මහනුවර දළදා වීදියට තම මෝටර් රථයෙන් පැමිණි පුද්ගලයෙක් ඔහුගේ රථයේ වහලයට නැඟ සිටියේය. කඩුගන්නාව ලගමුවේ පදිංචි විල්බට් දයානන්ද නැමති එම පුද්ගලයා කියා සිටියේ ප්‍රබල දේශපාලනාඥයකුට අයත් බව කියන කාරයකින් පසුගිය විසිනව වැනි දින පැමිණි පිරිසක් තම විසිපස් හැවිරිදි දියණිය පැහැරගෙන ගිය බවයි. ඒ සම්බන්ධයෙන් කඩුගන්නාව පොලිසියට පැමිණිලි කළත් මෙතෙක් තමන්ට සාධාරණයක් ඉටු නොවූ බවත් ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලුවා කියයි මගේ නම කැත කරන්න මගේ වාහනයේ අංක තහඩුව ගහගත් වනචරයෙක්ගේ වැඩක් බව. දුවට ජීවිත හානියක් නම් නොවේවා (නදී)
ගණන් ගන්න එපා ආසියාවේ අස්චාර්ය (නදී)
දුවගේ විස්තර සහ පින්තුරයක් ඵල උනා නම් හොයාගන්න ලේසි වෙයි. (නදී)
අනේ පව්. මේ වගේ තැන් වලදී නිතියෙනුත් සරණක් නැති අහිංසක මිනිසුන්ට කාගෙන් පිහිටක්ද.........? (ස)
මේ වගේ දේවල් අහන්න ලැබෙන එකත් අපේ කරුමේ. මේ දේශපාලකයන් අපේ රටටම පිළිලයක්. (ස)
දුෂකයෝ...හොරු...පාගා මරුවෝ...මිනි මරුවෝ... නුගත් මෝඩයෝ...මේ ඔක්කොටම තනි නමක් තමයි ' දේශපාලුවෝ '.අපේ රටේ පත්තරයක් අරගත්තොත් මේ අයගේ අමන වැඩ තමා පත්තරයෙන් 95% ක්ම තියෙන්නේ. මගේ එක පැතුමක් තමා ..මේ දේශපාලුවන්ගෙන් තොර ලෝකයක ජීවත්වීම...(ස)
මේ පුද්ගලයා ගැන අනුකම්පා කල යුතුයි. තමන්ට සාධාරණයක් ඉටු කරවා ගන්න මෙවැනි දේවල් කරන එක අද සමාජයේ සුලභ දෙයක් වෙලා. මොන පැත්තෙන් බැලුවත් දේශපාලකයෙක් හැම වැරද්දකටම කොහෙන් හෝ සම්බන්ධයි. අහෝ රටකට ගිය කල. (නදී)
අති ගරු ජනාදිපති තුමනි, ඔබතුමා සන්වෙදී මනසක් ඇති උතුමෙකු බව අපි අදහමු. ඒසේ නම් මේ අහිංසක තාත්තාගේ අසරන ඉල්ලීමට ඉක්මනින් සවන් දෙනු මැනවී. (නදී)
මරාගෙන මැරෙන වැඩක් (නදී)
හැබැයි මට හිතෙන හැටියට දුවගේත් අකමැත්තක් තිබිල නැහැ වගේ (නදී)
අම්මෝ දවස් 5ක් ම ගිහින් ද දැන්. දැන්නම් ඉතින් හොයල වැඩක් නැහැ. දුවගේත් කැමැත්තක් තියෙන්න ඇති. (නදී)
මගේ දුවටත් වයස 25යි. මේ පුවත දුටුවාම ඇඟ හිරි වැටුනා. (නදී)
අනේ රටකට ගිය කලක්. පව් අසරණ තාත්තා. (නදී)
මේ කාලේ ඕක සාමාන්‍ය දෙයක්. ඔහොම දේවල්ද වෙන්නේ. (නදී)
සාධාරණයක් ඉෂ්ට කරන්නේ කොහොමද ගෙනියල තියෙන්නේ දේශපාලුවෙක් නම්. දුවට දෙයියන්ගේම පිහිටයි. (නදී)
මේ රටට මොකද මේ වෙලා තියෙන්නේ. පැහැර ගැනීමක් ගැන පොලිසිය බලන්නේ නැද්ද (නදී)
අසික්කිත, හිරිකිත, පාහර දේශ පාලුවෝ. ලංකාවේ පොලිසියත් එහෙමයි. (නදී)
ආශ්චර්යයේ තරම දැන් දැන් මිනිසුන්ට තමන්ගේ අඹු දරුවන් රැකගන්න පවා මේ වගේ සටන් කරන්න සිදුවෙනවා. පොලීසිය මේ අපරාධ සම්බන්ධව ක්‍රියා නොකරන්නේ ඇයි. ඉතින් දැන් මේ මිනිසාගේ දියණියට මොනවා වෙලා ඇතිද? රඟ පෑම් බොරු පැමිණිලිත් වැඩි නිසා ඇත්ත දැනගන්නත් අපහසුවක් තියෙනවා. (ස)
මෙයාට සාධාරණයක් වෙන්න ඕනේ. දැන් ඉන්න පොලිසිත් එකයි දේශපාලකයොත් එකයි. අනුන්ට ගිනි ගෙඩි දෙන්න තමයි ඉන්නේ. (නදී)
දුව ඉතා කැමැත්තෙන් ගියාද? අකමැත්තෙන් ගියාද? කියල නොදැන නීතිය ක‍්‍රියාත්මක කිරීමට අපහසුයි. පොලිසියට ප‍්‍රශ්නයක් ඇති මොකද එයා බාල වයස්කාර දැරියක් නොවන නිසා. අනික මෙතන දේශපාලකයෙකුත් ගෑවිලා ඉන්න බැවින් ස්ථාන මාරු ලබාගන්න එහෙම පොලිස් නිලධාරින් කැමති නැතුවත් ඇති. (නදී)
අහිංසා කරන්න තියෙන්නේ එක දෙයයි. චන්දෙ දෙනකොට මොලේ පාවිච්චි කරන්න. තමන් ගැන තීරණ ගන්න, රටේ නීති හදන්න , මිනී මරුවන්ට, හොරුන්ට, පගා කාරයින්ට, ළමා දූෂකයන්ට බලය දුන්නේ කව්ද? ඔබ සහ මම..එහෙනම් ඉතින් මේ පව් වලට වන්දි ගෙවන්න වෙන්නෙත් ඔබට සහ මටම තමයි මම නම් ඔය රටේ දැන් නෑ. ඔබට තමයි විඳවන්න වෙන්නේ. (ස)
පියෙකුගේ දුක් අදෝනාව. (ස)
තමන්ගෙ කාර් එක උඩ නැගල හිටියම කාටවත් ඇති අමාරුව මොකක්ද? (ස)
මේ වනවිට කෙල්ලගේ කෑලිත් නැතිව ඇති. (ස)
අහිංසා ඔයාගේ කතාව ඇත්ත . පොලිසියෙන් මහජනයාට සාධාරනයක් වෙන්නෙත් නෑ , දේශපාලුවන්ගෙන් සාධාරනයක් වෙන්නෙත් නෑ . මේ පියාණන්ගේ දුක ඔය කවුරුවත් තේරුම් ගන්නෙත් නෑ. (ස)
පොලිසියේ කෙනෙක් කාරෙක ඇතුලේ මොකද කරන්නේ? (ස)
අපේ රටට විනාශය ලඟා වෙලා. රටට විනකරන ජාතිවාදයෙන් ආගම් වාදයෙන් පටු දේශපාලන වාසි ලබාගන්න මානබලන මෙවන් අය බංග වේවා !! (ස)
රට යන්නේ අගාදයට මෙවන් කාලයක් උදා උනේ අපිට ඇයි ? ජාතිය වනසන දේශපාලුවන් ගෙදර යවන්න කාලය එලඹ ඇත (නදී)
අනේ පවු. හරි දුකයි. මම හිතන්නෙ ඡන්දෙ දෙන්නත් ඇත්තෙ ඔය කියන දේශපාලකයටම වෙන්න ඇති. (ස)
පොලීසියේ දෑස් ඈරේවා! ඈයි පොලීසිය මෙතරම් බය? (අ)
දස රාජ ධර්මයෙන් ලොව පාලනය වන ධර්මිස්ට සමාජයක් ලොව පහල වෙන තුරු " අන්තෝ ජටා - බහි ජටා, ඇතුලත් ප්‍රශ්න - පිටත් ප්‍රශ්න" (අ)
ජනතාවනි, නුඹ හැදුවට ඵල නැත, ඔය දෙසපලකයන් ඔතනින් ඔසවා තැබුවේ ඔබලාම නොවේද. එහි විපාක ඔබලාටම විදින්න සිද්ද වෙනවා. මේ රටේ ජනතවට බුද්දිය පහල වෙනතුරු මේ දේවල් සාමාන්‍ය දේවල් වේවි අපේ රටේ. (අ)
තාත්තේ ඔයාගේ දුව යහතින් හමුවෙන්ට පතමි (අ)
අරන් ගිය අයට හොඳක් වෙන්නේ නැත (අ)
ඒ තාත්තාගෙ හිතේ කොච්චර ගින්දරක් ඇතිද? (අ)
පව්,කොච්චර දුක ඇතිද (අ)
මේවා දකින දේශපාලනඥයන් දේශපාලනය කෙරයිද ? (අ)
ඔව් චන්දි, අනේ පව් කියන එක විතරයි අපට කියන්න පුළුවන්. ඒත් අපට මෙවැනි දෙයක් සිද්ද උන දවසකත් අනෙක් අයගෙනුත් අනේ පව් කියනවා අහන්න මිසක් වෙන සාධාරණයක් අපට ලැබෙන එකක් නෑ. (ස)
අනේ පව්. මොනතරම් අසරණද. වෙන්න ඕන දේවල් දැනටමත් වෙලා ඇති. ඒවායේ පාඩුව කොහොම අය කරන්නද? (ස)
ඇත්තටම විධායක බලයක් තියෙද්දිත් නිතිය සාධාරණව කියාත්මක කරන්න බැරි ඇයි ? ප්‍රබල දේශපාලනාඥයාට විධායක බලයක් නෑනේ? (ස)
පියෙකුට මෙවැනි දුකක් දුන් සියලු දෙනාගේ පවුල් පිටින් වැනසේවා ! (ස)
බලොත් එක්ක නිදා ගත්තම මැක්කොත් එක්ක නැකිටින්න වෙනවා කියන්නේ ඕකට තමා. (ස)
දරු දුක නිසා වහල උඩ නැග්ගත් සාධාරණය කොහොම වෙතත් රක්ෂිත බන්ධනාගාර ගත වෙන්න වෙනවා (නදී)
උදේම ගිහින් ගහන්න කතිරේ. (නදී)
කාර් එක විකුණලා ඒ සල්ලි වලින් දුව උස්සපු එකාව ඉස්සුව නම් හරි (නදී)
අපේ අය උඩ පැනගෙන ඡදෙ දෙනවනේ. තමන්ට වෙනකන් දන්නේ නැහැ අපිට රටේ නිදහසක් නැති බව අවබෝද කරගන්න. රටේ සියල්ල ඇත්තේ දේශපාලුවන්ට පමණයි. (නදී)
මේ වගේ දේවල් වෙන්න ඉඩදීම ජනාදිපතිතුමා සම්පුර්ණයෙන්ම නවත්වන්න ඕනේ. ඕවා මහා ජරා වැඩ. කිසිම රටකට වටින්නේ නැහැ. පිටරට ඉන්න අපිට මේ වගේ දේවල් ඉතාමත් අසික්කිත දෙවල් විදියට අනිත් අය කියන්නේ. ඔය වගේ අයට මරණ දඩුවම දිය යුතුයි. (නදී)
ඡන්දයක් තියන්නකෝ බලන්න එත් දෙන්නේ මේ අයටමනේ (අ)
පොලිසියේ නිහැඩියාවට මෙයට වඩා කිරීමට වෙනත් විකල්පයක් නැද්ද.(අ)
මේක මහා පුදුම වැඩක්. ගැහැණු ළමයෙක් පැහැරගෙන යනවා කියන්නේ ම්ලේච්ඡ වැඩක්. (නදී)
අපේ මුතුන් මිත්තන් කරපු ලොකුම වැරද්ද තමයි සුද්දගෙන් රට උදුරලා මේ කලු සුද්දන්ට රට පාලනය කරන්න දිපු එක. (නදී)
අවසානයේ කෙල්ල කැමැත්තෙන් ගිහිල්ලා තියෙන්නේ......මීට මාධ්‍ය ප්‍රකාශක... (නදී)
මේවට කෑ ගහන්න එකෙක්වත් නැද්ද.? (නදී)
මිනුසුනි නැගිටිමු. අසාදරණයට තිත තබමු. නීතිය සුරකිමු. (නදී)
බුදු රජාණන් වහන්සේ ලිච්චවින්ට සප්ත අපරිහානි ධර්ම කියාදී , ඒවා රකින තාක් කල් ඔවුන්ගේ රාජ්‍යය සුරක්ෂිත බව පෙන්වා දුන් සේක. ඉන් එක් කාරනාවක් වන්නේ , රාජ්‍යයේ කුල ස්ත්‍රීන්ට හිරහැර අඩම්තේට්ටම් නොකර ඔවුන් ගේ ආරක්ෂාව සැලසීම. අපේ රටේ මේ මොනවද සිද්ධ වෙන්නේ ? (නදී)
අපේ දුවරුන් ගැනත් බය හිතෙනවා. (නදී)
මේ වැඩේ කරලා තියෙන්නේ රටේ ලොක්කෙක්ගේ වාහනේකින් ඇවිල්ලා ද ? (නදී)
සෝමවංස , ඔබ හරි (නදී)
මීට කලිනුත් මහනුවර නගරයේ දී මේ වගේම වැඩක් උනා. මේවා උප්පත්ති දෝස තියන පුද්ගලයෝ කරන හෝ කරවන වැඩ. මුන්ට මීට පස්සේ මේ මහා පොලව විනාශ වෙන තෙක්ම මනුෂ්‍ය ආත්මයක් නොලැබේවා, මේ පියා කොතරම් වේදනාවකින් ඉන්නවා ඇද්ද. (නදී)
තාත්තා බලාගෙන ඉන්න කොට දුව පැහැරගෙන යන දේශපාලුවන් ඉන්න රටක ඉපදුනේ ඇයි? (නදී)
නිකමුන්ට නරඹ නරඹා රස විදින්න කියාපු සිද්ධිය. පිස්සු නැත්නම් ශෝක්. (නදී)
මීට කලින් මම අදහස් දැම්ම ඉස්සර අපි අපේ දරුවන් මිනීමරු ප්‍රභාකරන්ගේ මිනීමරුවන් විසින් පුපුරවන බෝම්බ වලින් අපේ දරුවන් බේරා ගැනීමට අපි ගේට්ටු මුර කරපු කාලය නැවත ඇවිත් කියල.දැන් අපි අපේ දරුවන් බෙර ගැනීමට පාසල් අරෙනකම් ගේට්ටු මුර කරන්න,ස්ත්‍රී දූෂකයන්ගෙන් අපරාධකාරයන්ගෙන් අපේ දරුවන් බේරා ගැනීමට ඔවුන් පසු පස යන්න සිද්ද වෙනවා කියල.නීතිය බල්ලටම ගිය රටේ මොනවද කරන්න බැරි? මොනවද සිද්ද වෙන්න බැරි? (ස)
අප අසරණ වෙලා වගේ හිතට දැනෙනවා දළදා හාමුදුරුවනේ (ස)
පොලීසියට පැමිණිලි කරලා මොකටද .මමත් පැමිණිලි 20 කළා .කිසිම විමර්ශනයක් නැහැ.මමත් ලගදීම උපවාසයක් කරනවා .ඔහොම යමු (ස)
මෝඩයන් සහ සුදුසු නැති පුද්ගලයන් රටේ උසස් තැන් වලට ආවහම සිදුවන දේවල් කොසොල් රජතුමාගේ සිහින දහසයේ තියනවා. අදටත් ගැලපෙනවා අපුරුව. (නදී)
මේවට විරුද්ධව උද්ඝෝෂණය කරනකොට තව කොටසක් උද්ඝෝෂණය කරනවා "දේශපාලකයන් අපේ ගැහැණු දරුවන් උස්සන් පලයල්ලා කමක් නැහැ කියල". එහෙම මුදලට ආත්මය පාවල දෙන තිරිසන්නු ඉන්න රටක අපි ඉපදිලා තියෙන්නේ. (නදී)
"යකා විදිහටලු විමානේ කිව්වලු". නීතියක් නැති රටේ මොනවද කරන්න බැරි? (නදී)
මේ සැරේ දෙමුකෝ බැටේ , වසරකට හරි මේ දේශ පාලුවෝ ගෙදර තිබ්බහම කොරපු මෝඩකම් කියල හිතෙයි (නදී)
ආසියාවේ සතුටින්ම ජීවත් වෙන මිනිස්සු ඉන්නේ ලංකාවේ කියල මොකක්දෝ සගරාවකින් හෙළි කලා කියල ලංකාවේ විශාල ප්‍රසිද්දියක් ලබා දුන්නා නේද? (නදී)
ලංකාවේ මානව හිමිකම් කාර්යාලයක් පිහිටුවනවා නම් අපි ඔවුන්ව සාදරයෙන් පිලි ගනිමු නේද? (නදී)
බැරිවෙලාවත් බිරිඳව පැහැර ගෙන ගියා නම් එහෙම කාරෙකත් දෙයි ඒ එක්කම අරන් යන්න කියලා. (නදී)
අර ...... ගස් තියෙන පිටිය පැත්තේ දුව ඇති (නදී)
දේශපාලුවන් එලවමු. දේශපාලු බලය ඉවර කරමු. (ස)
දේශපාළුවන් උල තියන්න (නදී)
දැන් මේකටත් කියාවිද දන්නේ නැහැ , මේ පියා සහ දුව පිටරට යන්න විසා ඉල්ලුම් කරලා ඒ වෙනුවෙන් කරන රගපෑමක් කියලා (නදී)
පව් අහිංසක ළමයා (නදී)
ජනතාවනි එක්වවූ. මේ දෙය හෙට ඔබගේ දියණියට සොහොයුරියට විය හැක. ඔහුව තනි කරන්න එපා (නදී)
පොලිසිය නීතිය නොකරන්නේ නම් වහාම දඩුවම් දිය යුතුය (නදී)
දැන් මේ හපන් කමට සම්බන්ධ බලවතාටත් ගෑනු දරුවෝ ඉන්නවද ? එහෙම නම් ඉතින් තාත්ත කෙනෙක් හැටියට මේ සිද්ධ වුන දේ ගැන තමන්ට බොහොම ලජ්ජා වෙන්න වේවි. (නදී)
පියෙකුට මෙවැනි දුකක් දුන් සියලු දෙනාටම දෙවියන්ගෙන් හෝ දඩුවම් ලැබේවා (නදී)
දුව පැනලා ගිහින්. තාත්තට මානසික ආබාධයක්. කිසිම දේශපාලනයක් නැහැ. හෙට රජයේ මාධ්‍ය කියාවි (නදී)
ඡන්දෙ දීලා පත් කරගත් දේශ පාලකයන්ගෙන් අඹු දරුවනුත් ආරක්ෂා කර ගන්නත් ජනතාවට සිද්ධ වෙලාද? ආසියාවේ ආශ්චර්යය මේකද? (නදී)
හොඳක් නම් වෙන්න එපා මේ කරන අපරාධ වලට. ඒ තාත්තාට දුවට කරදරයක් නැතුව නැවත දැකගන්න ලැබෙන්න කියලා පතන එක තමා කරන්න තියෙන්නෙ. (නි)
දැන් ඉන්න සමහර දේශපාලුවන් ගැන කතා කළොත් නම් වැඩිකල් යන්න කලින් ගෙවල් වල ඉන්න ගැහැණු ළමයින් හංගන්න වෙනවා. දෙමාපියන් වන අපි දැනගන්න ඕනෑ කාවද පත් කරන්නේ කියලා (නි)
මේක තමයි පිය සෙනෙහසක මහිමය (නි)
ලංකාදීපයෙන් මේ අහිංසක පියාට හඩක් ලබා දුන්නට ගොඩක් පින්. රටක් හදන්න මාධ්‍යට ට පුළුවන්. මේ පිලිබදව දිගින් දිගටම සම්පුර්ණ විස්තර වාර්තා කරන මෙන් ලංකාදීප පුවත් පතෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු. (නදී)
තාත්තා කෙනෙක් කොච්චර සෙනෙහසකින්ද දරුවෙක්ගේ කැත කුණු අතගාලා උස්මහත් කරන්නේ? කළ අයට හොඳක් නම් වෙන්න එපා (නි)
රටට මේ මොකක්ද වෙලා තියෙන්නේ? (නි)
මම නම් කියන්නේ තවටිකක් සොයා බැලුවොත් හොඳයි කියලයි (නි)
කවදා අහන්න දකින්න ලැබුණ දේවල්ද මේ? (නි)
ඡන්දෙ දීලා කට්ටිය පත්කරගන්න අපේ අයට මේවා තේරෙන්නේ කවදාද? (නි)
බොහොම නරක වැඩක්. තාත්තා කෙනෙකුට පුලුවන්ද ඉවසන්න? (නි)
දේශපාලුවන්ට මෙහෙම කරන්න පුලුවන්ද? කෝ නීතිය? (නි)
දැන් බලනකොට අසාධාරණයකට පිහිටක් සොයන්න කරන්න තියෙන්නේ මෙහෙම ක්‍රියාමාර්ග අනුගමනය කිරීම තමයි (නි)
සමහර අයට නම් මේක විහිළුවක් වගේ. මේ වයසේ ගැහැණු ළමයෙක් ඉන්න තාත්තා කෙනෙකුට නම් ඇඟ හිරිවැටෙන ප්‍රවෘත්තියක්. (නි)
තාත්තා ගැන පව් කියලා හිතෙනවා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. (නි)
මොනවද මේ රටේ මේ සිද්ධ වෙන්නේ? (නි)
කෝ මේ ලංකා තිලක් ? සුදු හුණු බාල්දිය ගේන්න ගිහිල්ලද ? (නදී)
ලොක්කෙක්ගේ ගෝලයෙක් වෙන්න ඇති. රාජ්‍ය බලයට පොලිසිය බයයි. (නදී)
ලොක්කෙක්ගේ හිතවත් ගෝලයෙක් වෙන්න ඇති. රාජ්‍ය බලයට පොලිසිය බයයි. (නදී)
දැන් මේ කියන බලවතාගේ නම ප්‍රකාශ කල යුතුයි. එහෙම නැතිනම් මේ පළාතේ ඉන්න අනෙකුත් දේශපාලකයන් ගැනත් අනුමාන වශයෙන් සැක කරන්න ජනතාව පෙලඹෙනවා. (නදී)
මේ ගැන විස්තර තව සොයලා පල කලා නම් හොඳයි. නැතිනම් නොයෙක් අනුමාන මැවෙනවා. දැන් බලන්න සමහරු හිතන්නේ මේ තරුණිය ගේ කැමැත්තෙන් මෙහෙම දෙයක් වෙන්න ඇති කියලා. ඒ වගේ දේවල් සාවද්‍ය වුනොත් ඒක ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇන්න වගේ නේද? (නදී)
ඇහැට කනට පෙනෙන කාන්තා පක්ශය නිවෙස් වල ඉන්න උදවිය තම තමන්ගේ දරු පවුල් ගැන ප්‍රවේශම් සළසා ගන්න. කෝ අර නිතරම ජාතිකාභිමානය ගැන කතා කරන උදවිය ? මේ තියෙන්නේ ආඩම්බර වෙන්න කාරණාවක් (නි)
කොච්චර අසරණද මේ තැනැත්තා? ඔහු කොපමණ දුකකින් පසුවනවා ඇද්ද? (නි)
මෙම පුද්ගලයාට ලොකු අසාධාරනයක් වෙලා නිසයි, මෙසේ ඔහු හැසිරෙන්නේ. ඔහුට නීතියෙන් හෝ පොලිසියෙන් හෝ සාධාරනයක් ඉටු වි නැති බවයි පෙනෙන්නේ. මෙම සිද්ධිය මට හෝ ඔබට වුණා නම් ඇතිවන මානසික පීඩාව ගැන සිතා බලන්න (නි)
අනේ මන්ද කට්ටිය නඩුත් අහල තීන්දුවත් දීල ඉවරයි. මේ සිදුවීමේ අගක් මුලක් තාම දන්නෙත් නැහැ. දේශපාලකයෙක් කිව්වා ගමන් කට්ටියට නිකන් මොකාද එකාට මොකාද එක ලැබුන වගේ හතර අතට නෙලනවා. අන්තිමට වැඩේ වටරැක උනාම සද්දේ දාන කට්ටිය නැහැ හොයාගන්න. අවුරුදු 25 කෙල්ල කැමැත්තෙන් ගියානම් මොකා එක්ක ගියත් පොලිසියටවත් තාත්තටවත් මොකුත් කරන්න බැහැ. පැහැර ගෙන ගියා කියන්නේ මෙයානෙ. මතු පිටින් පේන දේට පෙන්නන දේට පෙන්නන්න හදන දේට වඩා වෙනස් කතා තමයි ගොඩක් සිදුවීම් වලදී අපි අවසානයේ දකින්නේ. මේක මොකක්දෝ ලව් හුට්ටප්පරයක් මට නම් හිතෙන විදියට. (නදී)
බලන්න, අවරුදු 10 ක් දරුවෙකු නැතිව බලාගෙන ඉඳලා දරුවන් 5ක් ලැබූ පියා මේ මොහොතේදීත් සතුටු වෙන විට ඒ ප්‍රදේශයේම පියෙක් අවුරුදු 25ක් උස මහත් කල දරුවා ගැන දුක් වෙන හැටි. දරු කැක්කුමට මීට වඩා උදාහරණ මොනවාද ? (නදී)
මේකද රටේ ආශ්චර්යය? (නි)
නුසුදුස්සන් වටා බලය ඒකරාශී කිරීමේ වරදට ජනතාව දඩුවම් විඳිය යුතුද? (නි)
මේ අවුරුදු 3-4 ඇතුළතදී රටේ සිද්ධ වුණ බහුතර සිදුවීම් නම් බොහොම ඛේදනීයයි (නි)
ලංකා තිලක් කොහොමද කියන්නේ තරුණිය කැමැත්තෙන් ගියා කියලා. එහෙම කියන්න නම් එක්කෝ ඔබ තරුණියගේ ගෙදර කෙනෙක් වෙන්න ඕනෑ. නැත්නම් මේ වැඩේට සම්බන්ධ කෙනෙක් වෙන්න ඕනෑ (නි)
තරුණියට මොනවා වෙන්න ඇද්ද? (නි)
රටේ නීතිය ක්‍රියාත්මක කළ සමහර පොලිස් නිලධාරින්ටත් නීතිය ක්‍රියාත්මක නොවුණ රටක සාමාන්‍ය මිනිසෙකු ගැන කවද කතාද? (නි)
ලංකා තිලක් කියන විදියට මේක ආදර හුටපටයක් නම් කමක් නැහැ කියමුකෝ. තරුණියට අවුරුදු 25යිනේ. හැබැයි ඉතින් චෝදනාව ටිකක් බරපතලයි වෙන පැත්තකුත් තිබෙනවා (නි)
දැන් පේනවානේ දේශපාලුවන් අතින් හිරිහැරයට පත්වෙන බවලතුන් කැමැත්තෙන් ඒ ටික කරගත්තා කියලා මෙතන ඉන්න සමහර අය කියන හැටි (නි)
මෙම පියාට ඉක්මණින් දුව හමුවේවා! (නි)
පුදුම අසාධාරණයක් (නි)
මම මේ බයේ ඉන්නේ මම අවුරුදු ගානක් දුක් මහන්සියෙන් හදාගත් මගේ නිවසත් දේශපාලකයෙක් බලහත්කාරයෙන් හොර ඔප්පු හදලා අල්ලාගෙන අපිව ගෙදරින් පන්නාවිද කියලයි. (නි)
දේශපාලකයන් කරන මේ වගේ වැඩ වලට කැමති අයත් ඇති නේද? (නි)
රටේ මිනිස්සු මොනතරම් අසරණ වෙලාද කියලා මොනවට පැහැදිලි කරනවද? (නි)
ලංකා තිලක්ට, බන්දුල පෙරේරාට ජයවේවා! (නි)
ඒ තාත්තාට මොනතරම් නම් වේදනාවක් ඇද්ද? (නි)
ධර්ම රාජ්‍යයේ සිරි විසිතුරු බලමු මිතුර!! (නි)
මොහු කාරය උඩට නැග මේ ලෙසට උද්ගෝෂණයක් කිරීමෙන් පෙන්වා දෙන්නේ ලංකාවේ තිබෙන නීතියෙන් ප්‍රශ්නයකදී සාධාරනය ඉෂ්ට නොවෙනවා කියන දේ නොවේද? (නි)
ජනක මහත්තයෝ, මටත් අහන්න තියෙන්නේ ඔය ටිකම තමයි. ඔබතුමන්ලා කොහොමද දන්නේ කැමැත්තෙන් ගියේ නැහැ කියලා. හැම සිදුවීමකම දෙපැත්තක් තියෙනවා. ඒ හින්දා ටිකක් ඉන්න මොකක්ද මේකේ ඇත්ත නැත්ත කියලා හෙළි වෙනකම්. (නි)
අනේ දෙවියනේ, මේ වගේ දේශපාලුවන්ට දඩුවම් කරන්න දෙවි කෙනෙක් ලෝකයේ නැද්ද? (නි)
බලය මත හැමදෙයක්ම යටපත් (නි)
සුමුදු, මමත් දැන් අවුරුදු 30ක් විතර ඉන්නේ ලෝකයේ තිබෙන සුන්දරම රටක. නමුත් මට හැමදාමත් ලංකාව ඒ ඔක්කොටම වඩා වටිනවා. දේශපාලුවෝ තමා අපේ රට කෑවේ. (නි)
මගේ දරුවෙකුට එහෙම ඔය වගේ දෙයක් කළොත් ඒ පුද්ගලයා ගැන මම එතනදීම තීරණයක් ගන්නවා. (නි)
ඔය කියන දේශපාලුවා නම් දැන් වයසයි. එයා කෙසේ වෙතත් ගෝල බාලයෝ සම්බන්ද ඇති වැඩේට. (නදී)
මෙවන් දේශපාලකයන් ගැන තීරණයක් ගන්නේ කවදාද? (නි)
තාත්තා ගැන කණගාටුයි (නි)
හැමෝම උවමනාවට වඩා කලබල වෙලා වගෙයි. මෙයාගෙ දියණිය ගිහින් තියෙන්නෙ එයාගෙ විවාහක සැමියත් සමග බවයි පොලිසිය සඳහන් කරන්නේ. මේක පවුලේ ප්‍රශ්ණයක්. (නදී)
ඉක්මනට හොයල බලන්න , දුවගේම මගඩියක්ද දන්නේ කව්ද? (නදී)
පුත්තු විතරක් ඉන්න තාත්තලට මේවා තේරෙන්නේ නැහැ. ළමයිනුත් කරපින්නාගෙන රටින් පැනගත්තු එක ගැන දැන් නම් සතුටක් දැනෙන්නේ. (නදී)
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නැද්ද මේකට මොකුත් කියන්නේ? (නදී)
බෞද්ධයෙකුට අසාධාරනයක් වන විට කිසි කෙනෙක් නැහැ. මේක තමයි හැම තැනම වෙන්නේ (නදී)
මේ නිව්ස් එක විකුණගෙන කන්නෙ නැතුව ඒ මනුස්සයට උදව් කරන්න. (නදී)
මේක මොකක් උනත් මේ පියා කියන විදියට මේක දේශපාලකයෙක් ගේ වැඩක් නම් බය නැතිව එයාගේ නම, වාහනේ නොමබරය, හෙළි කරන්න. පත්තරවලත් වගකීම මිනිසුන්ට ඇත්ත හෙළිකරන එක. එතකොට පොලිසියටත් රාජකාරි වලින් පිට යන්න බැහැ. බොරුවට වාහන උඩ නැගල කෑ ගහලා වැඩක් නැහැ. එ්කෙන් වෙන්නේ දරුවට වෙන්න තියෙන හානිය තවත් වැඩි වෙන එක. පොලිසියේ රාජකාරිය වෙන්නේ නැත්නම් පොලිසියේ එන්ට්‍රියේ කොපියක් ඉහල තැන්වලට බාරදීලා පොලිසියටත් පාඩමක් උගන්වන්න. (නදී)
අපේ මිනිස්සු හමුදාවේ අයට මල් දෙන්නත් පොලිසියට ගල් ගහන්නත් හේතුව මේක. අරක්කු බෝතලයක් හරි රුපියල් 1000 ක් අරන් පොලිසියට ගියානම් ඔය ඔක්කොම මිනිත්තු 5න් කෙරෙනවා. පොලිසියට මිනිස්සු ගල් ගහන්නේ පොලිසියේ කල් ක්‍රියව නිසා. මේක පොලිසියේ තියෙන නැහැදිච්ච කම. මේකට පොලිසියේ මුල්පුටුවල ඉන්න අය තමා වගකියන්න ඕනේ. (නදී)
මෙතන අපේ සමහර කට්ටිය හොයන්නේ වයස කීයද, ආදර සම්බන්ධයක්ද කියන ඒවා. තාත්ත පැමිණිලි කරලා තියෙන්නේ පහර ගැනීමක් සම්බන්ධයෙන්. පොලිසිය ඒ ගැන ක්‍රියා කල යුතුයි. තරුණිය හොයාගෙන තමයි බලන්න ඕන කැමතිද කියන එක. ආදරයට අරගෙන ගිහිල්ල අතුරුදහන් කරන්න පුලුවන්ද? (නදී)
අපේ රටේ මිනිස්සු මෙච්චරම මෝඩ උනේ කොහොමද කියල මට නම් හිතා ගන්නත් බැහැ. පොලිසිය හොඳයි කුඹුරට. පාලකයින්ගේ හපන්කම් තමයි මේවා. (නදී)
පළමුවෙන්ම කියන්න ඕනා අද ලංකාවේ කිසිම කාන්තාවකට නිදහසේ ජිවත් වෙන්න බැහැ එ්ක අනිවාර්යෙන්ම පිළිගන්න වෙනවා. (නදී)
අහිංසා, දූෂකයෝ, හොරු, පගා මරුවෝ, මිනි මරුවෝ, නුගත් මෝඩයෝ මේ ඔක්කොටම තනි නමක් තමයි ' දේශපාලුවෝ '. අපේ රටේ පත්තරයක් අරගත්තොත් මේ අයගේ අමන වැඩ තමා පත්තරයෙන් 95% ක්ම තියෙන්නේ. මගේ එක පැතුමක් තමා. .මේ දේශපාලුවන්ගෙන් තොර ලෝකයක ජීවත්වීම. (නදී)
ලංකා තිලක් ගේ අදහසට මමත් එකගයි. අපි හරි ඉක්මනට වැට පනනවා. (නදී)
දුවගේ පින්තුරයක් දාන්න පුළුවන්නම හොඳයි (නදී)
මේ තරුණිය විහින් කරගත්ත දෙයක් කියලා උඩ පැනල කියපු කෙනා තරුණියගේ බාප්පා වෙන්න ඇති. නැති නම් කොහොමද මෙච්චර විශ්වාසයෙන් එහෙම කියන්නේ ? (නදී)
දේශපාලුවෝ තිරිසන්නුන්ටත් අපහාස කරනවා. මොකද තිරිසන්නුවත් මේ වගේ වැඩ කරන්නේ නැති නිසා. මේ අය හිතාගෙන ඉන්නේ ඒ අයට ඕනම දෙයක් අපරාධයක් කරන්න වලංගුයි කියලා. මේ අය ජාතියට,තම වර්ගයාට ,ආගමට,රටට පිලිලයක්,සාපයක්.සොබා දහම මේ අය ගැන බලාගනියි. (නදී)
ලංකා තිලක්, බවලතුන්ට මඩ ගහන්න කලින් තමන්ගේ මඩ ඉස්සෙල්ල සෝදා ගන්න. එහෙම ආදර හුටපටයක් නම් මේ පියා මෙහෙම දෙනෝදාහක් ඉදිරියේ හැසිරේවිද ? එහෙම දෙයක් නම් දෙමව්පියන් ඒක හංගනවා. ඒ මොකද තමන්ගේ ළමයාගේත් වැරැද්දක් තියන නිසා. නිකන් කට තිබුන පලියට කතා කරන්න එපා තිලක්. (නදී)
හරි එහෙම නම් මේක ඔය ලංකා තිලක්ල කියන විදියට තරුණිය ගේ කැමැත්තෙන් වුන දෙයක් කියමුකෝ. මනමාලි එක්ක යන්න භාවිතා කරලා තියෙන්නේ රජයේ වාහනයක් ද කියල අපි දැන ගන්න කැමතියි. ඔච්චර විශ්වාසෙන් කියන දේවල් වල හැටියට ඔබ ඒක නොදැන ඉන්න විදියක් නැහැ (නදී)
ලංකා තිලක් කොහොමද හරියටම දන්නේ මේක මේ තරුණිය කැමැත්තෙන් ගිය ගමනක් කියලා. ඔබ මේ කටයුත්තේ කපු මහත්තයාද ? (නදී)
මේක තරුණිය කැමැත්තෙන් ගිය ගමනක් නම් මේ තාත්තා විලි ලැජ්ජාවේ හැංගෙනවා මිසක් මෙහෙම නගරය මැද දෙස් දෙවොල් තියන්නේ නැහැ. ලංකා තිලක් ඔබේ කට නම් හැම වෙලාවේම බවලතුන්ට මඩ ගහන්න ඉස්සර වෙනවා. (නදී)
මේ තරුණිය තමන් විසින්ම ඉස්සි ඇත. මෙය කාගේවත් වරදක් නෙවෙයි. (නදී)
කව්රුවත් ලංකා තිලක කියන දේවල් ගණන් ගන්න එපා. මම එයාගේ අදහස් ටිකක් කියවල තියනවා. ඕක මානසික රෝගී තත්වයක්. කිසියම් දෙයකට තදින් හෝ පුද්ගලයෙකුට තදින් අැලුනහම ඒ අය කරන කියන මොන දේත් දිව්‍යමයයි කියන හැගීමක් ඇති වෙනවා. අපි ලංකා තිලක් වගේ අයට අනුකම්පා කල යුතුයි. (නදී)
තරුණිය ගියේ ඇගේ කැමැත්තෙන් නම් මේ විදියට පියා හැසිරෙන්නේ නැහැ. සමහරු කියන කතා ඉතා අශෝබනයි. තමන්ගේ ගෙදර බවලතෙකුට මේක වුන දාට තේරේවි. (නදී)
දැන් රටේ නීතිය හා සදාචාරය හොඳටම පිරිහිලා. බය තමා හැමතැනම පෙනෙන්නේ. මේකට අදහස් දාන අයගේ අදහස් දෙස බැලුවාම, විවිධ මත දැරුවාට ඉතා බුද්ධිමත් හා මේරූ මනසින් යුතු බවයි මගේ පුද්ගලික හැඟීම. (නි)
දුවට කිසිදු කරදරයක් නොවේවා! ඇය ඉක්මණින් පියාට හමුවේවා! (නි)
බන්දුල පෙරේරා/ලංකා තිලක්ම කියා ගන්නවා එයා "" මානසික රෝගියෙක්."මානසික ලෙඩෙක්". "පිස්සෙක්" කියලා. ඉතින් අපිට කියන්න දෙයක් ඉතිරි වෙලා නැහැනේ. කියන්න තියෙන්නේ හැකි ඉක්මනින්ම මේ මානසික පිස්සව පිස්සන් කොටුවට දක්කාගෙන යන්න කියල විතරයි. පින් සිද්දවෙනවා. (නදී)
අපි දන්නා තරමින් සුවාසිලන්තයේ තමයි රජතුමා විසින් අවුරුද්දකට සැරයක් "රීඩ් ඩාන්ස්‘ කියල කුලුදුල් තරුණියන්ව නිරුවත් කරලා තමන් කැමති තරුණියන්ව "තෝරා බෙරා" ගන්නේ. දැන් දැන් ලංකාවත් සුවාසිලන්තයට ලං වේගෙන එනවා වගෙයි නේද ? (නදී)
දේශපාලකයා කව්ද කියල දැන ගන්න නම් අන්තර්ජාලයට පිවිසෙන්න වෙනවා වගේ (නදී)
ලැජ්ජා හිතෙනවා (නදී)
මෙහෙම ගියොත් අපේ ගෙවල් වල ඉන්න බවලතුන්ව බලෙන් උස්සගෙන ගිහිල්ල කියාවි කැමැත්තෙන් ගියේ කියලා. (නදී)
ලංකා තිලක් කියල කෙනෙක් ගැන තම්යි මේ තාත්තා පැමිණිළි කරන්නේ (නදී)
අරයගේ පුතාගේ කාර් එකනේ මේ නේද? (නදී)
මෙහි අදහස් දක්වා ඇති බොහෝ දෙනා තව කෙනෙකුගේ අදහසක් විවේචනය කරනවාට වඩා තමන්ගේ නිවැරදි අදහස පල කිරීම වැදගත්ය. ප්‍රවෘත්තියේ සඳහන් කරුණුවලට අනුව අදහස් ප්‍රකාශ විය යුත්තේ සැක සහිතවය. සමහර විට ලංකා තිලක්ගේ අදහස නිවැරදි වෙන්නටත් පුලුවන. මෙම පියාගේ වේදනාව සාදාරණය. දියණිය බාල වයස් කාරියක්ද නොවේ. පැහැරගෙන යාමට සම්බන්ද වාහනය කාගේද යන්න හදුනා ගතයුතුව ඇත. (නදී)
කට්ටිය ගැන පව් කියලත් හිතෙනවා. වටරැක වගේ තමයි නා ගන්නවා ඉවරයක් නැහැ. මේ තරුණිය විවාහකලු. මහත්තය එයාව අරන් ගිහිල්ලු. කාටවත් ප්‍රශ්නයක් තියෙනවද ඒ ගැන. කාටවත් ඉතින් ප්‍රශ්න තිබුනට වැඩක් නැහැ. ඒව එයාල බේරා ගනීවි. දැන් ඔය කට්ටිය හිතේ තියෙන කුහක කමට එලියට දාපු දේවල් ගද සුවද බලන්නේ නැතුව ආයෙත් ඇතුලට දාගන්න. (නදී)
ටිරෝන් ඔයා හරි. රටේ තිබෙන පිලිකුල්ම තැනක් තමයි පොලිසිය කියන්නේ. මිනිසුන් පොලිසියට කෙළගහන තත්වෙට වැටිලා. පොලිසියේ දාන පැමිණිල්ල පවා වෙනස් කරන කාලයක් මේ. සමහර විට මේක පෙම් පලහිලව්වක් වෙන්නත් පුළුවන්. එ්ත් කොහොමද ,කව්ද ,විස්වාශ කරන්නේ? (නදී)
ඔව් ලංකා තිලක කියන්නෙත් මමම තමා. කොහොමද මගේ මොලේ ? අපේ දේශපාලක උතුමන්ලා කවදාවත් වැරදි කරන්නේ නැහැ. කලත් ඒගොල්ලෝ පස්සේ වෙන කතාවක් කියල අපේ හිත හදනවා ඒ මදිද? (නදී)
අපේ දේශපාලක උතුමන්ලා දන්නවා අවිවාහක අය විවාහක අය කරවන්නත්. විවාහක අය අවිවාහක කරවන්නත්. අපි ඔවුන්ගේ හැකියාවට ගරු කල යුතුයි (නදී)
තව ටික දවසකින් කියයි එයාගේ සැමියයි එයාව පැහැරගෙන ගියේ කියල. නැත්තන් කියයි එයාම බලෙන් කාරෙකට නැග්ග කියල. අනේ මෙහෙමත් රටක් (නදී)
මේ පියාට දුවව ඉක්මනට හමුවේවි. සමහර අය දැනටමත් කතා හදලා. හරිම කැතයි. (නදී)
ඔච්චර විස්තර දන්නා එකේ ලංකා තිලක් කියන්නකෝ මෙච්චර කලබැගෑනියක් කරලා මේ ජෝඩුව ගියේ මොන "තුමා" ගේ වාහනයේද කියලා. අපි ඒකත් දැන ගන්න කැමතියි. (නදී)
යකඩෝ, ඩුප්ලිකේට් එකක් ඒ පොඩ්ඩට ගහලනේ. කමක් නැහැ. කමක් නැහැ නම නෙමෙයිනේ වැදගත් අදහසනේ. වටරැක හාමදුරුවන්ගේ පාපොච්චාරනයත් කට උත්තරයත් පිළිගන්න කැමති නැති කට්ටිය ඉන්න මේ තීරුවේ මේකේ සත්‍යය පිලි නොගන්න අය ඉන්න එක පුදුමයක් නෙමෙයි. කට්ටියට ඕන රජයේ දේශපාලකයෙක් මේ ගැහැනු ළමයව අරන් ගිහින් අතවර කරලා මරල දාලා හෝ අතුරුදන් කරවලා කියල මේ තීරුවේ පලවෙනවා දකින්න. අනේ අපොයි කියන්න නෙමෙයි. පාට කන්නාඩි කිව්වට මේවා නිකන් පාට කන්නාඩි නෙමෙයි මල්ටි කලර් ඒවා. අනේ මෙහෙමත් මිනිස්සු. (නදී)
බන්දුල ඔබ හරි මට පෙනෙන්නේ වින්සන්ට්ටියි ලංකා තිලක්ටයි අමු කැවිලා. මොනවද මේ ලියල තියන විකාර කතා මේ වගේ කණගාටුදායක පුවතකට. පිස්සු නම් අංගොඩ යන්න. (නදී)
දිල්ශානි ඔබ හරි. තව ටික දවසකින් කියයි දුව බලෙන් කාර් එකට නැග්ග කියලා. ඊට පස්සේ තාත්තව අත්අඩංගුවට ගනී බොරු චෝදනාවක් කළා කියල. (නදී)
අපි දැක්කනේ කාලයක් මිනිහෙක් ආදර්ශයක් විදිහට ගහක තමුන්ම බැද ගත්ත එකට අන්තිමට අහිංසක දේශපාලකයෙකුට චෝදනා කළා (නදී)
මගේ දුවව පළාතේ දේශපාලකයෙක් උස්සන් යනවා නම් මම හරිම කැමතියි. ඔය වගේ දේවල් වලට පොලිසි යන්නේ මොකටද? එහෙම වෙනවා නම් දේශපාලක උත්තමයෙක් නිසා මටත් අපේ පවුලටත් මොන තරම් ගෞරවයක්ද ලැබෙන්නේ. (නදී)
ත්‍රිවිද රත්නයේ පිහිටෙන්, සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටෙන් මේ අසරණ දියණියට කරදරයක් නැතිව නැවත යහතින් නිවසට පැමිණීමට හේතු වාසනා ලබේවා කියල අපි ප්‍රාර්ථනය කරන්නෙමු. (නදී)
සචිත්‍ර ඩුප්ලිකේට් බඩු ගන්න කොට බලාගෙන ගන්න. ලාබ වගේම ඉතින් කෙටි කාලයයි. ඔයත් ඩුප්ලිකේට් එකකට රැවටිලා. මේ මොන කණගාටු දායක පුවතක්ද. මහත්තයා ඇවිත් නෝනව අරන් ගිහිල්ලා. ඔයා ඒකට අඩන්න එපා. සතුටු වෙනවා මිසක්. සත්‍ය ප්‍රේමය ජය අරන්. (නදී)
ඩුබායි තිලාක් ගැන පුදුමයි. තාම බැහැ මෙච්චර කල් ආශ්‍රය කරපු මාව හරියට අඳුනා ගන්න. ඒ බන්දුල ඩොට් පෙරේරා. මේ බන්දුල පෙරේරා. (නදී)
අපේ රට කන දේශපාලුවන්ට යම රජුගේ පිහිටයි (නදී)
බන්දුල පෙරේරා ඔයාට කව්ද කිව්වේ ඒ මහත්තය ඇවිත් එක්කගෙන ගියා කියලා. පියෙකුගේ වේදනාව මේ විදිහට විහිළුවකට ගැනීම මහා පාප කර්මයක්. ඔයාට පිස්සු කියල හැමෝම කියන එකේ මේවා පහදලා දීල වැඩකුත් නැහැ (නදී)
ටිකිරි බංඩට ස්වාසිලන්තේ රජ්ජුරුවෝ ගැන ඉරිසියා හිතිලා වගේ. මේ කෙල්ල එහෙම ගමනක් නෙමෙයි ගිහින් තියෙන්නේ නිත්‍යානුකුල ස්වාමි පුරුෂය එක්ක. (නදී)
සචිත්‍ර ටිකක් අනෙක් මාධ්‍ය වල මේ ගැන විස්තරත් හොයල බලන්න. (නදී)
"ඔව් ලංකාතිලක කියන්නෙත් මමමතමා "යන්න ප්‍රතිචාරය තවත් වින්සන්ට් කෙනෙක්ද? . (දී)
ලංකා තිලක්, බන්දුල වගේ අය කරන්නේ මෙතන වෙනස් අදහසක් දාලා හැමෝගෙම අවධානය ඒ පැත්තට ගන්න. එතකොට ප්‍රවෘතියේ වැදගත්කම නැතුව යනවා. මේක මානසික ලෙඩක් (නි)
බන්දුල පෙරේරා, ඔය අනිත් කියනවයි කියන කතාව අපි කලින්ම දැනගෙන හිටියා. ඔයාගේ ප්‍රතිචාර වලින් පෙනෙන්නේ ඔයත් දැනගෙන ඉඳලා තියනවා වගෙයි. හැබැයි කියන්නා කෙසේ කිවුවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියනවනේ. මේවා ඔයාට කියලා වැඩක් නැහැ. (නි)
හෙරොයින් පාන් පිටි වෙනවා, පැහැර ගත්තොත් සැමියා අරගෙන ගියා වෙනවා, තමුන්ම ගස් බැඳගන්නවා ,තමුන්ටම ගහ ගන්නවා... මේවා බන්දුල පෙරේරාගේ චුටි මොළයට තේරෙන්නේ නැහැ. ඉතින් නොදන්නා දේවල් වලට ප්‍රතිචාර නොදා පැත්තකට වෙලා ඉන්න. (නි)
කළුගලේ ඔලුව ගහගන්න බැහැනේ.අන්තිමට මේ පියාට කියන්න වෙන්නෙත් දුව කැමැත්තෙන් ගියා කියලා තමා. මේ දේශපාලුවන්ට ආත්ම ගණනක් අපාගතව විඳවන්න වෙනවා. මිනිසුන් මේවා ගැන සිහිබුද්ධියෙන් බැලිය යුතුයි. කවදාහරි තමුන්ටත් මේ දේශපාලුවන්ගෙන් මෙවැනි දෙයක් සිදුවිය හැකි බව අමතක නොකළ යුතුයි (නි)
ලංකා තිලක්, මේ තාත්තා පොලිසියේ පැමිණිල්ලක් දැමූවිට ඒ ගැන හරි පරීක්ෂණයක් කරන්න නැතුව ඇත්තේ මේ දෙන්නාගේ සත්‍ය ප්‍රේමයට උදව් කරන්න වෙන්න ඇති. නේද? (නි)
යන්නේ කොහේද මල්ලේ පොල් වගෙයි බන්දුලගේ කතාව. බන්දුලට නම් ඇත්තටම පිස්සු. මේ පියාට දුව ඉක්මනින් හමුවේවා!! (නි)
කිසිම දෙයක් හිතාගන්න බැහැ මට නම් (නි)
හරි බන්දුල දැන් ඔබ කියන සත්‍ය ප්‍රේම බෘංග රාජයා කවුද ? කවුරු වුනත් මේ මංගල ගමනට භාවිතා කරලා තියෙන්නේ රජයේ වාහනයක් නම් එතන වැරද්දක් තියනවා. (නදී)
ඇත්ත මොකක්ද කියලා හෙළිවෙන්න වැඩි කල් යන්නෙ නැහැ (නි)
බන්දුලට ඕනෑ කරන්න ඇත්තේ මෙතෙන්ට වෙන කතාවක් පටලවලා මෙම වැරදිකරුවන්ට බනින එක නවත්වන්න. ඒක ඔහු සාර්ථකව කර තිබෙන පාටයි (නි)
බන්දුල පෙරේරා,ලංකා තිලක්,වින්සන්ඩ් යන නම් වලින් පෙනීසිටින අය ගැන කතා කරලා වැඩක් නැහැ (නි)
සිල්වා ලංකාවේ කෙනෙක් නෙමෙයි වගේනේ. ඇත්ත හංගන්න වැඩි කල් යන්නේ නැහැ (නි)
මම එසැන පුවත් සමග සැහෙන කලක ඉඳල එකතු වෙලා ඉන්නවා.එදා ඉදලම මම දැකල තියෙන දෙයක් තමයි මේ රජය ගැන වෛරයෙන් මේක පෙරලෙනකම් කන බත් පත දිරවන්නේ නැතුව දවල් හීන දකින කට්ටියගේ අසහනය පිට කරගන්න මේ තීරුව හොඳ තෝතැන්නක් වෙලා තියෙනවා කියල..මධ්‍යස්තව හිතන ඕන කෙනෙකුට ඒක පැහැදිලි වෙනවා.සමහරු හිතන් ඉන්නේ ප්‍රතිචාර වලින් ආණ්ඩු පෙරලන්න පුළුවන් කියල..දෙකෝටියකට වඩා වන ශ්‍රී ලාංකිකයින්ගෙන් මේ අන්තර්ජාලය පාවිච්චි කරන කට්ටියගෙනුත් ඒකෙන් එසැන පුවත් බලන කට්ටියගෙනුත් ඒකෙන් මේ අදහස් දාන කට්ටියගෙනුත් ඒකෙන් මේ රටේ ඉන්න චන්දයක් තියෙන කට්ටියගෙනුත් සලකල බැලුවම මෙතන ඉන්නේ ඕන නම් ලේලන්ඩ් බස් එකක් යන්තම් පුරවා ගන්න තරමට සෙනඟක් විතරයි. මේ රජයේ වැරදි වැරදි විදියට දැකල කරන අවංක විවේචන වල වෙනසත් වෛරයෙන් හිත පුරවාගෙන මේ රජය අද හෙට තියා තව අවුරුදු ගානකටවත් පෙරලගන්න එක හීනයක් කියල දැනගෙන ඒ අසහනයෙන් දාන විවේචන වලත් වෙනස අපි අඳුනනව. වැරදි කරන අය පස්සට පයින් ගහල එලියට දාන්න ඕන. ජඩ දේශපාලකයෝ මේ රජයේ ඉන්නවා.ඒක මිනිස්සු දන්නවා..නමුත් තවමත් මිනිස්සු මේ ජනාධිපති තුමා ගැන විශ්වාසය බිඳ ගෙන නැහැ. රට ඉදන් හීන දැක්කට මේ රටේ මිනිස්සු මේ රජයට කැමතිනම් ඉතින් කට්ටියට අසහන පිට කර කර තව සැහෙන කාලයක් බලා ඉන්න වේවි.මේ සිදු වීම පවුල් ප්‍රශ්නයක්..පිස්සු කෙලින තාත්තල මේ රටේ කව්රුවත් මිට කලින් දැකල නැද්ද?තමන්ගේ දරුවෝ බිරිද පුච්චලා මරපු දියණිය දුෂණය කරපු උගත් තාත්තල වගේම දරුවෝ එල්ලලා මරපු නුගත් තාත්තලත් ඉන්න රටේ මේ තාත්ත කරන දේ ගැන පුර්ව නිගමන දෙන්න යන්නේ මේ තාත්ත ගැන දුකෙන්මද? දුව බැඳලා කියල තාත්ත දන්නේ නැද්ද? කට්ටිය ගැන හිතට දුකයි..ඔන්න ඔහේ ඔය අසහනේ මෙහෙමවත් ටිකක් අඩු කර ගන්න ඉඩ දෙමු වින්සන් මහත්තයෝ..නැත්නම් පිස්සු හැදේවි. (ස)
ලංකා තිලක්, කවදා හෝ ආණ්ඩුවක් පෙරළෙන්නේ , ස්වාධීන අදහස් දරන පාඨකයන් හෝ මහජනතාව නිසා නෙමෙයි. පමණට වඩා කට මැත දෙඩවීම නිසා රජයට තිබෙන ජනතා ප්‍රසාදයත් නැති කරන වන්දි භට්ටයන්ගේ උන්මත්තක අදහස් නිසා. මෙතන අදහස් ප්‍රකාශ කරන්න සැමට අයිතිය තියනවා. ඔබේ තර්ජනයට අපි බය නැහැ. රට ඇතුළෙම ඉඳගෙන රට ගිනි තියන්න එපා. (නි)
ලංකා තිලක්, මෙතන ඉන්න එකම අසහනකාරයා ඔබයි. නමුත් එය ඔබට නොවැටහෙන එක පුදුමයක් නෙමෙයි. (නි)
මේක පුදුම නීතියක්නේ. මේ පත්‍රයේ මළගමක්, විපතක් , කාගේ හරි කරදරයක් පළ වුණාම ඒකට කණගාටුව ප්‍රකාශ කරන්න ලංකා තිලක්ගෙන් අවසර ගන්න ඕනෑද ? නම ලංකා තිලක් වුණාට ලංකාව ඔබට සින්නක්කර ලැබිලා නැහැ තිලක්. (නි)
ලංකා තිලක් ඔච්චර දේවල් දන්නා එකේ මේකට යොදාගත් වාහනය අයිතිකාර දේශපාලකයාගේ නමත් වාහනයේ අංකයත් අපිට දන්වන්න (නි)
මේ ලංකා තිලක්, ඔබට තිබෙන්නේ එසේ මෙසේ රෝගයක් නෙමෙයි. දරුවා නැති සොවින් පෙළෙන තාත්තා කෙනෙකුට කණගාටුව ප්‍රකාශ කළාම ආණ්ඩු පෙරළන්න හදනවා වෙන්නේ කොහොමද? (නි)
ඒ තාත්තා කොච්චර දුකකින්ද ඇත්තේ? (නි)
ලංකා තිලක්, ගංගා, කට තිබුන පළියට ඔහොම බරපතල චෝදනා කරන්න එපා (නි)
දැන් එතකොට ලංකා තිලක් හෝයියා කියන්නේ නැති ඔක්කොම ආණ්ඩු පෙරළන කාණ්ඩයේද? අනේ තිලක්, ඔබේ මේ උන්මත්තක අදහස් ටික දැකලා බුද්ධිමතුන්ට දැනටමත් හිනා ගිහින් ඇති. (නි)
ලංකා තිලක්, ඔබේ චෝදනාව ඉතා බරපතලයි. නොහොබිනා කටක් තිබුන පළියට මෙතන අදහස් ලියන සෙසු උදවියට ඔය කියූ දේවල් වල බරපතලකම ඔබ වටහාගෙන නැහැ. මේක ප්‍රජාතාන්ත්‍රික රටක්. ඔබේ අදහස විතරක් අනෙකුත් උදවිය අනුමත කරන්න ඕනෑ කියලා හිතනවා නම් අපි ඉන්නේ හිට්ලර්ගේ යුගයේ. (නි)
හරි වැඩක්නේ! කාටහරි විපතක් කරදරයක් වුණාම අනේ අපොයි කියන්නත් අපි ලංකා තිලක්ගෙන් අවසර ගන්න ඕනෑද? (නි)
අනේ තිලක්, මේ රටේ වාසනාවට මොන තරාතිරමේ උදවිය කරලියට ගෙනාවත් කිසිම පක්ෂයක් තාම මන්ද බුද්ධිකයන්ට නාම යෝජනා දීලා නැහැ. (නි)
පුවත් වලට අදහස් ලියන්න කලින් හැමෝටම අංජනම් බලන්න වෙයි වගේ ඒකෙ කොතැනක හෝ දේශපාලනය ගෑවිලා තියනවද කියලා. නැත්නම් ලංකා තිලක්ට තරහා යයිනේ (නි)
හිතවතුනි, ලංකා තිලක් ප්‍රකාශකර ඇත්තේ ඔහුගේ අදහසය.එය ඔහුගේ අයිතියයි.එය පිළිගැනීම හෝ නොගැනීම ඔබේ අයිතියයි.කෙනෙකුගේ අයිතිය වෙනුවෙන් අප හඬ නගද්දී තව කෙනෙකුට අපහාසයක් හිරිහැරයක් සිදුනොවීමටද අප වගබලාගත යුතු නොවේද? (නි)
වින්සන්ට්, ඔබ ලංකා තිලක්ගේ චෝදනා පත්‍රය කියෙව්වාද? එහෙම නම් අනුන්ගේ මත වලට ගරු නොකරන්නේ කවුද කියා ඔබට වැටහෙන්න ඕනෑ. (නි)
ලංකා තිලක්, මේ තීරයේ නීතිය පිළිබඳ හසල දැනුමක් ඇති උදවියද ඉන්නවා. ඒ නිසා ඔබේ වචන ගැන මීට වඩා සැළකිළිමත් වෙන ලෙස මම ඉතා කරුණාවෙන් ඉල්ලනවා (නි)
ලංකාදීප පුවත්පත කියවන ඡන්දය හිමි එසැණ පාඨක සංඛ්‍යාව බසයකට පිරවිය හැකි තරම් යැයි කියන ප්‍රකාශය වහා ඉල්ලා අස්කරගන්නා මෙන් ලංකා තිලක්ගෙන් ඉල්ලමි. මුහුණු පොතේ කැමති සංඛ්‍යාව පමණක් 277,707කි. මෙය මීට වඩා තුන් හතර ගුණයකින් හෝ ඊටත් වඩා වැඩිවිය යුතුය. ලංකාදීපය යනු ලංකාවේ මධ්‍යස්ථම හා ජනප්‍රියම පුවත්පතයි. (නි)
ලංකා තිලක් , ඔබ ගැන ඉතා කණගාටුයි. (නි)
ලංකා තිලක්,ටිකක් කල්පනා කරලා බලලා කතාකරන්න (නි)
අපිට දැන් මෙතන නිදහස් අදහස් පළකරන්න කාගෙන්ද අවසර ගන්න ඕනෑ? තිලක්ගෙන්ද? (නි)
ලංකා තිලක්ගේ සංයමයක් නැති සමහර වචන නිසා කවදාහරි ඔබ ලොකු අමාරුවක වැටෙනවා . ඔබේ වචන රටක් ගිනි තියන්න වුණත් ප්‍රමාණවත් (නි)
ලංකා තිලක්, ඔබ යම්කිසි භීතිකාවකින් පෙළෙනවා නම් වහාම ඊට ප්‍රතිකාර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලනවා. (නි)
ඇඟ හිරිවැටෙනවා මේවා කියැවූ විට. තාත්තා කෙනෙක් දරුවෙක්ව හදන්නේ මොනතරම් දහදුක් විඳලද? (නි)
අපිට හරිම කණගාටුයි සමහරුන්ගේ විචාර බුද්ධියෙන් තොර ප්‍රකාශ ගැන ! (නි)
මිනිපේ, ලංකා තිලක්ට කල්පනා කරන්න කිව්වට, මොකෙන්ද ඒක කරන්නේ? (නි)
ලංකා තිලක්ගේ පදනම් විරහිත චෝදනා අපි තරයේ හෙළා දකිනවා. මේක නිදහස් අදහස් ලියැවෙන තැනක්. මෙතන හැමෝම යමක්කමක් ඉගෙනගත් , වැදගත් වෘත්තීය මාර්ග ඇති පාඨකයන්. (නි)
කට්ටියක් තොප්පිය දැනටම දාගෙන. කට්ටියක් තොප්පිය අමාරුවෙන් දාගන්න හදනවා.මේ පුවතට පළ ළුූ අදහස් විශ්ලේෂණය කරන්න.සියලුම දේශපාලකයින් ස්ත්‍රී දුෂකයින්, මංකොල්ලකාරයින්, කප්පම්කාරයින් කරලා තිබෙන හැටි බලන්න.නිසි අයුරින් විස්තරයක් නොදන්නා සිදුවීමකට මෙහෙම කරනවද? එතන තියෙන්නේ මේ පියා ගැන අනුකම්පාවක්ද? මේ තරුණිය ගැන අනුකම්පාවක්ද? (නි)
මේ තිලක් කියන කෙනාට නුල් පොටකවත් ලැජ්ජාවක් නැද්ද මන්දා? (නි)
අනුන්ගේ අදහස් ඉවසන්නට නොහැකි කෙනෙකුත් මෙතන ඉන්නවා වගෙයි (නි)
ලංකා තිලක් , මෙතන අදහස් ලියන උදවියට තමාට කැමති කෙනෙකුට අනුකම්පාව දක්වන්න මානුෂික අයිතියක් තිබෙනවා. ඔබේ අනුකම්පාව තිබෙන අයට විතරක් මෙතන හැමෝම අනුකම්පාව දක්වන්න ඕනෑ කියලා ඔබට තිබෙන පටු කල්පනාව තමයි මේ ප්‍රශ්නයට මුල (නි)
අපි හැමෝටම අපිට කැමති උදවියට අනුකම්පාව දක්වන්න අයිතිය තිබෙනවා. ලංකා තිලක්, ඔබ අපේ අනුකම්පාව ගැන මොනවා හිතුවත් අපිට ප්‍රශ්නයක් නැහැ (නි)
හරි වැඩක්නේ. අපිට අනුන්ගේ කරදරයකදී අනේ අපොයි කියන්න සමහරුන්ගෙන් අවසර ගන්න වෙලා? (නි)
ලංකා තිලක් , ඉන්නේ කොහෙද, මොනවද කතා කරන්නේ කියලා දන්නේ නැතුව අඳුරේ අතපත ගගා දඟලන්නේ ඔබයි. (නි)
ලංකා තිලක්, ඔබත් මෙතන නිසි අයුරින් කරුණු තේරුම් නොගෙන කතාකර තිබෙනවා. මෙතන හැමෝම ඔබේ අදහසට එහෙයි කියන්න ඕනෑ කියලා නීතියක් හදාගත්තේ කොහොමද? (නි)
අහිංසක මිනිසුන්ටමයි ඔක්කොම වෙන්නේ (නි)
සෙසු කටවල් වට කර වැට බැඳී තිලකේ .... රට වටකර බඳිනු බැරි වී දැන් කැරකේ! (නි)
ලංකා තිලක්ගේ චෝදනා කිසිම පදනමක් නැති, වැඩිහිටියෙකු ලෙස පරිණතබවක් නැති අඳ බාල කතා ටිකක්. (නි)
අපිට දැන් ඉන්න වෙලා තියෙන්නේ කටකලියාවක් දාගෙන. හරි වැඩක් තමයි, මේ ලංකා තිලක් නම් (නි)
මේ පත්‍රයේ පළවන පුවතකට තමන්ගේ නිදහස් අදහස් ප්‍රකාශ කරන්න සැමටම අයිතිය තිබෙනවා. (නි)
ඔය තිලක් කියන පුද්ගලයාට කියන්න තියෙන්නේ, ඔබ උදේ හවස වඳින දේශපාලුවෝ හරියට ජනතා සේවය කළා නම්, පොලිසියට, නීතියට රාජකාරිය කරන්න දුන්නා නම් මෙහෙම පුවත් බලන්නත් අදහස් දමන්නත් අපට සිදුවෙන්නේ නැහැ. (නි)
තිලක්,බසයකින් පිරවිය හැකි යැයි කියන ප්‍රකාශය තරයේ හෙළා දකිමු. බොහෝ අන්තර්ජාලයේ ඇති ලාංකික පුවත්පත් පාඨක අදහස්වලට අවස්ථාවක් නොදෙන ඔවුන්ගේ මතය බලහත්කාරයෙන් ජනතාවට ඒත්තු ගැන්වීමට උත්සාහ දරන ඒවායි. ලංකාදීප පුවත්පතේ මේ සත්ක්‍රියාව ඉහළින්ම අගය කරමු. ලංකාදීප පුවත්වත ජනතාවගේ පුවත්පත වී ඇත්තේ මේ නිසාය. දිනෙනේ දින ලංකාදීප පුවත්පත ඉදිරියෙන් ඉදිරියට යන්නේ මේ නිසාය. දැනටමත් අන්තර්ජාලයට පිවිසීමට හැකියාව හැකි සියලු ලාංකික ජනකොටස් වල එකම විශ්වාසනීය පුවත්පත බවට පත්ව ඇත්තේ ලංකාදීපයයි. (නි)
තිලක්, අර දිල්ශානිගේ අදහස දෙතුන් පාරක් හොඳට කියවන්න (නි)
මම කිසිම දේශපාලන උනන්දුවක් නැති කෙනෙක්. හැබැයි මේ ලංකා තිලක්ගේ චෝදනාව දැකලා නම් මට නිහඬව ඉන්න බැහැ. ඔය වගේ මෝඩ අදහස් තිලක්ට මිසක් මෙතන වෙන කිසිම කෙනකුට නැහැ. ඔබ වැනි උදවියගේ විචක්ෂණ බුද්ධියක් නැති කියුම් නිසා තමයි තිලක් ලංකාවට කවදාහරි ලොකු කරදරයක් වෙන්නේ (නි)
අන්න පැහැරගෙන ගිය දුව පොලිසියට ප්‍රකාශයක් කරලා තියෙනවා. මන් හිතන්නේ ඒ ගැන විස්තරත් එසැන පුවත්වල පල කලොත් මේ කට්ටියගේ අසනීපෙ ටිකක් හොඳ වේවි. හැබැයි ඉතින් එ්කත් ප්‍රබල දේශපාලුවෙක්ගේ බලපෑම් මත පොලිසිය විසින් මේ තරුණිය ලවා බලහත් කාරයෙන් ගත් ප්‍රකාශනයක් කියලත් කියයි. වටරැක ජාතකය තාමත් අදහන කට්ටිය ඉන්න එකේ මේක මොන පැත්තට හරවන්න බැරිද? ලංකා තිලක්ට පේන කියන්න බැහැ. නමුත් කිව්වොත් දෙයක් වරදින්නෙත් නැහැ. මෙතුවක් වැරදිලත් නැහැ. (නදී)
වැලිවේරියේ බොන්න පිරිසිදු වතුර ටිකක් ඉල්ලපු අසරණයන්ට "පට පට ගාල" වෙඩි තියද්දීත් "ආණ්ඩුව පෙරලන්න යනවෝ" කියල පිස්සුවෙන් දොඩවපු ලංකා තිලක් ගැන අනුකම්පා කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. අසරණ මිනිසුන් ගැන බද්ද වෛරයකින් පෙලෙන "මානසික පිස්සෙක්" කියල මොනවට පැහැදිලි කරනවද? (නදී)
මගේ මිත්‍ර ඩුබායි තිලක්ට පිළිතුරක් දෙන්නම වෙනවා. ඔබ තුමා මේ පුවතට දාපු අදහස් ටික එකතු කරලා මේ පුවතේ අවසානයේ හෙළිවන සත්‍යයත් එක්ක සංසන්දනය කරලා බලන්න. ඔන්න ඔබ තුමාටනම් අර තොප්පිය කියල මැහුවා වගේ ගැලපෙනවා කියල තේරේවි එතකොට. (නදී)
"ලංකා තිලක්ට පේන කියන්න බැහැ. නමුත් කිව්වොත් දෙයක් වරදින්නෙත් නැහැ. මෙතුවක් වැරදිලත් නැහැ. "කොහොමත් මානසික පිස්සෙක්" හිතන්නේ තමන්ට පිස්සු නැහැ. අනික් හැමෝටම පිස්සු කියලා. (නදී)
"අන්න පැහැරගෙන ගිය දුව පොලිසියට ප්‍රකාශයක් කරලා තියෙනවා".ලංකාවේ පොලිසියට දුන්නු ප්‍රකාශ බැලුවම"තමන්ම මැහුම් 7-8 ක් දා ගන්ත තමන්ගේම ඔලුවට ගහ ගත්ත","තමන්ම ගස් බද ගත්ත",තමන්ම ගහගෙන තමන්ගේ කාර් එක ගිනි තියා ගත්ත",තමන්ම චීවරය ගලවල ගහගෙන ,තවත් දේවල් කපාගෙන චීවරයත් නැතිව සැතපුන"...........කියන කෙනා කෙසේ කීවත් අහන කෙනා සිහි බුද්දියෙන් අහන්න ඕනනේ. (ස)
මේ ලංකා තිලක් ඇත්තටම කිසිම ලැජ්ජාවක් නැති කෙනෙක්. කොච්චර බැනුම් ඇහුවත් ලජ්ජා නැහැ (නදී)
වටරැක නාටකය පෙන්වීම නිමිත්තෙන් මේ අවුරුද්දේ හොඳම නළුවට හිමි සම්මානය ඒ උන්නාන්සේගේ ගනියි කියලා අපි හිතන් හිටියේ. මේ තාත්තා ඒක ගන්නවත් හිතාගෙන මෙහෙම වැඩක් කරාද මන්දා. දුව අරන් ගියා කියලා දෙවියනේ මෙහෙමත් වාහන උඩ නැගගෙන දගලන්න ඔිනද? මොන විදියට හරි නීතිය පැත්තෙන් විසඳුමක් හොයනවා මිසක් (නදී)
කවුද කසුනි මට බනින්නේ? තොප්පි දාගෙන ඔය බනින කට්ටිය ගැන තමයි මම කිව්වේ (නි)
සමාදී ඔයා මේ ලිපිය කියවලද ප්‍රතිචාර දාන්නේ. නැත්තන් ඔලුව විකාරෙන් කියවන ලංකා තිලක්ගේ ප්‍රතිචාර කියවලද? ඒ තාත්තගේ පැමිණිල්ලට පොලිසිය නිසි ලෙස ක්‍රියා නොකළ කියලා තමා මේ තාත්ත වාහනේ උඩට නැගල තියෙන්නේ . දේශපාලකයෙකුගේ වාහනෙන් පැහැර ගත්තනං ඉතින් අහන්න දෙයක් නැහැනේ (නදී)
මෙන්න හා හා පුරා කියල සමාදී නංගියෙක් ගොඩ බැහැල. සාරිය ඇදල හිටියට මුණ නම් ලංකා තිලක් වගේමයි . (නදී)
සමාදී, ඔයා ලංකාවේ කෙනෙක් නෙමෙයි වගේ. (නි)
තිලක්,මේ ලණුව ඔයා හොඳට ගිලලා වගෙයි. ඔයා හිතනවා යථාර්ථය දකින අය වැරදියි කියලා. (නි)
කවුද කසුනි මට බනින්නේ..තොප්පි දාගෙන ඔය බනින කට්ටිය ගැන තමයි මම කිව්වේ..ඒ අය ඉතින් බනින්න එපයි..නැත්නම් මේක සංවාද මණ්ඩපයක් නෙමෙයිනේ..අනෙක ඉන්ටෙර්නෙට් එකෙන් බැන්නම අගේ ඇලෙන්නේ නැහැනේ.බලන්නකෝ ඔයාට කලින් තියෙන කොමෙන්ට්ස් එක දිහා.(අ)
සමාධි.නීතියෙන් සරණක් නැතිනම් කාගේ සරණද?නීතිය වල වැදුන රටක අද අ අසරණ මිනිසාට වෙනදේ හෙට ඔබට සහ මට වෙන්න පුළුවන්.ඔබත් අගේ දියණිය දෙසපාලක වුත්තමයෙක් පැහැරගෙන යනවට කැමැත්යි කෙනෙක් වගෙයි. (අ)
ප්‍රශ්නය වී ඇත්තේ දුව කැමැත්තෙන් ගියාද බලෙන් පැහැරගෙන ගියාද යන්නයි.!කෙසේවෙතත් ඕනෑම මගඩියකට දේශපාලකයෙක් සම්බන්ධ වෙන ලංකා ඉතිහාසයේ මෙම කාල පරිච්ඡේදය සම්බන්ධයෙන් රන් අකුරින් ලියැවෙනු ඇත! (නි)
දේශපාලුවාගේ පුතෙක් ඇති. . කේන්දරය බලා ඇති...... පාර්ලිමේන්තු යවනු ඇති ......... පුහුණුව දැන් දෙනවා ඇති.... (නදී)
ඔහුට දුව ඉක්මණින් හමුවේවා! (නි)
බන්දුල මහත්තයා මගේ මූණයි සාරියයි දැක්කේ කොහොමද දන්නේ නෑ කිත්සිරි,තිලක් අපිත් කාන්තාවෝ හැටියට තවත් කාන්තාවකට මේ වගේ දේවල් වෙන එක අනුමත කරන්නේ නෑ.එත් මෙතන තියන ප්‍රශ්නේ මේ වගේ අවධානම් දේවල් කිරීමෙන් මේ තාත්තාට සාධාරණයක් ඉෂ්ඨ වෙයිද නැත්නම් සාමාජයේ විහිළුවකට ලක් වෙයිද කියන එකයි. අනික තමයි ඔය කියන දේශපාලඥයාට ඔය කියන දුවවම ගෙනියන්න තියෙන වුවමනාව මොකක්ද? ඒ ළමයයි දේශපාලඥයයි අතර මොකක් හෝ සම්බන්ධයක් තියෙන්න ඔින.මේ රටේ දේශපාලඥයොත් එක්ක කැමැත්තෙන් යන ගෑණු කොච්චර නම් ඉන්නවද? මේ සිද්ධියේ දුවගේ පැත්ත අපහැදිලියි. (ස)
අනේ දරුවන් සිටින කාටත් දැනෙනවා ඔය වේදනාව නිතිය ඔබට සාදාරණය ඉටුකරාවි (නදී)