IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


දෙල්ගෙඩි පහරින් ආච්චි මරුට

(අතුල. පී. බණ්ඩාරනායක)

පුද්ගලික ආරවුලක් මත වටවන ප්‍රදේශයේ 79 හැවිරිදි කාන්තාවකට දෙල් ගෙඩියකින් හිසට පහරදි ඝාතනය කළැයි 25 හැවිරිදි තරුණයකු  අත්අඩංගුවට ගත් බව මැල්සිරිපුර පොලිසිය පවසයි .

මෙසේ ඝාතනය කර ඇත්තේ මැල්සිරපුර වටවන ගමේ පදිංචිව සිටි එච්.සි.ඇසිලින් හැත්තෑ නමය හැවිරිදි සිව් දරු මවකි.

මරණය සම්බන්ධව පොලිසිය පැවැත්වූ මූලික පරීක්ෂණයේදී පවුල් දෙකක් අතර ඇතිවූ පුද්ගලික ආරවුලකදී සැකකාර තරුණයා කාන්තාවට අතේ තිබුණ දෙල්ගෙඩියකින් හිසට පාහර දී ඇති බවත් සීසුන්ව ඇද වැටුණු කාන්තාව රෝහල් ගත කරන විටත් මියගොස් සිටිය බව පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි පොලිසිය කියයි.

මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් හා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කර ඇති බවත් මරණයට සම්බන්ධ සැකකාර තරුණය අත්අඩංගුවට ගත් බවත් ඝාතනයට යොදා ගත් දෙල් ගෙඩිය පොලිසිය භාරයට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.

 

 



අදහස් (4)

දෙල්ගෙඩි පහරින් ආච්චි මරුට

ගැමුණු Sunday, 21 July 2024 11:26 PM

ඝාතනයට යොදාගත් දෙල් ගෙඩිය පොලිසිය භාරයට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.! 

:       0       2

හේරත් බණ්ඩා Monday, 22 July 2024 12:39 AM

මෑණියනි ඔබතුමියට නිවන්සුව පතමු.. මෙවන් අකල් මරණයක් මින් මතු නොම වේවා...!

:       0       2

Abilin Monday, 22 July 2024 04:27 AM

නඩුව අහලා අවසන් වෙනකොට නඩු භාණ්ඩය හොඳින්ම තියේවි...!

:       1       1

Perera Monday, 22 July 2024 06:09 AM

වැඩේ දෙල් කියන්නේ ඔන්න ඔහොම වෙලාවට තමයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 619 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 1566 0

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 1577 0

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


නාන්න ගිය තරුණයා දියේ ගිලී මරුට
2024 සැප්තැම්බර් මස 25 386 0

මිතුරන් දෙදෙනෙකු සමග සුදු ගඟේ මාතලේ කනංගමුව ප්‍රදේශයේ දිය නෑමට ගිය වයස අවුරුදු (21) තරුණයකු දියේ ගිලී මිය ගොස් ඇතැයි මාතලේ පොලිසිය පවසයි.


උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 636 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 472 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36821 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24315 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 183 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 563 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 231 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site