විසි හැවිරිදි තරුණයකු දාහතර හැවිරිදි දියණියට ඉදිරිපත් කළ විවාහ යෝජනාවට විරුද්ධ වී තමා රට හැවීමට යැයි ගත් රුපියල් තුන් ලක්ෂයක් නුදුන් බව කියන මවට පිහියෙන් ඇන මරා දැමූ තරුණයකු පොලිසියට භාර විය.
වැල්ලම්පිටිය කොටුවිල අනූෂා මධුවන්ති (31) නම් දෙදරු මව මෙසේ මරා දමා ඇත.
තරුණයා මවට මේ යෝජනාව කළ විට තම දියණිය බාල වයස්කාරියක බවත්, තාමත් ඉගෙන ගන්නා බවත් කී විට ඔහු දැරියට පිහියෙන් අනින්නට සැරසෙද්දී මව ඒ අතරට පනිද්දී පිහි ඇනුම් කා ඇතැයි කියති.
සැකකරු පොලිසියට කියා ඇත්තේ තමා රට යවන බව කියමින් ගත් රුපියල් තුන්ලක්ෂයක් තමාට නැවත නුදුන් නිසා මේ ඝාතනය සිදු කළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චානක, අද සමහර පන්සල් වලට අපේ ලමයි යැව්වොත් එල්ලුම් ගහ කොහොමත් ගෙනෙන්න වෙනවා. ඒ හින්දා වෙන විකල්පයක් කියන්න. (නි)
කණගාටුවෙන් කිවයුතු කරුණ නම් රටේ නීතිය තරම් බාල්දු වෙලා තියෙන දෙයක් තවත් නැහැ කියලයි. (නි)
පහන් සමහර මිනීමරුවෝ ස්ත්‍රී දුෂකයන්ට සහ බාල අපරාධකාරයන්ට වඩා හොදයි. ඒක තීරණය වන්නේ එම පුද්ගලයා මිනි මරපු හේතුව අනුවයි. උදාහරණ විදියට, ගිය සතියේ "එසැන" තිබුන "ලාංකිකයෙක්, බිරිද අනාචාරයේ හැසිරීම නිසා ඖෂ්ට්‍රලියවේදී තම බිරිද මරපු" නිවුස් එකක්. ඔබ ඒක කියෙව්වනම් දකින්න ඇති බහුතරය මිනිමරපු කෙනා සාදාරනයි කියලයි ප්‍රතිචාර දාලා තිබුනේ.(නදී)
මෙතන නිකම් ප්‍රතිචාර දාන අය රණ්ඩු වෙනවා සිදුවූ දේවත් හරියට නොදැන. මේ තරුණයා ඇත්තටම මුදල් දුන්නද, ඒවා වංචා කලාද, නීතියේ සරණ ලැබුනද, නැත්නම් පොලිසි ගීහිල්ලා දොළ පිදේනි දෙන්න තව වියදම් කලාද, නැත්නම් පොලිසිය කාන්තා පැත්ත ගත්තද ,මේ මුදල් දුන්නේ ඉන්න ඉඩම උගස් කරලද, නැවත ඒ මුදල් ආපසු දෙන්න කාලයක් දුන්නත් ඒත් රස්තියාදු කලාද... ඒ මුකුත් නොදැන ප්‍රතිචාර දමා රණ්ඩු වෙන්න එපා (නි)
මහා අපරාධ මේවා
මේ වගේ මිනිස්සු තමන්ගේ ජිවිත කාලේදී තව කී දෙනෙක්ව මරයිද ?දැන් ඉතින් හිරේට ගියහම හොඳ ගුරුවරුන්ගේ උසස් පුහුණුවක් එහෙම ලබලෙ එලියට ආවම කොහෙන් මොනවා කරලා නවතීද ? දේශපාලකයෙක්ගේ බොඩි ගාඩ් කෙනෙක් වෙන්න හොඳ සුදුසුකමක් මේක ... (නි)
වයසේ වැරැද්ද නොව මෙතන ඇත්තේ රටේ මිනිසුන්ගේ ආචාර ධර්ම පිළිබද ඇති බුද්ධි මට්ටමේ මදභාවයයි (නි)
කොටි නැති කරපු අපට බැරිද මේ නරුමයෝ ටික නැති කරලා දාන්න.(නදී)
මේ මොනවා කිවත් කරුමය කියල දෙයක් තියෙනවා.(නදී)
මේ මොනවා කිවත් කරුමය කියලා දෙයක් තියෙනවා.(නදී)
ලක්ෂ 3 දුන්නේ නැහැ කියලා ලමයින්ය විවාහ කරගන්න ඉල්ලන එක හරිද? සල්ලි නොදුන්නනම් නීති මගින් කටුතු කරන්න ඕනා. දැන් සල්ලිත් නැහැ මිනී මැරුමකට හිරේ යන්නත් වෙනවා. මිනිස්සු මෙච්චර මෝඩ වැඩ කරන්නේ මොකද මන්දා.(නදී)
මම හිතන්නේ අම්මා දුවව දෙන්නත් පොරොන්දු වෙලා ඉන්න ඇති. සමහර විට ඒ අතරේ රට යවන්න කියලා ගනුදෙනුවකුත් තියන්න ඇති. දුවයි, සල්ලියි දෙකම නැතිවෙද්දී කොල්ලා තීරණයක් ගන්න ඇති (නි)
මෙම අපරාධ වලට පෙළඹෙන සියලුම දෙනා දහම් පාසල් අධ්‍යාපනයක් නොලැබු අයවලුන්. ඔය අපිට ඉන්න එක එක සේනාවන්ට ,බලකායන්ට බැරිද ගෙන් ගෙට ගොස් දහම් පාසල් නොයන දරුවන් සොයාගෙන එම දරුවන් දහම් පාසල් වලට යාමට දෙමාපියන්ට උපදෙස් දෙන්න? නැතුව එල්ලුම් ගස මෙයට විසඳුමක් නොවේ. (නි)
බොහෝ දෙනෙක් නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කළ යුතු බවට වැදගත් අදහස් දක්වා තිබුනා. අප හැමවිටම කිසියම් සිදුවීමක් වූ විට ඒ යට දැඩි දඩුවම් ක්‍රියාත්මක කල යුතු බව අදහස් කරයි. නමුත් හුදකලා සිදුවීමකට පමණක් නීතිය ක්‍රියාත්මක කිරීම සමාජ ආරක්ෂණයට හා සංරක්ෂණයට දායක වන්නේ සුළු වශයෙනි. සමස්ට රටම මුල් කොටගත් උපතේ සිට මරණය දක්වා සෑම පුරවැසියකුටම නීතියේ රැකවරනය සහ ආරක්ෂාව සැලසෙන පරිදි නීතිය අලුතින් සකස් විය යුතු අතර එය මහජනතාවට රජය විසින් පැහැදිලිව හා නිවැරදිව හදුන්වා දියයුතුය. අපරාධයකට මුල් වූ සාදකයන් රාශියක් ඇති අතර මුල් අවස්ථාවේම එය නැති කිරීමට නීතියේ පිටිවහල තිබේ නම් ලොකු අපරාදයකට යාමේ අවස්ථා අඩුය. (නි)
අම්ම කසාද බැන්දේ කීයෙන්ද කියන එක නොව වැදගත් වන්නේ, ඇයි බෞද්ධ රටේ මෙහෙම අපරාධ වෙන්නේ කියන එකයි. මේවා සිදුවන ප්‍රමාණය දවසින් දවසම වැඩි වෙනකොට එල්ලුම් ගහ ආවොත් රටෙන් භාගයක් විතර යවන්න වෙයි. ගස් එකක් නොව කීපයක්ම ඕනෑ වෙයි. මට පෙනෙන විදියට ලංකාව විසාලා මහා නුවරක් වෙන්න ඉතාම ලඟයි. (නි)
මෙහි ප්‍රතිචාර දාන බොහෝ දෙනෙක් වැඩක් නැති මතවාද දානවා මිසක් අගතියට පාත්‍ර වුන කෙනාට උදව්වක් කරන්න ලෑස්ති නැහැනේ.කවුරු හරි අරමුදලක් අරඹනවා නම් අපිටත් පුළුවන් හැටියට උදව් කරන්න පුලුවන්. (නි)
රටේ නිතියක් නැද්ද? (නි)
මවකගේ ආරක්ෂාව අවශ්‍ය අවස්ථාවක මේ විපත සිදු විමෙන් එම දියණිය අසරණ වුනා. දියණිය, ඔබට පිහිට විමට/සහය දීමට ක්‍රමයක් දන්වන්න. මවකගේ අඩුව මට පිරිමහන්ට බැරි වුනත් ඔබට ඉදිරියට යාමට මගේ සහාය. ඔබගේ මෑණියන්ට මම පින් අනුමෝදන් කරමි. (නි)
අනේ දැන්වත් එල්ලුම් ගහ නියම කරන්න (නි)
"මෙතන මෝඩ විදියට අදහස් දාන්න එපා ...මාටින් " ඔබ ඔය කියන දෙය කන්නාඩියක් ඉදිරිපිට සිට කියන්න. 14 හැවිරිදි ලාබාල දැරිවියක් (මුදල් හිලවුවක් වෙනුවෙන් වුවද) ලබාගැනීමට බලහත්කාරය භාවිත කිරීම ස්ත්‍රී දුෂනයකට, බාල අපරාධයකට කළ උත්සාහයකි.ලක්ෂ තුනක් වෙනුවෙන් දරුවෙකු ලංසුවට තබන්නට කරන උත්සහයක් සරලව සිතන මාටින් අනුනට මෝඩයන් නොකියා එම වචනය ඔබම තබාගැනීම යහපත්ය. (නි)
පොට්ට ජනයාගේ ඇස් ඇරෙන්නයි, අනාගතේට ඉපදෙන අයට හරි නිතියක් ක්‍රියාත්මක වෙන්නයි, නීතිය ක්‍රියාත්මක නොකලොත් ඊලග ඡන්දෙදි මමත් තීරණයක් ගන්නවා (නි)
සහන්, ඔයා නම් හොද කතා තමා කියන්නේ.ඔය කියන විදිහට ඔයාට බැහැ කියපු කෙල්ලන්ගේ අම්මල මැරුවා නම්? මේ කාලේ කියන්න තිබුනේ 'නොදැක ඉන්න බෑ මට නම් ඔබේ ආදරේ'කියලා පිහියෙන් අනින්නද? (නි)
ලංකාවේ අයට මිනියක් දෙකක් දවසට මැරුවේ නැත්නම් කෑවේ නෑ වගේ.ඉතින් මිය ගිය මවට නිවන් මග හෝ ස්වර්ගයේ දොරටු විවර වේවා. ආදරය හදුනන හිත් අපේ මිනිසුන්ට පහල වේවා.(ස)
රන්ජනී ලන්ඩන්, සිංහල ජාතික ඇදුම වන ඔසරිය කුමාරිහාමිලට සීමා වෙන්නේ නැහැ. ලංකාව හොද නැත්නම් ඇයි අවාසනාවට ලංඩන්වල ඉන්නවා කිව්වේ. ඔබ කියන විදියට ඔබ එංගලන්තේ ඉන්න එක වාසනාවන්තනේ. දැන් ඔබ ලාංකිකයෙක් නෙමෙයි එංගලන්ත වැසියෙක්. ඔබේ රට වන එංගලන්තයට අපහාස කරන්න එපා.(නදී)
වැඩි දෙනෙක් කතා කරන්නේ අම්මගෙයි දුවගෙයි වයස ගැන වයස කීයඋනත් එත් අම්ම කෙනෙක් නේද (අ)
සමහර ප්‍රතිචාර මේ සිද්දියට අදාල නැහැ.කරුණාකරලා ඔබ සැම සිද්දියට අදාල ප්‍රතිචාර දක්වන්න.මේ සිද්දිය හරිම කනගාටුදායකෛ.නීතිය හරියට ක්‍රියාත්මක වෙනකන් මේ දේවල් නැවත නැවතත් සිදු වෙනවා.අද රටේ නීතිය වල වැදිලා අවනීතිය රජවෙලා.
කුමාරිහාමි, කියනවා ලංකාවට ඇවිත් කොන්ඩේ බැදලා ඔසරිය ඇදගෙන ඉන්න මම කුමාරිහාමි කෙනක් නොවේ ළමයෝ.දැන් අවුරුදු 20 ක්ම අපේ ශ්‍රමය මේ රටට දීලා, නිදහසේ ජීවත් වෙන්න පුළුවන් කාලේදී, ලංකාවේ ඇවිත් මොනව කරන්නද? වාහනයකට හැප්පිලා මැරෙන්නද? අපෝ බැහැ (නි)
මරණ දඩුවම දෙන්න (නි)
මරණ දඩුවම දෙන්න (නි)
මේ වගේ අපරාද වෙන රටක දහම් පාසල් ඉරිදට අනිවාර්ය කරන්න ඕන. අඩුම ගානේ බෞද්ධ දර්මය ඉගෙන ගන්න.(ස)
එල්ලුම්ගහ ආවත් වැරදිකරයා බේරිලා නිවැරදිකාරයා එල්ලුම්ගහට යන එක වෙයි. එය නැවැත්විය නොහැකියි. (නි)
මම කලින්ප්‍රතිචාරයක් දැම්ම එක මේකේ නැත්තේ ඇයි (අ)
රන්ජනී, ඔය රටේ ඉන්නේ අවාසනාවටනම් තවත් ඔහේ ඉන්නේ නැතුව ලංකාවට එන්න. ඇවිත් අපි වගේ සිංහල තාලෙට ඔසරිය ඇඳගෙන කොණ්ඩේ බැඳගෙන ජීවත්වෙන්න. (අ)
රන්ජනී,ඔබ හිතන දන්නා සමාජ පරිසරයන්ට වඩා වෙනස් වටපිටාවක ඔවුන් ජීවත්වන්නේ. සමාජයේ විවිධ ස්තරයන් වල ජීවත්වීමේ රටාවන් ගැන ඔබලාගේ ඇති නොදැනුවත්කම මෙයින් පැහැදිලිවෙනවා. මත් ද්‍රව්‍ය, පාතාලය,දරිද්‍රතාවය,නුගත්කම,දුප්පත්කම,අපිරිසිදු,කුඩා ඉඩක අධික ජනගහනයක් ඇති,අනාරක්ෂිත තාවකාලික නිවාස වල ජීවත්වෙන, නොසලකා හැරීමට ලක්වුන,කලහකාරී වටපිටාවක ජීවත්වෙන විට මදාවියෙකුට එරෙහිව යන්නට,හඩ නගන්නට නොහැකිව පවුලේ සැමගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කැකුළු වන් ලාබාල වයසේදී ගැහැනු ලමුන් පමණක් නොව පිරිමි දරුවනුත් දිනකට කොතරම් පිරිසක් මදාවියන් අතින් අතවරයට පත් වෙනවා ඇද්ද? (නි)
රංජනී, ඔයා ලක්ඩන් වල ඉන්නේ අවාසනාවකට නම් ඒ අවාසනාව අතහැර ලංකාවට එන්නකෝ (නි)
රංජනී අක්ක, කොල්ලට කරන්න තිබුනේ ඕක නෙවෙයි පිහිය කෙල්ලගේ අම්මගේ අතට දීල " රුච්රාණනි අහන්න එකපාර මා මරන්න" කියල කියන්න! (ස)
ඉස්සර කලේ ආච්චිලා, සීයලත් බැඳලා තියෙන්නේ අඩු වයසෙන්, මෙතැන් තියන ප්‍රබලම සිදිය නම් මාතෘත්වය, අඩු වයසද? තම දරුවා බේරගන්න ඉදිරිපත් වීම සියලු මාතාවන්ට ආදර්ශයක් වේවා .විවෘත ආර්ටිකයේ ප්‍රතිපල තමා.(ස)
මටත් පෙනුනේ මෙතන ගොඩක් අයට ප්‍රශ්නේ අම්මගේ වයස. මේ පැත්තේ බොහෝ විෂමාචාර සිදුවන පැත්තක්. කුඩු කාරයෙක් වෙන්ට පුළුවන්. මේ දැරියගේ අනාගතය ගැන දැන් කවුද බලන්නේ? පරිවාසයට බාර ගැනීම හොදයි.(ස)
නලින් විතරයි මෙතන යමක් හිතල මතල අදහසක් දාල තියෙන්නේ. (ස)
මේ සිදුවීම කනගාටුදයකි.තරුණයාගේ ක්ෂණික කෝපය නිසාත් ,මේ කාන්තාව පොලිසීයට පැමිණිලි නොකිරීම නිසාත් ,ඇයට ජීවීතෙන් වන්දි ගෙවීමට සිදුවූවා නොවේද.?(ස)
රංජනී ඔයා ලන්ඩන් වලට වෙලා මොනවද කරන්නේ ?(නදී)
ඔන්න බලන්න ඔය වයස 14 ගැහැණු ළමයා අර 20 හැවිරිදි තරුණයා තව මාස 3 ක් යන්න කළින් බදින්නෙ නැත්ද කියලා. ඕක තමා මේ රටේ හැටි.(ස)
මෙතන ප්‍රතිචාර දාල තියන ගොඩකට වටිනාකම තියෙන්නේ අම්මගේ වයස මිසක් අවාසනාවන්ත සිදුවීම නොවේ. මියගිය අම්මා තමා කරගත්ත මෝඩකම හරි තමන්ට වුන වැරදීම හරි දුවට නොවෙන්න වැඩ කරලා තියෙන්නේ. මෝඩ අදහස් දාන අයට මොනවා කියන්නද? (නි)
රටේ අපරාද මානසිකත්වය නැති කරන ලෙස අපේ පුජ්‍ය පක්ෂයෙන් ඉල්ලා සිටිනවා. (නි)
ජනාධිපති තුමනි, දෙවියන්ගේ නාමෙට මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න. හැමෝම බනින්නේ ඔබ තුමාට. මුළු ලෝකෙත් එක්කම හැපිලා කොටි උවදුර නැති කරපු ඔබතුමාට මේක කරන්න බැරි මොකද කියන එක අපිටත් ප්‍රස්නයක්. අපේ බදු මුදල් වලින් මේ අයට කන්න දිදී තියාගෙන ඉන්න එක ඔබ තුමා අපිට කරන මහා අසාදාරනයක්.(නදී)
ඔය රංජනී කියන ගැණුකෙනා හිතන් ඉන්නවා ඇති එයා සුද්දියක් කියලා. ඒකයි ඔය විදිහට හිතෙන්නේ. මතකනේ එක දවසක් සල්ලි අහුලලා අයිතිකාරයට දුන්න කොන්දොස්තරට දාපු ප්‍රතාචාර.(නදී)
සමහර දේවල් නොදෙක්ක වගේ ඉන්න වෙනවා ජනාදිපති තුමාටත්. මොකද ජනාදිපති තුමාට කඩේ යන මැති ඇමති මන්ත්‍රී කෙනෙක් කරන වරදට දඬුවම් දෙන්න අපහසුයි එතුමාට. එහෙත් මෙය අප වැනි අහිංසකයනට සහ ඔබ තුමා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කල අපිට කරන අසාදාරනයක්. ජනාදිපති තුමනි මේවා ගැන පොඩ්ඩක් සිතා බලන්න. හදවතේ කකියන වේදනාවෙන් කියන්නේ.(නදී)
මේ මිනිහා ෂුවර් එකටම ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක් වෙන්න ඇති.(නදී)
ලංකාවේ නීති තිබුනට හරියට ක්‍රියාත්මක කරන්න බැහැ. දේශපාලකයෝ මැදිහත් උනාම නීතිය යට වෙනවා. වැරදි කරන්න මිනිස්සු බය නැත්තේ ඒ නිසයි. බාල වයසේ දරුවෝ රවටාගෙන වයස හරියන කල් සගවා ගන්නවා දේශපාලකයෝ මැදිහත් වෙලා. නඩුව තියෙනවා වයස හරියන කල්. ඊට පස්සේ විවාහ වෙලා සහතිකය ඉදිරිපත් කරන්න කියනවා. ඉගෙනීමත් ඉවරයි. ටික දවසකින් ඩිවෝස් නඩුවක් හෝ මරණයක් වුනු අසරණ උණු දරු පවුලක් වෙනවා. සිංහල මිනිසුන්ගේ අනාගතය ගැන හරිම දුකයි. සිංහලයා වද වීමේ ලකුණු.(නදී)
මවගේ වයස 31යි. දුවගේ වයස 14යි. එතකොට මව කසාද බැදලා තියෙන්නෙත් (17) බාල වයස් සීමාව තුලය. එනම් ඇයට ඇයගේ දුවගේ බාල වයස ප්‍රශ්ණයක් වන්නේ කෙසේද? (නදී)
ධර්ම ද්වීපයට ගිය කලක්. (ත)
දේශය පාළු කරන්නනි, මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරනු. හිර ගෙවල් වල මරණ දණ්ඩනය හිමිවී සිරබත් කන සියලු දෙනා මරාදමනු. අදිකරණ වල අසන මිනීමැරුම් නඩුවලට මුදල් යටකොට කල්මර මරා ඉන්නේ නැතිව වරදකරුවන්ට මරණ දණ්ඩනය නියමකොට මරාදමනු. නැතිනම් තවත් මිනීමරා ජිවත් වෙන්න ඉඩ නොතියනු. එසේ කර මෙය නවත්තුවේ නැතිනම් දේශය පාලුකරන්නට මෙලොවදීම මේවා ඵලදේවි.(නදී)
සියලුම ප්‍රතිචාර දක්වන අය පෙරේරා මහතාගේ ප්‍රතිචාරයට එකගවෙනවා හැර අලුත් ප්‍රතිචාර දක්වන්න එපා .පෙරේරා ඔබ හරි එයයි වියයුත්ත. (ත)
අම්ම ගැන හරිම දුකකි ඇත. ඔය වගේ පුද්ගලයකුට දුව නොලිබිම දුවගේ වාසනාවක් දුවත් අම්ම නැතිවුනේ මගේ අනාගතය ගැන නිසා එය හොදින් තේරුම් ගෙන ආයේ අයෙත් කිසිම පුද්ගලයකුට ජීවිතය බිලි බා ගන්න නොදී රටට හොඳ දුවක් වෙන්න (ත)
මේ වගේ අයට මතක හිටින දඩුවම් දෙන්න ඕනෑ. (නි)
පෙරේරා ඔබ හරි ක්‍රියාත්මක විය යුත්තේ එයම තමා.(නදී)
රන්ජනී ඔහෙලා අපේ රටේ වාසනාවකට ලන්ඩන් වලට වෙලා ඉන්නේ. ඔහෙම ඉන්න. මෙවැනි සහාසික දෙයක් දුව රැකගන්නට ගිය අම්මට සිදුවුණාම සැහැල්ලුවෙන් අවච්ඥාවෙන් "වයසේ වැරැද්ද" කියල අදහසක් පළකරන්නට හිතෙන ගැහැණු. ඔහොම මිනිස් ජීවිත ගැන අවතක්සේරුවෙන් හිතන දකින නිසා තමා අපරාධ වැඩි. මෙවැනි සිදුවීමකින් හිතට දුකක් කණගාටුවක් නොදැනෙන ඔහෙලා ගැන මට කියන්නට සිංහල වචන නැති නිසා නවතිමි.(නදී)
මට පෙනෙන්නෙත් අම්මට මේ ළමයා හම්බ වෙනකොට බාලවයස්කාර දැරිවියක්.(නදී)
ඔය වගේ වැඩ කරන අයට මරණ දඬුම දෙන්න ඕනා, දීල මදි ඒක ක්‍රියාත්මක කරන්න ඕනා.(නදී)
වයසේ වැරැද්ද. (ත)
මරණ දඬුවම අනිවාර්යෙන් දෙන්න ඕනේ අපරාධයක්.(නදී)
පලමුම මිය ගිය අම්මට නිවන් සුව පතමි. මේ වගේ වැඩ කරන්නේ දැන් කිසිම බියක් සැකක් නැතිව. ලංකාවේ නීතියේ සහ දඬුවම් වල තියෙන ලිහිල් කම නිසා. ලංකාවේ දිනකට කීයක් අහිංසක ජිවිත බිලිගන්නවද මේ වගේ නරුමයන්.(නදී)
වැඩේ නම් ඛේදජනකයි. එතකොට අම්මා බැදලා තියෙන්නේ වයස කීයෙන්ද?(නදී)
අනුෂා ඔබට නිවන් සුව. වරද කාගේද යන්න පැති 2ක් තියේ. දීග යන වයසේ මවක් 14 වියැති දියණියක්. සමාජ වට පිටාව මත සාදරනීකරණය කළ හැකි ප්‍රස්නයක්.(නදී)
ජනාධිපති තුමනි කරුණාකර ඉක්මනින් මරන දඩුවම නීතිගත කර ක්‍රියාත්මක කරන්න.(නදී)
කනගාටුදායක පුවතක්. මවට 31 දුවට 14 කියන්නෙ ඇය විවාහ වෙලා තියෙන්නෙත් අඩු වයසෙන්.(නදී)
රංජනී කියන්නේ දැන් මෙතන අම්ම වැරදි කියලද ? .අනික රංජනී ගින්නක් නැතිව නගින දුම තමයි මීදුම .දුක තමයි රංජනී (අ)
මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන්නේ එය ලැබිය යුතු දේශපාලුවොත් ඉන්න නිසාද කියලත් මට සැකයක් තියනවා.(නදී)
සල්ලි, විවාහ වගේ කීප දෙයක් ගැනම කියවෙන නිසා මේකට මුල්වුණ නියම සිද්ධිය කියන්න අමරුයි. කොහොම නමුත් අවසානයේ කාන්තාවකට ජීවිතයත්, දුවෙකුට අම්මත්, මිනිහෙකුට තමන් දුන්නා කියන සල්ලිත් තමන්ගේ ජීවිතයේ නිදහසත් අහිමිවෙලා තියෙනවා . හදිසි කෝපයෙන් වැඩ කිරීමේ විපාක තමා.(නදී)
ලංකාවේ මේ වගේ අපරාද දිනකට කීයක් වෙනවද? නමුත් පාලකයන් සහ පොලිසිය නිහඩයි. ඒ මදිවට ප්‍රතිචාර දාන අයගේ හිත් ගල් වෙලා. එයාලට අපරාදයට වඩා සලකන්නේ අපරාධයට බිලිවුණ අයගේ මේකප් එක හොද ද නරක ද කියලයි.(නදී)
මාටින් ඔබතුමා කියන්නේ මිනීමරුවා ස්ත්‍රි දූෂකයාට බාල අපරාද කාරයට වඩා හොදයි කියලද? මෙන්න බලපල්ලා අලුත්ම දර්ශනයක් පොත් අරන් ඇවිත් ලියාගනිල්ලා.(නදී)
කරුණාකර එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න. පෙරේරා මහත්තය කියන එකට අත් දෙකම උස්සල එකග වෙන්න. (නදී)
මරණ දඩුවම ක්‍රියාත්මක නොකරන්නේ ලොක්කන්ට කවදාහරි මරණ දඩුවම ලැබෙන නිසයි.(නදී)
හැමෝම කියන්නේ මෙයා 17 න් විවාහ උනා කියලද? මෙයා දෙදරු මවක් කියල තියෙන්නේ දැක්කේ නැද්ද? ...මේ ගැහැණු ළමය එයාගේ දෙවෙනියා ..වැඩිමහල් පිරිමි ළමයට 16 යි .(අ)
මෙතන මෝඩ විදියට අදහස් දාන්න එපා ...ඇයි මේ පේන්නේ නැද්ද කියල තියෙනවා ලක්ෂ තුනක කතාවක් ..මෙයා මිනිමරුවෙක් උනාට ස්ත්‍රී දුෂකයෙක් හෝ බාල අපරාධකාරයෙක් නෙවෙයි ....කියන්නා කෙසේ කිව්වත් අහන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය කියල කියමනක් තියෙනවා .(අ)
නිසල් හරි ඔයනලුව මිනි මරුමින් සහ ස්ත්‍රී දුසනයෙන් යන දෙකින් ම නිදහස් උනා තවනලුවෙක් කඩේයනවා මම මිනිහගේ වැඩසටහන් බලන්නේ නැහැ (අ)
දැන් කෙල්ලෙක් බැහැකිවවොත් මරනවා .අපේ කලේ අපි කිව්වේ "'ඔබදිවී අරණේ රුවන් විමානෙ මැණික් පහන් වැට දැල්වේ වා ''පතිකුලයට අද මටපිටුපායන මගේ සොදුරු ලදුනේ'' කියල රංජනී දන්නවද මට කෙල්ලෝ කීදෙනෙක් බැහැ කියල තියනවද කියල ? (අ)
මේ පුවතේ හැටියට මවට වයස 17 දී දියණිය ලැබී තියෙන්නේ. මව තමුන්ට වුනු දෙය දියණියට සිදු නොවීමට කටයුතු කර තිබෙනවා. ලංකාවේ සෑම ප්‍රදේශයකම වගේ අඩු වයස් විවාහ සිදුවෙනවා. පැහැදිලිවම 90% ම අසාර්ථක විවාහ බවට පත් වෙනවා. උපදින ළමයිනුත් අවාසනාවන්ත තත්ත්වයන්ට ගොදුරු වෙනවා. වයස 18 අඩු විවාහ නිතියානු කුල කරන රෙජිස්ටාර්ලා බුරුතු පිටින් ඉන්නවා. හේතුව නිතිය ශක්තිමත් නොවීම හා මුදලට තම ආත්මය පවා දීම. කෙසේ වෙතත් අඩු අදායම් හා මධ්‍යම අඩු අදායම් ලබන පවුල් වල සුලබව සිදුවන මේ ව්‍යසනය තුරන් කිරීමට නම් නිතියනුකුල ලියකියවිලි වල නිරවද්‍යතාව සහතික කිරීම, ලිංගික අධ්‍යාපනය මෙන්ම හැගීම් කළමනාකරණය පිලිබදව වයස 12 - 16 අතර ළමුන්ට නිසි දැනුමක් පාසල් පද්ධතිය තුලදී ලබාදීම වැදගත්. තවද දෙමාපියන් දරුවන් කෙරෙහි දක්වන සැලකිල්ල මේ සියල්ලටම වඩා වැදගත්.(නදී)
සරත්, ඔබට මොලේ කළදක්වත් තියෙනවනම්, මම දාන ප්‍රතිචාර බලනවානම්, මම සුද්දියක් කියල හිතාගන ඉන්නවා කියල ඔබ කියන්නේ නැහැ. බොහොම කණගාටුවෙමි.(නදී)
තිසල්, මගේ මව්බිම ලංකාව. අවාසනාවකට මේ රටේ හිටියට ලංකාවේ සිදුවෙන හැම දෙයකම හොද දේට හොදත් නරක දේට නරකත් මම කියනවා. අවරුදු 14 ක දුවට ඒ වගේ ඉල්ලීමක් කරන්න එන තැනට පත් වෙනතුරු අම්ම කොහෙද හිටියේ? ගින්නක් නැතුව දුමක් නගිනවද? (නදී)
ජීවිතේ අපිට සමහර තැන් වරදිනවා තමයි. සමහර විට මේ අම්මටත් එහෙම වෙන්න ඇති. ඒක නිසා තමයි 31 වෙනකොට 14 දුවෙක් ඉන්නේ. ඒ කොහොම උනත් තමන්ට උන වැරදීම තමන්ගේ දුවටත් වෙන එක වැලක් වන්න ඒ අම්ම ගත්ත උත්සාහය සාදාරනයි. ඒ වයසේ ළමුන්ට අර විදිහේ යෝජනා කරන මිනිස්සුන්ව ළමා අපයෝජකින් විදිහට දඩුවන් දෙන්න ඕනා.(නදී)
පහන්, මට තේරෙනවා මෙවැනි ම්ලේච්ඡ සිදුවීම් දුටුවම සංවේදී හදවත් ඇති ඔබලාට දැනෙන වේදනාව. මටත් එසේමය. මම ඔබලා කියන දෙයට එරෙහිව යනවා නොවෙයි. මම නිතරම කියනවා වගේ අපේ බොහෝ දෙනෙකුට නිතරම දුක හිතෙන්නේ අපරාධයට ලක් උන කෙනා ගැන නොවේ අපරාධයෙන් පසු දඩුවම් ලබන කෙනා ගැන. ඒ නිසා තමා අපි නිතර දකින්නේ උසාවි ඉදිරිපිට වැරදිකරුට ඇප ලැබුන දවසට මල් මාලා දාල පිළිගන්න දහස් ගණන් එකතු වෙන හැටි. ජයවේවා කියන හැටි. ඔවුන් ඡන්දය ඉල්ලුවොත් ඉහලින්ම දිනන්නේ. නළුවෙක් නම් රසිකයන් වැඩි වෙන්නේ. මේක අපේ කරුමය. එක්තරා නළුවෙක්/ගායකයෙක් වන අයෙකු නීතියෙන් ගලවුනදා ඔහු මගේ වැටහීම අනුව සැක කටයුතු බැවින් 1980 අග භාගයේ සිට තවමත් ඔහු සිටින සිනමා පට /ටෙලි නාටක/ගීත/වැඩ සටහන් වලින් 100% වැළකී සිටිමි. ඉතින් මම කියන්න හැදුවේ අපරාධකරුවන් හරියටම තොරා බේරා ගන්නට හැකි ලෙස ඉහත ආයතන සුද්ධකර ඉන්පසු හැබෑම වරදකරුට මෙලොවදී දියහැකි ඕනෑම දඩුවමකට මම එකගයි.(නදී)
අනිවාර්යෙන් කෙලින්ම බෙල්ල කපලම දන්නා ඕනා. ඔය වගේ අයව ස්ත්‍රී දුෂ්ස්කයන්ට වගේ.(නදී)
නිසල් මේ පෙනි පෙනි ඔප්පු වුනු මිනීමැරුම් වල පාපොච්චාරණ මිනීමරුවෝ ඇයි එල්ලන්නේ නැත්තේ. ඔය ආයුධ පෙන්නන්න ගෙනියනාවට වඩා ඌව ප්‍රසිද්ධ කරලා එල්ලුවනම් අපරාධ පාලනය කරන්න පුළුවන්.(නදී)
අම්මට 31 යි දුවට 14 යි .අම්මත් බාලවයසින් නේද කසාද බැඳලා තියෙන්නේ ?(නදී)
හැමදේටම හේතුව මත. මුලින් ඕක නැටි කරන්න ඕන. (ත)
මේ නරුමයන්ට ඉර හද පායනවනේ ලජ්ජා නැතිව. මේ ඉතිරි වෙච්ච දුවට මොන තරම් මානසික කම්පනයක් ඇතිද. කවදාවත් එකෙන් මිදින්ට පුළුවන් වෙයිද? වෙලාවකට ආගමත් බොරුයි කියල හිතෙනවා. නීතියෙන් දඩුවම් ඇතත් නැතත් මේ වගේ අයට ඊළඟ ආත්මේ දඩුවන් ලැබුනත් එකයි නැතත් එකයි.(නදී)
පෙරේරා/පහන්, මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට පෙර පොලිසිය සහ අදිකරණය පිරිසිදු කලයුතුය. එහෙම නැති උනොත් පගාව අරන් අහිංසකයෝ කී දෙනෙක් දන්ගෙඩියට යාවිද? මගේ ඇග හිරිවටෙනවා වෙන දේවල් දුටුවහම. මේ වෙනවිටත් අහිංසකයෝ කී දෙනෙක් මුදලට යටවුන පොලිසිය සහ අදිකරණය නිසා හිරකුඩුවල මුළු මිනිස් වරිගයටම ශාප කරමින් හිරබත් කමින් ජීවත්වෙනවද කියා වහා සොයාගත යුතුය.එසේ නොමැති වුනොත් එම ශාපය නිහඩව සිටින අපි සැමටම ලැබෙනු ඇති. නිකමට හිතන්න කිසිම වරදක් නොකර කාගේ හෝ මුදල් බලයක් නිසා ඔබට ජීවිතයම හිරබත් කන්නට සිදුවුනොත්, නිවැරදි බව අහන්නට පිළිගන්නට කිසිවෙක් නැති උනොත් අදුරු හිරකුටියක ඔබේ ජීවිතයම ගතවෙනවිට ඔබට ලැබෙන ගිනි කන්දරාව. කිසිවෙකුත් විශ්වාස නොකරන ඉහලම තැන් වලින් ඔබට මෙය සිදුවනවිට සිරගෙදර ගෙවෙන ජීවිතය.(නදී)