කොළඹ නයනාරෝග්‍යශාලාව (ඇස්වාට්ටුව) ඇතුළු ප‍්‍රධාන රෝහල් ගණනාවක අධික සීනී සහිත කැෆේන් අඩංගු කෝපි පානයක් අලෙවිය සඳහා ඉඩ ලබාදී තිබීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත තම විරෝධය පළ කර සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
සීනි භාවිතය අවම කිරීම සඳහා අමාත්‍යාංශය විධිමත් වැඩපිළිවෙළක් ක‍්‍රියාවට නංවා ඇති බව සිහිපත් කරන එම ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පෙන්වා දෙන්නේ ඊට සමගාමීව අධික සීනී සහිත පානයක් වන එම කෝපි පානය අලෙවිය තහනම් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ක‍්‍රියා කළ යුතු බවයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා පැවසූයේ රජයේ රෝහල් ආපනශාලාවල වැඩි සීනි සහිත කෝපි පාන වර්ග අලෙවි කිරීම සඳහා අවසර ලබා දී ඇත්ද යන්න පිළිබඳ සොයා බලන බවත් එවැනි අවසරයක් ලබා දී ඇත්නම් එය වහාම අවලංගු කිරීමට පියවර ගන්නා බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩි සිනි නම් ලෙඩා දැන ගන්න ඕනි නොබී ඉන්න. අනික මැෂිමක් තිබුනා කියලා ලෙඩ්ඩු ඉන්න ඕනි ලෙඩ්ඩු විදිහට. දියවැඩියාව තියෙන අය කට ප්‍රවේසම් කර ගන්න ඕනි. (ර)
නෙස්කැෆේ නෙස්ටී නැතිව කොළ කැඳ බොන්නද කියන්නේ (බ)
අනේ මන්ද දැන් ලංකාවේ තියෙන නීති දිහා බැලුවම තව ඉස්සරහට වැරදියට හුස්ම ගත්ත කියල , හුස්ම ගන්න එකත් නතර කරන්න කියයිද මන්ද? (බ)
වසවිස වලින් තොර ආහාර අපි කාටත් යෝගය්‍යයි. රොහල් වළින් ගුණ නැති ශරීරයට අහිතකර ආහාර ඉවත් කිරීම සුදුසුයි. ඒක පාරිභෝගික අයිතියක් (නි)