(අංජුල මහික වීරරත්න)
ළමා අයිතිවාසිකම් පිළිබඳ සංයුක්ත පනත කෙටුම්පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මෑත කාලීනව සමාජයේ ඇතිවී තිබෙන විවිධ වෙනස්කම් හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සහ යහ පැවැත්ම තහවුරු කිරීම අභියෝගයක්ව පවතින බව රජය පවසයි.
දරුවන් විවිධ අපයෝජකයන්ට ලක්වීම ඔවුන් විවිධ අපචාරී ක්‍රියාවල යෙදවීම මෙන්ම ඔවුන්ට තම අයිතිවාසිකම් භුක්ති විඳීමට ඇති අවස්ථාවන් අහිමි වන අවස්ථාවන්ද බහුලව වාර්තා වී ඇතැයි රජය කියයි.
එබැවින් ශ්‍රී ලාංකික දරුවන්ගේ ආරක්ෂාව හා රැකවරණය තහවුරු කිරීම සඳහා දැනට පවතින නෛතික ප්‍රතිපාදන වලට අමතරව ළමා අයිතිවාසිකම් සම්මුතියේ සඳහන් සියලු අයිතීන් සුරක්ෂිත වන සේ සංයුක්ත පනතක් සම්පාදනය කිරීමට යෝජනා වී ඇත.
ඉදිරි 25 වසර මැයෙන් වන 2023-1-9 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයක් මගින් ළමා ආරක්‍ෂණ පනත නමින් නව පනතක් හඳුන්වාදීම සඳහා දැනටමත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව ළමා අයිතිවාසිකම් පිළිබඳ සංයුක්ත පනත් කෙටුම්පත සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා කාන්තා ළමා කටයුතු හා සමාජ සවි බල ගැන්වීමේ අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ
විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා
වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා
ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දරුවන් රකින්න නීතියෙන් ’’දඬුවැටක්’’