IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


දෙවියන්ට පොල් තියා වනාතවිල්ලුවේ වනයත් වනසති

(සටහන සහ ඡායාරූප - පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ)

වනාතවිල්ලුව, එළුවන්කුලම, කුරටියාමොහොට්ටේ  ප්‍රදේශයේ පිහිටි දැවැන්ත වනාන්තර පද්ධතියක අක්කර 100කට ආසන්න ප්‍රමාණයක් ප්‍රාදේශීය දේශපාලඥයෙකුගේ ආධාර අනුබල ඇතිව වනසා ඇතිබව ‘වයඹ හඬ‘ පරිසර සංවිධානයේ සංවිධායක අජීත් ගිහාන් මහතා පවසයි.             

මාස ගණනාවක සිට යාන්ත්‍රික කියත් උපයෝගි කරගනිමින් මෙම දැවැන්ත වන සංහාරය සිදුකර ඇති බව කියයි.
දෙවියන්ට පොල් ඉහළ රඳවමින් දෙවියන්ගේ ආරක්ෂාව අයදිමින් වන සංහාරකයින් මෙම වනාන්තරය වනසා ඇති බව දැකගත හැකි විණි.

යාන්ත්‍රික කියත් උපයෝගි කර ගනිමින් වසර 200කට වැඩි දැවන්ත පළු ගස් කපා රහසේ රැගෙන ගොස් ඇති බවත්, ඒ සමගම මෙම වනාන්තර පද්ධතියේ තිබූ වීර, බුරුත, ඇතුළු වසර සිය ගණනක ගස්ද දැව ජාවාරමට යොදා ගැනීමෙන් වනාන්තරය සියලුම ගස් යාන්ත්‍රික කියත් උපයෝගි කර ගනිමින් බිම හෙළා ඉන්පසුව මෙම දැවැන්ත පරිසරය ගිනි තබා තිබේ .

පරිසරවේදීන් පවසන්නේ මෙම දැවැන්ත වන සංහාරය පිටුපස වනාතවිල්ලුවේ ප්‍රබල ප්‍රාදේශීය දේශපාලඥයකු සිටින බවත් ඔහුට තවත් රාජ්‍ය නිලධාරින් කිහිප දෙනෙකුගේද ආධාර අනුබල ලැබී ඇති බවයි.

මෙම  වනාන්තරය විල්පත්තුව ජාතික වන උද්‍යානයට කිලෝ මිටර කිහිපයක් නුදුරින් පිහිටා තිබෙන බවත්, විල්පත්තුවේ සැරිසරන අලි ඇතුන් හා අනිකුත් වන සතුන් මෙම පරිසර පද්ධතිය තුළ සැරිසැරීම නිරන්තරයෙන් සිදුවන බවත්, මේ විනාශයන් සමග වනසතුන් තවත් ගම්මාන වෙත කඩා වැදිම සිදුවීම නොවැළැක්විය හැකි බවත්  පරිසරවේදීහු චෝදනා එල්ල කරති.

එසේම පරිසරවේදීන් පවසන්නේ දැනට වාර්තා වන අන්දමට මෙම වනාන්තරය වනසා දමා පසුව පිට පළාත් වල ධනවතුන්ට මෙම ඉඩම් රහසේ විකිණීම සඳහා ජාවාරමක්ද ක්‍රියාත්මක වන බවයි.

එමනිසා අදාල වගකිව යුතු පාර්ශව මේ පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට පරිසරවේදීහු බලකර සිටිති.

මේ පිළිබඳව වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් චතුරක ජයසිංහ මහතාගෙන් කළ විමසිමේදී පවසා සිටියේ තමන්ටද මේ වනවිට මෙම දැවැන්ත වන විනාශය වාර්තා වු බවත් ඒ සම්බන්ධ අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීමට අදාල කටයුතු කරමින් සිටින බවත්ය.

එසේම ඔහු පවසා සිටියේ මෙම ඉඩම් රජයේ වනාන්තරද, එසේ නැතිනම් සිමෙන්ති සංස්ථාවට 1960 දශකයේ ලබාදුන් අක්කර 6000කට ආසන්න වනාන්තර පද්ධතියේ  ඒවාද යන්න සොයා බැලිමට කටයුතු කරන බවයි.

 

වනාතවිල්ලුවේ වන සංහාරය



අදහස් (24)

දෙවියන්ට පොල් තියා වනාතවිල්ලුවේ වනයත් වනසති

Pathum Saturday, 05 September 2020 02:01 PM

හොඳ වැඩක්...

:       0       0

Pathum Saturday, 05 September 2020 02:01 PM

හොඳ වැඩක්...

:       0       0

banda Saturday, 05 September 2020 02:25 PM

අනේ ඕවා වැඩක් නැහැ. අපි හම්බ කරගත්තොත් අපි කනවා.

:       1       0

Rehan Saturday, 05 September 2020 03:00 PM

කෝ දැන් බදූර්දීන්ට බැනපු අය...? ආනේ සමාවෙන්න එයාලා දැන් මන්ත්‍රී පුටුවට ගහගන්නවනේ.. කවුරු කළත් වැරැද්ද වැරැද්ද විදිහට දකින්න පුරුදු වෙන්න ඕනේ.. මේ වගේ වැරැදි කරන අය ප්‍රසිද්ධියේ අල්ලලා දඬුවම් දෙන්න ඕනේ. ප්‍රාදේශීය දේශපාලනඥයාගේ නමගම හෙළිකරලා ඔහුගේ සියලු දේපල, මුදල් රාජසන්තක කරලා ඒ මුදල්වලින් නැවත මේවා ප්‍රතිනිර්මාණය කරන්න ඕනේ..

:       0       1

Chamila Saturday, 05 September 2020 03:16 PM

2/3 තියෙනවානේ... ඉතින් මොකටද කාටවත් බයවෙන්නේ...?

:       0       0

chandra wansha Saturday, 05 September 2020 03:36 PM

ගෝඨාභය මහත්තයා මොකද කරන්නේ?

:       0       0

නවරත්න Saturday, 05 September 2020 03:44 PM

ගෝඨාභය මහත්තයා ජනාධිපති වුණා නම් මෙහෙම වෙන්නේ නෑ. සිරිසේන ජනාධිපතිතුමාට මේ වගේ අගයක් නෑනේ.

:       0       0

Jnpkh Saturday, 05 September 2020 04:02 PM

කෝ යහපාලන ආණ්ඩුවේ විල්පත්තුව ගැන හොයපු පරයින් මේවත් හොයපල්ලකෝ.. ඇයි මේක රාජපක්ෂ ආණ්ඩුව හින්දා කටවල් වල මුකුත් දාගෙනද දන්නෑ..

:       0       0

Pradeep Saturday, 05 September 2020 05:16 PM

අවසාන ගසත් කපා දැමූ පසු, අවසාන සත්වයාත් මරා දැමූපසු මිනිසා වටහා ගනීවි මුදල් ආහාරයට ගත නොහැකි බව. අනේ මිනිසුනේ මේ වනසා දමන්නේ ඔබේත්, මගේත් දරුවන්ගේ උරුමය නේද? අනාගත පරපුරේ ශාපයෙන් ඔබලාට ගැලවීමට හැකිවේවිද..?

:       0       5

මෝ Saturday, 05 September 2020 06:21 PM

මේ අහන දේවල් සියල්ලම ඔබේ සෞභාග්‍යයේ දැක්මට විරුද්ධයි. මේ පරිසර විනාශයන් සහ පුරාවස්තු විනාශයන් ගැන ඔබතුමා නිහඬව සිටීම ලොකු ප්‍රශ්නාර්ථයක් ජනපතිතුමනි...

:       4       7

සනත් Saturday, 05 September 2020 07:02 PM

2025 වෙනකොට දැනට 16%ක් විතර තියෙන වනගහනය 8%ක් විතර අඩුවෙයි...

:       0       6

Perera Saturday, 05 September 2020 07:29 PM

කැලෑවල් කපන්නේ නැතිව රට සංවර්ධනය කරන්න බැරි බව රටේ ඉන්න 69 ලක්ෂයක් ජනතාව දන්නවා. ටික දෙනයි ඒ බව දන්නේ නැත්තේ...

:       0       1

sharm warnTuesday, 08 September 2020 04:56 AM

ඔන්න උත්තරේ ආවා එලියට... අර වතුර පොදක් නැති එළුවන්කුලමේ මිනිස්සුන්ට තියෙන්නේ ඔය ගහකොටවල හෙවන විතරයි.

:       0       0

බද්රානි Saturday, 05 September 2020 07:54 PM

නියමයි! රටේ බුද්ධිමත් ජනතාව පත්කළ දේශප්‍රේමී ප්‍රබුද්ධ පාලකයින්ට මගේ ගෞරවනීය උත්තමාචාරය!! මේ රටට සිදුවිය යුතු දේ සිදුවෙමින් පවතී.. අර ඇමරිකන් කාරයෝ කපාගෙන, ඇමරිකාවට අරගෙන යන්න හිටපු ගස් ටික වෙන්න ඇති අපේ අය කපාගෙන තියෙන්නේ. ඉතින් කාටද ආඩම්බර? සමහරක් ආඩම්බර වැඩි කමටද මන්දා.. මේ දවස්වල වැඩි කතා බහකුත් නැහැ.

:       0       15

Lal Sunday, 06 September 2020 12:31 AM

දෙවියනි ඔබ කොහිද? කාගෙ පැත්තෙද?

:       0       7

sadis Sunday, 06 September 2020 02:18 AM

දෙවියන්ට පොල් ගසා දේශපාලකයින්ට ගල් නොගැසීමේ විපාක...

:       0       4

pj Sunday, 06 September 2020 02:56 AM

ඕවා බොරු ගොතපු කථා. අපේ ජනපති ඕවට ඉඩ තබන කෙනෙක් නොවේ. එයා කතරගම දෙවියෝ වගේ වටේම පෙනෙන කෙනෙක්.

:       0       0

Nimal Sunday, 06 September 2020 09:50 AM

සොබාදහම විනාශ කරන්න කවුරුවුණත් ගැලවීමක් නැත. කුමන ආත්මයකදී හෝ එහි විපාක සොබාදහමෙන්ම ලැබෙනු නියතයි.

:       1       15

mohomed Sunday, 06 September 2020 01:08 PM

මේ දේශපාලකයන්ට මොන යකෙක් වැහිලද? දේශපාලකයින් තෝරාපත්කරගත්තේ මෙහෙම විනාශයක් දකින්න නම් පතපු වෙනස සැපයි..

:       0       2

බද්රානි Monday, 07 September 2020 08:21 AM

කැලේ ගිනිතියලා ගස් කපන එක නම් එච්චර ගණන් ගත යුතු කාරණාවක් නෙමෙයි. එ්ත්, මේ දවස්වල අපේ ලියන මහත්තුරුන්ට මල බද්ධය සහිත වයිරස් රෝගී තත්වය ගැන තමයි මට තියන ගැටලුව. සමහරවිට, අර කැලෑ ගින්නේ සුන්දරත්වය විඳලද දන්නේ නැහැ නේද?

:       0       16

sharm warn Monday, 07 September 2020 11:36 AM

ආ... දෙයියන්ට පොල් තියලනේ.. එහෙනම් ඉතින් මොකෝ? දෙයියෝ බලන්නේ නැතුව ඇති කැලෑපාලුවන්ව. අපිට මොනවා වුණාම මොකද?

:       0       0

Bishan Monday, 07 September 2020 06:37 PM

රට කන්නම ආපු බමුණෝ ටිකක්. බමුණුආරච්චිලා ඡන්දේ දෙන්නෙම මේ අයටනේ...

:       0       0

Kuma Tuesday, 08 September 2020 02:46 AM

සර් තාම මේවා දන්නේ නැතිව ඇති. අරයා වගේ මෙයා පත්තර බලන කෙනෙකුත් නෙවෙයි.

:       0       2

Bamunuarachchi Tuesday, 08 September 2020 04:52 AM

දෙවියන්ට පොල් තියලා, රජයට පොලු තියලා ප්‍රාෙද්ශීය කාරයෝ කැලෑ කපනවා. මේ ඔක්කොම සිද්ද වෙන්නේ පුත්තලම් දිස්ත්‍රික්කයේ... මොකද පුත්තලමට ඔක්සිජන් ඕනේ නැහැ කියන බූරුවන් ඉන්න නිසා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 28 773 0

චීන සමාගමකින් ආනයනය කළ කාබනික පොහොර නැවකට මුදල් ගෙවීමේ නිර්දේශ ලබාදෙමින් රජයට පාඩු කළේ යැයි කියන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරය


ආණ්ඩුව කුජීත වුණ බව චන්න කියයි
2025 අප්‍රේල් මස 28 541 0

මේ ආණ්ඩුව ඉතිහාසයේ වෙන කිසි දිනක නොවූ විරූ ආකාරයට කෙටි කාලයක් තුළ අප්‍රසාදයට පත්ව කුජීත වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චන්න ජයසුමන මහතා පැ


තරුණයකු ඝාතනය කළ 5කට මරණ දඬුවම
2025 අප්‍රේල් මස 28 570 0

තරුණයකුට ක්‍රිකට් පොලු ඇතුළු පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු මෝදර ප්‍රදේශයේ පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පස්දෙනකුට මරණීය දණ්ඩනය නිය


ඡන්ද පත්‍රිකා දෙකෝටි පනස්දෙලක්‍ෂ මුද්‍රණය කරයි
2025 අප්‍රේල් මස 28 85 0

පළාත් පාලන මැතිවරණය (2025) සඳහා ඡන්ද පත්‍රිකා දෙකෝටි පනස්දෙලක්‍ෂ හයදහස් පන්සිය තිස්තුනක් (25,206,533) මුද්‍රණය කළ බවත් අධිකරණ කටයුතුවලින් පසුව ඡන්ද පත්‍රිකා හත


සැබෑ අපරාධය ජනතා මුදල් බැංකු වල හිර කර තබා සිටීමයි
2025 අප්‍රේල් මස 28 1561 0

මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල්


දුම්වැටි සමඟ ගුවන්තොටේදී අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 28 242 0

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂ හතලිස් දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(28 ) උදෑස


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 997 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 431 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 581 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site