IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


දරුඵල ලබන්න ආයුර්වේදයේ උදව්

(ආයුර්වේද විශාරද පණ්ඩිත වෛද්‍ය ආර්.ඒ.ඩී.එච්. රණසිංහ)

දරුඵල අහිමිවෙන්නේ කාන්තාවන්ගේ දුර්වලකම් නිසාම නොවේ පුරුෂයන්ගේ ද විවිධ දුර්වලකම් ඇත. රියදුරු අසුනේ බොහෝ වේලාවක් සිටීම, දෙදෙනාගේ අසමගිකම් නිසා මානසික රෝගද බලපායි.

වර්තමානයේ බොහෝ අඹුසැමියන්ට ඇති ප්‍රධාන ගැටලුව වන්නේ දරුඵල අහිමි වීමයි. මෙසේ දරුඵල අහිමිවීමට බොහෝ හේතු කාරක පවති. ශාරීරික මානසික හා පාරිසරික හේතු පවා දරුළුල අහිමි වීමට බලපෑ හැකියි.

 

කාන්තාවන්ගේ වරදම නොවේ.

දරුඵල අහිමි වීමට කාන්තාව පමණක් වගකිව යුතු බව මෙරට සමාජයේ මුල්බැසගත් මතයකි. ‘වඳගැහැනිය‘ වැනි වදන් වලින් දරුඵල අහිමි කාන්තාව මානසිකව පහළට ඇද දමයි.  සත්‍ය වශයෙන්ම කාන්තාව මෙන්ම පිරිමියාතුළද  දරුඵල අහිමි වීමට අදාල හේතු කාරක  තිබිය හැකියි. මේ අනුව එකී හේතු කාරනා සොයා බලා නූතන වෛද්‍ය විද්‍යාත්මක ක්‍රහ හරහා   මෙන්ම විශේෂයෙන් ආයුර්වේදයේ විශේෂ වෛද්‍ය ක්‍රම හරහා ද විසඳුම් ලබාගත හැකියි.

රෝගයක් නොව දුර්වලතාවක්

එසේම දරුඵල අහිමිවිම යනු දුර්වලතාවත් මිස රෝගයක් නොවන බවද ප්‍රකාශ කළ යුතුය.  දරුඵල අහිමි පුද්ගලයන් රෝගීන් ලෙස  හැඳින්වීම ද කිසිසේත්ම නොකළ යුතු දෙයකි. පොහොර ජලය, හෝමෝන ලබාදුන් විට පල නොදරන ගස් පවා ඵල දැරිය හැකි වෙනවා සේම දරුඵල අහිමිවීමට නිසි ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඉහළ ප්‍රතිඵල ලබාගත හැකිය.

දරුඵල අහිමිවීමට අඹුසැමියන් අතර අඬදබර ගැටුම් ඇති වීමද බලපානු ලබනවා. මෙකී සියලු ගැටලුවලට නවීන විද්‍යාවේ මෙන්ම ආයුර්වේද  වෛද්‍ය විද්‍යාවේද සාර්ථක ප්‍රතිඵල ලබා දෙන ප්‍රතිකාරක්‍රම තිබෙන බව නොරහසකි.

මවු පදවියට සුදුසුකම්

ගැහැනු දරුවකු වැඩිවියට පැමිණි පසු ඇය හඳුන්වන්නේ ‘‘සෘතමතී‘‘ තත්ත්වයට පත් වු යුවතියක් ලෙසයි. වැඩිවියට පත් වීමත් සමගම ඇයට ප්‍රජනන ශක්තිය හෙවත් දරුවකු ලැබීමට ඇති සුදුසුකම සොභාදහම විසින් ලබා දෙයි.

දැන් ඔය දරුවකුගේ මවක් වෙන්න සුදුසුයි යන්න පණිවිඩය මල්වර වීමයි. එතැන් සිට දින 28කට වරක් ස්ත්‍රී බීජයක් මෝරා පිටවීම බීජාගමනය හෙත් මාස් ශුද්ධිය ලෙස හඳුන්වනු ලැබේ.  මෙම කාරිය අවුරුදු වයස අවුරුදු 45ක් පමණ දක්වා සිදුවිය හැකියි.

මේ අනුව කාන්තාවන්ට දරුවන් බිහිකිරීමට හැකියාව මෙම කාලයෙන් පසුව වියකී යනවා.  නමුත් ලෝකයේ ඉඳහිට 55-60ත් අතර දරුවන් බිහිකර ඇති බව වාර්තා වී ඇති බව පෙනේ.

දරුඵල අහිමිකරන හේතු

කාන්තාවන්ට දරුඵල අහිමිවීමට බොහෝ හේතු කාරනා පවතී. ඒ අතර ශ්වේදකත් ප්‍රදරය හෙවත් සුද යාම, සුදයාවේදී ශරීරයේ ඇති පෝෂණ කොටස් පිටවී යාම සිදුවන නිසා ශරීරයේ කෘෂවීම ආදී විවිධ දුර්වලතා මතුවිය හැකි වේ.  මේ හේතු කාරනා නිසාත් දරුඵල අහිමි විය හැකියි.

රත්ත ප්‍රදර හෙවත් අනවශ්‍ය ලෙස රුධිරය පිටවීම

කාන්තාවන්ට මාස්ශුද්ධිය සිදුවීම සාමාන්‍ය තත්ත්වයකි.  නමුත් පිලිවෙලින් දින 28කට වරක් මාස්ශුද්ධිය සිදු නොවීම,  මාස කීපයකට වරක් සිදුවීම අස්වාභාවික සිද්ධියකි.  නොනවත්වා වරින්වර රුධිරය පිටවීම භයානක රෝග රාශියක රෝග ලක්ෂණ විය හැකියි. පැලෝපීයන් නාල අවහිරතාවය,  ඊස්ට්‍රජන්  හෝමෝන අක්‍රිය වී  බීජ මේරීම නැවතීම, පිලිකා නොවන සුලුගැට ගර්භාෂයේ ඇතිවීම ආදී රෝග දරුඵල අහිමිවීමට හේතු වේ.

පුරුෂයන්ගේ ගැටලු

ඉහත සඳහන් කළ පරිදි කාන්තාවන් පමණක් නොව පුරුෂ පක්ෂයේ ඇති ගැටලු නිසාද දරුඵල අහිමිවීම සිදුවිය හැකියි.

1 පුරුෂ බීජ ක්‍රියාකාරී නොවීම

2 තරුණ වියදි ඇති වන කම්මුල්ගාය

3විවිධ දුරාචාර හා විෂ මත්වර්ග භාවිතය(මත්ද්‍රව්‍ය, දුම්වැටි, මත්කුඩු)

4 උෂ්ණ ස්ථාවල වැඩ කිරීම

5 නිතර තද ඇඳුම් ඇඳීම

6 පාරම්පරික පවුලේ බොහෝ දෙනකුට දරුඵල අහිමි වීම ආදි කරුණ බලපෑම් කරයි.

විශේෂ ආයුර්වේද ප්‍රතිකාර

ඉහත දී සියලුම දෝෂ සඳහා  ආයුවේද වෛද්‍ය ක්‍රමයේ විශේෂ ප්‍රතිකාර රැසක් තිබේ. මේ අනුව නූතන  වෛද්‍ය විද්‍යාව මෙන්ම ආයුර්වේදය ද එකී  ගැටලුවට ‘‘දිලීර‘‘ ආදී ගර්භාෂ ගත විවිධ රෝග හඳුනාගෙන  කළහැකි ආයුර්වේද ප්‍රතිකාර තිබේ.  ගෙඩි දියවීම සඳහා බෙහෙත් ලබාදීම, පිළිකා සඳහා ද නොවරදින ආයුර්වේද ප්‍රතිකාර ලබාදීම තුළින් ගර්භාෂ ගත රෝග මගහරවා ගත හැකියි.

පිරිමි අයටත් ප්‍රතිකාර

පිරිමි පාර්ශවයේ ඇතිවන ගැටලු සඳහා විශේෂ උපදෙස් ලබාදීම  හා දුරාචාර ආදී ගැටලුවලට මැදිවී සිටිනම් ඉන් මිදීමට ද උපදෙස් ලබාදීම මූලිකව සිදු කරනු ලැබේ.  ඉන්පසුව ප්‍රතිකාර ලාබදීම ආරම්භ කරනු ලැබේ. මෙහිදී මූලිකව වාජිකරන  ඖෂධ ලබාදීම හා රසායනික ඖෂධ ලබාදීමද සිදුකරනු ලැබේ.

ප්‍රතිඵල ස්ථිරයි.

පළමු මාසයේ සිට මාස හය දක්වා කාලයක් ප්‍රතිකාර සිදුකරති.  එහිදී ප්‍රතිකාර ලබන පුද්ගලයන්ගේ  සෞඛ්‍ය මට්ටම ශරීර ප්‍රමාණය, වෙනත් රෝග අනුව සහ පවුලේ පසුබිම අනුව ලැබෙන ප්‍රතිඵල මෙන්ම ප්‍රතිඵල ලැබෙන කාල පරාසය වෙනස් විය හැකිය. විශේෂයෙන්  සැමියා සහ බිරිය අතර පවතින සමීප  බවද ප්‍රතිඵල කෙරෙහි බලපායි. ඒ හැරුණු විට මාස 6කට පසුව මාසයක් ඇතුළත විශිෂ්ඨ ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකියි.

එසේම ආර්තවය සිදු වී දින 12 -18ත් අතර කාලය තුළ සැමියා හා බිරිය එක්වීම සිදුවිය යුතුයි.   එවිට සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි. එසේම කලවයස බලා විවාහ වීම, ලිංගික එක්වීම හරියාකාරව සිදු කිරීම හා වේලාවට ඖෂධ භාවිතය, හෝර්මෝන ගැටලු නිරාකරණය තුළින් සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි.  එසේම මෙහිදී කිවයුතු විශේෂ කරුණු කීපයකි.  අනවශ්‍ය පරිදි උපත් පාලන එන්නත් භාවිතය හා ගබ්සාව යන කරුණු මත ඉදිරියේදී දරුඵල අහිමි වුවහොත් එය විශාල ගැටලුවකට මඟ පෑදිය හැකි වීමයි.  එසේම උපරිම වයස අවුරුදු 45 දක්වා දරුඵල අහිමි වීමට ප්‍රතිකාර කළ හැකි අතර ඉන් පසුව නම් ප්‍රතිකාර ලබාදීමෙන් යහපත් ප්‍රතිඵල ලබාගත හැකියි.

ආයුර්වේද විශාරද පණ්ඩිත වෛද්‍ය ආර්.ඒ.ඩී.එච්. රණසිංහ

077 - 9526046

 



අදහස් (0)

දරුඵල ලබන්න ආයුර්වේදයේ උදව්

විජේතුංග Thursday, 15 September 2016 04:05 AM

හොඳ ලිපියක්

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 211 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1233 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 2424 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 109 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2687 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 6962 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38994 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25543 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 308 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1054 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 374 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site