IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


ද්විත්ව පුරවැසිබව හිමි මැති ඇමතිවරුගැන පැෆරල් සංවිධානය සොයයි

(විනීතා එම් ගමගේ)

ද්විත්ව පුරවැසි භාවය ඇති මැති ඇමැතිවරුන් කවුදැයි දැයි දැන ගැනීම ස ඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 225 දෙනාගේම තොරතුරු එක් රැස් කරන බව පැෆරල් සංවිධානය සහ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා කි‍්‍රයාකාරිත්වය කියයි.
තොරතුරු දැන ගැනීමේ පනතේ වගන්ති මේ සඳහා යොදා ගන්නා බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාදීපයට පැවැසීය. 

එවැනි ජනතා නියෝජිතයන් සිටී නම් ඔවුන් පිළිබඳව ජනතාවට හෙළි කිරීම තම සංවිධානයේ අරමුණ බව ද හෙට්ටිආරච්චි මහතා කීය.  එසේ ද්විත්ව පුරවැසිභාවය ඇති කිසිවෙකු ප‍්‍රතිතිපත්ති සම්පාදනයේ නොසිටිය යුතු බව තම සංවිධානයේ අදහස යැයි ද හෙතෙම සඳහන් කළේය. 

රටවල් දෙක අතර ඇතිවන තීරණාත්මක අවස්ථාවකදී එවැනි අය මෙරට වෙනුවෙන් පෙනී සිටින්නේ ද නැද්ද යන්න ප‍්‍රශ්නයක් මතුවන්නේ යැයි කී හෙට්ටිආරච්චි මහතා ඔහු කවර රට වෙනුවෙන් පෙනී සිටින්නේද යන්න පැහැදිලි කර ගැනීමට නොහැකි බැවින් ද රට වෙනුවෙන් පෙනී සිටින්නේ ද නැද්ද යන්න පැහැදිලි නොමැති බැවින් ඔවුන් ප‍්‍රතිපත්ති සම්පාදනයට නුසුදුසු යැයි පැෆරල් සංවිධානයේ මතය යැයි ද පැවැසීය. 



අදහස් (22)

ද්විත්ව පුරවැසිබව හිමි මැති ඇමතිවරුගැන පැෆරල් සංවිධානය සොයයි

saman Monday, 08 May 2017 08:19 AM

මට හිතෙන්නේ නම් ඉතින් අනේ පව් කියලා...

:       23       9

Hafeel Monday, 08 May 2017 08:27 AM

මන්ත්‍රීවරු පමණක් නොවේ... අනිකුත් අංශ ගැනත් හොයලා බලන්න. අර්ජුන් මහේන්ද්‍රන් මහතා වගේ අය තවත් ඇති....

:       43       115

aravinda Monday, 08 May 2017 09:09 AM

ද්විත්ව පුරවැසිබව මන්ත්‍රීවරුන්ට දැරිය නොහැකි බැවින්, මා සිතන්නේ මෙය කළ යුතුව තිබෙන දෙයක්....

:       4       38

nanada Monday, 08 May 2017 09:27 AM

මම දන්නා මහ ඇමති කෙනෙක් ඉන්නවා නුවර ......

:       6       12

nishantha Monday, 08 May 2017 09:42 AM

රාජපක්ෂ මහත්තයා වගේ තවත් දේශප්‍රේමින් තව දකුණු පළාතේ ඉන්නවා...

:       52       277

saman Monday, 08 May 2017 09:54 AM

අනුන්ට කපපු වලේ තමන් වැටෙන්න වගේ යන්නේ...

:       2       33

Prase Monday, 08 May 2017 09:56 AM

සාමය ගොඩනැගිය හැක්කේ කාටද? ඒ සැබෑ වීරයා සහ දෙවියා නම් ජෙරුසලමේ ජේසුතුමන්මය...

:       505       66

indikaMonday, 08 May 2017 11:33 AM

මොලේ අවුල් ගතියක් තියෙනව වගේද?

:       2       79

මොහන්Monday, 08 May 2017 02:24 PM

දෙවියෝ සාමය ගේනවා නම් අනේ කරණාකරලා සිරියාවට සාමය ගේන්න කියලා ඔයාගේ දෙවියන්ට කියන්න,

:       0       59

සංජු Monday, 08 May 2017 10:50 AM

ද්විත්ව පුරවැසිබව මන්ත්‍රීවරුන්ට දැරිය නොහැකි නම් සරත් ෆොන්සේකා කොහොමද ජනාධීපතිවරණයට ඉල්ලුවේ. එතුමියත් ද්විත්ව පුරවැසිනෙ. මේකට කියන්නේ කබරගොයත් තලගොයා කරනවා වාගේ කියලා...

:       30       61

aravindaMonday, 08 May 2017 11:24 AM

මා සිතන හැටියට සරත් ෆොන්සේකා මහතා ඇමෙරිකානු "ග්‍රීන් කාඩ්" දරන්නෙක්. "ග්‍රීන් කාඩ්" යනු ඇමෙරිකාවේ පුරවැසි භාවය නොවේ. එමනිසා ඔහු තවමත් ලාංකිකයෙක්.

:       4       65

සංජුTuesday, 09 May 2017 05:00 AM

"ග්‍රීන් කාඩ්" නෙමෙයි මොකක් හම්බවුණත් ඇමරිකන් පාස්පෝර්ට් එක හම්බවෙන්නේ ඇමෙරිකන් සිටිසන් කියල මිසක් රෙසිඩන්ට් කියල නෙමෙයි. එතකොට එයා ද්විත්ව පුරවැසි තමයි. මම කියන්නේ බොරුනම් පොඩ්ඩක් හොයල බලන්න.

:       0       0

menna Monday, 08 May 2017 12:51 PM

ලංකාව මරු, ලංකාව වගේ නිදහස තියෙන රටක් කොහෙවත් නැහැ. ද්විත්ව පුරවැසි භාවය තියෙන අය දේශපාලනය කරන එක නතර කරලා දෙන්න. ඕක හරියන කතාවක් නෙමේ. ඒ ඒ රටවල පුරවැසි භාවය ලබාගන්න ගෙවන මුදල් හම්බ කරගන්නේ කොහෙන්ද? ලංකාවේ සාරය උරා බොන වැඩක්. දේශපාලනය කෙසේවෙතත් ද්විත්ව පුරවැසි භාවය නැතිකරලා දෙන්න. එක පුරවැසිකමක් හොඳටම ඇති.

:       2       1

Madhawa Lokusooriya Monday, 08 May 2017 01:18 PM

පිටරටක පුරවැසි භාවය හිමි වන්නේ එමරටට අවම වශයෙන් වසර 5 ක සේවයක් කල අපරාධ වැරදි නොමැති මනා චරිතයක් ඇති අයට පමණි. උදාහරණයක් ලෙස ඇමරිකාවේ පුරවැසි භාවය ලැබෙන්නේ නැහැ එක වරක් හෝ බීමත්ව රිය පදවා වැරදිකරු වූ අයෙකුට. එසේ සිටින කාලය තුල එම රටේ ආර්ථිකය, දේශපාලනය සහ ප්‍රතිපත්ති පිලිබඳ පුළුල් දැනුමක් ලබා ගැනීමට බුද්ධිය ඇති අයට මනා ලෙස වැටහේ. ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාවේ නාගරික සංවර්ධනය කළේ ඇමරිකාවේ නාගරික සංවර්ධනය පිලිබඳ ඇති අවබෝධයෙන් බව මට තේරුම් ගියේ ඇමරිකාවට ආ පසුවයි. ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඇති අයිතිය අහිමි කරමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළේ රාජපක්ෂ පවුලෙන් පලිගැනීමට මිස වෙනත් පැහැදිලි හේතුවකට නොවේ. ලංකාවේ ප්‍රතිපත්ති නිසි අයුරින් වෙනස් කිරීමට විදෙස් අත්දැකීම් ඇති බුද්ධිමතුන්ගේ දායකත්වය අහුරා දැමීම රටක් ලෙස ගත් වැරදි තීරණයක්...

:       1       38

aravindaMonday, 08 May 2017 02:52 PM

මා සිතන හැටියට ලංකාවේ දේශපාලනයට සම්බන්ධ අයට ද්විත්ව පුරවැසිභාවය හිමි නොවිය යුතුයි. මක්නිසාද යත්, ද්විත්ව පුරවැසිකුට ඔවුන් ආණ්ඩු පක්ෂයේ දේශපාලනය කරන අවස්ථාවක, ඔවුන්ගේ බලය යොදා වංචනිකව ධනය රැස්කර, පසුව ආණ්ඩුව පෙරළුන අවස්ථාවක ඉතා පහසුවෙන් රටින් පලා යා හැකියි. මෙවැනි සිදුවීම් වැළැක්වීමට ද්විත්ව පුරවැසියන්ට ලංකාවේ දේශපාලනය කිරීමට ඉඩ නොදිය යුතුයි.

:       1       77

RuwnThursday, 11 May 2017 04:32 AM

විජාතික බලවේගවලට වහල්වෙලා විජාතික පාලනයක බිහිවන්නේ නිවට මිනිසුන්මය. සිංහල ගම්මානවලට සුද්දන් විසින් කළ දේවල් වලින් රට බේරාගන්නට සිංහල නායකයෙක් රටකට අවශ්‍යයි.

:       0       0

Lapaya Monday, 08 May 2017 03:06 PM

අරවින්ද හරියට හරි. අනුවණයෝ වැඩි වුණ තරමට රට පාලනය කරන්න හරිම ලේසියි. ඒකයි යහපාලනේ ක්‍රමය...

:       15       6

saliya kumara Monday, 08 May 2017 10:17 PM

"ග්‍රීන් කාඩ්" හිමියන්ටත් ඕන වෙලාවක එම රටට එන්න පුළුවන් . එක නිසා "ග්‍රීන් කාඩ්" හරි ද්විත්ව පුරවැසිභාවය හිමියන්ට හරි දේශපාලනය කරන්න ඉඩදෙන්න හොද නැහැ

:       0       2

Ruwan Thursday, 11 May 2017 04:28 AM

පාර්ලිමේන්තුවේ සිටින බොහෝ දෙනෙකු නුසුදුසු අයවලුන්ය. අළුත් දේශපාලනයක්, සිංහල නීතියක් අපේ රටට අවශ්‍යයයි.

:       0       0

Kamani Friday, 12 May 2017 07:54 AM

වෙන්නප්පුවේ හිටපු එජාප ධිවර අමැති අභාවප්‍රාප්ත ෆෙස්ටස් පෙරේරාගේ පුත් නිරෝෂන් පෙරේරා ඇමෙරිකාවේ වසර 20කට වඩා පදිංචිව සිට එහි පුරවැසිභාවය ලබා ලංකාවට පැමිණ දැන් ඔහු එජාපයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.

:       0       0

Ranatunga parakaduwa Friday, 12 May 2017 07:58 AM

ජනතාව මුලා කරවා හම්බකරගෙන හසුවු විට පැනයාමට දොරටුවක් ද්විත්ව පුරවැසියන්ට නිතැතින් හිමිවේ. සාමාන්‍ය ජනතාව මෙයට විරුද්ධ විය යුතු බවයි මගේ අදහස...

:       0       0

Nalaka Friday, 12 May 2017 09:54 PM

පැෆරල් එකටත් මෝඩයෝ රිංගලා වගේ. ගීතාගේ තීන්දුවට මොකද උනේ. හරිනම් මන්ත්රීවරු වැඩිදෙනෙක් ගෙදර යවන්න ඕනේ. එක කරන්නේ කව්ද? පැෆරල් එකද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින් ප්‍රවර්ධනය කළ නිලධාරීන් 9ක් රාජකාරියෙන් ඉවතට
2024 සැප්තැම්බර් මස 19 633 0

දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරී කටය


ෆේස් බුක් තවම ඡන්ද වැඩ
2024 සැප්තැම්බර් මස 19 753 0

සමාජ මාධ්‍යයන්හි මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්‍රචාරක කටයුතු සිදුවන බව වාර්ත


නිල නොවන ඡන්ද ප්‍රථිපල නිකුත් කිරීමෙන් වළකින්න
2024 සැප්තැම්බර් මස 19 328 0

ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම පාර


ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කරයි
2024 සැප්තැම්බර් මස 19 812 0

ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 3.3 ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සඳහා චීන සංවර්ධන බැංකුව සමඟ එකඟතාවකට පැමිණ තිබේ.


ට්‍රැක්ටරයක ගැටී සිව්දරු මව මරුට
2024 සැප්තැම්බර් මස 19 224 0

ඇතුන්ගම,උලගල්ල මාර්ගයේ අටේ කණුව වංගුව ආසන්නයේදි ස්කුටර් වර්ගයේ යතුරු පැදියක ගමන්ගත් 62 හැවිරිදි කාන්තාවක් ට්‍රැක්ටරයක ගැටී අද (19) මියගිය බව තිරප්පනය ප


ජාතික ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි
2024 සැප්තැම්බර් මස 19 1761 0

ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 35 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 71 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site