ඉදිරි මාස දෙක තුනකින් එළැඹෙන මහ මැතිවරණයේ දී තම දරුවන් හෝ සහෝදරයන් තරඟ නොකරන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති පොළොන්නරුවේ ග්‍රාම නිලධරයන් අමතමින් පැවසීය.
පවුල්වාදයෙන් ද, වංචාව දූෂණය හා අකාර්යක්ෂමතාවයෙන් ද තොර පාලනයක් රටේ ඇති කරණ බවට දුන් පොරොන්දුව ඇති කරන බව ද ජනපති කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඥානසාර හාමුදුරුවෝ කියපු දේ තමයි කියන්න වෙන්නේ. තව දුරටත් සිංහලකම තියාගෙන සිංහලකම කොන්ද කෙලින් තියෙන වැඩ කළොත් හොඳයි. නැත්නම් නිකන්ම නිකන් පඹයෙන් වගේ තමයි ඉන්න වෙන්නේ. ගමේ නම මාරු කරලා අම්බලන්ගොඩ පදිංචියට යන්න (බ)
දේශපාලනය කරන තරම් දැනුම්වත් දරුවන් හරි සහෝදරයන් හරි ඉන්න එපැයි දේශපාලනයට ගේන්න (බ)
ඡන්ද හම්බුවෙන්නෙත් නැහැ නේ (බ)
ඒක හොඳයි. මේ රටේ තිබුන පවුල් ගස් හොඳටම ඇති. (නදී)
ඔව් දැන් ලම්බෝගිනි සහ සල්මන් කාන් ලාට රැවටෙන උදවිය ඉන්නේ අහවල් ගමේ විතරයි. (නදී)
ඔව් රන්ජනී අඩු ගානේ පැරෂුට් එකෙන් දේශපාලනයට බැහැලා ලම්බෝගිනියක් එළවලා, බාලිකා පාසල් වලට කඩන් පැනලා , සංදර්ශන පවත්තන්න වත් දැනුමක් තියෙන්න එපායැ. (නදී)
රන්ජනී කියන්නේ හින්දි නළුවෝගෙන්වන හැටි තියා පස්ස දොරින් සරසවියට ළමයි යවන හැටිවත් දන්නේ නැති කට්ටියට මොන දේශපාලනයද නේද මෙයා ? අඩු ගානේ ලේසියෙන් පෙරකදෝරු විභාගේවත් පාස් කළ කෙනෙක් නැහැනේ ඒ පවුලේ. (බ)
රංජනී. හිටපු ජනාධිපතිතුමා ගේ සියලුම දරුවෝ , සහෝදරයෝ හෙන දේශපාලන පරිනත මිනිස්සු නොවැ නේද ...? අනේ මගේ කට..(බ)
ලොකුම සුදුසුකම අශ්වයෝ පදින්න පුළුවන් වෙන එක නේද රංජනී ? (බ)
එතකොට ටෙලිකොම් එකේ සභාපති කළේ කාගේ මල්ලිවද? (නදී)
හසිත් මේවා පවුල් ගස් නෙමෙයිද. ටෙල්කොම් සභාපති කවුද.? මල්ලි, කුමාරසිරි සිරිසේන. ආරක්ෂක අමාත්‍යංශයේ මහජන සම්බන්දතා නිලධාරී කවුද ? බෑනා, තිලින සුරන්ජිත්. ජනාධිපති විදේශ සම්බන්ධතා නිලධාරී කවුද ? පුතා. දහම් සිරිසේන. ජනාධිපති කාර්යාලයේ තානාපති පිළිගැනීමේ නිලධාරීනි කවුද ? දුව. චතුරිකා සිරිසේන. දරුවන් හෝ සහෝදරයන් තරඟ නෙකෙරුවට මොකද.මේ මදිද.? රාජපක්ෂගේ සියලුම දෙනා ආවේ චන්දෙන් රාජ්‍ය ආරක්ෂක ලේකම් ඇරෙන්න.(නදී)
ඔබතුමා ගේ දරුවෝ සහෝදරයෝ දේශපාලනයට ආවත් නාවත් එය නොවේ වැදගත්. ඔබතුමා ඇතුළු මේ ආණ්ඩුව දැනට කරලා තියෙන දේ . මහින්ද මහතා , චන්ද්‍රිකා මැතිනිය අවුරුදු 22 ට නොකරපු දේවල් දින 100 ක් වගේ කෙටි කාලෙකින් ඔබ තුමා ලබා දෙන්න කටයුතු කරගෙන යනවා. කාටද මේවා දෙන්නේ ? ඇයි මේවා දෙන්නේ ? ප්‍රශ්නයද පිලිතුරද පාඨකයන්ට භාර කරමි. (නදී)
රන්ජනීට කියන්න පුලුවන්ද කලින් පවුලේ උදවියගේ පරිනත දේශපාලන ලක්ෂණ ටික. අපිත් දැන ගන්න ආසයි. (නදී)
ටෙලිකොම් සභාපතිකම ? . එතකොට ආරක්ෂක ලේකම් කම ? (නදී)
මෛත්‍රී මැතිතුමා නොගෙනාවට අර කට්ටියක් ඉන්නේ සෙල්ලක්කාර පුතාල ටිකත් ඉස්සර කරගෙන . සමහරු දිය වඩන නිලමේ වෙන්නත් බලා ගෙන හිටියා කියල ආරංචියි. (නදී)
කතා අහලාම දැන් මිනිසුන්ට එපාවෙලා.කතා නැතුව වැඩ පෙන්වන්නකෝ (නි)
සමහර කට්ටියට මාර ඊර්ෂ්‍යාවක්නේ තියෙන්නේ මහින්ද මහත්තයාගේ දරුවෝ ගැන.එතුමා ගස් ගල් පෙරළන්න පුළුවන් පිරිමිකම තිබෙන කොල්ලෝ ටිකක් හදලා තියෙනවා. (නි)
උඩ බලාගෙන කෙළ ගහගන්න අපි කවුරුත් කැමති නැහැ (නි)
මට වැටහෙන හැටියට පවුල් ගස් ගැන ඇත්තම කතාව නම් අපි කැමති වුණත් නොවුණත් ඒවත් ලෝකේ කොහෙත් කොයි කාලෙත් තිබුණු සහ තිබෙන ස්වභාවික ශාක විශේෂයක් බවයි. කියුබාවේ පිදෙල් සහ රාවුල් කස්ත්‍රෝ සහෝදරයෝ සහ සිංගප්පුරුවේ ලී ක්වාන් යූ පවුල් තම රට දියුණුකොට ජනාදරය දිනු දේශපාලන පවුල් ගස් වලට උදාහරණයි. ඉන්දියාවේ ගාන්ධි පවුලත් පකිස්ථානයේ භූතෝ පවුලත් සේම ලෝකෙට දම්දෙසන ඇමෙරිකාවේ බිල් සහ හිලරි ක්ලින්ටන් යුවළත් ඔබට මතක ඇති. අපේ රටෙත් ජනාදරය දිනු බණ්ඩාරනායක යුවළත් ඔවුන්ගේ දියණියත් තවත් උදාහරණයකි. බුදු සසුනෙහිද තනතුරුලාභීන් අතර නෑයොත් නොනෑයොත් වුහ. (නි)
පවුල් ගස් නිරපේක්ෂව හොඳ හෝ නරක නොවන බවත් අදාළ පුද්ගලයගේත් පවුලේ අයගෙත් ගුණාංග සහ හැකියාවන් අනුව සහ රට මුහුණපා සිටින අවස්ථාව අනුව රටට යහපතක් වේ නම් පවුල් ගස් වල වුව වරදක් නැතිබවත් අදාළ පුද්ගලයාගෙන් රටට අයහපතක් වේ නම් ඔහුට පවුල් ගස් නොතිබුණත් එහි ඇති විශේෂ වැදගත්කමක් නොමැති බවත් මගේ වැටහීමයි. විදේශ බලවේග වල නිරන්තර බලපෑම් හමුවේ නොසැළී ත්‍රස්තවාදයට නැසීමට හිටපු ජනපති කළ සටනෙහිදී එතුමාගේ සොහොයුරෝ ඔහුට අයෝමය සවියක් වූ අයුරු ඔබටත් මතක ඇති. එමෙන්ම ඔවුන් පිළිබඳ ඇතමුන්ට විවේචනද තිබෙනු වියහැකිය. (නි)
දරුවෝ නෙමේ නෝනා හරි ගෙනත් රටට ඕන වැඩේ කරන්න, කියපු ඒවා ..(බ)
ඇයි යහපාල ගස් ගල් විතරයිද බාලිකා පාසල් වුනත් පෙරලන්න පුළුවන්. ඇයි පහුගිය කාලයේ සින්දු කියන එක්කෙනෙක්ව ඇදගෙන ආනාරාධිතව බාලිකා විදුහලකට ගිහින් වෙච්ච වැඩේ. කොච්චර නම්බුකාරද ? (නදී)
පිරිමි කම කියන්නේ ලෝක පුජිත පුද බිමක රටේ ගුණවතුන් උගතුන්ගේ මතය කණකට ගන්නේ නැතිව කාර් රේස් පවත්තලා ගැහැනුන් ගේ සංදර්ශන තියන එක කියලා මම අදයි දැනගත්තේ. ඔහොම තාත්තලාගේ බලය ප්‍රයෝජනයට නොගෙන පිරිමි කම පෙන්නන්න පුළුවන් හැදිච්ච පුත්තු සාමාන්‍ය ජනතාව අතරේ කොච්චර ඉන්නවද ? (නදී)
මෛත්‍රී නෝනා බොහොම චාම් කාන්තාවක් . ඔය බොරු සෝභන දමාගෙන කරලියට ආවේ නැති වුනාට අපි වගේ සංවර්ධිත රටකට ඕන එහෙම ආර්යාවක් තමයි. නැතිව මිනිස්සුන්ගේ බදු මුදල් වලින් ෆැෂන් කරන "විලාසිතාගාරයක්" නෙවෙයි. (නදී)
ඔබ තුමා කවුරු මොනවා කීවත් ඒ රටේ නායකයෙක් විදියට ලොකු වෙනසක ආරම්භයක් ඇතිකළා. බොහෝ යහපත් දේ සිදු කළා. ඔබ ආදර්ශවත් නායකයෙක් ලෙස කටයුතු කිරීම අගයමි. ජනතාවට දුන් පොරොන්දුව පරිදි විධායක ක්‍රමය අහෝසි කොට කොමිසම් බල ගන්වා නව මැතිවරණ ක්‍රමය ගෙන එන්න. එවිට රට ප්‍රජාතන්ත්‍රකරණය වේවි. ඊට පස්සේ ඕන කෙනෙකුට ජනතාව හමුවට ගිහින් ඡන්දෙ ඉල්ලා බලයට පැමිණීමට කිසිදු භාදාවක් නැත. (නදී)
රටේ මහජන මුදල් නාස්ති කර සෙල්ලක්කාර ජිවිත ගත කරන කල , තමන්ගේ රැකියාවට අදාළ රාජකාරිය වත් හරියට ඉටු කරන්න බැරි උදවියගේ පිරිමි කමින් මේ රටට ඇති වැඩේ මොකද්ද මන්දා (නදී)
හිටපු ජනපති තුමාගේ පවුලේ අයගේ අයෝමය සවිය හැටියට මතක් වෙන්නේ සමහරු ඡන්දෙ දවසට පසුවදා පැදුරට නොකියා පිටරට ගිය හැටි. බෑණා කෙනෙකුගේ නෝනා ඇතුළු දරුවන් පැනලා ඇවිත් හිටියේ මම දැනට සිටින බටහිර ඕස්ට්‍රේලියාවේ. ඒ නිසා ඔය පවුලේ කට්ටිය ගැන අතිශයෝක්තියෙන් ගයන ප්‍රශස්ති ගීත හැමදාටම ගැලපෙන්නේ නැහැ. (නදී)
බුවනෙක, චන්දෙ දවසට පස්සේ මෙරට ඉඳලා පශ්චාත් මැතිවරණ විප්‍රකාර විඳීම හෝ නොවිඳීම ඔවුන්ගේ පෞද්ගලික කැමැත්තක් වන අතර එහි ප්‍රතිඵල ද ඔවුන්ගේ පවුලට සිමා වෙයි. එහෙත් ත්‍රස්තවාදයෙන් රට මුදා ගැනීමේ මෙහෙයුමේදී තදබල විදේශ බලපෑම් හමුවේ ඔහුගේ පවුලේ අය ඔහුට සවියක් වූ බවත් එය රටට සෙතක් වූ බවත් රහසක් නොවන්නා සේම ඔවුන් හැම සර්ව නිර්දෝෂී පුද්ගලයන්යයි මෙයින් නොකියැවෙයි. (නදී)
නිදොස් කෙනෙක් මෙදියත උපදිනේ නැත කියන කියමන අනිත් හැමටම වගේ හිටපු ජනපති තුමාගේ පවුලේ අයටත් පොදුයි. හැබැයි අතක ඇඟිලි ටික වගේ ඔවුන්ගේ එකමුතුකම නම් කාටත් ආදර්ශයකියි සිතමි. . අපේ දරුවෝ වුණත් ලොකු වුණාම මේ වගේ සමගියෙන් ඉන්නවනම් කොපමණ හොඳදැයි කාට වුණත් සිතීම අරුමයක් නොවෙයි. (බ)
ඒක තමයි සොපී, දින සීයෙන් වැඩ සියට මාරු වෙනවය කිව්වට දැන් දින සීයට කතා සීයයි වලි දෙසීයයි තවත් මොනවදෝ භාජන පන්සීයයිලු. ඒත් වැඩ නම් සීයට අඩුයිලු . (බ)
මම මොකුත්ම ලියන්නේ නැහැ.සුමුදු හේවා මහත්මයා බොහොම නිරවුල්ව තම අදහස් ප්‍රකාශ කරලා තියනවා....මහින්ද මහතාට සහ එතුමාට කරන චෝදනා වලට හොඳ පිළිතුරක් සුමුදු සපයලා තියනවා,(බ)
බුවනෙක කියන කෙනා බෝට්ටුවකින් ගිය අයෙක් වගේ.(බ)
කට්ටියට මාර ඉරිසියාවක්නේ තියෙන්නේ මහින්ද මහත්තයාගේ දරුවෝ ගැන..එතුමා ගස් ගල් පෙරලන්න පුළුවන් පිරිමිකම තියෙන කොල්ලෝ ටිකක් හදල තියෙනවා..නපුන්සකයින්ට ඒකට ඉරිසියයි.. මොනවා කරන්නද? ඔවුන් ක්‍රීඩා කළත් වැරදියි , .දේශපාලනේ කළත් වැරදියි.රැකියාවක් කළත් වැරදියි..ව්‍යාපාරයක් කළත් වැරදියි..මේ කුහක කම ඉරිසියාව අපි එදා ඉදන් මේ තීරුවේ හොදින් දැකපු දෙයක්..ලබන ආත්මෙවත් තම නපුන්සක කමට පිරිමි කමක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරගෙන ඉතිපිසෝ ගාථාව කියල කට්ටිය නිදා ගන්න..(බ)
රටට වුන සෙත යසට බලාගන්න පුළුවන් වුනා වෘත්තීය ආදායම් මාර්ගයක් , පරම්පරාගත බුදලයක් නොතිබුන උදවිය දෙනියායේ මාලිගාවල් ඇමෙරිකාවේ ගෙවල්, විදේශ රටවල් මුදල් සංචිත තිබෙනවා කියල ආරංචි ලැබෙනකොට. (බ)
ඇසළ බලන්න ඔය තනතුරු ලාභින් පසුගිය කාලයේ වගේ යන්තම් අට පාස් අයද කියලා ? හොඳට සොයලා බලන්න. තානාපති අර කාර්යාල වල විදේශ සේවයට නුදුසුදු නෑනලා මස්සිනාලා කි දෙනෙක් ඉන්නවද කියල හොඳට සොයල බලන්න. සමහරුන්ගේ සා පෙළ සහතිකය වත් තියනවද කියලාත් හොඳට සොයා බලන්නකෝ . (බ)
ඇසළ මේවා නොදන්නේ අපේ ජනතාව සිරිසේන මහත්තයාගේ බන කට ඇරගෙන බලන් ඉන්නවා. පව් ඡන්දෙට පව්ලේ කට්ටිය ගෙන්න ඕන නැහැ දැනට එයාලට තනතුරු දීලනේ තියෙන්නේ (බ)
ඡන්දයට නොගෙනාවට හොඳ හොඳ තනතුරු දීල තියෙනවනේ ළගම ඥාතීන්ට... ඒ හොදටම ඇති....(බ)
ඇසළ, පරිවාර කාන්තාවට රටේ නායකයාගේ පවුලෙන් නැතිව හිටපු නායකයාගේ මැතිනිය යවන්නද ? අඩු ගානේ අර පාප් තුමා පැමිණියාම පිළිගන්න කළ ආරාධනාව වත් පිළිගත්තේ නැහැ. දැන් ඉතින් මෙහෙ ගොඩ බහින නායකයන්ගේ නෝනලා පිළිගන්න අරගොල්ලන් ගියා කියලා ඇසළ නහයෙන් අඩනවා . (බ)
ඡන්දෙට නාවට අනික් දේවලින් හොදට හෝදනවා (නදී)
මම නම් මෙහෙ ආවේ නීතියට අනුව මගේ උගත්කමට සුදුසු රැකියාවකට. ඒත් බෝට්ටුවලින් එන කට්ටියව එව්වේ ඔය හිටපු ලොකු තැනක පුතෙක් කියලා තමයි මෙහෙ ආරංචි යන්නේ. ඒ නිසා ඉන්දික නිකන් කුලියට කහින පලියට මෙතන මෝඩ කතා කියන්න එපා. (නදී)
කට්ටිය අද බොහොම හොඳට සංවාදය ගෙනියනවා. අර හිටපු දේශපාලක රෙදි අපුල්ලන්ගේ සංගමයේ සභාපතිට අද කවුරුවත් ප්‍රති උත්තර දෙන්න ගිහින් නැහැ. එයා අර පසුගිය පුවතක් කාල දාපු විදියට අපිට නම් අන්තිමට ප්‍රතිචාර බලන්නත් එපා වුනා. (නදී)
කෝ මේ සුදු හුණු ගාන මිනිස්සු මොකද අර සමහර පුතාලගේ පිරිමි ගතියට කල නොගැලපෙන දේවල් ගැන කතා නැත්තේ ? පිටුව පිරෙන්න පුච්චානම් ලියන උදවිය කුලියට ලියන එකෙයි සාමාන්‍ය මෙතන ලියන කෙනෙක්ගේ අදහස් වලයි අතරේ වෙනස හොඳට පේනවා. හිතනවා ඇති අපි මෝඩයෝ කියලා (නදී)
දැන්නම් අපිට කතා අහලා ඇතිවෙලා (නි)
ඡන්දෙන් පත්වෙලා වරප්‍රසාද ගන්න එක නම්බුකාරයි (නි)
මෙච්චර දේවල් කළ එකේ ඕක නොකළොත් අඩුවක් වගේ කියලයි මට නම් හිතෙන්නේ (නි)
අනේ! අපි නම් හරි කැමතියි ඔබතුමාගේ නෑයෝ ටිකට... (නි)
මට හිතෙන විදියට මෙයාගේ නම ඉතිහාසේ ලියවෙන්නේ පඹයෙක් හැටියට. (බ)
සුමුදු හේවා සහ පිවිතුරු යහපාලයාණෙනි, ඔබලා හිටපු ජනාධිපතිතුමාගේ පක්ෂ කාර්යාලයක රැකියාවේ යෙදෙන දෙන්නෙක්ද? එසේ නොමැති නම් පසුගිය රජයෙන් මහත් ලාභ ප්‍රයෝජන ලැබුන අයද? කුලී පදනම මතම අදහස් පළනොකර මඳක් හෝ සාමාන්‍ය පුරවැසියන් වශයෙන් අදහස් පළ කිරීම සතුටු විය හැකිය.(නදී)
ඇයි මෙතුමාට ඇමරිකාවේ පෙට්‍රල් ගහපු සහෝදරයෝ නැද්ද දේශපාලනයට ගේන්න?(නදී)
අපි නොදන්නා මොනරතැන්න කිව්වලු (නදී)
පිවිතුරු යහපාල,බොහෝ කලකට පෙර මීගමුවේ මුහුදු බඩ එක්තරා ප්‍රදේශයක අනර්ග භාෂාවක් තිබුණා. එහි කාන්තාවන්ගේ භාෂා විලාශයටත් වඩා ඔබේ තත්ත්වය පහළට වැටි ඇති බව පෙනියනවා ඇත. කඩේයාම,කුලියට අදහස් ප්‍රකාශ කිරීම ඔබේ අයිතියි. එය ඔබ වදින පුදන පුද්ගලයන් මෙන් කටයුතු නොකර කාටත් ප්‍රිය මනාප ලෙස යොදා ගන්නේනම් සතුටු වියහැකිය.(නදී)
රට වැනසෙනවා නේද ? (නදී)
බලන්න කොච්චර හොඳද කියලා (නි)
ඉතාම හොඳයි (නි)
දැන් ගොඩක් කට්ටිය මහින්දට බයවෙලා (නි)
ඇසළ ලියලා තිබෙන ලිස්ට් එක දැක්කාම තමයි වැඩේ තේරුනේ. ඡන්දෙ ඉල්ලන්න ඕනෑ නැහැනේ තනතුරු ටික පවුලේ අයට දුන්නහම. එතුමා ඔය කතාව නොකියාම හිටියා නම් අපි දන්නේ ටෙලිකොම් එක ගැන විතරයි. (නි)
වින්සන්ට්, ඔබත් හොඳට දන්නා ඔය කියන මීගමුවේ නේද මළ ගෙවල් වල කුලියට අඬන ගැහැණු හිටිය කියන්නේ? හැබැයි මේ පිවිතුරු යහපාල එහෙ නෙමෙයි. මෙයා වෙන පැත්තක මෙයාල කුලියට අඩන්නේ නහයෙන්...අපෝ! කනක් ඇහිලා ඉන්න නැහැ.පැරදුන දා ඉදලම නාහෙන් අඩනවා. දුකේ බැහැ!! (බ)
බුවනෙක, මමත් දැන් අවුරුදු 20 ගණනක ඉඳලා කෙලින් පාරේ ඇවිත් ඉන්නේ ඔය පැත්තේම තමයි. හැබැයි ඔය කියන ලොකු තැනකගේ පුත්තු බෝට්ටු වැඩේට සම්බන්ධයි කියන එක ඇහුනේ ඔයාගේ කතාවේදී විතරයි. කාගේ පුතාද කවුරුන්ද කියලා කෙලින්ම කියන්නකෝ. (බ)
සමහරුන්ට හොඳ දේවල් අගය කරන්න තේරෙන්නෙ නැහැ (නි)
වින්සන් මහත්තයෝ, මහින්ද මහත්තයා පරාදවෙලා ගියා නම් මිනිසුන්ට එපාවෙලා නම් එතුමා ගැනත්, පුත්තු ගැනත් මොකටද මේ හැටි වදවෙන්නේ? ශ්‍රී ලංකා එකෙත් එතුමාට තැනක් නැත්නම් එතුමාට ආයෙත් දේශපාලනයට කොහොමවත් එන්න බැහැනේ. බයනැතුව ඉතිපිසෝ ගාථාව කියලා නිදාගන්න (නි)
කට්ටියම මෙතන මරාගන්නවා, කතාව පටන්ගත් තැන දැන් මතකනැහැ නේද? ජනාධිපතිතුමා කියනවා එතුමාගේ සහෝදරයන් සහ දරුවන් ඉදිරියේදී ඡන්දය ඉල්ලන්නේ නැහැ කියලා. ඉතින් අපේ කට්ටියක් මෙතන කියනවා එතුමා පවුලට තනතුරු දීලා තියෙන විදිහට ඡන්දයක් ඉල්ලන්න ඕනෑ නැහැ කියලා. ඊටපස්සේ කට්ටියම තමුන්ටයි අනුන්ටයි මඩ ගහගන්නවා. අපි නිකන්වත් හිතුවාද අපේ දේශපාලන ඉතිහාසය පුරාවටම පවුල්ගස් පිරිලා කියලා. 21 සියවසේ විතරක් නෙමෙයි ඔය දේ සිදුවුණේ. ඒ කට්ටියටම අපි ගෙදර යන්න කියනවාද? අපි කිව්වට යයිද? ඉතින් රාජක්ෂලා ගැන කවර කතාද? (නි)
ජයවේවා!. (නි)
යහපාල මහත්තයෝ, මේකට ඉතිපිසෝ ගාථාව කියලා නිදාගෙන ඉඳලා හරියන්නේ නැහැ. බහිරවයින් පලවාහරින බලි තොවිලයක්වත් කරන්න වෙයි. පුදුමේ කියන්නේ යහපාල, ගියා වගේ පෙනුනට ගියේ නැහැ. කොහෙන් හරි ආයේ රිංගන්නමයි බලන්නේ.(නි)
ඔබතුමාට ජය! (නි)
නිමල්, ඕක ඔයා ඇහුවේ නැතිවුණාට මේ අපිත් අහලා තිබෙනවා. ඔයා මෙහෙ තානාපති කාර්යාලයේ වැඩ කරන කෙනෙක්ද ? (නි)
එතුමාට පිටරටවල සහෝදරයෝ නැද්ද දන්නෙ නැහැ (නි)
මහින්දගේ දරුවෝ ගස් ගල් පෙරළන්න හැදුවා, අදමයි ඇහුවේ. මොකටද මහින්ද යෝෂිතව රට ඇරියේ? ඒත් විභාගය අසමත්. අනේ තවත් මහින්දගේ පස්සේ යන්නේ නැතුව දරුවන්ගෙන් හරි යමක් ඉගෙනගන්න(නි)
මෛත්‍රිපාල සිරිසේන ප්‍රතිපත්ති තියෙන අය වැඩි වැඩියෙන් රටට අවශ්‍යයි. (බ)
මේ ඕස්ට්‍රේලියාවේ කට්ටියක් නම් කියන්නේ නැතුව වහෙන්ඔරෝ සෙල්ලම් කරනවා. ඇත්තටම ලංකාවේ ඉන්න අපිටත් දැනගන්න පැහැදිලිව කියන්න කාගේ පුතාද ඔහේට බෝට්ටු එවන්නේ කියලා. අපි කාගේවත් පැත්තක් අරගෙන නැහැ. ඒ නිසා කට කතා නැතුව ඇත්ත කියන්න (නි)
අපි ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේත් එයමයි (නි)
නිශාර්ඩ් කියන්නේ ඡන්දය ඉල්ලන්න නොදී තනතුරු දෙන ප්‍රතිපත්තිය හොඳයි කියලාද? (නි)
ලකී, ඔයාට ඕනෑම නම්, කටකතා නැතිව ඇත්තම කියන්නම්, ඔය බොරුවට බෝට්ටු කතා මෙතන කිව්වට එයාගේ බෝට්ටුව තමයි උඩින්ම ගෙනත් ඕස්ට්‍රේලියා එම්බසියට ගොඩ බැස්සුවේ. නිකම්ම නෙමේ හොඳ ගෙවීමකුත් එක්ක. ඔයා මේ ඔක්කොම හොඳින් දැනගෙන අපිට කොලේ වහනවා නේද ලකී? (බ)
කරුණාපාල, බලි තොවිල් කරලා බහිරවයන් නෙවෙයි බටහිරයින් පළවා හරින්න පුලුවන්නම් අපේ රටේ හුඟ දෙනෙක් ඔයාට ඒකට කැමැත්තෙන්ම උදව් වේවි. හැබැයි ඉතින් එච්චර විතරක් මදි. එයාලගේ දේශීය ඒජන්තයින්වත් පළවා හරින්න ඕනනේ. (බ)
පිවිතුරු යහපාල, ඔන්න ආයෙමත් යහ පාලනයේ කට්ටිය එයාලගේ මාධ්‍ය සදාචාරයේ අලුත්ම ක්‍රමෝපාය වන කල්ලි ගැසී විරුද්ධ මත දරන්නන්ට අපහාසාත්මක අවලාද වලින් දමා ගැසීම ආරම්භ කරලා. අපි බය වෙයි ඕවට! (බ)
වින්සන් මහත්තයෝ..ගෙවල් අස්සේ රිංගල පොරෝ පාරවල් කන සහෝදරයෝ ක්ලබ් ගානේ බීච් ගානේ අනුන්ගේ ගෑනුන්ට සත්තම් දාන පුත්තු මහින්ද මහත්තයට නැහැ.එතුමා පරාද වෙලා ගියානම් මිනිස්සුන්ට එපා වෙලානම් එතුමා ගැනත් පුත්තු ගැනත් මොකටද මේ හැටි වද වෙන්නේ..ශ්‍රී ලංකා එකෙත් එතුමාට තැනක් නැත්නම් එතුමාට ආයෙත් දේශපාලනයට කොහොමවත් එන්න බැහැනේ මොකා ගේන්න දත කෑවත්..බය නැතුව ඉතිපිසෝ ගතාව කියල නිදා ගන්න එතුමාව හීනෙන් දැකල බය වෙන්නේ නැතුව ..(බ)
ලකී මම හිතන්නේ ඉන්දිකගෙන් ඇහුව නම් හරි, එයා නේ දැන් බෝට්ටුවෙන් ගිය කට්ටිය ගැන දන්නවා කියල මෙතැන ලියල තියෙන්නේ. (බ)
බුවනෙක විහිලු කතා කියන්න දක්ෂයි වගේ.හරියටම යහපාලනෙට ගැලපෙන අයෙක්. කෑගහනවා තොරතුරු මුකුත් නොදැන. එ්කෙන් උගත්කම පේනවා. (බ)
රටට දැනටමත් කරලා තියෙන විනාශෙට තව පුත්තු දූලා මල්ලිලා අයියලට ඡන්දෙ දෙනවනම් ඒ අය ගැන හිතාගත්තැකි (බ)
ලදදෙයින් සෑහීමකට පත්වීමයි වටින්නේ (නි)
නියමයි මහත්තයෝ. ජයවේවා! (නි)
ඉන්දික මම නියම විදියට විභාග සමත් වී උගත්කම හදාගත් කෙනෙක්. එහෙම නැතුව හොර පෙරකදෝරුවෙක් නෙමෙයි. එම නිසා පළමුව ඔය හොරට විභාග පාස්කළ උදවිය ගැන සොයාබලා ඉන්පසු මගේ උගත්කම ගැන ප්‍රශ්න කරන්න. අපි ඔය දේශපාලන අන්තේවාසිකකමෙන් එදිනෙදා හම්බකර ගෙන ජීවත්වෙන උදවිය නෙමෙයි. (නි)
අපිත් හොඳට බලාගෙනයි ඉන්නේ (නි)
ඉන්දික සහ සුමුදු හේවා කලින් ආණ්ඩුවේ කිසිම අඩුපාඩුවක් නැති මාර්ගඵලලාභී ඇත්තන් වැඩසිටි තැනක් වගේනේ මේ කතා කරන්නේ (නි)
බලාගෙන යනකොට ගිය ආණ්ඩුවේ ඔක්කොම උපාසක අප්පුලානේ! (නි)
මේ අදහස් දැක්කහම මට සිතෙන දේවල් එමටයි (නි)
දැන් පාර්ලිමේන්තුවේ ඉන්න කීදෙනෙක් එක්කෙනාට එක්කෙනා සම්බන්ධද කියලා තේරුම්ගෙන ඔය මඩ ගහගැනිල්ල නවත්වන්න. (නි)
ඔබගේ වචන අපිට විශ්වාසයි (නි)
ඉතින් දැන් ජනාධිපතිතුමා කියන විදිහට අපේ දැනට දේශපාලනයේ ඉන්න ගොඩක් කට්ටිය පක්ෂ, ජාති සහ ආගම් භේදයකින් තොරව ගෙදර යන්න ඕනෑනේ. ඇයි අප්පේ, කීපදෙනෙක්ගේම හතර වරිගෙම අපේ පරණ සහ වර්තමාන මන්ත්‍රීලානේ. පාර්ලිමේන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා ඔය හැමතැනම පිරිලා ඉන්නේ 1920-30 ගණන් ඉඳලාම. (නි)
මොකද මේ ඔයාලා ගහගන්නේ. අපි ඔයාලගේ දේශපාලන හාල්මැස්සෝ කියලා අමතකද මේ තෝරු මෝරු වෙනුවෙන් මෙහෙම හැසිරෙන්නේ? (නි)
මේ කියලා තියෙන්නේ ඉදිරි මාස තුනකින් එන මැතිවරණය ගැනයි. ඊටපස්සේ වෙන දේවල් ගැන කියලා නැහැ. ලිපිය හරියට තේරුම් අරගෙනද මේ සමහරු අදහස් දාලා තියෙන්නේ (නි)
ඉන්දික, ඔයා උගත්කම මනින්නේ මහින්දට හෝයියා කියන නිර්ණායකයෙන්ද? (නි)
වචනයේ හැටියෙන්ම ක්‍රියාවද අපි බලාපොරොත්තු වෙමු (නි)
මෙම ප්‍රකාශයට විරුද්ධ වෙමි. රටේ ඕනෑම නීතිගරුක පුරවැසියෙකුට මැතිවරණයකට ඉදිරිපත් වියහැක. දේශපාලන ඥාති සම්බන්ධකම් සුදුසුකමක් හෝ නුසුදුසුකමක් වියනොහැක. ඒ කියන්නේ රටේ ජනාධිපතිවරයාගේ සහෝදරයකු හෝ දරුවෙකු වූ පමණින් ඡන්දයකට ඉදිරිපත්වීමට සුදුසුකමක් නොවිය යුතු අතරම යම් කෙනෙකු ඔහු හෝ ඇය තම ස්වෝත්සාහයෙන් ඒ සඳහා සුදුසුකම් ලැබුවේ නම් රටේ ජනාධිපතිවරයාගේ නෑදෑකම බාධාවක් වියයුතුද නැත. (නි)
මම නම් එදා ඉඳලාම මේ පිටුවේ දේශපාලන පුවත් වලට අදහස් නොලියන්නේ මෙන්න මේ අප්‍රසන්න මඩ ගසාගැනීම නිසා තමයි. මොකක්හරි වැදගත් සාමාන්‍ය පුවතකට ලිව්වහම අපේ හිතටත් තෘප්තියක්. කවුරුවත් කටු අතු වගේ ඇමිණිලා එන්නෙත් නැහැ. (නි)
අපිත් ඉවසීමෙන් බලාගෙනයි ඉන්නේ (නි)
අපොයි! මමත් දේශපාලන නොවන පුවත් වලට ලියලා නිකන් ඉන්නවා. මේ ලියපු දේවල් වලට දෙපාර්ශවයේම කට්ටිය එකට ආප්ප කමින් සහ කළු කෝපි බොමින් බඩඅල්ලාගෙන හිනාවෙනවා ඇති. අපේ කට්ටිය මෙතන බෙලි මිරිකා ගන්නවා. (නි)
ඉතාමත්ම ඉහළින් අගයකරනවා (නි)
ඒ දවස්වල ජනාධිපතිට තියා ඔහුගේ කෝකියාට විරුධවවත් අදහස් ප්‍රකාශ කරන්න කවුරුවත් හිටියේ නැහැ.වර්තමානයේ තිබෙන ප්‍රවණතාවයෙන්ම පෙනෙනවා වර්තමාන ජනාධිපති කොතරම් නිහතමානී උතුම් මිනිසෙක්ද කියලා (නි)
ජනාධිපතිතුමනි, සහෝදරයෝ, දරුවෝ දේශපාලනයට ගෙනාවත් කමක් නැහැ, ආයෙමත් පාරක් අර ඉඩි අමීන් පාලනයක් ගෙන්නන්නේ නැතුව (බ)
පසුගිය ජනාධිපතිවරයා සහ එම ආණ්ඩුවත් මෙම ජනාධිපතිවරයා සහ වත්මන් ආණ්ඩුවත් මා විවේචනය කොට ඇත. කිසිදු පුද්ගලික කඩේ යාමකින් තොරව මගේ හිතට දැනෙන අයුරින් අදහස් ප්‍රකාශ කිරීමට මම සැමවිටම උත්සාහ කරමි. හොරු දෙපැත්තේම ඇත. එක පැත්තක් තනිකර සුදු කියා කාටවත් කිව නොහැක. (බ)
රකිත්, මමත් මගේ අදහස් දෙකකින්ම කිව්වේ හුදෙක් නෑයෙකු වීම හෝ නොවීම හෝ සුදුසුකමක් හෝ නුසුදුසුකමක් හෝ නොවේය කියලයි. එහෙත් නෑයෙකුගෙන් ලැබෙතියි සිතන විශ්වාසවන්තභාවයත් ළබැඳි නෑයෙකුට උදව් කිරීමට මිනිසුන් තුළ ඇති සහජ නැඹුරුවත් නිසා දේශපාලනය තුළ නිතැතින්ම වාගේ පවුල් ගස් ඇති වන බවද අප අමතක කළයුතු නැතැයි සිතමි. (නි)
භානු, මේ වකවානුව අපේ රටේ අනාගතය තීන්දු කෙරෙන සංක්‍රාන්ති කාලයක් වන හෙයින් දේශපාලන පුවත් වලට අදහස් දැම්ම ගැන මමත් ඔයාගේ පහත කියමනට එකඟයි. "පාඨකයන් ඔවුන් වෙනුවෙන් ගහමරා ගන්න අතරේදී දේශපාලකයෝ කෝපිබොමින් එක්ව සල්ලාපයෙහි යෙදෙනු විය හැකිය. " හැබැයි දේශපාලන සත්ත්වයෙකු වන මිනිසාට දේශපාලනයෙන් තොරව ජීවත්විය නොහැක්කේ දේශපාලනය නොකිරීම පමණක් නොව එය නොකරන බව කීමද දේශපාලන කාර්යයන්ම වන හෙයිනි. (නි)
බොහොම අගෙයි මැතිතුමනි! (නි)
ලසිත්, මට වැටහෙන පරිදි මේ වකවානුව අපේ රටට දේශපාලන වශයෙන් සංක්‍රාන්ති කාලයක් වන හෙයින් මේ කාලයේදී අපි හැකිතාක් විමසිල්ලෙන් සිට කරුණු දැන තීරණ ගැනීම අපේ රටෙහි අනාගත යහපතට හේතුවෙයි. එබැවින් ඉඳහිට කෙරෙන පුංචි වචන හරඹයකින් අසතුටු නොවී යම් සතුටක් ලබනා අතරම වෙනස් මතද සළකා බැලීමත් සීමාන්තික මඩ ගැසීම්වලින් වැළකී සිටීමත් යහපත් වේයැයි සිතමි. (නි)
සුරනිමල කොහේ ඉඳලද ගොඩබැස්සේ? (නි)
තුෂාර දැන් කඩේ යනවා වැඩි වගේ..(බ)
ජයන්ත- ඔබ උගත්කම මනින්නේ යහපාලනය හොයය කියන නිර්නායකයෙන් වගේ.උගත්කම හා බුද්ධිය යනු දෙකක් බව මතක තබා ගන්න.ඒ දෙකම ඔබට නැති බව මට හැඟෙනවා ඔබ කතා කරන අයුරින්. (බ)
බුවනෙක උගත්කම හා බුද්ධිය අතර ලොකු වෙනසක් තියෙනවා.අපිත් දේශපාලනයෙන් වාසි ගන්න බලන් ඉන්න අය නෙමේ.අපි හිතන්නේ අපේ රට ගැන.මමත් ඉගෙන ගෙන බටහිර රටක තමා ඉන්නේ.හැබැයි අපි කොත්තමල්ලි, හාල් මැස්සෝ අඩුකළාම හරිය කියල හිතල රටට හෙන ගහල ගියත් කමක් නෑ, අහවලා 29 පාරක පැරදිලත් අගමැති කරන්න ඕන කියල හිතන අය නෙමේ.අපිට රටක් ඉතිරි කරගන්නේ කොහොමද කියල බලන්නේ මේ කරගෙන යන විනාශය දැක්කම.එ්ක අද බුද්ධිමතුන් තේරුම් අරගෙන ඉන්නවා.හැබැයි කට පාඩම් කරලා විභාග පාස් වුනාම එක ටිකක් තේරුම් ගන්න අමාරුයි. එහෙම අය තමා අද ගොඩක් ලංකාවේ ඉන්නේ. (බ)
සුරනිමල කොහේ ඉදලද ගොඩ බැස්සේ..එසැන පුවත් පාටකයෙක්නම් ඔහොම කියන්නේ නැහැ..පහුගිය ජනපතිගේ පාලන කාලේ මේ තීරුවේ එතුමාට ලිබියාවේ ගඩාපිට අත් වුනු ඉරණම ප්‍රර්ථනා කරපු අදහසුත් පල වුනා..එතුමා වෙනුවෙන් හඩක් අවධි කරන කොට ඒ හඩ යටපත් කරන්න හඩවල් සිය ගනන්නක් මේ තීරුවේ හිටිය.කොහෙද මහත්තයෝ ඒ කාලේ හිටියේ..ඔබ තුමත් යහපාලානේ පච සමාගමටනම් නියමයි..(බ)
තුෂාර, කරුණාකර මගේ අදහස් නොකියවා විවේචනය නොකරනු මැනවි. "කලින් ආණ්ඩුවේ කිසිම අඩුපාඩුවක් නැති මාර්ගඵලලාභී ඇත්තන් වැඩසිටි තැනක්" ගැන මා මෙම සංවාද මණ්ඩපය තුළ කිසිදු විටෙක කියා නැතුවා පමණක් නොව මගේ 2015-04-13 03:09:50 සහ 2015-04-13 03:18:22 යන අදහස් වල ඔවුන් සර්වනිර්දොෂි පුද්ගලයන් නොවන බව පැහැදිලිවම සඳහන් කළෙමි.එය එසේ නොවේයැයි ඔබ කියන්නේ නම් කරුණාකර දිනය සහ වෙලාව සමග උපුටා දක්වන්න. (බ)
ජනාධිපතිතුමාගේ පවුලේ අයට ඡන්දය ඉල්ලන අයිතියක් හරි ඕනෑකමක් හරි තියනවනම් ඉල්ලන්න එපා නම් නිකම් ඉන්න. හැබැයි ඒ වුණා කියල දැනට පාර්ලිමේන්තු සහ අනිකුත් සභාවන් පුරාවට පිරිලා ඉන්න අනික් අයගේ පවුල්වල සාමාජිකයන්ට ඡන්දය ඉල්ලීම තහනම් කරනවාද කියලත් හිතන්න.(බ)
ඒක හොඳයි (නි)
ජනාධිපතිතුමා කියල තියන දේවලුයි ඒකට දාල තියෙන ප්‍රතිචාර ගොඩයි දැක්කම අහන්න හිතෙන්නේ ඇත්තටම පත්තරවල පල කරන්න මීට වඩා වැදගත් දේවල් ජනාධිපතිතුමා කියන්නේ නැද්ද කියලයි. (බ)
එතකොට අපේ අලුත් ජනාධිපතිතුමා කියන විදිහට මහින්ද රාජපක්ෂ විතරක් නෙමෙයි සේනානායක, බණ්ඩාරනායක පවුලුත් හොඳ දෙයක් නෙමෙයි කරලා තියෙන්නේ. බලාගෙන ගියාම ඒ කතාව හරි තමයි. ඔවුන්ගෙන් ලැබුන නරක පුර්වාදර්ශය තමයි අද ඔඩුදුවලා තියෙන්නේ (නි)
විශ්වාසයක් තියන්න පුලුවන්ද? (නි)
පිවිතුරු යහපාල මහතාණෙනි, සුරනිමලට දුන් උත්තරය ගැන ඔබට මගේ ප්‍රණාමය! මෙතන එක්තරා පිරිසක් කල්ලි ගැසී විරුද්ධ මතධාරීන්ට පහර දෙනවා. (නි)