IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


දුව පැහැරගත්තැයි පියා කාරයේ වහලට නගී

මහනුවර දළදා වීදියට තම මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයෙක් ඔහුගේ රථයේ වහලයට නැඟ සිටියේය. කඩුගන්නාව ලගමුවේ පදිංචි විල්බට් දයානන්ද නැමති එම පුද්ගලයා කියා සිටියේ ප්‍රබල දේශපාලනාඥයකුට අයත් බව කියන කාරයකින් පසුගිය විසිනව වැනි දින  පැමිණි පිරිසක් තම විසිපස් හැවිරිදි දියණිය පැහැරගෙන ගිය බවයි.  ඒ සම්බන්ධයෙන් කඩුගන්නාව පොලිසියට පැමිණිලි කළත්  මෙතෙක් තමන්ට සාධාරණයක් ඉටු නොවූ බවත් ඔහු පවසයි.



අදහස් (0)

දුව පැහැරගත්තැයි පියා කාරයේ වහලට නගී

තිලක්-ඩුබායි Friday, 04 July 2014 08:04 PM

නුසුදුස්සන් වටා බලය ඒකරාශී කිරීමේ වරදට ජනතාව දඩුවම් විඳිය යුතුද? (නි)

:       0       0

සුමුදු Friday, 04 July 2014 12:46 PM

අහිංසා කරන්න තියෙන්නේ එක දෙයයි. චන්දෙ දෙනකොට මොලේ පාවිච්චි කරන්න. තමන් ගැන තීරණ ගන්න, රටේ නීති හදන්න , මිනී මරුවන්ට, හොරුන්ට, පගා කාරයින්ට, ළමා දූෂකයන්ට බලය දුන්නේ කව්ද? ඔබ සහ මම..එහෙනම් ඉතින් මේ පව් වලට වන්දි ගෙවන්න වෙන්නෙත් ඔබට සහ මටම තමයි මම නම් ඔය රටේ දැන් නෑ. ඔබට තමයි විඳවන්න වෙන්නේ. (ස)

:       0       0

තිලක්-ඩුබායි Friday, 04 July 2014 08:06 PM

මේ අවුරුදු 3-4 ඇතුළතදී රටේ සිද්ධ වුණ බහුතර සිදුවීම් නම් බොහොම ඛේදනීයයි (නි)

:       0       0

විරාජ් ඒකනායක Friday, 04 July 2014 12:47 PM

පියෙකුගේ දුක් අදෝනාව. (ස)

:       0       0

ජනක Friday, 04 July 2014 08:07 PM

ලංකා තිලක් කොහොමද කියන්නේ තරුණිය කැමැත්තෙන් ගියා කියලා. එහෙම කියන්න නම් එක්කෝ ඔබ තරුණියගේ ගෙදර කෙනෙක් වෙන්න ඕනෑ. නැත්නම් මේ වැඩේට සම්බන්ධ කෙනෙක් වෙන්න ඕනෑ (නි)

:       0       0

මලී Friday, 04 July 2014 12:48 PM

තමන්ගෙ කාර් එක උඩ නැගල හිටියම කාටවත් ඇති අමාරුව මොකක්ද? (ස)

:       0       0

කුෂාන් Friday, 04 July 2014 08:09 PM

තරුණියට මොනවා වෙන්න ඇද්ද? (නි)

:       0       0

සිල්වා Sunday, 06 July 2014 07:57 AM

ඇත්ත මොකක්ද කියලා හෙළිවෙන්න වැඩි කල් යන්නෙ නැහැ (නි)

:       0       0

සුමනා Friday, 04 July 2014 08:11 PM

රටේ නීතිය ක්‍රියාත්මක කළ සමහර පොලිස් නිලධාරින්ටත් නීතිය ක්‍රියාත්මක නොවුණ රටක සාමාන්‍ය මිනිසෙකු ගැන කවද කතාද? (නි)

:       0       0

රංගා Friday, 04 July 2014 12:51 PM

මේ වනවිට කෙල්ලගේ කෑලිත් නැතිව ඇති. (ස)

:       0       0

සිරිමෙවන් Sunday, 06 July 2014 08:03 AM

බන්දුලට ඕනෑ කරන්න ඇත්තේ මෙතෙන්ට වෙන කතාවක් පටලවලා මෙම වැරදිකරුවන්ට බනින එක නවත්වන්න. ඒක ඔහු සාර්ථකව කර තිබෙන පාටයි (නි)

:       0       0

රන්ජන් Friday, 04 July 2014 12:51 PM

අහිංසා ඔයාගේ කතාව ඇත්ත . පොලිසියෙන් මහජනයාට සාධාරනයක් වෙන්නෙත් නෑ , දේශපාලුවන්ගෙන් සාධාරනයක් වෙන්නෙත් නෑ . මේ පියාණන්ගේ දුක ඔය කවුරුවත් තේරුම් ගන්නෙත් නෑ. (ස)

:       0       0

හසිත් Friday, 04 July 2014 08:15 PM

ලංකා තිලක් කියන විදියට මේක ආදර හුටපටයක් නම් කමක් නැහැ කියමුකෝ. තරුණියට අවුරුදු 25යිනේ. හැබැයි ඉතින් චෝදනාව ටිකක් බරපතලයි වෙන පැත්තකුත් තිබෙනවා (නි)

:       0       0

තේනුවර Saturday, 05 July 2014 01:03 PM

අරයගේ පුතාගේ කාර් එකනේ මේ නේද? (නදී)

:       0       0

ජානක හේරත් Friday, 04 July 2014 12:54 PM

පොලිසියේ කෙනෙක් කාරෙක ඇතුලේ මොකද කරන්නේ? (ස)

:       0       0

රකිත Sunday, 06 July 2014 08:07 AM

බන්දුල පෙරේරා,ලංකා තිලක්,වින්සන්ඩ් යන නම් වලින් පෙනීසිටින අය ගැන කතා කරලා වැඩක් නැහැ (නි)

:       0       0

මනුල Friday, 04 July 2014 12:55 PM

අපේ රටට විනාශය ලඟා වෙලා. රටට විනකරන ජාතිවාදයෙන් ආගම් වාදයෙන් පටු දේශපාලන වාසි ලබාගන්න මානබලන මෙවන් අය බංග වේවා !! (ස)

:       0       0

ඩිලාන් Friday, 04 July 2014 08:20 PM

දැන් පේනවානේ දේශපාලුවන් අතින් හිරිහැරයට පත්වෙන බවලතුන් කැමැත්තෙන් ඒ ටික කරගත්තා කියලා මෙතන ඉන්න සමහර අය කියන හැටි (නි)

:       0       0

සිල්වා Friday, 04 July 2014 01:04 PM

රට යන්නේ අගාදයට මෙවන් කාලයක් උදා උනේ අපිට ඇයි ? ජාතිය වනසන දේශපාලුවන් ගෙදර යවන්න කාලය එලඹ ඇත (නදී)

:       0       0

චාමිනි Friday, 04 July 2014 08:24 PM

මෙම පියාට ඉක්මණින් දුව හමුවේවා! (නි)

:       0       0

රකිත Sunday, 06 July 2014 08:22 AM

සිල්වා ලංකාවේ කෙනෙක් නෙමෙයි වගේනේ. ඇත්ත හංගන්න වැඩි කල් යන්නේ නැහැ (නි)

:       0       0

නැනී Tuesday, 08 July 2014 06:11 AM

දේශපාලුවාගේ පුතෙක් ඇති. . කේන්දරය බලා ඇති...... පාර්ලිමේන්තු යවනු ඇති ......... පුහුණුව දැන් දෙනවා ඇති.... (නදී)

:       0       0

අකිල Friday, 04 July 2014 01:07 PM

අනේ පවු. හරි දුකයි. මම හිතන්නෙ ඡන්දෙ දෙන්නත් ඇත්තෙ ඔය කියන දේශපාලකයටම වෙන්න ඇති. (ස)

:       0       0

ලක්මාල් Friday, 04 July 2014 08:25 PM

පුදුම අසාධාරණයක් (නි)

:       0       0

සෑම් Friday, 04 July 2014 01:11 PM

පොලීසියේ දෑස් ඈරේවා! ඈයි පොලීසිය මෙතරම් බය? (අ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 04 July 2014 08:31 PM

මම මේ බයේ ඉන්නේ මම අවුරුදු ගානක් දුක් මහන්සියෙන් හදාගත් මගේ නිවසත් දේශපාලකයෙක් බලහත්කාරයෙන් හොර ඔප්පු හදලා අල්ලාගෙන අපිව ගෙදරින් පන්නාවිද කියලයි. (නි)

:       0       0

විජේබා Friday, 04 July 2014 01:12 PM

දස රාජ ධර්මයෙන් ලොව පාලනය වන ධර්මිස්ට සමාජයක් ලොව පහල වෙන තුරු " අන්තෝ ජටා - බහි ජටා, ඇතුලත් ප්‍රශ්න - පිටත් ප්‍රශ්න" (අ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 04 July 2014 08:33 PM

දේශපාලකයන් කරන මේ වගේ වැඩ වලට කැමති අයත් ඇති නේද? (නි)

:       0       0

සංජීව Friday, 04 July 2014 01:13 PM

ජනතාවනි, නුඹ හැදුවට ඵල නැත, ඔය දෙසපලකයන් ඔතනින් ඔසවා තැබුවේ ඔබලාම නොවේද. එහි විපාක ඔබලාටම විදින්න සිද්ද වෙනවා. මේ රටේ ජනතවට බුද්දිය පහල වෙනතුරු මේ දේවල් සාමාන්‍ය දේවල් වේවි අපේ රටේ. (අ)

:       0       0

තිලක්-ඩුබායි Friday, 04 July 2014 08:34 PM

රටේ මිනිස්සු මොනතරම් අසරණ වෙලාද කියලා මොනවට පැහැදිලි කරනවද? (නි)

:       0       0

වසන්ත Friday, 04 July 2014 08:34 PM

ලංකා තිලක්ට, බන්දුල පෙරේරාට ජයවේවා! (නි)

:       0       0

සරත් රණසිංහ Friday, 04 July 2014 01:15 PM

තාත්තේ ඔයාගේ දුව යහතින් හමුවෙන්ට පතමි (අ)

:       0       0

රජිත් Sunday, 06 July 2014 05:52 PM

මේ තිලක් කියන කෙනාට නුල් පොටකවත් ලැජ්ජාවක් නැද්ද මන්දා? (නි)

:       0       0

ගුණසිරි Sunday, 06 July 2014 05:53 PM

අනුන්ගේ අදහස් ඉවසන්නට නොහැකි කෙනෙකුත් මෙතන ඉන්නවා වගෙයි (නි)

:       0       0

ලංකා තිලක් Monday, 07 July 2014 09:50 AM

අන්න පැහැරගෙන ගිය දුව පොලිසියට ප්‍රකාශයක් කරලා තියෙනවා. මන් හිතන්නේ ඒ ගැන විස්තරත් එසැන පුවත්වල පල කලොත් මේ කට්ටියගේ අසනීපෙ ටිකක් හොඳ වේවි. හැබැයි ඉතින් එ්කත් ප්‍රබල දේශපාලුවෙක්ගේ බලපෑම් මත පොලිසිය විසින් මේ තරුණිය ලවා බලහත් කාරයෙන් ගත් ප්‍රකාශනයක් කියලත් කියයි. වටරැක ජාතකය තාමත් අදහන කට්ටිය ඉන්න එකේ මේක මොන පැත්තට හරවන්න බැරිද? ලංකා තිලක්ට පේන කියන්න බැහැ. නමුත් කිව්වොත් දෙයක් වරදින්නෙත් නැහැ. මෙතුවක් වැරදිලත් නැහැ. (නදී)

:       0       0

කුමාර Friday, 04 July 2014 01:17 PM

අරන් ගිය අයට හොඳක් වෙන්නේ නැත (අ)

:       0       0

අභය Friday, 04 July 2014 01:17 PM

ඒ තාත්තාගෙ හිතේ කොච්චර ගින්දරක් ඇතිද? (අ)

:       0       0

සරත් Friday, 04 July 2014 01:21 PM

පව්,කොච්චර දුක ඇතිද (අ)

:       0       0

රොෂාන් Friday, 04 July 2014 08:42 PM

ඒ තාත්තාට මොනතරම් නම් වේදනාවක් ඇද්ද? (නි)

:       0       0

ලංකා තිලක් Sunday, 06 July 2014 09:32 AM

මම එසැන පුවත් සමග සැහෙන කලක ඉඳල එකතු වෙලා ඉන්නවා.එදා ඉදලම මම දැකල තියෙන දෙයක් තමයි මේ රජය ගැන වෛරයෙන් මේක පෙරලෙනකම් කන බත් පත දිරවන්නේ නැතුව දවල් හීන දකින කට්ටියගේ අසහනය පිට කරගන්න මේ තීරුව හොඳ තෝතැන්නක් වෙලා තියෙනවා කියල..මධ්‍යස්තව හිතන ඕන කෙනෙකුට ඒක පැහැදිලි වෙනවා.සමහරු හිතන් ඉන්නේ ප්‍රතිචාර වලින් ආණ්ඩු පෙරලන්න පුළුවන් කියල..දෙකෝටියකට වඩා වන ශ්‍රී ලාංකිකයින්ගෙන් මේ අන්තර්ජාලය පාවිච්චි කරන කට්ටියගෙනුත් ඒකෙන් එසැන පුවත් බලන කට්ටියගෙනුත් ඒකෙන් මේ අදහස් දාන කට්ටියගෙනුත් ඒකෙන් මේ රටේ ඉන්න චන්දයක් තියෙන කට්ටියගෙනුත් සලකල බැලුවම මෙතන ඉන්නේ ඕන නම් ලේලන්ඩ් බස් එකක් යන්තම් පුරවා ගන්න තරමට සෙනඟක් විතරයි. මේ රජයේ වැරදි වැරදි විදියට දැකල කරන අවංක විවේචන වල වෙනසත් වෛරයෙන් හිත පුරවාගෙන මේ රජය අද හෙට තියා තව අවුරුදු ගානකටවත් පෙරලගන්න එක හීනයක් කියල දැනගෙන ඒ අසහනයෙන් දාන විවේචන වලත් වෙනස අපි අඳුනනව. වැරදි කරන අය පස්සට පයින් ගහල එලියට දාන්න ඕන. ජඩ දේශපාලකයෝ මේ රජයේ ඉන්නවා.ඒක මිනිස්සු දන්නවා..නමුත් තවමත් මිනිස්සු මේ ජනාධිපති තුමා ගැන විශ්වාසය බිඳ ගෙන නැහැ. රට ඉදන් හීන දැක්කට මේ රටේ මිනිස්සු මේ රජයට කැමතිනම් ඉතින් කට්ටියට අසහන පිට කර කර තව සැහෙන කාලයක් බලා ඉන්න වේවි.මේ සිදු වීම පවුල් ප්‍රශ්නයක්..පිස්සු කෙලින තාත්තල මේ රටේ කව්රුවත් මිට කලින් දැකල නැද්ද?තමන්ගේ දරුවෝ බිරිද පුච්චලා මරපු දියණිය දුෂණය කරපු උගත් තාත්තල වගේම දරුවෝ එල්ලලා මරපු නුගත් තාත්තලත් ඉන්න රටේ මේ තාත්ත කරන දේ ගැන පුර්ව නිගමන දෙන්න යන්නේ මේ තාත්ත ගැන දුකෙන්මද? දුව බැඳලා කියල තාත්ත දන්නේ නැද්ද? කට්ටිය ගැන හිතට දුකයි..ඔන්න ඔහේ ඔය අසහනේ මෙහෙමවත් ටිකක් අඩු කර ගන්න ඉඩ දෙමු වින්සන් මහත්තයෝ..නැත්නම් පිස්සු හැදේවි. (ස)

:       0       0

රොහාන් සෞදි Friday, 04 July 2014 01:22 PM

මේවා දකින දේශපාලනඥයන් දේශපාලනය කෙරයිද ? (අ)

:       0       0

විදුරන්ග Friday, 04 July 2014 08:42 PM

ධර්ම රාජ්‍යයේ සිරි විසිතුරු බලමු මිතුර!! (නි)

:       0       0

හේමාල් Sunday, 06 July 2014 05:59 PM

ලංකා තිලක් , මෙතන අදහස් ලියන උදවියට තමාට කැමති කෙනෙකුට අනුකම්පාව දක්වන්න‍ මානුෂික අයිතියක් තිබෙනවා. ඔබේ අනුකම්පාව තිබෙන අයට විතරක් මෙතන හැමෝම අනුකම්පාව දක්වන්න ඕනෑ කියලා ඔබට තිබෙන පටු කල්පනාව තමයි මේ ප්‍රශ්නයට මුල (නි)

:       0       0

සිසිල් Friday, 04 July 2014 01:25 PM

ඔව් චන්දි, අනේ පව් කියන එක විතරයි අපට කියන්න පුළුවන්. ඒත් අපට මෙවැනි දෙයක් සිද්ද උන දවසකත් අනෙක් අයගෙනුත් අනේ පව් කියනවා අහන්න මිසක් වෙන සාධාරණයක් අපට ලැබෙන එකක් නෑ. (ස)

:       0       0

නලීන් Friday, 04 July 2014 01:26 PM

අනේ පව්. මොනතරම් අසරණද. වෙන්න ඕන දේවල් දැනටමත් වෙලා ඇති. ඒවායේ පාඩුව කොහොම අය කරන්නද? (ස)

:       0       0

චානක. Friday, 04 July 2014 08:52 PM

මොහු කාරය උඩට නැග මේ ලෙසට උද්ගෝෂණයක් කිරීමෙන් පෙන්වා දෙන්නේ ලංකාවේ තිබෙන නීතියෙන් ප්‍රශ්නයකදී සාධාරනය ඉෂ්ට නොවෙනවා කියන දේ නොවේද? (නි)

:       0       0

වින්සන්ට් Saturday, 05 July 2014 02:39 PM

මෙහි අදහස් දක්වා ඇති බොහෝ දෙනා තව කෙනෙකුගේ අදහසක් විවේචනය කරනවාට වඩා තමන්ගේ නිවැරදි අදහස පල කිරීම වැදගත්ය. ප්‍රවෘත්තියේ සඳහන් කරුණුවලට අනුව අදහස් ප්‍රකාශ විය යුත්තේ සැක සහිතවය. සමහර විට ලංකා තිලක්ගේ අදහස නිවැරදි වෙන්නටත් පුලුවන. මෙම පියාගේ වේදනාව සාදාරණය. දියණිය බාල වයස් කාරියක්ද නොවේ. පැහැරගෙන යාමට සම්බන්ද වාහනය කාගේද යන්න හදුනා ගතයුතුව ඇත. (නදී)

:       0       0

දිලිනි Sunday, 06 July 2014 06:02 PM

අපි හැමෝටම අපිට කැමති උදවියට අනුකම්පාව දක්වන්න අයිතිය තිබෙනවා. ලංකා තිලක්, ඔබ අපේ අනුකම්පාව ගැන මොනවා හිතුවත් අපිට ප්‍රශ්නයක් නැහැ (නි)

:       0       0

ලංකා තිලක් Friday, 04 July 2014 08:59 PM

ජනක මහත්තයෝ, මටත් අහන්න තියෙන්නේ ඔය ටිකම තමයි. ඔබතුමන්ලා කොහොමද දන්නේ කැමැත්තෙන් ගියේ නැහැ කියලා. හැම සිදුවීමකම දෙපැත්තක් තියෙනවා. ඒ හින්දා ටිකක් ඉන්න මොකක්ද මේකේ ඇත්ත නැත්ත කියලා හෙළි වෙනකම්. (නි)

:       0       0

සුනිල් Sunday, 06 July 2014 06:06 PM

හරි වැඩක්නේ. අපිට අනුන්ගේ කරදරයකදී අනේ අපොයි කියන්න සමහරුන්ගෙන් අවසර ගන්න වෙලා? (නි)

:       0       0

ක්‍රිස් රත්නායක Friday, 04 July 2014 01:27 PM

ඇත්තටම විධායක බලයක් තියෙද්දිත් නිතිය සාධාරණව කියාත්මක කරන්න බැරි ඇයි ? ප්‍රබල දේශපාලනාඥයාට විධායක බලයක් නෑනේ? (ස)

:       0       0

අශාන් Friday, 04 July 2014 01:27 PM

පියෙකුට මෙවැනි දුකක් දුන් සියලු දෙනාගේ පවුල් පිටින් වැනසේවා ! (ස)

:       0       0

වරුණ Sunday, 06 July 2014 06:11 PM

ලංකා තිලක් , ඉන්නේ කොහෙද, මොනවද කතා කරන්නේ කියලා දන්නේ නැතුව අඳුරේ අතපත ගගා දඟලන්නේ ඔබයි. (නි)

:       0       0

නිශාන් Friday, 04 July 2014 01:34 PM

බලොත් එක්ක නිදා ගත්තම මැක්කොත් එක්ක නැකිටින්න වෙනවා කියන්නේ ඕකට තමා. (ස)

:       0       0

ගයාන් Sunday, 06 July 2014 06:18 PM

ලංකා තිලක්, ඔබත් මෙතන නිසි අයුරින් කරුණු තේරුම් නොගෙන කතාකර තිබෙනවා. මෙතන හැමෝම ඔබේ අදහසට එහෙයි කියන්න ඕනෑ කියලා නීතියක් හදාගත්තේ කොහොමද? (නි)

:       0       0

සරත් පර්ත් Friday, 04 July 2014 01:40 PM

දරු දුක නිසා වහල උඩ නැග්ගත් සාධාරණය කොහොම වෙතත් රක්ෂිත බන්ධනාගාර ගත වෙන්න වෙනවා (නදී)

:       0       0

ලංකා තිලක් Saturday, 05 July 2014 02:58 PM

කට්ටිය ගැන පව් කියලත් හිතෙනවා. වටරැක වගේ තමයි නා ගන්නවා ඉවරයක් නැහැ. මේ තරුණිය විවාහකලු. මහත්තය එයාව අරන් ගිහිල්ලු. කාටවත් ප්‍රශ්නයක් තියෙනවද ඒ ගැන. කාටවත් ඉතින් ප්‍රශ්න තිබුනට වැඩක් නැහැ. ඒව එයාල බේරා ගනීවි. දැන් ඔය කට්ටිය හිතේ තියෙන කුහක කමට එලියට දාපු දේවල් ගද සුවද බලන්නේ නැතුව ආයෙත් ඇතුලට දාගන්න. (නදී)

:       0       0

චම්පික Sunday, 06 July 2014 06:25 PM

අහිංසක මිනිසුන්ටමයි ඔක්කොම වෙන්නේ (නි)

:       0       0

සමාධි Monday, 07 July 2014 03:26 PM

වටරැක නාටකය පෙන්වීම නිමිත්තෙන් මේ අවුරුද්දේ හොඳම නළුවට හිමි සම්මානය ඒ උන්නාන්සේගේ ගනියි කියලා අපි හිතන් හිටියේ. මේ තාත්තා ඒක ගන්නවත් හිතාගෙන මෙහෙම වැඩක් කරාද මන්දා. දුව අරන් ගියා කියලා දෙවියනේ මෙහෙමත් වාහන උඩ නැගගෙන දගලන්න ඔිනද? මොන විදියට හරි නීතිය පැත්තෙන් විසඳුමක් හොයනවා මිසක් (නදී)

:       0       0

ජෙහාන් Sunday, 06 July 2014 06:31 PM

සෙසු කටවල් වට කර වැට බැඳී තිලකේ .... රට වටකර බඳිනු බැරි වී දැන් කැරකේ! (නි)

:       0       0

රංග Friday, 04 July 2014 01:50 PM

උදේම ගිහින් ගහන්න කතිරේ. (නදී)

:       0       0

සෙනෙවි Friday, 04 July 2014 01:52 PM

කාර් එක විකුණලා ඒ සල්ලි වලින් දුව උස්සපු එකාව ඉස්සුව නම් හරි (නදී)

:       0       0

තිලක් ඩුබායි Monday, 07 July 2014 10:28 AM

වැලිවේරියේ බොන්න පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු අසරණයන්ට "පට පට ගාල" වෙඩි තියද්දීත් "ආණ්ඩුව පෙරලන්න යනවෝ" කියල පිස්සුවෙන් දොඩවපු ලංකා තිලක් ගැන අනුකම්පා කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. අසරණ මිනිසුන් ගැන බද්ද වෛරයකින් පෙලෙන "මානසික පිස්සෙක්" කියල මොනවට පැහැදිලි කරනවද? (නදී)

:       0       0

අජන්ත Friday, 04 July 2014 01:54 PM

අපේ අය උඩ පැනගෙන ඡදෙ දෙනවනේ. තමන්ට වෙනකන් දන්නේ නැහැ අපිට රටේ නිදහසක් නැති බව අවබෝද කරගන්න. රටේ සියල්ල ඇත්තේ දේශපාලුවන්ට පමණයි. (නදී)

:       0       0

ප්‍රේමතිලක Friday, 04 July 2014 09:35 PM

අනේ දෙවියනේ, මේ වගේ දේශපාලුවන්ට දඩුවම් කරන්න දෙවි කෙනෙක් ලෝකයේ නැද්ද? (නි)

:       0       0

ලක්ෂපාන Saturday, 05 July 2014 03:18 PM

ටිරෝන් ඔයා හරි. රටේ තිබෙන පිලිකුල්ම තැනක් තමයි පොලිසිය කියන්නේ. මිනිසුන් පොලිසියට කෙළගහන තත්වෙට වැටිලා. පොලිසියේ දාන පැමිණිල්ල පවා වෙනස් කරන කාලයක් මේ. සමහර විට මේක පෙම් පලහිලව්වක් වෙන්නත් පුළුවන්. එ්ත් කොහොමද ,කව්ද ,විස්වාශ කරන්නේ? (නදී)

:       0       0

සංජීව Friday, 04 July 2014 01:54 PM

මේ වගේ දේවල් වෙන්න ඉඩදීම ජනාදිපතිතුමා සම්පුර්ණයෙන්ම නවත්වන්න ඕනේ. ඕවා මහා ජරා වැඩ. කිසිම රටකට වටින්නේ නැහැ. පිටරට ඉන්න අපිට මේ වගේ දේවල් ඉතාමත් අසික්කිත දෙවල් විදියට අනිත් අය කියන්නේ. ඔය වගේ අයට මරණ දඩුවම දිය යුතුයි. (නදී)

:       0       0

සුසිරි Sunday, 06 July 2014 06:41 PM

ලංකා තිලක්ගේ චෝදනා කිසිම පදනමක් නැති, වැඩිහිටියෙකු ලෙස පරිණතබවක් නැති අඳ බාල කතා ටිකක්. (නි)

:       0       0

සනත් Friday, 04 July 2014 02:01 PM

ඡන්දයක් තියන්නකෝ බලන්න එත් දෙන්නේ මේ අයටමනේ (අ)

:       0       0

ශෙරීන් Sunday, 06 July 2014 06:46 PM

අපිට දැන් ඉන්න වෙලා තියෙන්නේ කටකලියාවක් දාගෙන. හරි වැඩක් තමයි, මේ ලංකා තිලක් නම් (නි)

:       0       0

නිහාල් Friday, 04 July 2014 02:03 PM

පොලිසියේ නිහැඩියාවට මෙයට වඩා කිරීමට වෙනත් විකල්පයක් නැද්ද.(අ)

:       0       0

යසස් Sunday, 06 July 2014 06:54 PM

මේ පත්‍රයේ පළවන පුවතකට තමන්ගේ නිදහස් අදහස් ප්‍රකාශ කරන්න සැමටම අයිතිය තිබෙනවා. (නි)

:       0       0

ලංකා තිලක් Monday, 07 July 2014 03:36 PM

කවුද කසුනි මට බනින්නේ? තොප්පි දාගෙන ඔය බනින කට්ටිය ගැන තමයි මම කිව්වේ (නි)

:       0       0

හසිත් Sunday, 06 July 2014 11:34 AM

ලංකා තිලක්, කවදා හෝ ආණ්ඩුවක් පෙරළෙන්නේ , ස්වාධීන අදහස් දරන පාඨකයන් හෝ මහජනතාව නිසා නෙමෙයි. පමණට වඩා කට මැත දෙඩවීම නිසා රජයට තිබෙන ජනතා ප්‍රසාදයත් නැති කරන වන්දි භට්ටයන්ගේ උන්මත්තක අදහස් නිසා. මෙතන අදහස් ප්‍රකාශ කරන්න සැමට අයිතිය තියනවා. ඔබේ තර්ජනයට අපි බය නැහැ. රට ඇතුළෙම ඉඳගෙන රට ගිනි තියන්න එපා. (නි)

:       0       0

වින්සන්ට් Saturday, 05 July 2014 03:43 PM

ඔව් ලංකා තිලක කියන්නෙත් මමම තමා. කොහොමද මගේ මොලේ ? අපේ දේශපාලක උතුමන්ලා කවදාවත් වැරදි කරන්නේ නැහැ. කලත් ඒගොල්ලෝ පස්සේ වෙන කතාවක් කියල අපේ හිත හදනවා ඒ මදිද? (නදී)

:       0       0

කවිදු Sunday, 06 July 2014 11:37 AM

ලංකා තිලක්, මෙතන ඉන්න එකම අසහනකාරයා ඔබයි. නමුත් එය ඔබට නොවැටහෙන එක පුදුමයක් නෙමෙයි. (නි)

:       0       0

සම්පත් Friday, 04 July 2014 02:13 PM

මේක මහා පුදුම වැඩක්. ගැහැණු ළමයෙක් පැහැරගෙන යනවා කියන්නේ ම්ලේච්ඡ වැඩක්. (නදී)

:       0       0

ලංකා තිලක් Saturday, 05 July 2014 03:45 PM

අපේ දේශපාලක උතුමන්ලා දන්නවා අවිවාහක අය විවාහක අය කරවන්නත්. විවාහක අය අවිවාහක කරවන්නත්. අපි ඔවුන්ගේ හැකියාවට ගරු කල යුතුයි (නදී)

:       0       0

දිල්ෂානි Saturday, 05 July 2014 03:47 PM

තව ටික දවසකින් කියයි එයාගේ සැමියයි එයාව පැහැරගෙන ගියේ කියල. නැත්තන් කියයි එයාම බලෙන් කාරෙකට නැග්ග කියල. අනේ මෙහෙමත් රටක් (නදී)

:       0       0

දිනේෂ් Sunday, 06 July 2014 11:40 AM

මේක පුදුම නීතියක්නේ. මේ පත්‍රයේ මළගමක්, විපතක් , කාගේ හරි කරදරයක් පළ වුණාම ඒකට කණගාටුව ප්‍රකාශ කරන්න ලංකා තිලක්ගෙන් අවසර ගන්න ඕනෑද ? නම ලංකා තිලක් වුණාට ලංකාව ඔබට සින්නක්කර ලැබිලා නැහැ තිලක්. (නි)

:       0       0

සෝමවංස Friday, 04 July 2014 02:18 PM

අපේ මුතුන් මිත්තන් කරපු ලොකුම වැරද්ද තමයි සුද්දගෙන් රට උදුරලා මේ කලු සුද්දන්ට රට පාලනය කරන්න දිපු එක. (නදී)

:       0       0

දිමුතු ඉරානය Saturday, 05 July 2014 03:54 PM

මේ පියාට දුවව ඉක්මනට හමුවේවි. සමහර අය දැනටමත් කතා හදලා. හරිම කැතයි. (නදී)

:       0       0

සිරිමෙවන් Sunday, 06 July 2014 11:46 AM

ලංකා තිලක් ඔච්චර දේවල් දන්නා එකේ මේකට යොදාගත් වාහනය අයිතිකාර දේශපාලකයාගේ නමත් වාහනයේ අංකයත් අපිට දන්වන්න (නි)

:       0       0

ජනක Sunday, 06 July 2014 11:47 AM

මේ ලංකා තිලක්, ඔබට තිබෙන්නේ එසේ මෙසේ රෝගයක් නෙමෙයි. දරුවා නැති සොවින් පෙළෙන තාත්තා කෙනෙකුට කණගාටුව ප්‍රකාශ කළාම ආණ්ඩු පෙරළන්න හදනවා වෙන්නේ කොහොමද? (නි)

:       0       0

අජන්ත Friday, 04 July 2014 10:20 PM

බලය මත හැමදෙයක්ම යටපත් (නි)

:       0       0

සම්පත් Friday, 04 July 2014 02:29 PM

අවසානයේ කෙල්ල කැමැත්තෙන් ගිහිල්ලා තියෙන්නේ......මීට මාධ්‍ය ප්‍රකාශක... (නදී)

:       0       0

අහිංසා Friday, 04 July 2014 10:21 PM

සුමුදු, මමත් දැන් අවුරුදු 30ක් විතර ඉන්නේ ලෝකයේ තිබෙන සුන්දරම රටක. නමුත් මට හැමදාමත් ලංකාව ඒ ඔක්කොටම වඩා වටිනවා. දේශපාලුවෝ තමා අපේ රට කෑවේ. (නි)

:       0       0

සමාධි Friday, 11 July 2014 09:21 AM

බන්දුල මහත්තයා මගේ මූණයි සාරියයි දැක්කේ කොහොමද දන්නේ නෑ කිත්සිරි,තිලක් අපිත් කාන්තාවෝ හැටියට තවත් කාන්තාවකට මේ වගේ දේවල් වෙන එක අනුමත කරන්නේ නෑ.එත් මෙතන තියන ප්‍රශ්නේ මේ වගේ අවධානම් දේවල් කිරීමෙන් මේ තාත්තාට සාධාරණයක් ඉෂ්ඨ වෙයිද නැත්නම් සාමාජයේ විහිළුවකට ලක් වෙයිද කියන එකයි. අනික තමයි ඔය කියන දේශපාලඥයාට ඔය කියන දුවවම ගෙනියන්න තියෙන වුවමනාව මොකක්ද? ඒ ළමයයි දේශපාලඥයයි අතර මොකක් හෝ සම්බන්ධයක් තියෙන්න ඔින.මේ රටේ දේශපාලඥයොත් එක්ක කැමැත්තෙන් යන ගෑණු කොච්චර නම් ඉන්නවද? මේ සිද්ධියේ දුවගේ පැත්ත අපහැදිලියි. (ස)

:       0       0

රන්ජිත් Friday, 04 July 2014 10:26 PM

මගේ දරුවෙකුට එහෙම ඔය වගේ දෙයක් කළොත් ඒ පුද්ගලයා ගැන මම එතනදීම තීරණයක් ගන්නවා. (නි)

:       0       0

ටෙරාන් Sunday, 06 July 2014 11:52 AM

ඒ තාත්තා කොච්චර දුකකින්ද ඇත්තේ? (නි)

:       0       0

කීර්ති Tuesday, 08 July 2014 08:33 AM

ඔහුට දුව ඉක්මණින් හමුවේවා! (නි)

:       0       0

ලකී Friday, 04 July 2014 02:48 PM

මේවට කෑ ගහන්න එකෙක්වත් නැද්ද.? (නදී)

:       0       0

චමින්ද Friday, 04 July 2014 10:38 PM

ඔය කියන දේශපාලුවා නම් දැන් වයසයි. එයා කෙසේ වෙතත් ගෝල බාලයෝ සම්බන්ද ඇති වැඩේට. (නදී)

:       0       0

සුභාෂ් Sunday, 06 July 2014 11:56 AM

ලංකා තිලක්, ගංගා, කට තිබුන පළියට ඔහොම බරපතල චෝදනා කරන්න එපා (නි)

:       0       0

ඩයස් Friday, 04 July 2014 02:51 PM

මිනුසුනි නැගිටිමු. අසාදරණයට තිත තබමු. නීතිය සුරකිමු. (නදී)

:       0       0

කුමාරි Sunday, 06 July 2014 12:02 PM

දැන් එතකොට ලංකා තිලක් හෝයියා කියන්නේ නැති ඔක්කොම ආණ්ඩු පෙරළන කාණ්ඩයේද? අනේ තිලක්, ඔබේ මේ උන්මත්තක අදහස් ටික දැකලා බුද්ධිමතුන්ට දැනටමත් හිනා ගිහින් ඇති. (නි)

:       0       0

භානු Friday, 04 July 2014 02:52 PM

බුදු රජාණන් වහන්සේ ලිච්චවින්ට සප්ත අපරිහානි ධර්ම කියාදී , ඒවා රකින තාක් කල් ඔවුන්ගේ රාජ්‍යය සුරක්ෂිත බව පෙන්වා දුන් සේක. ඉන් එක් කාරනාවක් වන්නේ , රාජ්‍යයේ කුල ස්ත්‍රීන්ට හිරහැර අඩම්තේට්ටම් නොකර ඔවුන් ගේ ආරක්ෂාව සැලසීම. අපේ රටේ මේ මොනවද සිද්ධ වෙන්නේ ? (නදී)

:       0       0

කාන්ති Friday, 04 July 2014 02:54 PM

අපේ දුවරුන් ගැනත් බය හිතෙනවා. (නදී)

:       0       0

සුරංග Friday, 04 July 2014 02:55 PM

මේ වැඩේ කරලා තියෙන්නේ රටේ ලොක්කෙක්ගේ වාහනේකින් ඇවිල්ලා ද ? (නදී)

:       0       0

සෙලන්සියුස් Friday, 04 July 2014 02:55 PM

සෝමවංස , ඔබ හරි (නදී)

:       0       0

කුමාර Friday, 04 July 2014 03:02 PM

මීට කලිනුත් මහනුවර නගරයේ දී මේ වගේම වැඩක් උනා. මේවා උප්පත්ති දෝස තියන පුද්ගලයෝ කරන හෝ කරවන වැඩ. මුන්ට මීට පස්සේ මේ මහා පොලව විනාශ වෙන තෙක්ම මනුෂ්‍ය ආත්මයක් නොලැබේවා, මේ පියා කොතරම් වේදනාවකින් ඉන්නවා ඇද්ද. (නදී)

:       0       0

ලංකා තිලක් Monday, 07 July 2014 11:16 AM

මගේ මිත්‍ර ඩුබායි තිලක්ට පිළිතුරක් දෙන්නම වෙනවා. ඔබ තුමා මේ පුවතට දාපු අදහස් ටික එකතු කරලා මේ පුවතේ අවසානයේ හෙළිවන සත්‍යයත් එක්ක සංසන්දනය කරලා බලන්න. ඔන්න ඔබ තුමාටනම් අර තොප්පිය කියල මැහුවා වගේ ගැලපෙනවා කියල තේරේවි එතකොට. (නදී)

:       0       0

රොෂාන් ද සිල්වා Friday, 04 July 2014 10:56 PM

මෙවන් දේශපාලකයන් ගැන තීරණයක් ගන්නේ කවදාද? (නි)

:       0       0

රොෂාන් Sunday, 06 July 2014 12:18 PM

ලංකා තිලක්, ඔබේ චෝදනාව ඉතා බරපතලයි. නොහොබිනා කටක් තිබුන පළියට මෙතන අදහස් ලියන සෙසු උදවියට ඔය කියූ දේවල් වල බරපතලකම ඔබ වටහාගෙන නැහැ. මේක ප්‍රජාතාන්ත්‍රික රටක්. ඔබේ අදහස විතරක් අනෙකුත් උදවිය අනුමත කරන්න ඕනෑ කියලා හිතනවා නම් අපි ඉන්නේ හිට්ලර්ගේ යුගයේ. (නි)

:       0       0

එරංග Friday, 04 July 2014 10:59 PM

තාත්තා ගැන කණගාටුයි (නි)

:       0       0

ලෙස්ලි හර්බට් විජේසිංහ Friday, 04 July 2014 03:07 PM

තාත්තා බලාගෙන ඉන්න කොට දුව පැහැරගෙන යන දේශපාලුවන් ඉන්න රටක ඉපදුනේ ඇයි? (නදී)

:       0       0

තිලක් ඩුබායි Monday, 07 July 2014 11:23 AM

"ලංකා තිලක්ට පේන කියන්න බැහැ. නමුත් කිව්වොත් දෙයක් වරදින්නෙත් නැහැ. මෙතුවක් වැරදිලත් නැහැ. "කොහොමත් මානසික පිස්සෙක්" හිතන්නේ තමන්ට පිස්සු නැහැ. අනික් හැමෝටම පිස්සු කියලා. (නදී)

:       0       0

නවෝද් Friday, 04 July 2014 03:17 PM

නිකමුන්ට නරඹ නරඹා රස විදින්න කියාපු සිද්ධිය. පිස්සු නැත්නම් ශෝක්. (නදී)

:       0       0

ගයානි Sunday, 06 July 2014 12:31 PM

හරි වැඩක්නේ! කාටහරි විපතක් කරදරයක් වුණාම අනේ අපොයි කියන්නත් අපි ලංකා තිලක්ගෙන් අවසර ගන්න ඕනෑද? (නි)

:       0       0

යසිත් Sunday, 06 July 2014 12:36 PM

අනේ තිලක්, මේ රටේ වාසනාවට මොන තරාතිරමේ උදවිය කරලියට ගෙනාවත් කිසිම පක්ෂයක් තාම මන්ද බුද්ධිකයන්ට නාම යෝජනා දීලා නැහැ. (නි)

:       0       0

සිරා Friday, 04 July 2014 11:35 PM

හැමෝම උවමනාවට වඩා කලබල වෙලා වගෙයි. මෙයාගෙ දියණිය ගිහින් තියෙන්නෙ එයාගෙ විවාහක සැමියත් සමග බවයි පොලිසිය සඳහන් කරන්නේ. මේක පවුලේ ප්‍රශ්ණයක්. (නදී)

:       0       0

ජෙහාන් Sunday, 06 July 2014 12:41 PM

පුවත් වලට අදහස් ලියන්න කලින් හැමෝටම අංජනම් බලන්න වෙයි වගේ ඒකෙ කොතැනක හෝ දේශපාලනය ගෑවිලා තියනවද කියලා. නැත්නම් ලංකා තිලක්ට තරහා යයිනේ (නි)

:       0       0

තිලක් ඩුබායි Friday, 04 July 2014 03:31 PM

මීට කලින් මම අදහස් දැම්ම ඉස්සර අපි අපේ දරුවන් මිනීමරු ප්‍රභාකරන්ගේ මිනීමරුවන් විසින් පුපුරවන බෝම්බ වලින් අපේ දරුවන් බේරා ගැනීමට අපි ගේට්ටු මුර කරපු කාලය නැවත ඇවිත් කියල.දැන් අපි අපේ දරුවන් බෙර ගැනීමට පාසල් අරෙනකම් ගේට්ටු මුර කරන්න,ස්ත්‍රී දූෂකයන්ගෙන් අපරාධකාරයන්ගෙන් අපේ දරුවන් බේරා ගැනීමට ඔවුන් පසු පස යන්න සිද්ද වෙනවා කියල.නීතිය බල්ලටම ගිය රටේ මොනවද කරන්න බැරි? මොනවද සිද්ද වෙන්න බැරි? (ස)

:       0       0

වාසනා Friday, 04 July 2014 03:32 PM

අප අසරණ වෙලා වගේ හිතට දැනෙනවා දළදා හාමුදුරුවනේ (ස)

:       0       0

මහරගම සෝමරත්න Friday, 04 July 2014 03:32 PM

පොලීසියට පැමිණිලි කරලා මොකටද .මමත් පැමිණිලි 20 කළා .කිසිම විමර්ශනයක් නැහැ.මමත් ලගදීම උපවාසයක් කරනවා .ඔහොම යමු (ස)

:       0       0

ලහිරු Friday, 04 July 2014 03:33 PM

මෝඩයන් සහ සුදුසු නැති පුද්ගලයන් රටේ උසස් තැන් වලට ආවහම සිදුවන දේවල් කොසොල් රජතුමාගේ සිහින දහසයේ තියනවා. අදටත් ගැලපෙනවා අපුරුව. (නදී)

:       0       0

රුවන් Saturday, 05 July 2014 12:06 AM

ඉක්මනට හොයල බලන්න , දුවගේම මගඩියක්ද දන්නේ කව්ද? (නදී)

:       0       0

තිලක් ඩුබායි Friday, 04 July 2014 03:34 PM

මේවට විරුද්ධව උද්ඝෝෂණය කරනකොට තව කොටසක් උද්ඝෝෂණය කරනවා "දේශපාලකයන් අපේ ගැහැණු දරුවන් උස්සන් පලයල්ලා කමක් නැහැ කියල". එහෙම මුදලට ආත්මය පාවල දෙන තිරිසන්නු ඉන්න රටක අපි ඉපදිලා තියෙන්නේ. (නදී)

:       0       0

ටිකිරි බංඩා Friday, 04 July 2014 03:35 PM

"යකා විදිහටලු විමානේ කිව්වලු". නීතියක් නැති රටේ මොනවද කරන්න බැරි? (නදී)

:       0       0

හසිත් Saturday, 05 July 2014 06:02 PM

ඔච්චර විස්තර දන්නා එකේ ලංකා තිලක් කියන්නකෝ මෙච්චර කලබැගෑනියක් කරලා මේ ජෝඩුව ගියේ මොන "තුමා" ගේ වාහනයේද කියලා. අපි ඒකත් දැන ගන්න කැමතියි. (නදී)

:       0       0

මාටින් Friday, 04 July 2014 03:36 PM

මේ සැරේ දෙමුකෝ බැටේ , වසරකට හරි මේ දේශ පාලුවෝ ගෙදර තිබ්බහම කොරපු මෝඩකම් කියල හිතෙයි (නදී)

:       0       0

තිලක් ඩුබායි Friday, 04 July 2014 03:37 PM

ආසියාවේ සතුටින්ම ජීවත් වෙන මිනිස්සු ඉන්නේ ලංකාවේ කියල මොකක්දෝ සගරාවකින් හෙළි කලා කියල ලංකාවේ විශාල ප්‍රසිද්දියක් ලබා දුන්නා නේද? (නදී)

:       0       0

පද්මිණී Saturday, 05 July 2014 12:27 AM

පුත්තු විතරක් ඉන්න තාත්තලට මේවා තේරෙන්නේ නැහැ. ළමයිනුත් කරපින්නාගෙන රටින් පැනගත්තු එක ගැන දැන් නම් සතුටක් දැනෙන්නේ. (නදී)

:       0       0

ලංකා තිලක් Saturday, 05 July 2014 06:07 PM

යකඩෝ, ඩුප්ලිකේට් එකක් ඒ පොඩ්ඩට ගහලනේ. කමක් නැහැ. කමක් නැහැ නම නෙමෙයිනේ වැදගත් අදහසනේ. වටරැක හාමදුරුවන්ගේ පාපොච්චාරනයත් කට උත්තරයත් පිළිගන්න කැමති නැති කට්ටිය ඉන්න මේ තීරුවේ මේකේ සත්‍යය පිලි නොගන්න අය ඉන්න එක පුදුමයක් නෙමෙයි. කට්ටියට ඕන රජයේ දේශපාලකයෙක් මේ ගැහැනු ළමයව අරන් ගිහින් අතවර කරලා මරල දාලා හෝ අතුරුදන් කරවලා කියල මේ තීරුවේ පලවෙනවා දකින්න. අනේ අපොයි කියන්න නෙමෙයි. පාට කන්නාඩි කිව්වට මේවා නිකන් පාට කන්නාඩි නෙමෙයි මල්ටි කලර් ඒවා. අනේ මෙහෙමත් මිනිස්සු. (නදී)

:       0       0

තිලක් ඩුබායි Friday, 04 July 2014 03:37 PM

ලංකාවේ මානව හිමිකම් කාර්යාලයක් පිහිටුවනවා නම් අපි ඔවුන්ව සාදරයෙන් පිලි ගනිමු නේද? (නදී)

:       0       0

විකුම් Friday, 04 July 2014 03:39 PM

බැරිවෙලාවත් බිරිඳව පැහැර ගෙන ගියා නම් එහෙම කාරෙකත් දෙයි ඒ එක්කම අරන් යන්න කියලා. (නදී)

:       0       0

සචිත්‍ර Saturday, 05 July 2014 06:12 PM

බන්දුල ඔබ හරි මට පෙනෙන්නේ වින්සන්ට්ටියි ලංකා තිලක්ටයි අමු කැවිලා. මොනවද මේ ලියල තියන විකාර කතා මේ වගේ කණගාටුදායක පුවතකට. පිස්සු නම් අංගොඩ යන්න. (නදී)

:       0       0

කුරුප්පු Friday, 04 July 2014 03:39 PM

අර ...... ගස් තියෙන පිටිය පැත්තේ දුව ඇති (නදී)

:       0       0

සනුකි Saturday, 05 July 2014 06:19 PM

දිල්ශානි ඔබ හරි. තව ටික දවසකින් කියයි දුව බලෙන් කාර් එකට නැග්ග කියලා. ඊට පස්සේ තාත්තව අත්අඩංගුවට ගනී බොරු චෝදනාවක් කළා කියල. (නදී)

:       0       0

කිත්සිරි Monday, 07 July 2014 04:17 PM

සමාදී ඔයා මේ ලිපිය කියවලද ප්‍රතිචාර දාන්නේ. නැත්තන් ඔලුව විකාරෙන් කියවන ලංකා තිලක්ගේ ප්‍රතිචාර කියවලද? ඒ තාත්තගේ පැමිණිල්ලට පොලිසිය නිසි ලෙස ක්‍රියා නොකළ කියලා තමා මේ තාත්ත වාහනේ උඩට නැගල තියෙන්නේ . දේශපාලකයෙකුගේ වාහනෙන් පැහැර ගත්තනං ඉතින් අහන්න දෙයක් නැහැනේ (නදී)

:       0       0

තරිඳු Friday, 04 July 2014 03:44 PM

දේශපාලුවන් එලවමු. දේශපාලු බලය ඉවර කරමු. (ස)

:       0       0

ලංකා තිලක් Saturday, 05 July 2014 06:21 PM

අපි දැක්කනේ කාලයක් මිනිහෙක් ආදර්ශයක් විදිහට ගහක තමුන්ම බැද ගත්ත එකට අන්තිමට අහිංසක දේශපාලකයෙකුට චෝදනා කළා (නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 07 July 2014 04:21 PM

මෙන්න හා හා පුරා කියල සමාදී නංගියෙක් ගොඩ බැහැල. සාරිය ඇදල හිටියට මුණ නම් ලංකා තිලක් වගේමයි . (නදී)

:       0       0

උපාලි Friday, 04 July 2014 03:51 PM

දේශපාළුවන් උල තියන්න (නදී)

:       0       0

ගිහාන් Friday, 04 July 2014 03:52 PM

දැන් මේකටත් කියාවිද දන්නේ නැහැ , මේ පියා සහ දුව පිටරට යන්න විසා ඉල්ලුම් කරලා ඒ වෙනුවෙන් කරන රගපෑමක් කියලා (නදී)

:       0       0

කීර්තිරත්න Saturday, 05 July 2014 01:02 AM

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නැද්ද මේකට මොකුත් කියන්නේ? (නදී)

:       0       0

ලංකා තිලක් Saturday, 05 July 2014 06:28 PM

මගේ දුවව පළාතේ දේශපාලකයෙක් උස්සන් යනවා නම් මම හරිම කැමතියි. ඔය වගේ දේවල් වලට පොලිසි යන්නේ මොකටද? එහෙම වෙනවා නම් දේශපාලක උත්තමයෙක් නිසා මටත් අපේ පවුලටත් මොන තරම් ගෞරවයක්ද ලැබෙන්නේ. (නදී)

:       0       0

නිමල් රාජපක්ෂ Sunday, 07 September 2014 03:27 PM

අනේ දරුවන් සිටින කාටත් දැනෙනවා ඔය වේදනාව නිතිය ඔබට සාදාරණය ඉටුකරාවි (නදී)

:       0       0

ධර්මපාල Saturday, 05 July 2014 01:16 AM

බෞද්ධයෙකුට අසාධාරනයක් වන විට කිසි කෙනෙක් නැහැ. මේක තමයි හැම තැනම වෙන්නේ (නදී)

:       0       0

ටිකිරි බංඩා Saturday, 05 July 2014 06:32 PM

ත්‍රිවිද රත්නයේ පිහිටෙන්, සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටෙන් මේ අසරණ දියණියට කරදරයක් නැතිව නැවත යහතින් නිවසට පැමිණීමට හේතු වාසනා ලබේවා කියල අපි ප්‍රාර්ථනය කරන්නෙමු. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 05 July 2014 06:35 PM

සචිත්‍ර ඩුප්ලිකේට් බඩු ගන්න කොට බලාගෙන ගන්න. ලාබ වගේම ඉතින් කෙටි කාලයයි. ඔයත් ඩුප්ලිකේට් එකකට රැවටිලා. මේ මොන කණගාටු දායක පුවතක්ද. මහත්තයා ඇවිත් නෝනව අරන් ගිහිල්ලා. ඔයා ඒකට අඩන්න එපා. සතුටු වෙනවා මිසක්. සත්‍ය ප්‍රේමය ජය අරන්. (නදී)

:       0       0

වින්සන්ට් Sunday, 06 July 2014 01:20 PM

හිතවතුනි, ලංකා තිලක් ප්‍රකාශකර ඇත්තේ ඔහුගේ අදහසය.එය ඔහුගේ අයිතියයි.එය පිළිගැනීම හෝ නොගැනීම ඔබේ අයිතියයි.කෙනෙකුගේ අයිතිය වෙනුවෙන් අප හඬ නගද්දී තව කෙනෙකුට අපහාසයක් හිරිහැරයක් සිදුනොවීමටද අප වගබලාගත යුතු නොවේද? (නි)

:       0       0

රාජිත Sunday, 06 July 2014 10:14 PM

ඔය තිලක් කියන පුද්ගලය‍ාට කියන්න තියෙන්නේ, ඔබ උදේ හවස වඳින දේශපාලුවෝ හරියට ජනතා සේවය කළා නම්, පොලිසියට, නීතියට රාජකාරිය කරන්න දුන්නා නම් මෙහෙම පුවත් බලන්නත් අදහස් දමන්නත් අපට සිදුවෙන්නේ නැහැ. (නි)

:       0       0

ගුණේ Saturday, 05 July 2014 02:51 AM

මේ නිව්ස් එක විකුණගෙන කන්නෙ නැතුව ඒ මනුස්සයට උදව් කරන්න. (නදී)

:       0       0

ටිරෝන් Saturday, 05 July 2014 03:17 AM

මේක මොකක් උනත් මේ පියා කියන විදියට මේක දේශපාලකයෙක් ගේ වැඩක් නම් බය නැතිව එයාගේ නම, වාහනේ නොමබරය, හෙළි කරන්න. පත්තරවලත් වගකීම මිනිසුන්ට ඇත්ත හෙළිකරන එක. එතකොට පොලිසියටත් රාජකාරි වලින් පිට යන්න බැහැ. බොරුවට වාහන උඩ නැගල කෑ ගහලා වැඩක් නැහැ. එ්කෙන් වෙන්නේ දරුවට වෙන්න තියෙන හානිය තවත් වැඩි වෙන එක. පොලිසියේ රාජකාරිය වෙන්නේ නැත්නම් පොලිසියේ එන්ට්‍රියේ කොපියක් ඉහල තැන්වලට බාරදීලා පොලිසියටත් පාඩමක් උගන්වන්න. (නදී)

:       0       0

තක්ෂී Friday, 04 July 2014 04:11 PM

පව් අහිංසක ළමයා (නදී)

:       0       0

ටිරෝන් Saturday, 05 July 2014 03:24 AM

අපේ මිනිස්සු හමුදාවේ අයට මල් දෙන්නත් පොලිසියට ගල් ගහන්නත් හේතුව මේක. අරක්කු බෝතලයක් හරි රුපියල් 1000 ක් අරන් පොලිසියට ගියානම් ඔය ඔක්කොම මිනිත්තු 5න් කෙරෙනවා. පොලිසියට මිනිස්සු ගල් ගහන්නේ පොලිසියේ කල් ක්‍රියව නිසා. මේක පොලිසියේ තියෙන නැහැදිච්ච කම. මේකට පොලිසියේ මුල්පුටුවල ඉන්න අය තමා වගකියන්න ඕනේ. (නදී)

:       0       0

ජගත් Monday, 07 July 2014 04:28 PM

සමාදී, ඔයා ලංකාවේ කෙනෙක් නෙමෙයි වගේ. (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 05 July 2014 06:41 PM

ඩුබායි තිලාක් ගැන පුදුමයි. තාම බැහැ මෙච්චර කල් ආශ්‍රය කරපු මාව හරියට අඳුනා ගන්න. ඒ බන්දුල ඩොට් පෙරේරා. මේ බන්දුල පෙරේරා. (නදී)

:       0       0

බන්දුල.පෙරේරා Friday, 04 July 2014 04:13 PM

ජනතාවනි එක්වවූ. මේ දෙය හෙට ඔබගේ දියණියට සොහොයුරියට විය හැක. ඔහුව තනි කරන්න එපා (නදී)

:       0       0

කසුන් Sunday, 06 July 2014 01:27 PM

වින්සන්ට්, ඔබ ලංකා තිලක්ගේ චෝදනා පත්‍රය කියෙව්වාද? එහෙම නම් අනුන්ගේ මත වලට ගරු නොකරන්නේ කවුද කියා ඔබට වැටහෙන්න ඕනෑ. (නි)

:       0       0

විජිත Friday, 04 July 2014 04:14 PM

පොලිසිය නීතිය නොකරන්නේ නම් වහාම දඩුවම් දිය යුතුය (නදී)

:       0       0

චන්ද්‍රා Saturday, 05 July 2014 06:52 PM

අපේ රට කන දේශපාලුවන්ට යම රජුගේ පිහිටයි (නදී)

:       0       0

සඳුන් පෙරේරා Saturday, 05 July 2014 03:41 AM

මෙතන අපේ සමහර කට්ටිය හොයන්නේ වයස කීයද, ආදර සම්බන්ධයක්ද කියන ඒවා. තාත්ත පැමිණිලි කරලා තියෙන්නේ පහර ගැනීමක් සම්බන්ධයෙන්. පොලිසිය ඒ ගැන ක්‍රියා කල යුතුයි. තරුණිය හොයාගෙන තමයි බලන්න ඕන කැමතිද කියන එක. ආදරයට අරගෙන ගිහිල්ල අතුරුදහන් කරන්න පුලුවන්ද? (නදී)

:       0       0

අශෝක Sunday, 06 July 2014 01:35 PM

ලංකා තිලක්, මේ තීරයේ නීතිය පිළිබඳ හසල දැනුමක් ඇති උදවියද ඉන්නවා. ඒ නිසා ඔබේ වචන ගැන මීට වඩා සැළකිළිමත් වෙන ලෙස මම ඉතා කරුණාවෙන් ඉල්ලනවා (නි)

:       0       0

සුගත් Sunday, 06 July 2014 01:35 PM

ලංකාදීප පුවත්පත කියවන ඡන්දය හිමි එසැණ පාඨක සංඛ්‍යාව බසයකට පිරවිය හැකි තරම් යැයි කියන ප්‍රකාශය වහා ඉල්ලා අස්කරගන්නා මෙන් ලංකා තිලක්ගෙන් ඉල්ලමි. මුහුණු පොතේ කැමති සංඛ්‍යාව පමණක් 277,707කි. මෙය මීට වඩා තුන් හතර ගුණයකින් හෝ ඊටත් වඩා වැඩිවිය යුතුය. ලංකාදීපය යනු ලංකාවේ මධ්‍යස්ථම හා ජනප්‍රියම පුවත්පතයි. (නි)

:       0       0

දනුක Friday, 04 July 2014 04:40 PM

දැන් මේ හපන් කමට සම්බන්ධ බලවතාටත් ගෑනු දරුවෝ ඉන්නවද ? එහෙම නම් ඉතින් තාත්ත කෙනෙක් හැටියට මේ සිද්ධ වුන දේ ගැන තමන්ට බොහොම ලජ්ජා වෙන්න වේවි. (නදී)

:       0       0

චම්පික Sunday, 06 July 2014 01:40 PM

ලංකා තිලක් , ඔබ ගැන ඉතා කණගාටුයි. (නි)

:       0       0

ගයන් Friday, 04 July 2014 04:43 PM

පියෙකුට මෙවැනි දුකක් දුන් සියලු දෙනාටම දෙවියන්ගෙන් හෝ දඩුවම් ලැබේවා (නදී)

:       0       0

මිනිපේ Sunday, 06 July 2014 01:44 PM

ලංකා තිලක්,ටිකක් කල්පනා කරලා බලලා කතාකරන්න (නි)

:       0       0

නිශාන්ත Friday, 04 July 2014 04:45 PM

දුව පැනලා ගිහින්. තාත්තට මානසික ආබාධයක්. කිසිම දේශපාලනයක් නැහැ. හෙට රජයේ මාධ්‍ය කියාවි (නදී)

:       0       0

රවිඳු Saturday, 05 July 2014 04:53 AM

අපේ රටේ මිනිස්සු මෙච්චරම මෝඩ උනේ කොහොමද කියල මට නම් හිතා ගන්නත් බැහැ. පොලිසිය හොඳයි කුඹුරට. පාලකයින්ගේ හපන්කම් තමයි මේවා. (නදී)

:       0       0

කාන්ති Saturday, 05 July 2014 05:24 AM

පළමුවෙන්ම කියන්න ඕනා අද ලංකාවේ කිසිම කාන්තාවකට නිදහසේ ජිවත් වෙන්න බැහැ එ්ක අනිවාර්යෙන්ම පිළිගන්න වෙනවා. (නදී)

:       0       0

කාවින්ද Monday, 07 July 2014 04:41 PM

තිලක්,මේ ලණුව ඔයා හොඳට ගිලලා වගෙයි. ඔයා හිතනවා යථාර්ථය දකින අය වැරදියි කියලා. (නි)

:       0       0

සුභාෂි Sunday, 06 July 2014 01:47 PM

අපිට දැන් මෙතන නිදහස් අදහස් පළකරන්න කාගෙන්ද අවසර ගන්න ඕනෑ? තිලක්ගෙන්ද? (නි)

:       0       0

සචිත්‍ර Saturday, 05 July 2014 07:47 PM

බන්දුල පෙරේරා ඔයාට කව්ද කිව්වේ ඒ මහත්තය ඇවිත් එක්කගෙන ගියා කියලා. පියෙකුගේ වේදනාව මේ විදිහට විහිළුවකට ගැනීම මහා පාප කර්මයක්. ඔයාට පිස්සු කියල හැමෝම කියන එකේ මේවා පහදලා දීල වැඩකුත් නැහැ (නදී)

:       0       0

පිටිගල Friday, 04 July 2014 04:57 PM

ඡන්දෙ දීලා පත් කරගත් දේශ පාලකයන්ගෙන් අඹු දරුවනුත් ආරක්ෂා කර ගන්නත් ජනතාවට සිද්ධ වෙලාද? ආසියාවේ ආශ්චර්යය මේකද? (නදී)

:       0       0

ධර්ම Saturday, 05 July 2014 06:03 AM

අහිංසා, දූෂකයෝ, හොරු, පගා මරුවෝ, මිනි මරුවෝ, නුගත් මෝඩයෝ මේ ඔක්කොටම තනි නමක් තමයි ' දේශපාලුවෝ '. අපේ රටේ පත්තරයක් අරගත්තොත් මේ අයගේ අමන වැඩ තමා පත්තරයෙන් 95% ක්ම තියෙන්නේ. මගේ එක පැතුමක් තමා. .මේ දේශපාලුවන්ගෙන් තොර ලෝකයක ජීවත්වීම. (නදී)

:       0       0

ටෙනිසන් Saturday, 05 July 2014 06:20 AM

ලංකා තිලක් ගේ අදහසට මමත් එකගයි. අපි හරි ඉක්මනට වැට පනනවා. (නදී)

:       0       0

ලංකා තිලක් Saturday, 05 July 2014 08:15 PM

ටිකිරි බංඩට ස්වාසිලන්තේ රජ්ජුරුවෝ ගැන ඉරිසියා හිතිලා වගේ. මේ කෙල්ල එහෙම ගමනක් නෙමෙයි ගිහින් තියෙන්නේ නිත්‍යානුකුල ස්වාමි පුරුෂය එක්ක. (නදී)

:       0       0

රුවන් Sunday, 06 July 2014 01:52 PM

ලංකා තිලක්ගේ සංයමයක් නැති සමහර වචන නිසා කවදාහරි ඔබ ලොකු අමාරුවක වැටෙනවා . ඔබේ වචන රටක් ගිනි තියන්න වුණත් ප්‍රමාණවත් (නි)

:       0       0

රෝහණ උපුල් කුමාර Saturday, 05 July 2014 06:21 AM

දුවගේ පින්තුරයක් දාන්න පුළුවන්නම හොඳයි (නදී)

:       0       0

තිලක් Monday, 07 July 2014 12:26 PM

"අන්න පැහැරගෙන ගිය දුව පොලිසියට ප්‍රකාශයක් කරලා තියෙනවා".ලංකාවේ පොලිසියට දුන්නු ප්‍රකාශ බැලුවම"තමන්ම මැහුම් 7-8 ක් දා ගන්ත තමන්ගේම ඔලුවට ගහ ගත්ත","තමන්ම ගස් බද ගත්ත",තමන්ම ගහගෙන තමන්ගේ කාර් එක ගිනි තියා ගත්ත",තමන්ම චීවරය ගලවල ගහගෙන ,තවත් දේවල් කපාගෙන චීවරයත් නැතිව සැතපුන"...........කියන කෙනා කෙසේ කීවත් අහන කෙනා සිහි බුද්දියෙන් අහන්න ඕනනේ. (ස)

:       0       0

තුශාර Friday, 04 July 2014 05:05 PM

හොඳක් නම් වෙන්න එපා මේ කරන අපරාධ වලට. ඒ තාත්තාට දුවට කරදරයක් නැතුව නැවත දැකගන්න ලැබෙන්න කියලා පතන එක තමා කරන්න තියෙන්නෙ. (නි)

:       0       0

නිශේන් Sunday, 06 July 2014 01:56 PM

ලංකා තිලක්, ඔබ යම්කිසි භීතිකාවකින් පෙළෙනවා නම් වහාම ඊට ප්‍රතිකාර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලනවා. (නි)

:       0       0

සරත් Friday, 04 July 2014 05:07 PM

දැන් ඉන්න සමහර දේශපාලුවන් ගැන කතා කළොත් නම් වැඩිකල් යන්න කලින් ගෙවල් වල ඉන්න ගැහැණු ළමයින් හංගන්න වෙනවා. දෙමාපියන් වන අපි දැනගන්න ඕනෑ කාවද පත් කරන්නේ කියලා (නි)

:       0       0

සතිෂ් Saturday, 05 July 2014 06:36 AM

මේ තරුණිය විහින් කරගත්ත දෙයක් කියලා උඩ පැනල කියපු කෙනා තරුණියගේ බාප්පා වෙන්න ඇති. නැති නම් කොහොමද මෙච්චර විශ්වාසයෙන් එහෙම කියන්නේ ? (නදී)

:       0       0

දිමුතු Monday, 07 July 2014 01:07 AM

තිලක්,බසයකින් පිරවිය හැකි යැයි කියන ප්‍රකාශය තරයේ හෙළා දකිමු. බොහෝ අන්තර්ජාලයේ ඇති ලාංකික පුවත්පත් පාඨක අදහස්වලට අවස්ථාවක් නොදෙන ඔවුන්ගේ මතය බලහත්කාරයෙන් ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සාහ දරන ඒවායි. ලංකාදීප පුවත්පතේ මේ සත්ක්‍රියාව ඉහළින්ම අගය කරමු. ලංකාදීප පුවත්වත ජනතාවගේ පුවත්පත වී ඇත්තේ මේ නිසාය. දිනෙනේ දින ලංකාදීප පුවත්පත ඉදිරියෙන් ඉදිරියට යන්නේ මේ නිසාය. දැනටමත් අන්තර්ජාලයට පිවිසීමට හැකියාව හැකි සියලු ලාංකික ජනකොටස් වල එකම විශ්වාසනීය පුවත්පත බවට පත්ව ඇත්තේ ලංකාදීපයයි. (නි)

:       0       0

දයාරත්න Saturday, 05 July 2014 06:43 AM

දේශපාලුවෝ තිරිසන්නුන්ටත් අපහාස කරනවා. මොකද තිරිසන්නුවත් මේ වගේ වැඩ කරන්නේ නැති නිසා. මේ අය හිතාගෙන ඉන්නේ ඒ අයට ඕනම දෙයක් අපරාධයක් කරන්න වලංගුයි කියලා. මේ අය ජාතියට,තම වර්ගයාට ,ආගමට,රටට පිලිලයක්,සාපයක්.සොබා දහම මේ අය ගැන බලාගනියි. (නදී)

:       0       0

එඩ්වර්ඩ් Friday, 04 July 2014 05:08 PM

මේක තමයි පිය සෙනෙහසක මහිමය (නි)

:       0       0

කවිඳු Saturday, 05 July 2014 06:43 AM

ලංකා තිලක්, බවලතුන්ට මඩ ගහන්න කලින් තමන්ගේ මඩ ඉස්සෙල්ල සෝදා ගන්න. එහෙම ආදර හුටපටයක් නම් මේ පියා මෙහෙම දෙනෝදාහක් ඉදිරියේ හැසිරේවිද ? එහෙම දෙයක් නම් දෙමව්පියන් ඒක හංගනවා. ඒ මොකද තමන්ගේ ළමයාගේත් වැරැද්දක් තියන නිසා. නිකන් කට තිබුන පලියට කතා කරන්න එපා තිලක්. (නදී)

:       0       0

රකිත Friday, 04 July 2014 05:13 PM

ලංකාදීපයෙන් මේ අහිංසක පියාට හඩක් ලබා දුන්නට ගොඩක් පින්. රටක් හදන්න මාධ්‍යට ට පුළුවන්. මේ පිලිබදව දිගින් දිගටම සම්පුර්ණ විස්තර වාර්තා කරන මෙන් ලංකාදීප පුවත් පතෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු. (නදී)

:       0       0

රන්ජිත් Sunday, 06 July 2014 02:01 PM

ඇඟ හිරිවැටෙනවා මේවා කියැවූ විට. තාත්තා කෙනෙක් දරුවෙක්ව හදන්නේ මොනතරම් දහදුක් විඳලද? (නි)

:       0       0

සශෙන් Friday, 04 July 2014 05:16 PM

තාත්තා කෙනෙක් කොච්චර සෙනෙහසකින්ද දරුවෙක්ගේ කැත කුණු අතගාලා උස්මහත් කරන්නේ? කළ අයට හොඳක් නම් වෙන්න එපා (නි)

:       0       0

ජයන්ත Saturday, 05 July 2014 06:52 AM

හරි එහෙම නම් මේක ඔය ලංකා තිලක්ල කියන විදියට තරුණිය ගේ කැමැත්තෙන් වුන දෙයක් කියමුකෝ. මනමාලි එක්ක යන්න භාවිතා කරලා තියෙන්නේ රජයේ වාහනයක් ද කියල අපි දැන ගන්න කැමතියි. ඔච්චර විශ්වාසෙන් කියන දේවල් වල හැටියට ඔබ ඒක නොදැන ඉන්න විදියක් නැහැ (නදී)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 05 July 2014 08:43 PM

සචිත්‍ර ටිකක් අනෙක් මාධ්‍ය වල මේ ගැන විස්තරත් හොයල බලන්න. (නදී)

:       0       0

ලාලනී Sunday, 06 July 2014 02:12 PM

අපිට හරිම කණගාටුයි සමහරුන්ගේ විචාර බුද්ධියෙන් තොර ප්‍රකාශ ගැන ! (නි)

:       0       0

හසන්ත Saturday, 05 July 2014 06:55 AM

ලංකා තිලක් කොහොමද හරියටම දන්නේ මේක මේ තරුණිය කැමැත්තෙන් ගිය ගමනක් කියලා. ඔබ මේ කටයුත්තේ කපු මහත්තයාද ? (නදී)

:       0       0

සමීර Monday, 07 July 2014 02:16 AM

තිලක්, අර දිල්ශානිගේ අදහස දෙතුන් පාරක් හොඳට කියවන්න (නි)

:       0       0

හේමන්ත Saturday, 05 July 2014 06:59 AM

මේක තරුණිය කැමැත්තෙන් ගිය ගමනක් නම් මේ තාත්තා විලි ලැජ්ජාවේ හැංගෙනවා මිසක් මෙහෙම නගරය මැද දෙස් දෙවොල් තියන්නේ නැහැ. ලංකා තිලක් ඔබේ කට නම් හැම වෙලාවේම බවලතුන්ට මඩ ගහන්න ඉස්සර වෙනවා. (නදී)

:       0       0

සඳුන් පෙරේරා Sunday, 06 July 2014 02:16 PM

මිනිපේ, ලංකා තිලක්ට කල්පනා කරන්න කිව්වට, මොකෙන්ද ඒක කරන්නේ? (නි)

:       0       0

ප්‍රියනාත් Friday, 04 July 2014 05:34 PM

රටට මේ මොකක්ද වෙලා තියෙන්නේ? (නි)

:       0       0

ජෙහාන් Saturday, 05 July 2014 07:00 AM

මේ තරුණිය තමන් විසින්ම ඉස්සි ඇත. මෙය කාගේවත් වරදක් නෙවෙයි. (නදී)

:       0       0

දුලිප් Sunday, 06 July 2014 02:19 PM

ලංකා තිලක්ගේ පදනම් විරහිත චෝදනා අපි තරයේ හෙළා දකිනවා. මේක නිදහස් අදහස් ලියැවෙන තැනක්. මෙතන හැමෝම යමක්කමක් ඉගෙනගත් , වැදගත් වෘත්තීය මාර්ග ඇති පාඨකයන්. (නි)

:       0       0

බන්දුල.පෙරේරා Saturday, 05 July 2014 07:06 AM

කව්රුවත් ලංකා තිලක කියන දේවල් ගණන් ගන්න එපා. මම එයාගේ අදහස් ටිකක් කියවල තියනවා. ඕක මානසික රෝගී තත්වයක්. කිසියම් දෙයකට තදින් හෝ පුද්ගලයෙකුට තදින් අැලුනහම ඒ අය කරන කියන මොන දේත් දිව්‍යමයයි කියන හැගීමක් ඇති වෙනවා. අපි ලංකා තිලක් වගේ අයට අනුකම්පා කල යුතුයි. (නදී)

:       0       0

වින්සන්ට් Saturday, 05 July 2014 08:56 PM

"ඔව් ලංකාතිලක කියන්නෙත් මමමතමා "යන්න ප්‍රතිචාරය තවත් වින්සන්ට් කෙනෙක්ද? . (දී)

:       0       0

ගයනී Saturday, 05 July 2014 07:10 AM

තරුණිය ගියේ ඇගේ කැමැත්තෙන් නම් මේ විදියට පියා හැසිරෙන්නේ නැහැ. සමහරු කියන කතා ඉතා අශෝබනයි. තමන්ගේ ගෙදර බවලතෙකුට මේක වුන දාට තේරේවි. (නදී)

:       0       0

දයාල් Friday, 04 July 2014 05:38 PM

මම නම් කියන්නේ තවටිකක් සොයා බැලුවොත් හොඳයි කියලයි (නි)

:       0       0

නිලංග Monday, 07 July 2014 03:46 AM

මම කිසිම දේශපාලන උනන්දුවක් නැති කෙනෙක්. හැබැයි මේ ලංකා තිලක්ගේ චෝදනාව දැකලා නම් මට නිහඬව ඉන්න බැහැ. ඔය වගේ මෝඩ අදහස් තිලක්ට මිසක් මෙතන වෙන කිසිම කෙනකුට නැහැ. ඔබ වැනි උදවියගේ විචක්ෂණ බුද්ධියක් නැති කියුම් නිසා තමයි තිලක් ලංකාවට කවදාහරි ලොකු කරදරයක් වෙන්නේ (නි)

:       0       0

අජිත් Friday, 04 July 2014 05:43 PM

කවදා අහන්න දකින්න ලැබුණ දේවල්ද මේ? (නි)

:       0       0

මහනාම Saturday, 05 July 2014 08:10 AM

දැන් රටේ නීතිය හා සදාචාරය හොඳටම පිරිහිලා. බය තමා හැමතැනම පෙනෙන්නේ. මේකට අදහස් දාන අයගේ අදහස් දෙස බැලුවාම, විවිධ මත දැරුවාට ඉතා බුද්ධිමත් හා මේරූ මනසින් යුතු බවයි මගේ පුද්ගලික හැඟීම. (නි)

:       0       0

පනාගොඩ Friday, 04 July 2014 06:01 PM

ඡන්දෙ දීලා කට්ටිය පත්කරගන්න අපේ අයට මේවා තේරෙන්නේ කවදාද? (නි)

:       0       0

ගමගේ Friday, 04 July 2014 06:02 PM

බොහොම නරක වැඩක්. තාත්තා කෙනෙකුට පුලුවන්ද ඉවසන්න? (නි)

:       0       0

චන්ද්‍රා Friday, 04 July 2014 06:05 PM

දේශපාලුවන්ට මෙහෙම කරන්න පුලුවන්ද? කෝ නීතිය? (නි)

:       0       0

පවන් Saturday, 05 July 2014 08:46 AM

දුවට කිසිදු කරදරයක් නොවේවා! ඇය ඉක්මණින් පියාට හමුවේවා! (නි)

:       0       0

නලීන් Saturday, 05 July 2014 10:13 PM

ලංකා තිලක්, බන්දුල වගේ අය කරන්නේ මෙතන වෙනස් අදහසක් දාලා හැමෝගෙම අවධානය ඒ පැත්තට ගන්න. එතකොට ප්‍රවෘතියේ වැදගත්කම නැතුව යනවා. මේක මානසික ලෙඩක් (නි)

:       0       0

ගාමිණී - සිරි Friday, 04 July 2014 11:40 AM

දේශපාලුවා කියයි මගේ නම කැත කරන්න මගේ වාහනයේ අංක තහඩුව ගහගත් වනචරයෙක්ගේ වැඩක් බව. දුවට ජීවිත හානියක් නම් නොවේවා (නදී)

:       0       0

ප්‍රසාද් Friday, 04 July 2014 11:43 AM

ගණන් ගන්න එපා ආසියාවේ අස්චාර්ය (නදී)

:       0       0

අමිළ Friday, 04 July 2014 11:46 AM

දුවගේ විස්තර සහ පින්තුරයක් ඵල උනා නම් හොයාගන්න ලේසි වෙයි. (නදී)

:       0       0

රොෂාන් Friday, 04 July 2014 06:24 PM

දැන් බලනකොට අසාධාරණයකට පිහිටක් සොයන්න කරන්න තියෙන්නේ මෙහෙම ක්‍රියාමාර්ග අනුගමනය කිරීම තමයි (නි)

:       0       0

චන්දි Friday, 04 July 2014 11:51 AM

අනේ පව්. මේ වගේ තැන් වලදී නිතියෙනුත් සරණක් නැති අහිංසක මිනිසුන්ට කාගෙන් පිහිටක්ද.........? (ස)

:       0       0

අබිතා Friday, 04 July 2014 11:53 AM

මේ වගේ දේවල් අහන්න ලැබෙන එකත් අපේ කරුමේ. මේ දේශපාලකයන් අපේ රටටම පිළිලයක්. (ස)

:       0       0

නලීන් Friday, 04 July 2014 06:29 PM

සමහර අයට නම් මේක විහිළුවක් වගේ. මේ වයසේ ගැහැණු ළමයෙක් ඉන්න තාත්තා කෙනෙකුට නම් ඇඟ හිරිවැටෙන ප්‍රවෘත්තියක්. (නි)

:       0       0

තිලක් ඩුබායි Saturday, 05 July 2014 09:50 AM

බන්දුල පෙරේරා/ලංකා තිලක්ම කියා ගන්නවා එයා "" මානසික රෝගියෙක්."මානසික ලෙඩෙක්". "පිස්සෙක්" කියලා. ඉතින් අපිට කියන්න දෙයක් ඉතිරි වෙලා නැහැනේ. කියන්න තියෙන්නේ හැකි ඉක්මනින්ම මේ මානසික පිස්සව පිස්සන් කොටුවට දක්කාගෙන යන්න කියල විතරයි. පින් සිද්දවෙනවා. (නදී)

:       0       0

නාලනී Friday, 04 July 2014 06:30 PM

තාත්තා ගැන පව් කියලා හිතෙනවා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. (නි)

:       0       0

ටිකිරි බංඩා Saturday, 05 July 2014 09:58 AM

අපි දන්නා තරමින් සුවාසිලන්තයේ තමයි රජතුමා විසින් අවුරුද්දකට සැරයක් "රීඩ් ඩාන්ස්‘ කියල කුලුදුල් තරුණියන්ව නිරුවත් කරලා තමන් කැමති තරුණියන්ව "තෝරා බෙරා" ගන්නේ. දැන් දැන් ලංකාවත් සුවාසිලන්තයට ලං වේගෙන එනවා වගෙයි නේද ? (නදී)

:       0       0

අහිංසා Friday, 04 July 2014 12:01 PM

දුෂකයෝ...හොරු...පාගා මරුවෝ...මිනි මරුවෝ... නුගත් මෝඩයෝ...මේ ඔක්කොටම තනි නමක් තමයි ' දේශපාලුවෝ '.අපේ රටේ පත්තරයක් අරගත්තොත් මේ අයගේ අමන වැඩ තමා පත්තරයෙන් 95% ක්ම තියෙන්නේ. මගේ එක පැතුමක් තමා ..මේ දේශපාලුවන්ගෙන් තොර ලෝකයක ජීවත්වීම...(ස)

:       0       0

ටිකිරි බංඩා Saturday, 05 July 2014 10:03 AM

දේශපාලකයා කව්ද කියල දැන ගන්න නම් අන්තර්ජාලයට පිවිසෙන්න වෙනවා වගේ (නදී)

:       0       0

ලුම්බිණි Friday, 04 July 2014 12:04 PM

මේ පුද්ගලයා ගැන අනුකම්පා කල යුතුයි. තමන්ට සාධාරණයක් ඉටු කරවා ගන්න මෙවැනි දේවල් කරන එක අද සමාජයේ සුලභ දෙයක් වෙලා. මොන පැත්තෙන් බැලුවත් දේශපාලකයෙක් හැම වැරද්දකටම කොහෙන් හෝ සම්බන්ධයි. අහෝ රටකට ගිය කල. (නදී)

:       0       0

විමුක්ති Friday, 04 July 2014 06:43 PM

මොනවද මේ රටේ මේ සිද්ධ වෙන්නේ? (නි)

:       0       0

අජිත් පෙරේරා Friday, 04 July 2014 12:13 PM

අති ගරු ජනාදිපති තුමනි, ඔබතුමා සන්වෙදී මනසක් ඇති උතුමෙකු බව අපි අදහමු. ඒසේ නම් මේ අහිංසක තාත්තාගේ අසරන ඉල්ලීමට ඉක්මනින් සවන් දෙනු මැනවී. (නදී)

:       0       0

ගයාන් Friday, 04 July 2014 06:48 PM

කෝ මේ ලංකා තිලක් ? සුදු හුණු බාල්දිය ගේන්න ගිහිල්ලද ? (නදී)

:       0       0

මාලක සිල්වා Friday, 04 July 2014 06:48 PM

ලොක්කෙක්ගේ ගෝලයෙක් වෙන්න ඇති. රාජ්‍ය බලයට පොලිසිය බයයි. (නදී)

:       0       0

සේන Saturday, 05 July 2014 10:28 AM

ලැජ්ජා හිතෙනවා (නදී)

:       0       0

මාලක සිල්වා Friday, 04 July 2014 06:48 PM

ලොක්කෙක්ගේ හිතවත් ගෝලයෙක් වෙන්න ඇති. රාජ්‍ය බලයට පොලිසිය බයයි. (නදී)

:       0       0

කසුනි Monday, 07 July 2014 01:36 PM

මේ ලංකා තිලක් ඇත්තටම කිසිම ලැජ්ජාවක් නැති කෙනෙක්. කොච්චර බැනුම් ඇහුවත් ලජ්ජා නැහැ (නදී)

:       0       0

හේමා Friday, 04 July 2014 06:52 PM

දැන් මේ කියන බලවතාගේ නම ප්‍රකාශ කල යුතුයි. එහෙම නැතිනම් මේ පළාතේ ඉන්න අනෙකුත් දේශපාලකයන් ගැනත් අනුමාන වශයෙන් සැක කරන්න ජනතාව පෙලඹෙනවා. (නදී)

:       0       0

චන්දන Friday, 04 July 2014 12:20 PM

මරාගෙන මැරෙන වැඩක් (නදී)

:       0       0

සචිත්‍ර Sunday, 06 July 2014 02:53 AM

බන්දුල පෙරේරා, ඔය අනිත් කියනවයි කියන කතාව අපි කලින්ම දැනගෙන හිටියා. ඔයාගේ ප්‍රතිචාර වලින් පෙනෙන්නේ ඔයත් දැනගෙන ඉඳලා තියනවා වගෙයි. හැබැයි කියන්නා කෙසේ කිවුවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියනවනේ. මේවා ඔයාට කියලා වැඩක් නැහැ. (නි)

:       0       0

දිල්ෂානි Sunday, 06 July 2014 02:59 AM

හෙරොයින් පාන් පිටි වෙනවා, පැහැර ගත්තොත් සැමියා අරගෙන ගියා වෙනවා, තමුන්ම ගස් බැඳගන්නවා ,තමුන්ටම ගහ ගන්නවා... මේවා බන්දුල පෙරේරාගේ චුටි මොළයට තේරෙන්නේ නැහැ. ඉතින් නොදන්නා දේවල් වලට ප්‍රතිචාර නොදා පැත්තකට වෙලා ඉන්න. (නි)

:       0       0

වසන්ත Friday, 04 July 2014 12:21 PM

හැබැයි මට හිතෙන හැටියට දුවගේත් අකමැත්තක් තිබිල නැහැ වගේ (නදී)

:       0       0

ලලිත් Saturday, 05 July 2014 10:59 AM

මෙහෙම ගියොත් අපේ ගෙවල් වල ඉන්න බවලතුන්ව බලෙන් උස්සගෙන ගිහිල්ල කියාවි කැමැත්තෙන් ගියේ කියලා. (නදී)

:       0       0

ස්ටැන්ලි Sunday, 06 July 2014 03:19 AM

කළුගලේ ඔලුව ගහගන්න බැහැනේ.අන්තිමට මේ පියාට කියන්න වෙන්නෙත් දුව කැමැත්තෙන් ගියා කියලා තමා. මේ දේශපාලුවන්ට ආත්ම ගණනක් අපාගතව විඳවන්න වෙනවා. මිනිසුන් මේවා ගැන සිහිබුද්ධියෙන් බැලිය යුතුයි. කවදාහරි තමුන්ටත් මේ දේශපාලුවන්ගෙන් මෙවැනි දෙයක් සිදුවිය හැකි බව අමතක නොකළ යුතුයි (නි)

:       0       0

සෝමා Friday, 04 July 2014 12:23 PM

අම්මෝ දවස් 5ක් ම ගිහින් ද දැන්. දැන්නම් ඉතින් හොයල වැඩක් නැහැ. දුවගේත් කැමැත්තක් තියෙන්න ඇති. (නදී)

:       0       0

කසුනි Sunday, 06 July 2014 03:25 AM

ලංකා තිලක්, මේ තාත්තා පොලිසියේ පැමිණිල්ලක් දැමූවිට ඒ ගැන හරි පරීක්ෂණයක් කරන්න නැතුව ඇත්තේ මේ දෙන්නාගේ සත්‍ය ප්‍රේමයට උදව් කරන්න වෙන්න ඇති. නේද? (නි)

:       0       0

කාන්ති Friday, 04 July 2014 12:24 PM

මගේ දුවටත් වයස 25යි. මේ පුවත දුටුවාම ඇඟ හිරි වැටුනා. (නදී)

:       0       0

දමිත Friday, 04 July 2014 07:08 PM

මේ ගැන විස්තර තව සොයලා පල කලා නම් හොඳයි. නැතිනම් නොයෙක් අනුමාන මැවෙනවා. දැන් බලන්න සමහරු හිතන්නේ මේ තරුණිය ගේ කැමැත්තෙන් මෙහෙම දෙයක් වෙන්න ඇති කියලා. ඒ වගේ දේවල් සාවද්‍ය වුනොත් ඒක ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇන්න වගේ නේද? (නදී)

:       0       0

ලංකා තිලක් Monday, 07 July 2014 06:00 PM

කවුද කසුනි මට බනින්නේ..තොප්පි දාගෙන ඔය බනින කට්ටිය ගැන තමයි මම කිව්වේ..ඒ අය ඉතින් බනින්න එපයි..නැත්නම් මේක සංවාද මණ්ඩපයක් නෙමෙයිනේ..අනෙක ඉන්ටෙර්නෙට් එකෙන් බැන්නම අගේ ඇලෙන්නේ නැහැනේ.බලන්නකෝ ඔයාට කලින් තියෙන කොමෙන්ට්ස් එක දිහා.(අ)

:       0       0

ජනත් Friday, 04 July 2014 12:30 PM

අනේ රටකට ගිය කලක්. පව් අසරණ තාත්තා. (නදී)

:       0       0

සිරි වීරසිංහ Tuesday, 08 July 2014 03:54 AM

ප්‍රශ්නය වී ඇත්තේ දුව කැමැත්තෙන් ගියාද බලෙන් පැහැරගෙන ගියාද යන්නයි.!කෙසේවෙතත් ඕනෑම මගඩියකට දේශපාලකයෙක් සම්බන්ධ වෙන ලංකා ඉතිහාසයේ මෙම කාල පරිච්ඡේදය සම්බන්ධයෙන් රන් අකුරින් ලියැවෙනු ඇත! (නි)

:       0       0

ටෙනිසන් Friday, 04 July 2014 07:18 PM

ඇහැට කනට පෙනෙන කාන්තා පක්ශය නිවෙස් වල ඉන්න උදවිය තම තමන්ගේ දරු පවුල් ගැන ප්‍රවේශම් සළසා ගන්න. කෝ අර නිතරම ජාතිකාභිමානය ගැන කතා කරන උදවිය ? මේ තියෙන්නේ ආඩම්බර වෙන්න කාරණාවක් (නි)

:       0       0

ජගත් Friday, 04 July 2014 12:31 PM

මේ කාලේ ඕක සාමාන්‍ය දෙයක්. ඔහොම දේවල්ද වෙන්නේ. (නදී)

:       0       0

තිලක් Sunday, 06 July 2014 04:23 PM

කට්ටියක් තොප්පිය දැනටම දාගෙන. කට්ටියක් තොප්පිය අමාරුවෙන් දාගන්න හදනවා.මේ පුවතට පළ ළුූ අදහස් විශ්ලේෂණය කරන්න.සියලුම දේශපාලකයින් ස්ත්‍රී දුෂකයින්, මංකොල්ලකාරයින්, කප්පම්කාරයින් කරලා තිබෙන හැටි බලන්න.නිසි අයුරින් විස්තරයක් නොදන්නා සිදුවීමකට මෙහෙම කරනවද? එතන තියෙන්නේ මේ පියා ගැන අනුකම්පාවක්ද? මේ තරුණිය ගැන අනුකම්පාවක්ද? (නි)

:       0       0

ඇසළ Friday, 04 July 2014 12:35 PM

සාධාරණයක් ඉෂ්ට කරන්නේ කොහොමද ගෙනියල තියෙන්නේ දේශපාලුවෙක් නම්. දුවට දෙයියන්ගේම පිහිටයි. (නදී)

:       0       0

කුසුමා Sunday, 06 July 2014 05:07 AM

යන්නේ කොහේද මල්ලේ පොල් වගෙයි බන්දුලගේ කතාව. බන්දුලට නම් ඇත්තටම පිස්සු. මේ පියාට දුව ඉක්මනින් හමුවේවා!! (නි)

:       0       0

එඩ්වර්ඩ් Sunday, 06 July 2014 05:15 AM

කිසිම දෙයක් හිතාගන්න බැහැ මට නම් (නි)

:       0       0

නලින් Friday, 04 July 2014 12:37 PM

මේ රටට මොකද මේ වෙලා තියෙන්නේ. පැහැර ගැනීමක් ගැන පොලිසිය බලන්නේ නැද්ද (නදී)

:       0       0

සෙනෙවි Saturday, 05 July 2014 12:23 PM

ලංකා තිලක් කියල කෙනෙක් ගැන තම්යි මේ තාත්තා පැමිණිළි කරන්නේ (නදී)

:       0       0

රාජේශ් -කටාර් Friday, 04 July 2014 12:37 PM

අසික්කිත, හිරිකිත, පාහර දේශ පාලුවෝ. ලංකාවේ පොලිසියත් එහෙමයි. (නදී)

:       0       0

අනුරාධ Friday, 04 July 2014 07:41 PM

කොච්චර අසරණද මේ තැනැත්තා? ඔහු කොපමණ දුකකින් පසුවනවා ඇද්ද? (නි)

:       0       0

පිටිගල Friday, 04 July 2014 12:37 PM

ආශ්චර්යයේ තරම දැන් දැන් මිනිසුන්ට තමන්ගේ අඹු දරුවන් රැකගන්න පවා මේ වගේ සටන් කරන්න සිදුවෙනවා. පොලීසිය මේ අපරාධ සම්බන්ධව ක්‍රියා නොකරන්නේ ඇයි. ඉතින් දැන් මේ මිනිසාගේ දියණියට මොනවා වෙලා ඇතිද? රඟ පෑම් බොරු පැමිණිලිත් වැඩි නිසා ඇත්ත දැනගන්නත් අපහසුවක් තියෙනවා. (ස)

:       0       0

සයිමන් Friday, 04 July 2014 07:43 PM

මෙම පුද්ගලයාට ලොකු අසාධාරනයක් වෙලා නිසයි, මෙසේ ඔහු හැසිරෙන්නේ. ඔහුට නීතියෙන් හෝ පොලිසියෙන් හෝ සාධාරනයක් ඉටු වි නැති බවයි පෙනෙන්නේ. මෙම සිද්ධිය මට හෝ ඔබට වුණා නම් ඇතිවන මානසික පීඩාව ගැන සිතා බලන්න (නි)

:       0       0

තිලක් ඩුබායි Monday, 07 July 2014 06:28 PM

සමාධි.නීතියෙන් සරණක් නැතිනම් කාගේ සරණද?නීතිය වල වැදුන රටක අද අ අසරණ මිනිසාට වෙනදේ හෙට ඔබට සහ මට වෙන්න පුළුවන්.ඔබත් අගේ දියණිය දෙසපාලක වුත්තමයෙක් පැහැරගෙන යනවට කැමැත්යි කෙනෙක් වගෙයි. (අ)

:       0       0

ප්‍රියාන් Friday, 04 July 2014 12:41 PM

මෙයාට සාධාරණයක් වෙන්න ඕනේ. දැන් ඉන්න පොලිසිත් එකයි දේශපාලකයොත් එකයි. අනුන්ට ගිනි ගෙඩි දෙන්න තමයි ඉන්නේ. (නදී)

:       0       0

ලංකා තිලක් Friday, 04 July 2014 07:50 PM

අනේ මන්ද කට්ටිය නඩුත් අහල තීන්දුවත් දීල ඉවරයි. මේ සිදුවීමේ අගක් මුලක් තාම දන්නෙත් නැහැ. දේශපාලකයෙක් කිව්වා ගමන් කට්ටියට නිකන් මොකාද එකාට මොකාද එක ලැබුන වගේ හතර අතට නෙලනවා. අන්තිමට වැඩේ වටරැක උනාම සද්දේ දාන කට්ටිය නැහැ හොයාගන්න. අවුරුදු 25 කෙල්ල කැමැත්තෙන් ගියානම් මොකා එක්ක ගියත් පොලිසියටවත් තාත්තටවත් මොකුත් කරන්න බැහැ. පැහැර ගෙන ගියා කියන්නේ මෙයානෙ. මතු පිටින් පේන දේට පෙන්නන දේට පෙන්නන්න හදන දේට වඩා වෙනස් කතා තමයි ගොඩක් සිදුවීම් වලදී අපි අවසානයේ දකින්නේ. මේක මොකක්දෝ ලව් හුට්ටප්පරයක් මට නම් හිතෙන විදියට. (නදී)

:       0       0

චන්ද්‍ර Friday, 04 July 2014 12:41 PM

දුව ඉතා කැමැත්තෙන් ගියාද? අකමැත්තෙන් ගියාද? කියල නොදැන නීතිය ක‍්‍රියාත්මක කිරීමට අපහසුයි. පොලිසියට ප‍්‍රශ්නයක් ඇති මොකද එයා බාල වයස්කාර දැරියක් නොවන නිසා. අනික මෙතන දේශපාලකයෙකුත් ගෑවිලා ඉන්න බැවින් ස්ථාන මාරු ලබාගන්න එහෙම පොලිස් නිලධාරින් කැමති නැතුවත් ඇති. (නදී)

:       0       0

චාන්දනී Friday, 04 July 2014 07:52 PM

බලන්න, අවරුදු 10 ක් දරුවෙකු නැතිව බලාගෙන ඉඳලා දරුවන් 5ක් ලැබූ පියා මේ මොහොතේදීත් සතුටු වෙන විට ඒ ප්‍රදේශයේම පියෙක් අවුරුදු 25ක් උස මහත් කල දරුවා ගැන දුක් වෙන හැටි. දරු කැක්කුමට මීට වඩා උදාහරණ මොනවාද ? (නදී)

:       0       0

ඩිලාන් Sunday, 06 July 2014 06:54 AM

හරි බන්දුල දැන් ඔබ කියන සත්‍ය ප්‍රේම බෘංග රාජයා කවුද ? කවුරු වුනත් මේ මංගල ගමනට භාවිතා කරලා තියෙන්නේ රජයේ වාහනයක් නම් එතන වැරද්දක් තියනවා. (නදී)

:       0       0

ගමගේ Friday, 04 July 2014 08:02 PM

මේකද රටේ ආශ්චර්යය? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමරිකා ජනපති අනුරට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 27 2 0

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පළ කර තිබේ.


ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 286 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 2090 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 231 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 946 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1023 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37580 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24769 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 700 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 255 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site