අම්පාරේ පැවති දැයට කිරුළේදී රුපියල් ලක්ෂ 390ක් වංචා කළැයි කියන ප්‍රධාන විධායක නිලධාරිනියට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද නියෝග කළේ රහස් පොලීසියට ප්‍රකාශයක් කරන ලෙසයි.
තමන් අත්අඩංගුවට ගැනීමට යතියි කාන්ති ගුණවර්ධන නම් එම ප්‍රධාන විධායක නිලධාරිනිය විසින් ඉදිරිපත් කැරුණු අපේක්ෂිත ඇප අයදුම්පතක් සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.
ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව යමින් මෙම මුදල් වංචා කර ඇතැයි රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය තරම් උදහසට පත්වෙන්න මොකක්ද මෙතුමිය කරලා තියෙන වැරැද්ද ?(නදී)
මෙයා මම දන්නා හැටියට බොහෝම පුංචි තැනක ඉඳල ආපු කෙනෙක්. හැබැයි දැන් හැසිරෙන්නේ බොහොම ලොකුවට හිතලා.(නදී)
මේවට නීතිය තදින්ම ක්‍රියාත්මක කරලා මහජනයාට සිදුවුන අසාධරනකම්වලට උපරිම දඩුවම් ලබා දිය යුතුයි.(ස)
දැයට කිරුල දැන් ජනතාවට කටු ඔටුන්නක් වෙලා. (නි)
අනිත් අයට හොඳනම් මට මොකද කියල හිතන්න ඇති. (ස)
කලබල වෙන්න එපා. එයාලා ඒක බලාගනීවි. (නි)
"තමන් අත් අඩංගුවට ගනීවි යැයි සැකයෙන් අපේක්ෂිත ඇප ඉල්ලීම" මා නම් මෙය දකින්නේ හොරාට ඉස්සෙල්ලා කෙහෙල් කැන වැට පැන්නා වගේ කියායි. (නි)
මෙතරම් මුදලක් තනියම් යටි මඩි ගහන්න පුලුවන්ද? මේ මුදල නාස්තියට අමතරව සිදු වූවකි (නි)
රහස් පොලිසියට යවලත් මදි (දී)
මට මතක නැහැ කියලා කිව්වා නම් හරිනේ නෝනේ. (නි)
ඔය කිරුලවල්, නැගුමවල් ගේන්නේ අපට් ආදරේටද? තම තමන්ට කිරුළු පැලද ගන්න මිසක් ලොක්කි ගහපු වගේ කොටස් සමසේ බෙදිලයැ. කට්ටියටම හෙට අනිද්දා වෙනකොට නඩුව කොහේ යාවිද දන්නේ නේ අන්තිමට ලොක්කි නිදහස්.(නදී)
අද කාලේ වෙන වැඩවල හැටියට මේක මීටර් 390ක මෝය කටෙන් පොල් ලෙල්ලක් ගියා වාගෙ කියලා එයාට හිතෙන්න ඇති! (නි)
මුල ඉදලාම ජනතා මුදල් වංචා කරලා ස්විස් බැංකුවල තැන්පත් කරපු අය ගැනත් හොයා බලා රටේ ජනතාවට දැන ගන්න සැලැස්සුවා නම් තමයි නේද දැයට කිරුලෙ වටිනාකම තව වැඩි වෙන්නෙ? (නි)
මහජනතාවට සුබ අනාගතයක්...?? (නි)
සෞදියේ 200 අනාත වෙලා ඉන්නවා, ගුවන් ටිකට් ගන්න සල්ලි නැතුව. මෙහෙ 39000000 යටිමඩි ගහගෙන. මේ වගේ අයට අරාබියේ නීති මගින් දඩුවම් කරන්න ඕනැ. ප්‍රදර්ශනයෙන් මෙයා විතරක් මෙච්චර මුදලක් ගසා කනවා නම් අනිත් අය ගසාකාපු මුදල් කොපමණ ඇද්ද? ප්‍රදර්ශනය නිසා කොපමණ මුදලක් නාස්ති වෙන්න ඇද්ද? (නි)
වෙලාවට වැඩ ඉවරකරලා විවෘත කරන්න නොලැපුනානම් කියයි ඇයි ටෙන්ඩර් පටිපාටිය පැත්තකට දාලා ඉක්මනට යැඩ ඉවර කළේ නැත්තේ කියලා. තැලෙන යකඩෙ හැමදාම තැලෙනවා.(නදී)
රාජපාක්ෂිකව ඉන්නවා නම් මිනියක් මැරුවත් තනතුරේ ඉන්න පුළුවන්. එහෙම නැති උනොත් මෙහෙම වෙනවා. ලොක්කට කියල බලන්න.(නදී)
දැයට කිරුල ලොක්කා කවද්ද රහස් පොලිසි ගෙන්නේ ?(නදී)
ඕක ඉතින් ආය අහන්න හම්බ වෙන් නැහැ. ඔකොම එකතුවෙලා ජනතාව බබාලා කරලා ඉවරයි.(නදී)
මේ ලක්ෂ 390 කාට කාට බෙදුනද දන්නෙ නැහැ. (නි)
මේ වැරැද්දට එයා වගේම එයා සමග වැඩ කළ බොහෝ දෙනේක සම්බන්ධ ඇති. (නි)