අම්පාර දැයට කිරුළ හිටපු ප්‍රධාන විධායක හා අතිරේක ලේකම්වරියක වන කාන්ති ගුණවර්ධන අපේක්ෂිත ඇප අයදුමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියට අද ඉදිරිපත් කළාය.
දැයටකිරුලේදී සිදුවීයැයි කියන රුපියල් හාරකෝටියකට ආසන්න මුදල් වංචාවක් සම්බන්ධයෙන් රහස් පොලීසිය ඇය අත්අඩංගුවට ගැනීමට සැරසෙති.
රහස් පොලීසිය අධිකරණයට දැන්වූයේ අමාත්‍යංශ ලේකම් එච් එම් ගුණසේකර මහතාගේ පැමිණිල්ලක් මත එම මුදල් වංචාව පිළිබඳ රහස් පොලිස් පරීක්ෂණ ඇරැඹූ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් බවලත් උදවියත් මහ හොරකම් කරන්න පටන්ගෙනද? (අ)
මෙවැනි පරපොශිතයන්ව හොදින් මර්දනය කරමු. (අ)
මෙයා තල්මෙස්සෙක්ද? (අ)
අපේක්ෂිත ඇප දෙන්නත් කලින් ඇප කලින්ම ඉල්ලනවා කියන්නේ එයා වැරැද්ද කරලම ඇති නේද? (නි)
පුහුල් හොරා කරෙන් දැනේ .(නදී)
තව කොච්චර කට්ටිය ගහලා ඇද්ද? ඇමතියෝ... එයාලගේ ගෝලබාලයෝ.... (නි)
දැයට කිරුළද? ඇයට කිරුළද? දැයට කිරුළ මෙහෙමනම් දිවි නැගුම කොහොම වෙයිද?(නදී)
මෙන්න තවත් ආශ්චර්යයේ කිරුළක්. අපිට ආදරේට තමයි ඔය හැම කිරුලම තියන්නේ. (නි)
ඔය පැත්තේ අහිංසකයන්ට දෙන්න තිබුන වැසිකිලි පෝච්චි සල්ලි වලටත් විද්දෙත් එයා බවයි ආරංචි..(ස)
බලනකොට දැයට නොවෙයි කිරුල හිමි ලොක්කිට නේ? (නදී)