අපොස උසස්පෙළ විභාගය හා සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පැවැති මාතර තෙලිජ්ජවිල රාජකීය විදුහල් මධ්‍යස්ථානයේ ගොඩනැගිල්ලකදී දස හැවිරිදි දැරියක කෙළෙසීම හා ඊට ආධාර හා අනුබල දුන්නැයි සැකපිට අත් අඩංගුවට ගත් පස් දෙනෙක් මාතර අතිරේක මහේස්ත‍්‍රාත් දුලානි අමරසිංහ මෙනෙවිය විසින් ලබන 14 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබූහ. සිවුදෙනෙක් රුපියල් ලක්‍ෂය බැගින් වූ ඇපමත මුදාහරිනු ලැබූහ. සැකකරුවන් නව දෙනාගෙන් පස් දෙනකු මත්පැන් බී සිටි බව අකුරැස්ස රෝහලේ වෛද්‍ය සී.වී.පී. සුනිල් මහතා වාර්තාවක් ඉදිරිපත් කැර ඇතැයි පොලිසිය මහේස්ත‍්‍රාත්වරියට දැනුම් දුන්නාය. දෙනිපිටිය, උඩුකාවේ කිරිත්ගොඩ ගමගේ බුද්ධික නුවන් කුමාර (30) නම් හිටපු ගුවන් භටයාද, දෙනිපිටිය කට්ටිය දුවේ බන්දුල හේවා පතිරණ නම් විභාග ශාලාධිපතිද, දෙනිපිටියේ බෝපිටිය මහ ගමගේ ඉන්දික සුරංග නම් මුරකරුද හල්ලල වැලිපිටියේ සරත් හේවාපතිරණ (17403) නම් අකුරැස්ස පොලිසියේ සැරයන්ද, තෙලිජ්ජවිල අකුරුගොඩ, පදිංචි කිරිත්ගොඩගමගේ ප‍්‍රදීප් කුමාර (56075) කොස්තාපල්ද (ගුවන් භටයාගේ සොහොයුරෙකි) රිමාන්ඞ් බාරයට පත් කළ අයවෙති. තෙලිජ්ජවිල කිරිමැටිමුල්ලේ පදිංචි දීයගහ වඩුගේ ධර්මතිලක (කනහලාගම විදුහල්ති හා විභාග සම්බන්ධීකරණ නිලධරයාද) පාලටුව දඹකොලේවත්තේ රංජන කුමාර වෙත්තසිංහ. (විභාග ශාලාධිපති) වියන්ගොඩ ආචාරිගේ චන්ද්‍රසිරි (විභාග ශාලාධිපති) හා කිරිමැටිමුල්ලේ පදිංචි චන්ද්‍රසිරි ජාතුංග දහනායක නම් මුරකරුද රුපියල් ලක්‍ෂය බැගින් වූ ඇප මත මුදා හළ අයවෙති. මේ සිවුදෙනා මත්පැන් බී නොසිටි බව වෛද්‍ය වාර්තාවේ සඳහන්වේ. අකුරැස්ස පොලිස් පරීක්‍ෂක මහීපාල පතිරණ මහතා විසින් සැකකරුවෝ මහේස්ත‍්‍රාත් නිල නිවසට ඉදිරිපත් කරනු ලැබූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වාගේ තිරිසනුන්ට ප්‍රසිද්ධියේ ඳඬුවම් කළ යුතුයි
මෙවැනි අපරාධවලට උපරිම දඬුවම් දිය යුතුයි.
ලෝක විනාශය ළග එනවා වගේ
මෙය ආදර්ශයට ගෙන නීති වෙනස් කර ඉතා ඉක්මනින්ම උපරීම දඩුවම් දිය යුතුයි.
ගරු ජනාධිපතිතුමනි, කිසි දිනක පාසලකදී මෙවැන්නක් සිදු වෙයි කියා මවි කෙනෙකු සිතන්නේ නැත. වැඩි ආරක්ෂාව සඳහා පාසල පිරිසිදු කිරීමට දරුවන් පවා රැගෙන එන්න ඇත්තේ. මමත් අම්මා කෙනෙකි. ඔබද පියෙකි. දෙන්න දැඩි දඩුවමක් ප්‍රසිද්ධියේ ලිහිල් කරනු එපා දඩුයම කවමදාවත්. ඒ දරුවාට හොඳ අනාගතයක් සඳහා සහයෝගය ලබා දෙන්න. සාසල් පිරිසිදු කිරීම සඳහා රජයෙන් මුදල් ගෙවා කම්කරුවන් යොදවන්නේ නම් මැනවි.
ස්ත්‍රී දුෂණය සහ කුඩා ගැහැණු / පිරිමි දරුවන් දුෂණය සම්බන්දව නීති ප්‍රතිසංස්කරණය කළ යුතුවේ .
මතට තිතට මොකද උනේ
දස හැවිරිදි දරුවා බබෙක්. කෝ විනය. වගකිව යුත්තනට අත් සෝදා ගන්න ඉඩ දෙන්න එපා. මත්පැන් සබන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ගයක් ගැනීමට.
මේ වගේ අයට අරාබියේ දඬවම්දිය යුතුය
හෙණ ගහන අපරාධයක් පුංචි එකීගේ ජීවිතයම කාළකන්නි කළා. මේ කාලකන්නියාට මොන ඳඬුවම දුන්නත් මදී
ජනාධිපතිතුමනි මේ අමනුස්සයාට නිසි දඬුවම් දෙන්න
ජනාධිපතිතුමනි මෙය ඔබගේ නෙත ගැටේවා!!!!!!!!!! මරණ ඳඬුවම ක්‍රියාත්මක කළයුතු කාලය එළැඹ තිබෙනවා මේ වගේ නින්දිත වැඩ කරන තිරිසන් මිනිසුන් සමාජයෙන් සදහටම තුරන් කළ යුතුයි
මේ වගේ වැඩට රූපවාහිනී මාධය වගකිය යතුයි පෞද්ගලික මාධ්‍යවල පෙන්වන කසිකබල් නාට්‍ය මේ අසික්කිතකම්වලට අනුබල දීමක් පුංචි ජීවිතයම කාළකන්නි කළ මේ වගේ අයට ප්‍රසිද්ධියේ අච්චු දිය යුතුයි
මව් පියන් තම දරුවන් රැක ගතයුතුයි කිසිවෙකු විශ්වාස කරන්න එපා
ගල් ගසා ප්‍රසිද්ධියේ මැරිය යුතුයි
මේ වගේ අයට අරාබියේ වගේ ඳඬුවම් දෙන්න ඕනෑ ජනාධිපතිතුමනි මෙය ඔබගේ නෙත ගැටේවා. මෙවුනට රජ කාළේ ඳඬුවම් දෙන්න ඕනෑ
මේ වගේ නින්දිත වැඩ කරන තිරිසන් මිනිසුන් සමාජයෙන් සදහටම තුරන් කළ යුතුයි
හෙණ ගහන අපරාධයක් පුංචි එකීගේ ජීවිතයම කාළකන්නි කළා. මේ කාලකන්නියාට මොන ඳඬුවම දුන්නත් මදී
දිය හැකි උපරිම ඳඬුවම දෙන්න
මරණ ඳඬුවම ක්‍රියාත්මක කළයුතු කාලය එළැඹ තිබෙනවා .. එය යහපත් සමාජයක් ගොඩ නැගිමට තිබිය යුතුම දෙයක් සමාව දිය යුතු සහ නොදිය යුතු වශයෙන් ලෙස වැරදි වර්ග කළ යුතුයි
@හිමාලි මහේෂිකා අමරසිංහ.......අනේ නෝනෙ... එක්තරා කාළකන්නි චැනලයක් තියෙනව. රාත්‍රී 7.30 ඉදන් 9.30 වෙනකම් පෙන්වන්නෙත් කසිකබල් ඒව තමයි. ඔය නෝන ඒව බලන නිසා එයට බනින්නෙ නැහැ නේද?
ඔහුට කළයුතු දේ සභ්‍ය භාෂාවෙන් කියන්න බෑ රටේ වැඩි හරියක් ඉන්නේ ඔය වගේ වනචර හැත්ත
මාතර පැත්තෙත් අමනුශ්‍යන් ඉන්න බව පේනවා
මේ වගේ වැඩට රූපවාහිනී මාධය වගකිය යතුයි පෞද්ගලික මාධ්‍යවල පෙන්වන කසිකබල් නාට්‍ය මේ අසික්කිතකම්වලට අනුබල දීමක්
දුක දැනෙන මරණයක් හිමිවිය යුතුයි
මේ වගේ අයට හෙන ගහන්න ඕනේ සක්කිලි හැත්ත
ඉතාම නින්දිත ක්‍රියාවක් දියහැකි උපරිම දඩුවම් දෙන්න