IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


දෙවනගල ඉතිරි ටික රැකගන්න සිංහල රාවය එයි

සතර කෝරළයේ ගල්බඩ කෝරළයේ මැද පත්තුවට අයත් දෙවනගල රජමහ විහාරය සබරගමු පළාතේ කෑගල්ල දිස්තී‍්‍රක්කයේ අරණායක ප‍්‍රාදේශිය ලේකම් කෝට්ඨාසයට අයත් පුදබිමකි.

මාවනැල්ල නගරයේ සිට හෙම්මාතගම දක්වා දිවෙන මාර්ගයේ කිලෝ මීටර් 4 ක් පමණ ඔබ්බෙන් පිහිට් දෙවනගල අක්කර 72 ක් පුරා පැතිරුණු පුදබිමකි.

දෙසැම්බර් 23 වැනි දින පොලිසීය හා පොලිස් විශේෂ කාර්ය බලකායේ විශාල පිරිසක් එම ප‍්‍රදේශයේ උදෑසන සිට ආරක්ෂාව සඳහා යොදවා තිබුණේ සිංහල රාවය භික්ෂුන් හා එම සංවිධානයේ ගිහි පිරිස පැමිණෙන නිසාය. මෙම පුද බිම සතු පුරා විද්‍යා කාලාපය මැන පුද බිම රැක දෙන ලෙස එම සංවිධානය රජයට බල කරයි.

 2005 මැයි මස 20 වැනි දින ගැසැට් පත‍්‍රයේ පුරා විද්‍යා පෙරණ කාලාපයක් ලෙස නම් කර මෙම පුද බිම 2008 වසරේදීද මැනුම් කටයුතු කර පෙරණ කාලපය වෙන් කිරිමට පැමිණි පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට ඉඩ නොදුන්නේ  දේශපාලන අධිකාරිය විසින් වළක්වන ළදැයි  සිංහල රාවය කියයි.

දෙවනගල සුරකිමේ සංවිධානයේ සභාපති බුද්ධික ඩයස් මහතා කියා සිටියේ මෙම මැනුම් කටයුතු නොකළ නිසා ප‍්‍රශ්නයක් ලෙස දුර දිග ඇදී ගොස් දෙවනගල ඉඩම් නිරවුල් කිරිමේ ප‍්‍රතිඵලයක් ලෙස පුරා විද්‍යා කොමසාරිස් සමග සාකච්ජාවක් සිංහල රාවය භික්ෂුන් පැවැත්විය.

පෙරණ කාලාපය නිරවුල් කිරිමට ගල කියන කොටස ගැසැට් කළ යුතු බවත් මාසයක් ඇතුලත ඔහු ඒ සඳහා වැඩපිළිවෙලක් සකසන බව ද කියු බවත් ඩයස් මහතා  පවසයි.

1876 ලංකා මැනුමට අනුව මෙම දෙවනගල පූජා භූමියට අක්කර 72 කි. එය දෙවනගල ගල් පර්වතයේ සිට රුවන්දෙනිය ගම දක්වා විහිදේ.මෙයින් බොහෝමයක් අක‍්‍රමණ වලට ලක් වි ඇතැයි ද ඔහු කියයි.

දෙවනලගල සෙල් ලිපි වලට ඇසිඩ් වත් කළ  ඇති අකාරයක් ද  මෙහි බොහෝ පුරා වස්තු සොරකම් කර ඇති බවටද ගල කඩා නිවාස ඉදි කර ඇති බවද ඔහු කියයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිංහල රාවය සභාපති අක්මීමන දයාරතන,දෙවනගල රජමහ විහාරය ලංකා ඉතිහාසයේ වැදගත් ස්ථානයක් බවත් වරක් දන්ත ධාතුන් වහන්සේ පවා මෙම ස්ථානයේ ආරක්ෂා කැළ බවත් හිමියෝ කියති.

 



අදහස් (0)

දෙවනගල ඉතිරි ටික රැකගන්න සිංහල රාවය එයි

ඒ.ඩී.විල්සන් Tuesday, 24 December 2013 02:24 PM

මරික්කාර්ගේ කතාව සහතික ඇත්ත.(නදී)

:       0       0

අපොන්සු Tuesday, 24 December 2013 02:29 PM

පේනවනේ මුහුණු වල හැටි. (නදී)

:       0       0

මරික්කාර් Tuesday, 24 December 2013 02:32 PM

නුවන්, කාන්ත සහෝදරවරුනි ඔබලාගේ අදහස මම අගය කරමි. පුරා වස්තු ආරක්ෂා කිරීම සම්බන්ද කිසිම ගැටළුවක් මටත් නැත. මෙම මහපොළවේ ඕනෙම තැනක ජීවත්වීමේ අයිතිය ඔනෙ කෙනෙකුට නිත්‍යානුකුලව ලබාගැනීමට පුළුවන. එය යම්කිසි ආකාරයකින් නැතිකරනවා නම් එය අසාදාරනයක්. කවදත් අපි ප්‍රමුකත්වය දිය යුත්තේ මානව අවශ්‍යතාවන්ටය. ආගම නාමයෙන් වෛරය සහ ක්‍රෝදය වපුරා ගැනීම තරම් තිරිසන් ක්‍රියාවක් නැත. (නදී)

:       0       0

මොහාන් දමාම් Tuesday, 24 December 2013 02:47 PM

නිධාන තියෙන තැන හරියටම හොයාගත්තාද ? (නදී)

:       0       0

අචිනි Tuesday, 24 December 2013 02:53 PM

ලංකාවේ තියන ප්‍රදානම ප්‍රශ්නය මේකද හාමුදුරුවනේ ? ඔබ වහන්සේලා එලියට බහිනවා නම් කුඩු කන්ටේනර් කාරයන්ට එරෙහිව මොනවා හරි කරන්නකෝ.(නදී)

:       0       0

අසංග Tuesday, 24 December 2013 02:55 PM

නුවන්, ඔයා අරි මරික්කාර් වගේ අය මේ කිසිම දෙයක් නොදන්නා අය වගේ කතා කරන්නේ. අපේ අය දැන්වත් මේ දේවල් වෙනුවෙන් ඉදිරිපත් වී සියලුම දේවල් රැක ගත යුතුයි.(නදී)

:       0       0

රිස්වාන් Tuesday, 24 December 2013 02:56 PM

මේවා අපේ පරම් පරා ඉඩම්. කාටවත් ඉතිහාසය වෙනස් කරන්න බැහැ.(නදී)

:       0       0

ලක්සමන් Thursday, 26 December 2013 06:35 AM

මෙ පුවත අපි දැන ගත් මොහොතේ සිට ගොඩාක් කණගාටු වුනා අපේ උරුමය රකින්නේ නැත්තේ ඇයි කියලා. (නදී)

:       0       0

මරික්කාර් Tuesday, 24 December 2013 03:21 PM

තනිවයි උපන්නේ තනිවයි මැරෙන්නේ මේ ඩිංගෙදී ඇයි කෝලම් නටන්නේ. දිළින්දා රජින්දා උපන්සේ නැසෙන්නේ ඔවුන්ගේ නාමය මේ ලොවෙහි රැදෙන්නේ උසස් කම් පහත්කම් සොයලා බැලීමෙන් වැඩක් නෑ පලක් නෑ. ඊර්ෂ්‍යා කිරීමෙන් හෙට හෝ අනිද්දා සියල්ලන් වියෝවී නවාතැන් පොලෙන් මේ පිටත් වන්න වේවි.(නදී) රාග කෝධ මොහේ මනේ වේලිලා බැදීලා සාපයක්ම වාසේවේවි පාපේ ගැලීලා මලද නිදන්නේ එකටය් කනත්තේ කුල මල ජතිබේදේ එදා නෑ නැගෙන්නේ කුමටද කාබී නිති සැරසෙන්නේ කොතනද මේ කය අරගෙන යන්නේ

:       0       0

අසංග Wednesday, 25 December 2013 11:00 AM

රිස්වාන්, ඔයාගේ පරම්පරාව කොහෙද ඉන්නේ? (නදී)

:       0       0

තීක්ෂණ Tuesday, 24 December 2013 03:32 PM

මම ඇහැටම දැක්ක මේ හාමුදුරු වරුන්ගේ ආර්ථික අපහසුකම් .එක තරුණ හිමිනමක් රුපියල් පනහක් තවත් හිමිනමකගෙන් ඉල්ලා ගෙන තමයි බස් එකේ යන්න සල්ලි හදා ගත්තේ. කැපකිරීම් අනන්තයි .මම හාමුදුරුවන්ගෙන් ඇහුව රුපියල් පනහ මොකටද ඉල්ලගත්තේ කියල එතකොටයි මම දැනගත්තේ (සත්‍ය සිදුවීමක් කරුණාකර පලකරන්න ).(නදී)

:       0       0

රිස්වාන් ඩුබායි Tuesday, 24 December 2013 03:35 PM

ධම්ම ඔබ හරි..මම එකගයි.(නදී)

:       0       0

සේනාරත්න Friday, 03 January 2014 11:07 PM

බොදු පුද බිම් බොදු ජනයාගේ ප්‍රයෝජනය සඳහා වෙන් කර දීම ගැන කව්රුත් කලබල විය යුතු නැත. ක්‍රි. ව. 2032 දී ලංකාවේ මුස්ලිම් ජතාවගේ අනුපාතය සියයට 53 දක්වා ඉහල නගින බව දැනට ගණන් බල ඇති ඇතැම් සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.(නදී)

:       0       0

විජේසිංහ Tuesday, 24 December 2013 03:44 PM

මරික්කාර්, ඔබ හරි සෑම පන්සලක්ම ඉදිරියේ සත්‍යග්‍රහ කරන්න සිද්දවෙවී. වැඩි හරියක්ම පන්සල් ඉඩම් අල්ලන් ඉන්නේ අපේ අයයි.(නදී)

:       0       0

සකුන්තා Tuesday, 24 December 2013 04:43 PM

පමාවෙලා හරි පුදබිම් රැකගන්න හදන එක ගැව ගොඩක් සතුටුයි. කව්රු උනත් කැලෑ සහ පුදබිම් අල්ලන එක නීති විරෝදියි. සේරුවිල මුහුදු විහාරයත් මේ වගේ නිදහස් කරන්න . එතනත් මේකමයි වෙලා තියෙන්නේ. ගියාම දුකයි. බුදුන් වැඩි රටේ බෞද්ධයෝ ඉන්න හැටි දැක්කම. (නදී)

:       0       0

කමල් Tuesday, 24 December 2013 05:54 PM

හරිම කණගාටුයි මේ ගැන. ඊට වඩා කණගාටු සෙල් ලිපි වලට ඇසිඩ් දාලා විනාශ කරලා තිබීම.(නදී)

:       0       0

කුසල් Wednesday, 25 December 2013 01:38 PM

අපේ සමගිය නැති කරන්න ඇවිත්. දැන්ද පෙනුනේ දෙවනගල? (නදී)

:       0       0

සඳරුවන් ලන්ඩන් Tuesday, 24 December 2013 06:03 PM

මේක ඉතාමත්ම හොඳ වැදගත් වැඩක්. පමා වෙලා හරි ඉදිරිපත් වීම ගැන සිංහල රාවයට ස්තුතියි. එත් ගැටුම් ඇතිකරගන්නේ නැතිව සියලු පාර්ශවයන් සමග සාකච්ඡා කර සුදුසු පියවරක් ගන්න. නිලධාරීන්ට සහ දේශපාලුවන්ට නිවැරදි දේ කරන්න උපදෙස් දෙන්න. පුජා භුමියේ අනවසරයෙන් ඉන්නවා නම් ඒ අය ඉවත්කර වෙනත් තැනකින් ජිවත් වෙන්න ඉඩම් කැල්ලක් දෙන්න. බෞද්ධ උරුමය විනාශ වෙන්න දිය යුතු නැහැ කවුරු උඩු බිරුවත්.(නදී)

:       0       0

සුගත් Tuesday, 24 December 2013 06:13 PM

මෝරලා, බොහෝ විට වෙන්නේ ඉඩම් බලෙන් අල්ල ගන්නවා. ඊට පස්සේ කොහොම හරි ඇමතියෙක් අල්ල ගෙන ඕවට ඔප්පු හදා ගන්නවා.(නදී)

:       0       0

ලාල් ජකර්තා Tuesday, 24 December 2013 07:08 PM

මහා සංඝරත්නය ඉදිරිපත්වෙලා සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් රැකගන්න ක්‍රියාකිරීම ගැන අපගේ ගෞරවය. එඞිතරව ක්‍රියා කරන්න ඔබ වහන්සේලාට ශක්තිය හා ධෛර්ය ලැබේවා! (නදී)

:       0       0

නිමල් ලලිතා Tuesday, 24 December 2013 07:49 PM

මරික්කාර්ට පිළිතුරු ලැබිල තිබුනා. මටත් කලණ වගේම අහන්න තියෙන්නේ හෙළ උරුමය මොකද කරන්නේ කියන එක විතරයි.(නදී)

:       0       0

අසාම් Tuesday, 24 December 2013 11:14 AM

මෙම ප්‍රශ්නයට නීතිමය ක්‍රියා මාර්ගයක් ගැනීම වඩාත් සුදුසුයි. (ස)

:       0       0

කුමාරි Tuesday, 24 December 2013 11:14 AM

ඇති වෙන හැම දේම නැති වෙන සුළු බව බුදු දහමයි.ඕවා ආරක්ෂා කරනවා වගේම අපේ හාමුදුරුවනේ ධර්මයත් ආරක්ෂා කරන්න. (ස)

:       0       0

කපිල- කෑගල්ල Wednesday, 25 December 2013 06:21 PM

ගොඩාක් දෙමළ පත්තර වල මේ ගැන ගොඩාක් දේවල් ලියලා තිබුණා. නමුත් සිංහල කිසිම පුවත් පතක මෙ ගැන කිසිම අවධානයක් නම් යොමු කරලා තිබුණේ නැහැ. ලාංකීක ජනතාවට මෙ ගැන තියෙන්නේ අඩු වැටහිමක්. ඒ නිසා මේ පිළිබඳ විස්තර ලංකාදීප පුවත් පත අපිට ලබා දෙන්න. මේක සඳහා ගැටුමක් රණ්ඩුවක් වෙනකම් බලා ඉන්න එපා. මොකද එතකොට හැමෝම මේ ගැන ලියනවා හැමදාම දෙයක් වෙන්න කලින් ඉදිරිපත් කරපාපුවාහම තමයි හැමෝම අවධානයක් යොමු කරලා මේවා කොහොම හරි විසඳන්න හරි නොවිසඳා හරි දේ තීරණය කරන්නේ.(නදී)

:       0       0

ඩේවිඩ් වූඩ් Tuesday, 24 December 2013 11:31 AM

ඔබ වහන්සේලාට යෝධ බල යෝධ වීරිය ලැබේවා. පුද බිම් බේරා ගැනීමට දරන උත්සාහයට.(නදී).

:       0       0

මෝරලා Tuesday, 24 December 2013 11:32 AM

ඕක ආක්‍රමණයකින් ඉඩම් අල්ලා ගත්තා නම් ඒ අයට ඔප්පු නැතුව ඇති නේද බුද්දික ඩයස් මහත්තයෝ. ඕකට නීති ආදාර ලබාගන්ඩ නැතුව සමගිය නැතිකරන්ඩ එක එක සංවිදානවල පස්සේ යන්ට එපා. පළාතේ සමගිය රකින විදිහට වැඩ කරන්ඩ.(නදී)

:       0       0

රුවන් Wednesday, 25 December 2013 06:25 PM

කෑගල්ලේ ලංකාදීප ප්‍රවෘත්තයක් පිළිවළට දැක්කාමයි.. ජයවේවා අපේ සමන් මහත්තයෝ ... (අ)

:       0       0

මරික්කාර් Tuesday, 24 December 2013 11:47 AM

මේවා බලහත්කාරයෙන් හෝ අයුක්ති ලෙස අල්ලාගත් ඉඩම් කියා පැවසීම අසාදරනයි. මොවුන් කෙසේ හෝ මෙම ඉඩම් මිලදී අරගෙන ඇත්තේ සිංහල මිනිස්සුන්ගෙන් විය හැක. අද මෙම ප්‍රදේශයේ අවට සිංහල මිනිස්සු පදිංචිවී සිටියා නම් මෙම පූජ්‍ය පක්ෂය මෙවෙනි මෙහෙයුමකට ඉදිරිපත්වෙන්නේ නැත. අද බොහෝ පන්සල්වල ඉඩකඩම් අයුක්ති ලෙස ආක්‍රමණය කරමින් බුක්ති විදින පිරිස ගැන සොයා බැලුවොත් සෑම පන්සලක්ම ඉදිරියේ සත්‍යග්‍රහ කරන්න සිද්දවෙවී. මෙම ප්‍රාදේශයේ පුරා විද්‍යා දෙපාර්තුමේන්තුවට පවරාගැනීමට පෙර වර්තමාන ඉඩම් හිමියන්ට සුදුසු ඉඩකඩ පහසුකම් ලබාදීමට ආණ්ඩුව කටයුතු කල යුතුයි.(නදී)

:       0       0

අ.බණ්ඩාර Tuesday, 24 December 2013 11:52 AM

මෙම පූජනීය බිම ආරක්ෂා කර ගැනීමට මහා සංඝරත්නය මැදිහත් විය යුතුව තිබුනේ මීට කලකට පෙරය. එසේම ඉඩම් අනිසි ලෙස අල්ලා ගෙන සිටින පුද්ගලයන්ව වහා ඉවත් කල යුතුයි.(නදී)

:       0       0

සජිත් Tuesday, 24 December 2013 11:56 AM

අන්න පටන් ගත්තා මේ රටේ මිනිස්සු ජීවත්වනවාට වඩා පුද බූමි තියන් ඉන්න තමයි ආශා කරන්නේ.(නදී)

:       0       0

සපුමල් Wednesday, 25 December 2013 08:08 PM

සිංහල රාවයේ ස්වාමීන් වහන්සේලාට මේ ගැන සොයා බල කටයුතු කිරීම ගැන අපි සතුටු වෙනවා.(දිල්)

:       0       0

ගාමිණී - සිරි Tuesday, 24 December 2013 12:29 PM

උඩුව....උඩුව ...උඩුවේරිය..යටන්තලේ . රුකුල..පොල්වත්ත ..මැදගල .. දෙවනගලේ... මෙයින් කියවෙන්නේ පුරාණයේ රජවරුන් විසින් ,සොර , සතුරන්ගෙන් වටිනා තම ධනය , හා පුජනිය වස්තුන් ආරක්ෂා කර ගැනීමට නිධන් කර ඇති බව කියන සතර කෝරලේ ගම් කීපයක් අතරින් දෙවනගල පුජනිය ස්ථානයද ප්‍රමිඛ ස්ථානයක් ගන්නා බවයි. (නදී)

:       0       0

මහින්ද වික්‍රමරත්න කැලිෆෝර්නිය Tuesday, 24 December 2013 12:34 PM

දෙවනගල සංරක්ෂණ කට යුතු පමාවෙලා හරි කරනඑක හොඳයි. ඒත් මෙහි තිබුන පුරා වස්තු විනාශ වුන දවස්වල ඒවා ගැන හොයන්න කිසි කෙනෙක් හිටියේ නැහැ. දැන් තියෙන්නේ ගල විතරයි.(නදී)

:       0       0

හේමාවතගමගේ Tuesday, 24 December 2013 10:45 PM

පෙර මහ රජුන් අබිමන් රැකි සවිය බල මහ යති වරුන් සිටි මොක් මග එළිය කළ මිහි මව සොබා අරුමය සිරි තිලිණ කළ දැක ගනු මිතුර උරුමය දෙවන ගල ගිරා සංදේශය (අ)

:       0       0

රොෂාන් Tuesday, 24 December 2013 12:40 PM

සිංහල ජාතියත් බුද්ධ ශාසනයත් රැක ගැනීමට ඔබ වන්සේලාට තව තවත් ශක්තිය ලැබේවා.(නදී)

:       0       0

සරත් Tuesday, 24 December 2013 12:42 PM

ආගමික පුද බිම් මිට වැඩිය උනන්දුවෙන් සංරක්ෂණය කරන්න ඕනා.(නදී)

:       0       0

දිනේෂ් Tuesday, 24 December 2013 12:43 PM

සජිත්, මිනිස්සු ජීවත් වෙන්න ඕනා. අපේ ආගම ජාතියත් අපි රැකගන්න ඕනේ.(නදී)

:       0       0

නුවන් Tuesday, 24 December 2013 01:03 PM

මරික්කාර්, පොඩි බබෙක් වගේ කතා කරන්න එපා. මුළු ලංකාවේ කොහේ හාරලා බැලුවත් මතු වෙන්නේ සිංහල බෞද්ධ වෙහෙර විහාර වල නටඹුන්. දෙමල ත්‍රස්තවාදියෝ සමග එකතු වු පිරිස් මේවා විනාශ කරන්න කටුයුතු කලා. දැම්ම මේවට නිසි පියවර අරගෙන මේවා ආරක්ෂා කරන්න ඕනා.(නදී)

:       0       0

චන්න Tuesday, 24 December 2013 01:04 PM

මේවා මිලදී ගත ඉඩම් නොව අනවසරයෙන් අල්ල ගත්ත ඉඩම්.(නදී)

:       0       0

ශානුක ප්‍රියන්ත Tuesday, 24 December 2013 01:07 PM

මෙවන් පුරාණ ඉතිහාසයක් සහිත පුජා භුමි ආරක්ෂා කිරීමට අපගේ සගරුවනට ශක්තිය හා ධෛර්‍ය ලැබේවා. මොවුන් පුජා භුමි විතරක් නෙවෙයි දැන් හැමතැනම ආක්‍රමණය කරන්න පටන් අරන්.(නදී)

:       0       0

සරත් ලන්ඩන් Wednesday, 25 December 2013 02:52 AM

කුරගල, දෙවනගල, මුහුදු මහා විහාරය, දීඝවාපිය ඇතුළු මේ සම තැනකම වැඩ අවුල් කරන්නේ ඒ පළාත් වල දේශපාලුවන්. මේ අය ඡන්ද වලට බෞද්ධ උරුමය පාවා දෙනවා. සිංහල රාවයට ජාතියේම ප්‍රණාමය හිමිවිය යුතුයි. අක්මීමන දයාරත්න නායක හිමිටත්, මඩිල්ලේ පඤ්ඤාලෝක හිමිටත් එංගලන්තයේ අපගේ ප්‍රණාමය. සාමකාමිව, ඉවසිලිමත්ව, සහයෝගයෙන් කටයුතු කරන්න. කාටවත් විවේචනය කරන්න ඉඩක් තියන්න එපා. සිංහල ජාතියත්, සම්බුද්ධ සාසනයත් රැකගැනීමට ශක්තිය ධෛර්යය ලැබේව. (අ)

:       0       0

අ.බණ්ඩාර Tuesday, 24 December 2013 01:21 PM

මම දන්නා තරමට මෙම ඉඩම් බදු ඔප්පුවකින් තමයි මුලින් දීලා තියෙන්නේ. දැන් නම් මොවුන් හොර ඔප්පු හදාගෙන ඇති. මෙහි අනිසි ලෙස පදිංචිව ඇති සියල්ලන්වම ඉවත් කර ඔවුන්ගෙන් විහාර සංවර්ධනයට බදු මුදලක් ලබාගෙන ඉඩම් වල අයිතිය දෙවනගල රජමහා විහාරය සතුවීම මෙයට සුදුසුම විසදුමයි.(නදී)

:       0       0

ධම්ම Tuesday, 24 December 2013 01:47 PM

මාවනැල්ල හෙම්මාතගම පාරත් දෙවනගල ගලත් අතර පාර අයිනේ කාලාන්තරයක් තිස්සේ මුස්ලිම් ජනයා පදිංචිව සිටියා කිසිදු අතුරු ආන්තරාවක් නොමැතිව. ඔවුන් කිසි දිනෙක දෙවනගල ගලට හානියක් සිදුකලේ නැහැ. අතීතයේ මෙහි සිටි වැදගත් මුස්ලිම් වැඩිහිටියන් දැන සිටියා මෙහි නියම ඉඩම් හිමිකරු කවුදැයි යන්න. නමුත් දැන් එහි යන එන කෙනෙකුට දැකිය හැකියි ඔවුන් ගල කඩමින් තම ඉඩම පුළුල් කර ගැනීමට කටයුතු කරන වග. දෙවනගල ගල වටේම සිංහල මුස්ලිම් බේදයක් නොමැතිව මේ වැරදි ක්‍රියාව කරගෙන යනවා. (නදී)

:       0       0

විජය Wednesday, 25 December 2013 07:00 AM

මෙ ගැන ලංකාදීප පුවත්පත යොමු විම ඉතාම හොඳයි. මොකද හැමදාම දේශපාලන පුවත් සිරස්තලම ඉස්සරහට එන කාලයක මෙවන් වටිනා දෙයක් ගැන අවදානයට ලක් විම වැදගත්. ඒ වාගේම ජාතික ප‍්‍රශ්නයක් කාගෙත් අවධානයට ලක් කිරිමට ඉක්මන් තීරණ වලට දේශපාලඥයින් යොමු කිරිමට මෙම පුවත ඉතාම වැදගත්.(නදී)

:       0       0

ගම්පොළ Wednesday, 25 December 2013 07:15 AM

ලංකාදීප පුවත් පතට සමන් විජය මාධ්‍යවේදියා එක් විම ඉතාම වැදගත්. අනාගතයේදි අපිට මෙයාගෙන් ගොඩාක් දේවල් දකින්න පුළුවන් වෙයි. ඔහු හොඳ ජායාරූප ශිල්පයෙක් නිසා. (නදී)

:       0       0

කාන්ත​ Tuesday, 24 December 2013 01:59 PM

මරික්කාර් කාගෙන් සල්ලි දීල ගත්තත් පුරා විද්‍යා වටිනාකමක් තියන ඉඩම් අයිති රජයට.(නදී)

:       0       0

අජන්ත Wednesday, 25 December 2013 10:15 PM

අපේදේ රැක ගන්න එක අපේ වැඩක් (දී)

:       0       0

කලණ Tuesday, 24 December 2013 02:00 PM

මොකද හෙළ උරුමය කරන්නේ?(නදී)

:       0       0

අජන්ත Wednesday, 25 December 2013 10:15 PM

ලංකාවට ගිය කලක් (දී)

:       0       0

දෙහිවල සුනිල් Wednesday, 25 December 2013 08:24 AM

මෙවන් පුද බිම් තුළ පවතින තත්වය හරියාකාරයෙන් නොවිමසා කටයුතු කිරිම මගින් අනාගතයේ දී ජනතාව අතර විවිධ ප‍්‍රශ්නකාරි තත්වයන් ගොඩ නැගෙනවා. මෙ පිළිබඳව ප‍්‍රදේශයේ දේශපාලන අධිකාරිය මැදිහත් විය යුතුයි. නැතිනම් වෙන්නේ ලොකු විනාශයක්. දෙවනගල පුද බිම වටිනා වස්තුවක් එය කෙසේ හෝ රකින්න ඕනෑ. ඔය කියන විදියේ දේවල් මේකට වෙලා තියනවා නම් බොහෝම කණගාටුයි.(නදී)

:       0       0

චාමික Wednesday, 25 December 2013 08:26 AM

දේශපාලනඥයන් අල්ලාගෙන ඉන්න ඉඩම් ටිකත් නිදහස් කරලා දෙන්න අපේ හාමුදුරුවනේ පුලුවන්නම්. මෙම ලිපිය ව්‍යකරණ හා භාෂා භාවිතය බොහෝ දුරට නිවැරදිව ඇති සටහනක්. සමන් විජය, භාෂාව රුක ගැනීමේ මාධ්‍ය සතු යුතුකම හොදින් ඉටුකරන්න ඔබට හැකි වේ යයි සිතමි. (නදී)

:       0       0

ගනේගා Thursday, 26 December 2013 12:08 AM

සබරගමුවටම තියන සම්පතක් මේක. රකින්න හැමෝම පෙරට එන්න ඔනෑ.. අතාවුද මහත්තයෝ මාවනැල්ලේ සංවිධායක වුන දවසේ ඉදලා කිසිම දෙයක් හරියට කලේ නැහැනේ. මෙ වාගේ දේවල් වලටත් හරි තිරණ නොගැනිම හේතුවෙන් කවදා හරි දුක් විදින්න වෙයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 333 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 443 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 92 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 637 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 162 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 917 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14554 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 138 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site