බදුල්ල බදුලු පිටියේ දී දුරකතන කණුවක් කඩා වැටී පාරේ ගිය ශිෂ්‍යාවක් තුවාල ලැබූ අතර ඇගේ යෙහෙළිය අනූනවයෙන් බේරුණාය. මේ දෙදෙනා බදුල්ල උසස් තාක්ෂණ ආයතනයට යද්දී එම කණුව කඩා වැටී ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙලාව ආවම ෆෝන් කණු නෙමෙයි නෙළුම් කුළුණ උණත් කඩා වැටෙන්න පුළුවන්..වෙලාව ටිකක් බලව ගන්න...බෝධිපූජාවක් තියන්න... (ස)
අරුණ හරි. ලංකාවට මේ දවස් වල තියෙන්නේ 'බාල' ගිරි දෝෂය. (නි)
අපේ පැත්තෙත් දිරපු කණු තියෙනවා.. කණුවෙ අංකයත් එක්ක දැන්වුවා..මේකෙ ඉන්න අය ඒ ගැන පියවරක් ගත්තෙ නැහැ...!!(නු)
ෂුවර් එකටම දැන් මේකටත් උද්ඝෝෂණයක් කරාවි. (නි)
මේ වගේ දේවල් කරන කොන්ත්‍රාත්කරුවන් ඇල්ලිය යුතුයි. (නි)
මම වැඩකරන්නෙ කටාර්වල.. මෙහෙ යම් කිසි දෙයක් උනානනම් මේක කොන්ත්‍රාත්කරුවා ජීවිතකාලයටම තහනම් කරන අතර දැඩි දඩුවම් දෙනවා..!!(නු)
මේ කනුව කඩා වැටිලද? ඉදිරිලා වැටිලද දන්නේ නැහැ, ගැලවිලා වැටිලා නම් අනිවාර්යයෙන්ම මේ ආයතනයට විරුද්දව නීතිමය පියවරක් ගත යුතුයි, ගැඹුරට හිටවල නැති නිසා. නිකන්ම කඩා වැටිලා නම් කණු නිපදවන ආයතනයේ ප්‍රමිතිය ගැන පරීක්ෂා කරලා ඒ ආයතනයට විරුද්ධව නීතිමය පියවරක් ගත යුතුයි. (නි)
ගන්න පඩියට හරියට වැඩ කරානම් අහිංසක දරුව කරදරේ වැටෙන්නේ නෑනේ.. (ස)
බලන්න කණුව හිටවලා තියන ගැඹුර, ඉතින් මෙහෙම අයද මේ වර්ජන කරන්නේ.මෙයලටද තව වැඩි පඩි දෙන්න ඕන.ඒකතමයි මම හැමදාම කියන්නේ අපේ අය බලාගෙන ඉන්නේ කන්න විතරයි.තමන්ගේ කාර්යභාරය හරියට කරන්නේ නැ.දැන් කියන්න පුළුවන් මේක අපේ වැඩක් නොවෙයි උප කොන්තරක් අයගේ වැඩක් කියල.එහෙම උනත් වගකීම තියෙන්නේ මණ්ඩලයට.වර්ජන කරනවා වගේ මේවටත් දඬුවම් දෙන්න ඕන.හැමතැනම බාල වැඩ.කොහොමටත් මේදේවල් කතා කරන්න පළාතේ ඇමතිවරුන්ට පළාත් සභාවට එන්නත් වෙලාවක් නැනේ. (ස)
මේකට කවුද වගකියන්න ඕන... (ස)
අපේ රටේ පගා ගැහිල්ල නිසයි කොන්ත්‍රාත්කරුවන් බාල වැඩ කරන්නේ. ඉන් පීඩාවට පත්වන්නේ මහජනතාව. දැරියට ඉක්මන් සුවය ලැබේවා! (නි)
බාල වැඩ, බාල ඉන්ධන, බාල බෙහෙත්, බාල දුම්රිය.... මේ කට්ටිය කවදා බාල ඉවරකරයිද දන්නේ නැහැ. (නි)
ඇත්තටම කණගාටුයි..!!(නු)
මොනවා උනත් දරුවෝ දෙන්නා වාසනාවන්තයි... (ස)
බොහොම කණගාටුයි.... (ස)
මේ ආයතනයට විරුද්ධව නීතිමය පියවරක් ගන්න..(නු)
කොන්ත්‍රාත් කරුවන්ගේ බාල වැඩ . කාණුව ආදී 1.5 කට වඩා යටට හිටවල නැහැ. පව් අහිංසක ළමය . ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු. (ස)