඒක වහන්නේ නැතිව ඒ වෙනුවට මේක වහල දානවා ඇති. එතකොට වැලිවේරියේ ප්‍රශ්නයත් ඉවරයි නේ ..කොහොමද පුංචි මොලේ (දී)
අපි එකා පිට එකා මැරුණත් මේ රට යන අත නවත්තන්න බෑ. ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ බලන් ඉන්නයි තියෙන්නේ. (ස)
බුද්දිමත් සම්පත් වෙත, ඔය ගොඩනැගිල්ල අනවසර එකක් කියලම කියමු. එතකොට සම්පූර්ණ ගොඩනැගිල්ල එක පාරට අහසෙන් ගෙනත් බෑවෑ කියලද කියන්නේ? ඇයි මුලින් මුකුත් කලේ නැත්තේ? මට වයස අවුරුදු 28යි. ඒ 28ම මං අම්පාරේ. ගාමන්ට් එකේ වැඩ කරලා ජීවිත ගැට ගහගන්න පවුල් ප්‍රමාණය දන්නේ අපි. අපි නෙමෙයි සම්පත් හැම දේටම දේශපාලනේ ගා ගනේ. රටේ ලොකු ලොක්කෝයි, කඩේ යන ඔහේලයි. (දී)