මීගලෑවේ ව්‍යාපාරිකයාගෙන් පැහැරගත් දරුවා සොයා ගැනීමට පොලිසි හතක බලඇණි එක් පැත්තකින් වෙහෙසෙන අතර ගම් වැසියෝ බෝධි පූජා හා දේව පූජා පවත්වමින් දරුවා නිරුපද්‍රිතව මවුපියනට ලැබේවායි පුද පූජා පවත්වති.
පොලිසිය ගමේ මාර්ග වැව් අමුණු පිහිටි පැතිවල ද, වනාන්තරවල ද ලැබෙන හෝඩුවා ඔස්සේ පරීක්ෂණ පවත්වති.
වැදගත් හෝඩුවා කිහිපයක් ලැබී ඇතැයි පොලිස් ආරංචි කියයි.
දරුවා පැහැරගත් වේලාවේ සිටම අඬා වැලපෙන මව්පියන් , නෑදෑයන් සැනසීමට ගැමියෝ වැල නොකැඩී එති.
දරුවා සොයන්න පොලිසි හතක් එක් වේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරේ දාන්න කලින් පොඩ්ඩක් විතර සලකන්න ඕන. (අ)
මේවා කරන්නේ දරු සෙනහස නොදන්නා අය. මේ පුතාට පුතාට සියලු දෙවි රැකවරණයි! (නදී)
ජනාධිපතිතුමාගේ අවදානය යොමු වෙිවායි පතමු.(අ)
කෙනාව අල්ලලා ප්‍රසිද්ධියේ මරන්න. අනිත් අයට පාඩමක් ඉගන ගන්න.(අ)
නිදන් තියන තැන් වල පොඩ්ඩක් බැලුවනම් හරි , (අ)
මෙවගි දේවල් කරන මිනුසුනට කිසිම සමාවක් නැතුව කෙලින්ම එළුම්ගහ .. නියම වන්න ඔනේ. (අ)
දරු පැටියව කිසිම කරදයක් නැතිව නැවත දෙමුපියන් වෙත ලැබේවා (අ)
සම්මා සම්බුදු සරණින් මේ පුංචි දරුවට ඉක්මනින්ම ගෙදරට යන්නට ලැබේව.තිරිසන් මිනිසුන්ට දේව සාපය වේවා (අ)
මේ දරුවා ඉක්මනින් දෙමවුපියන්ට බාර දෙන්න මෙි පවුකාරයන්ගේ සිත් පහල වෙිවා! (අ)
පොඩි පුතා ඉක්මණට දෙමාපියන්ට ලැබේවා! (අ)
මේ දරුවා ඉතාම නිරුපද්‍රිතව ඉක්මනින්ම සම්මුඛ වේවායි පතමු...!!!(අ)
මේ දෙමාපියන්ගේ දුක් කන්දරාව ඔය මිනිස්සුන්ට පේන් නැද්ද?මං අපේ රටේ මිනිසුන්ගෙන් සහයෝගය ලබාදෙන්න කියා කාරුණිකව ඉල්ලා සිටිනවා .ජාති බේද ආගම් බේද නොසිතා පොලීසියට අපිත් සහයෝගය ලබා දෙමු .(අ)
අපේ පොලිසිය දක්ෂිණේ.මේකත් හොයා ගන්නවා විශ්වාසයි (අ)
ළමයව අරන් යන්න ඇත්තේ කරදරයක් කරන්න නෙමේ වෙන්න ඇති. මොකද නැත්තම් අම්මට තාත්තට ඔයිට වඩා දෙයක් කරලනේ ගෙනියන්නේ. (අ)
දෙවීයනි අනේ මේ දරුවා හැකි ඉක්මනින් දෙමව්පියන්ට තුරුලට ගෙනදෙන්න ,(අ)
මේ දරුවා සොයා ගන්න උදව් කරන්න. පව් එ් දෙමව්පියෝ මොන දුකක් උහුලනවා ඇද්ද ? (නදී)
අායමත් මේවගේ වැඩනොකරන්න කරන්න පුළුවන් උපරිමදේ කරන්න ඕනි.මේ දරුවාව සියලුමදෙවියෝත් බුදුගුණ බලයෙනුත්රැකදේවා. (අ)
කිසිම කරදයක් නොවී දරුවා හමුවේවා..... තෙරුවන්සරණ ලැබේවා...(නදී)
දරු පැටියව කිසිම කරදයක් නැතිව නැවත දෙමුපියන් වෙත ලැබේවා (දී)
දරුවා හොයාගත්තට කමක් නැහැ. දෙන්න ඕනි උපරිම දඩුවම් දෙන්න ඕනි. පුලුවන්නම් මරණ දඩුවම දෙන්න. අහිංසක දරුවන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරනවට. ඒ දරුවා කොච්චර නම් දුක් විදින්න ඇති ද? ඇයි මිනිසුන් මෙච්චාරම තිරිසන් වෙන්නේ. (නදී)
දරුපැටියගේ මුහුණ දකිද්දි ජයසිරි මහ බෝ සමිදුන් පිහිට වෙන්න ඇති. යක්කුන් වැනි මිනිසුන් සිටින මේ රටේ දෙවිවරු වගේ සිටින අයත් ඉන්නවා. දරු පැටියට පූර්ණ ආරක්ෂාව යොදන්න. මෙවැනි පාපතරයින්ගේ ඊළග ඉලක්කය කුමක් විය හැකිද කිව නොහැක. (නදී)
විසෙන් විස නැසීම ලංකාවේ අත්දුටු ප්‍රතිකර්මයක් වේ. දරුවන්ගෙන් කප්පම් සෙවීම නමැති උවදුර නැසීමට එය භාවිතා කරන ලෙස බලධාරීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ආර්ථික ප්‍රශ්න හා විරැකියාවෙන් පෙළෙන ජනතාව අතර මෙය තව තවත් ව්‍යාප්ත විය හැක (නි)
කෝම හරි හොයල කිසිම සමාවක් නැතිව නියම දඩුවම දෙන්න (නදී)
ඔය වගේ තිරිසන්නු අල්ලලා ප්‍රසිද්ධියේ ගල් ගහන්න (නදී)
දරු පැටියව කිසිම කරදයක් නැතිව නැවත දෙමව්පියන් වෙත ලැබේවා. මෙවැනි දේවල් කරන මිනුසුන්ට කිසිම සමාවක් නැතුව කෙලින්ම එළුම්ගහ නියම වන්න ඕනේ (නදී)
ජේසු පිහිටෙන් මේ දරුවා ඔයාලට ලැබෙනවා (නදී)
බුදුසරනින් හා දෙව්රැකවරණින් නිදුක් නිරෝගිව දරු පටියා ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා (නදී)
පුංචි මල් කැකුලට කිසිම කරදරයක් නොවේවා ! ආදරණීය අම්මේ තාත්තේ ඔයාලගේ පුතා ඉක්මනින් ඔයාල ලඟට එයි. ඔයලගේ පුංචි පුතාගෙයි හිත් රිදවපු ඒ පවුකාරයන්ට කල්ප 7 ක් ගෙවුනත් දරු කටහඩක්වත් නොඇසේවා! (නදී)
ප්‍රබාකරන් අල්ලන්න පුලුවන්නම් ආණ්ඩුවට මේවා බැරිද (නදී)
අනේ මේ අය මොකට මේ පොඩි ළමයා අරන් ගියා (නදී)
දරු දුක දන්නා සෑම කෙනෙක්ම මේ දරුවා සොයාගන්න උදව් කරන්න (නි)
තුණුරුවන්ගේ සරණින් ඒ අහිංසක දරුවාගේ ජීවිතය රැකේවා! (නි)
තෙරුවන් සරණින්,දෙවි පිහිටින් මේ දරුවාව ඉක්මනින් එම දෙමව්පියන්ට ලේබෙව! (දී)
ශ්‍රී විෂ්ණු දෙවිදුනි කතරගම දෙවිදුනි අහිංසක දරු පැටියා ලබාදෙන්න ඔබ වහන්සේලාගේ දිවැස් යොමු කෙරෙත්වා! (අ)
ඇයි මේ තිරිසනුන් මුකුත් නොදන්න පොඩි දරුවන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ? ලංකාවෙ හෑම පොලිසියක්ම එකතුවෙලා මේ පැටියාව හොයලා දෙන්න. පොලිස්පතිතුමනි,මේ වාගේ වැඩ කරන අය අල්ලාගෙන ඒ වෙලාවෙම දඩුවම් දාන්න. (නි)
පැහැරැ ගත් අයව එවලේම පරලව ලෝකයට යවන්න ඕන (අ)
දරු දුක දන්නේ දරුවන් සිටිනා මව් වරු සහ පිය වරු. මොවුන්ට ඇතිවු දුක මාහටද ඇතිවුයේ එහෙයෙනි. කිසිම හය හතරක් නොතේරෙන මෙම දරුවා පැහැර ගත් අමනුෂ්යන් වහාම අල්ලා දරුවා දෙමව්පියනට බාරදීමට සියලුම ලක් වැසියන් එකා මෙන් නැගී සිටිය යුතුය. දරුවා පහර ගත් අමනුශ්‍යන්ට උපරිම දඬුවම් ලබාදී අනාගතයේ මෙවැනි සිද්දීන් නොවීමට බලදාරින් කටයුතු කලයුතුයි (නදී)
මේ අහිංසක දරුවාට කිසිම කරදරයක් නැතිව දෙමව්පියන් ලගට එන්න සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.(අ)
මෙවැනි දේවල් නොකරන්න මෙයාල අල්ලා එල්ලා දාන්න ඕන . (අ)
මේ සසර බොහෝ නපුරුය.... මේ අහිංසක දරුවා පැහැරගැත්තවුන්ද අද ඒ නරා වලට වැටී ඇත්තාහ. මේ දෙමව්පියන්ගේ දැවෙන හදවත් සිසිල් වන්නට මේ දරුවා ඉතාම නිරුපද්‍රිතව ඉක්මනින්ම සම්මුඛ වේවායි පතමු...!!!(අ)
දරුවා පැහැර ගත් අය ආයුධ පෙන්නන්න ගෙනියන්න. (අ)
මුන් ටිකෙන් එකෙක් ඔය ගේ ලඟම ඇති වැඩිම උනොත් කිලෝමීටෙර් 4ක් ඇතුලේ ඉන්නවා දෙකක් නැහැ (අ)
මේ දරුවා බේරාදෙන්න දෙවියනි. (නි)
දරුවා දිනක් ඇතුලත ලබා දුනහොත් ඔවුන්ට විරුද්ධව නීතිය අනුව ක්‍රියා කරන බව දන්වන්න. නැත්නම් කවදා හෝ අසුවුන දවසක ආයුධ පෙන්වන්න එක්ක යනු බව දන්වන්න (අ)
අනේ ආරක්ෂක ලේකම්තුමනි, මේ දරුවා සොයාදෙන්න (නි)
ඉක්මනින් දරුවා නිරුපද්‍රිතව සොයාගන්න ලැබේවා! (නි)
මේක තමා රටේ සංවර්දනය. පාලකයින්ගේ පවුල්වලට මේ වගේ ප්‍රශ්න නැහැ නේද ? (නදී)
පවු අනේ දරුවාව ගත් කෙනෙක් ඉන්නවා නම් දැන්ම දෙමව්පියන්හට ලැබෙන්න සලස්වන්න පවු අහිංසක ළමයෙක් (නදී)
දරුවට කරදරයක් නැතිව ඉක්මනට දෙමව්පියන් ලඟට යන්න වාසනාව උදාවේවා.(නදී)
කිසිම උපද්‍රවයක් නොවේවා! සියලු දෙවි දේවතාවන්ගේ ආරක්ෂාව ලැබේවා! (නි)
අර පහුසිය දවස්වල ළමයෙක් නැතිවෙලා අඳුනෙන් බලලා හරියටම කිව්වා කියලා පත්තරේ තිබුනේ. අන්න ඒ අයට කියලා බැලුවා නම්! අද කාලේ මිනිසුන් මේ තරම් දරුණු වෙන්නේ කොහොමද කියලා හිතාගන්නවත් බැහැ. මෙහෙම ළමයි ගෙනියන අයට දරුවන් නැද්ද මන්දා! (නි)
පැහැරැ ගත් අයව එවලේම පරලව ලෝකයට යවන්නම ඕනි. මේවානම් මහා අපරාද. දරු පැටියට කරදරයක් නොවේවා (නදී)
අහිංසක දරුවෙක් උස්සන් යන තරමට ලංකාවේ ලකාවේ සමාජය පහත් මට්ටමට වැටීම ගැන හරිම කනගාටුයි. මමත් දරුවන් සිටින පියෙකු ලෙස ඉල්ලා සිටින්නේ දරුවා පැහැරගෙන ගිය කව්රු හෝ වේවා ඔයාලත් මේ ලෝකෙට ආවේ දෙමව්පියෝ නිසා ඔයාල පොඩි කාලේ අඬනකොට ඔයාලගේ අම්මල මොන තරම් දුක්වින්ඳද ඔයාල දන්නේ නැහැ නේද? දැන් බලන්ඩ ඔය පොඩි දරුවාගේ අම්ම මොන තරම් දුකකින් සිටිනවද කාගේ හරි උවමනාවකට දරුවා පැහැරගෙන ගියා වෙන්ඩ පුළුවන් කමක් නැහැ ඔයාලගේ දෙමව්පියන් ගැන හිතලා අනේ කරුණාකරලා ඔය අහිංසක දරුවා අාපහු ගිහින් දාන්න ඔයාලට පින්සිද්ද වෙනවා (නදී)
මේ දරුවා දෙමුපියන්ට නිරුප්‍රදිතව හම්බවෙන්න ඕනා (නදී)
ඇයි මේ තිරිසන් මින්ස්සු තව කෙනෙක් දාඩිය මහන්සියේ හම්බ කර ගන්න දේපොළ කොල්ල කන්නේ? (නදී)
අහිංසක දරුවෙකුටවත් අද නිදහසේ ජීවත් වෙන්න බැහැ (නදී)
අනිවාර්යෙන්ම දරුවා පැහැරගත් අයව හැංගූ ආයුධ පෙන්වන්න ගෙනියන්න ..... (නි)
මෙවන් අපරාධ කරන අයට හොඳක් නම් වෙන්න එපා (නි)
දැන් ඉවසුවා හොඳටම ඇති. මෙවන් තිරිසනුන්ව ගල්ගසා මරන නීති ගෙනෙන්න කාලය හරි (නි)
මෙම දරුවා ඉක්මනින් දෙවියන්ගේ රැකවරණයත්, මගේ ආශිර්වාදයත් එක්ක නිරුපද්‍රිතව සොයාගන්න ලැබේවා! (නි)
මට මේ දෙමව්පියන් දකිනවිට දැනෙන දුක අප්‍රමාණයි. දෙවි පිහිටෙන් දරුවා කරදරයක් නැතුව ඉක්මනින් සොයාගන්න ලැබේවා! (නි)
මේ රට වැටී ඇති ආගාදය පෙන්වන තවත් එක් අවස්ථාවක් මෙය (නදී)
මේ අහිංසක දරුවාට කිසිදු විපතකින් තොරව මව්පියන් ළඟට ඒමට වාසනාව ලැබේවා! (නි)
කෙසේ හෝ මේ දරුවා මව්පියන්ට නිරුපද්‍රිතව ලැබේවා! මෙවැනි දුකක් කිසිම දිනක කිසිම කෙනෙකුට නොමවේවා! (නි)
මොවුන්ට නම් ආයුධ පෙන්නලාත් මදි. (නි)
අනේ මේ තාත්තා කොචර අසරණ වෙලා ඇද්ද මේ වෙලාවේ? (නි)
හිරේ දාන්න ප්‍රථම මිනිසුන් විසින් කළයුතු සැළකීම කරන බව විශ්වාසයි (නි)
ජනපතිතුමනි, මේ ගැන ඔබේ අවධානය යොමු කරන්න. (නි)