17 හැවිරිදි දැරියක අපයෝජනයට ලක් කළ බව කියන කොස්තාපල්වරයකු ලබන 23 දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේසත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය. කොම්පඤ්ඤවීදිය පොලිසියේ සමන් ප්‍රියංකර සැකකරුය. වැඩිහිටියන් නිවසේ නොසිටි අවස්ථාවේ ආ සැකකරු දැරිය එම වෑන් රියකින් ගාලුමුවදොර පිටියට රැගෙන ගොස් අතවර කළ බව උසාවියේ දී කියැවිණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක තමයි අපේ රටේ ආශ්චර්යය...!!
අනේ රටකට ගිය කලක්....!!
අනික් පැත්තේ අය ජයටම වැඩේ කරද්දි "අපි නිකන් ඉන්නේ මොකටද" කියලා මෙයාලට හිතෙන්න ඇති
ගෝල් ෆේස් එක පැයෙන් පැයට පරීක්ෂා කරන බව මෙයා පොලිසියේ වෙලත් දන්නේ නැද්ද?
වයස 18 ට අඩුනම් ගැණු ළමය කැමැත්තෙන් ආවත් ඒක නීතිය ඉදිරියේ සැලකෙන්නේ දූෂණයක් විදියට. අපේ ජනතාව නීතිය පිළිබද දැනුවත් නැති කමත් මේකට ඒක හේතුවක්.
16 නෙමෙයිද වයස සීමාව....
රජකාලෙ දඩුවම් යළි ක්‍රියාත්මක කළ යුතුයි...!!
අර සැරයන්ට දැම්ම වගේ බොරු පැමිණිල්ලක් ද දන්නෙ නෑ..
කොන්ද පණ තියෙන එක මනුස්සයෙක් හරි අදාළ පුටුවල ඉන්නවා නම් මෙහෙම වෙන්නේ නැහැ
වැටත් නියරත් නියරත් ගොයම් කයිනම්.......?????
මෙවැනි දුර්දාන්ත කාලපරිච්ඡේදයකට අපේ මාතෘ භුමිය පත්වීම පිළිබඳව මා පෞද්ගලිකව දැඩි සේ ශෝක වෙමි.දිගින් දිගටම මෙවැනි පුවත් වාර්තා වීමට හේතුව කුමක්විය හැකිදැයි සිතාගැනීමට වත් නොහැකිය.ඉතාම තිරිසන් ම්ලේච්ඡ සිදුවීම් දිවයිනේ බොහෝ පළාත්වලින් වාර්තාවේ. සමාජ සාරධර්ම හා සමාජ විනය සිඳීයාම මීට විශාල ලෙස ඉවහල්වී ඇති බවක්ද පෙනෙන්නට තිබේ. සමාජ ආකල්ප පිළිබඳ වගකිව යුතු පාර්ශව දැනුවත් කළයුතු අතර වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුමය. නීතිය ඉදිරියේ කවුරුත් සාධාරණය. මෙවැනි සිදුවීම් හරහා දැඩි සමාජ විනයකට සමාජය නතුකළ යුතුය යන අදහස මා සිතේ නූතනයේ දැඩිව තහවුරු වෙමින් පවතියි.නොමඟ නොයන්න. පිරිමි වන අපි තවත් පිරිමියෙකු කළ වරදකදී වුවත් සමබරව යුක්ති ගරුකව අපරාධකරුවන්ට දැඩි දඬුවම් පැමිණවිය යුතුයැයි කියද්දීම සමහර ස්ත්‍රීන්ම පිරිමි පාර්ශව බේරා ගැනීමට ඉදිරිපත් වීම හා ඒ සඳහා ප්‍රසිද්ධියේම අත්තනෝමතික ලෙස මුළු මහත් සමාජයම නොමඟයන අයුරින් හා වැරදි ආදර්ශයක් සමස්ත සමාජය වෙත ලබා දෙන අයුරින් අපරාධකරුවන්ටම දරදිය ඇඳීම මා හට නම් විශ්වාස කළ නොහැකිය. මෙවැනි දුර්දාන්ත ක්‍රියාවළ නොයෙදී සුචරිතයෙහි හැසිරෙන්න සියළු දෙනාටම සිහිය නැණ නුවණ ලැබේවා. තෙරුවන් සරණයි !!!
කොල්ලෙක් එක්ක ගොල් ෆේස් එකට ගිහිල්ලා මූදූ හුළං වැදි වැදි නිදහසේ කොහේ හරි කොණකට වෙලා කතා කර කර ඉන්න නැහැ. සැරින් සැරේට පොලිසියෙන් ඇවිල්ලා අපි මොනවද කරන්නේ කියලා බලනවා.ඒත් එයාලට හොඳයි හැම දේම කරන්න.අපිට විතරයි කරන්න හොඳ නැත්තේ. ඇයි අපිත් ඇට මස් ලේ වලින් හැඳිලා ඉන්න මිනිස්සු කියලා එයාලා හිතන්නේ නැත්තේ.
යුරෝපයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දෙස යුරෝපියයන් බලන්නේ බයෙන් වගේ.. මෙහෙ වෙන දේවල් නිසා..
සුභාෂිනි හරි. කෙල්ලක් එක්ක ගෝල් ෆේස් එකට ගිහිල්ලා මූදූ හුළං වැදි වැදි නිදහසේ කොහේ හරි කොණකට වෙලා කතා කර කර ඉන්න අපට තමයි බැරි. එන්න සුබා අපි දෙන්න මේ වැරැද්ද හදමු. (නි)
අපි නොදන්නවායැ පොලිසියේ අයගේ හැටි. (නි)
හේවාවිතාරණ, ඒ අය බයෙන් බලන්නේ ඔයගොල්ලෝ හැසිරෙන විදිය දැකලා මිසක් ලංකාවේ අපරාධ වැඩියි කියලා දැනගෙන නොමයි.පහුගිය කාලේ ලංකාවේ අපරාධ වැඩියි කියලා උද්ඝෝෂණය කළේ අපිද? (නි)
අනිවාර්යයෙන්ම නිදහස් වෙයි මට හිතෙන විදියට. (නි)
මෙහෙමත් රටක්. මොකද්ද මේ වෙලා තියෙන්නේ. ඇයි අපේ සිගිති පැටව් ටික විනාස කරන්නේ (දී)
පිරිමි අයගේ අසහනය වැඩි වෙලා තියෙන්නේ ගණිකාවන්ගෙ ඇති හිගකම නිසයි මම නම් හිතන්නේ.
එස්.එෆ් ඔබ සිටිය යුතු කාලයයි මේ...
පොලිසිය.... ලංකාවේ පොලිසිය........ ජනතාවගේ හිත දිනා ගත්තු........ ලංකාවේ අපෙ පොලිසිය........
ඔබ හරි මාමා
දැන්නම් රටේ විනයක් ඇත්තෙම නෑ.....
අනේ මන්දා, මේ පොලිසියේ අයට එක ගෑණු කෙනෙක් මදිද කියලා.
පී.සී. ව ගෝල් ෆේස් එකේ හිටෝලා වැලි ගහමු. ගෝල් ෆේස් එකේ කොතනද දන්නේ නැහැ මෙයා මේක කළේ?
මාමා, එස්.එෆ්. හිටියයි කියලා පිරිමින්ගේ පිරිමිකම නැති වෙනවද? නෑනේ.
මම නම් කියන්නේ ගණිකාවෝ සිටියහොත් ළමා අපචාර, ස්ත්‍රී දූෂණ අඩුවෙයි කියලයි.
හරි ඔය තියෙන්නේ පොලිසිය ක්‍රියාත්මක වෙලා..
මහ උන් හිටගෙන කරන දේ පොඩි උන් දුව දුව කරනවලුනෙ...නේද ?
කවුද අතවර කරන්න ගාලු මුවදොරට ගෙනියන්නෙ? ටිකක් සැක සහිතයි.
වයස 17 කියන්නේ දැනුම් තේරුම් ඇති වයසක්නේ. මේක නම් කැමැත්තෙන්ම වෙච්ච දෙයක් වගෙයි.
කවුද ඉතිං, අහවලා මිසක්.
දැන් බලද්දි දූෂණ කරන තරමක් කරන්නේ පොලිසියනේ.මෙහෙම අයව මරන්න වෙනම කණ්ඩායමක් නිර්මාණය කරන්න වෙයි.
කෝ අපේ තාත්තා ?????????????
අපි ටිකක් වෙලා ගෝල් ෆේස් එකේ හිටියොත් තමයි ඉතිං හැමෝම ඇවිල්ලා පරීක්ෂා කරන්න ගන්නේ
වෙන කේස් එකකට පලිගන්න කරපු බොරු චෝදනාවක් ද දන්නෑ. අපේ නංගිලා ඔහොම්මමනේ. කෝකටත් වෛද්‍ය වාර්තාවක් කැඳෙව්වොත් හොඳයි.....