ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බීමතින් සිටි බව කියන ක්‍රීඩකයකු බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ යානයක දොරක් අඩි තිස්පන් දහසක් උඩ අහසේදී අරින්නට ගොස් මහත් කලබලයක් ඇති විය.
මෙම ක්‍රීඩකයා රජයේ දේශපලනඥයකුගේ පුත්‍රයෙකි.
ග්‍රෙනේඩා සිට ලන්ඩනයේ ගැට්වික් ගුවන් තොටුපොළ බලා බොයින් 777 ගුවන් යානයෙන් පැමිණි ඔහු ශාන්ත ලුසියා ගුවන්තොටුපොළෙන් බැස්සේය.
මගීහු 229 දෙනෙක් යානයේ වූහ. සිදුවන්නේ කුමක්දැයි ඔවුහු ගල් ගැසී බලා සිටියහ.
මෙම ක්‍රිකට් කණ්ඩායම ග්‍රෙනේඩාවෙන් ගුවන් යානයට ගොඩවී ඇත.
එම ක්‍රීඩකයා ගුවන් යානා සේවකයනට පසුව කියා ඇත්තේ වැසිකිළි දොර යැයි සිතා යානයේ දොරක් අරින්නට ගිය බවයි.
ගුවන් යානය ශාන්ත ලුසියා සිට ගැට්වික් ගුවන් තොටට පැමිණීමට පැය අටක් පමණ ගත වේ.
සිද්ධිය වී ඇත්තේ එය ගුවන් ගත වී පැය හයකට පසුවය.
මාතෘ නිවාඩු පිට ගමන් කරමින් සිටි කාන්තාවක පැවසුවේ තමා මේ සිද්ධියෙන් බියට පත් වූ බවයි. තම දියණිය හැඩූ බව ද ඇය කීවාය. ශ්‍රී ලංකා පොලෝ ෂර්ට් හැදගත් කණ්ඩායමක සිටි මිනිසකු දොර අල්ලාගෙන ජරමරයක් කරනු දුටු බවයි.
ඔහු යානය සොර අරින්නට කීප වරක් උත්සාහ කළා. දොර වැරෙන් තල්ලු කළාය.
මිනිත්තු ගණනක් ඔහු එසේ කරමින් සිටියා.
බ්‍රිතාන්‍ය ගුවන් සේවය පවසනුයේ ගුවන් ගතවූ යානයක දොර ඇරිය නොහැකි බවයි.
ඒ නිසා මගීන්ගේ ආරක්ෂාව කිසිම හේතුවක් නිසා අනතුරකට පත් නොවන බව ද ගුවන් සමාගම කියයි.
ගුවන් සමාගමේ ආරක්ෂක අංශයට මේ බව දැන්වූ නමුත් පොලිසිය කැදවූයේ නැත.
ශ්‍රී ලංකා කණ්ඩායම ගැට්වික් ගුවන්තොටින් බැස ශ්‍රී ලංකාව බලා යන ගුවන් යානයකට නැග ඇත.
ගුවන් සමාගමේ නිලධරයන් පැවසූයේ වෙරිමරගාතේ කළ මෙම සිද්ධියට ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයකු සම්බන්ධ බවයි. එහෙත් ඔහු කවුදැයි නම් කිරීම ප්‍රිතික්ෂේප කළේය.
‘ඒක සුළු සිද්ධියක්. බීමතින් සිටි බව කියන අපේ ගනුදෙනුකරුවකු අතින් වූ දෙයක්‘ යැයි බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ ප්‍රකාශකයෙක් කියයි.
ගුවන් යානය ඉහළ අහසේ පියාසර කරද්දී කිසි ලෙසකින්වත් එහි දොරවල් විවෘත කළ නොහැකි බවත් මගීන්ගේ ජීවිතවලට කිසිම අවස්ථාවක අනතුරක් නොවූ බවත් ගුවන් සේවය පවසයි.
මෙවැනි සිද්ධි වලට මුහුණදීමට අපේ ගුවන් කාර්ය මණ්ඩලය හොද පුහුණුවක් ලබා සිටිනවා. යානයේ දොර අසළ වාඩිවී සිටි මගීන් කිසි ලෙසකින් බිය නොවිය යුතු බව අපි කියනවා. ශ්‍රී ලංකාව විකට් හයකින් බටහිර ඉන්දීය පිළට පරාජය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලොත් ඔහොම දෙයක් තමයි. මෙයාලට වඩා උරුවරුගේ අප්පිල ඇත්තොත් හොඳයි. එයාලත් දන්නවා යානයක වැසිකිලිය කොහෙද දොර කොහෙද කියලා. (අ)
ඒ යකා අල්ලලා ජනේලෙන් හරි එලියට දාන්නයි තිබුනේ. (අ)
එහෙව් රටේ රන්චාගොඩයකු වී ඉපදීලා. (අ)
ශ්රී ලංකා ඒ කණ්ඩායමේ කෙනෙක් වෙන්නේ ඇති. (අ)
හිනා වෙනවද අදනවද කියල හිතා ගන්ට බැහැ. ලෝකේ වෙන රටවල නම් මේ පුද්ගලයාගේ නම් ගම එක්කම පත්තරේ දමනවා.ලංකාවේ එහෙම නෑ. මොකෝ අපි අනික් ජාතීන්ට වැඩ උතුම්. (අ)
අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගිය කලක් උතුර දකුණ මර වෙලා වගේ තමගේ පමණ ඉක්මවා මෙන් මේ දේවල් සිදවෙන්නේ රටේ නැමැත කෙටකරන්ව මෙයලටත් විනය නීති කියාදෙන්න වේවි (අ)
එකටත් කොමිසමක් පත් කරන්න 9අ)
උස ක්‍රීඩකයෙක් කියල ආරංචි, කවුද මේ? (අ)
මාරු පොරක්. දෙසපලයකුගේ පුතෙක් හෝ නෑදෑයෙක් වෙන්න ඇති. (අ)
කරන්ඩ ගියේ වැඩෙත් කරනම් තමා හොඳ (අ)
කවුද මේ පිස්සු ක්‍රීඩකයා නම දාන්නා ඒ වගේ මෝඩ අයද අපේ රට නියෝජනය කරනේ මෙතන මෝඩ කමද බීමත් කමද කියලා ප්‍රශ්නයක් තියනවා (අ)
ගුවන්යානයට නගින්න කලින් පැය 4 ක් බීලා ඉදලා තියෙනවා කෙලින් ඉන්නවත් බැරිලු.(නදී)
ඇත්ත කියන්න බයද? ඔය අරයගෙ පුතා නේද? (අ)
අර අහවල් ඇමති පුතාද?මොනවා වුනත් මෙවන් අස්චර්යමත් බේබදු පුතාලා රටට වාසනාවන් ! (නි)
මම දන්නා විදිහට නම් ප්‍රයිවට් බස් එකක වගේ ප්ලේන් වල පිටත දොරවල් මගීන්ට ඇරිය නොහැක (නි)
වමනේ දාන්න එන්න ඇති. ඒකයි දොර අරින්න යන්න ඇත්තේ (නි)
සේනාව මේවා දැක්කද? නැත්නම් දැක්කත් දැක්කේ නැහැ වගේ ඉන්නවද? (නි)
කොච්චර කෙලින් ඇවිදින්න ඉගැන්නුවත් හරහටමනේ ඇවිදින්නේ (නි)
මෙයා 'ඒ' කණ්ඩායමේ කෙනෙක්ද? (නි)
දොර අරින්නයි තිබුනේ, වැසිකිලියේ හැටි බලාගන්න. හැබැයි කාටවත් ඒ උඩ පන්දුව අල්ලන්න පුළුවන් වෙයිද දන්නෙ නැහැ (නි)
දොර අරින්න අමාරුයි තමයි කොහොමත් (නි)
එය අත්වෙරදීමක් යැයි ඔහුම කියන එකේ බැනලා වැඩක් නැහැ. ඒත් බුදුන් වැඩි දේශයේ කෙනෙක් බොන එක නම් මාර සවුත්තු වැඩක්. අපේ සංඝයා වහන්සේලා කියන විදියට ලංකාව උතුම් දේශයක්. ඒත් මිනිස්සු කොහොමද මෙහෙම වුනේ? ඒකටත් ඒගොල්ලෝම තමයි උත්තර දිය යුත්තේ (නි)
ගුවන් යානාවල නොමිලේ ඕනෑ තරම් මත්පැන් බොන්න පුළුවන්, සිද්ධිය වී ඇත්තේ එය ගුවන් ගත වී පැය හයකට පසුවය. හොඳට පදම් වෙලා ඉන්න ඇති. බේබදුකම විනාශයට මුල මිසක් ජය ටැඹ කරා කිසි දින ලඟා නොවෙයි. (නි)
මේ වගේ පිස්සන් නිසා තමා අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. ලංකාවට හෙන ගහලා ගියත් කමක් නැහැ, සල්ලි ලැබෙනවා නම්. මේවට වග කියන්න ඕනෑ පාලක මණ්ඩලය.වගකීමක් නැති අයට ලංකාව නියෝජනය කරන්න ඉඩ දෙනවට... (නි)
පරදිනවා මදිවට, මෙතන තව පිස්ස්සු නටනවා ...(ත)
කවුද ඒ මෝඩ ක්‍රිකට් පිස්සා. එයාගේ නමත් දාන්න ඕනෑ (නි)
මෙව්වා සාමාන්‍ය දේවල්. (ත)
ඇයි මීට කලින් දැකල නැද්ද දොරවල් අරිනවා? තමන්ගේ වැඩක් බලන් යනවා මනුස්සයෝ යන්න (අ)
ලන්කාදීපෙ හොර ගෙඩියා..කවුද කියලා කියන්නෙ නැහැ නේද? (නි)
කොල්ලෝ කියන්නේ ඔහොම අයට තමයි (දී)
අපි මෙයාට සමාව දෙමු. අවුරුදු 18 ට නිසා. තදින් අවවාද කර හොඳ ක්‍රීඩකයෙක් කරමු. (ත)
අනේ දොර ඇරලා එලියට දැම්ම නම් තමයි හොඳයි. එයත් මේ පත්තරය කියවනවානම් තේරුම් ගනී ක්‍රිකට් වලට තිබෙන සැලකිල්ල වැරදි වැඩවලට පාටකයින්ගෙන් ලැබෙන්නේ නැතිබව. (ත)
එහොම බීගෙන ගුවන් යානාවල පිස්සු නටන කට්ටිය මිලාන් වලිනුත් යනවා. මිලානෝ වල ලංකාවේ ආරාමයකට සම්බන්ධ පුද්ගලයෝ කීපදෙනෙක් ලංකාවට එන ගමනකදී වෙරිමතින් යානය තුල ගීත ගයද්දී ගුවන් සේවිකාවක් අනෙක් මගින්ට කරදරයක් නිසා ගී ගැයීම නතර කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදී වෙරිවි සිටි දායක මහතෙකු කියාසිටියේ එසේ ගී ගැයීම නතර කිරීමට නම් දොර ඇරලා මෙතනින් බස්වන්න කියාය. (නි)
මෙම ක්‍රීඩකයා ඒ කණ්ඩායමේ වෙන්න ඕනෑ. ඒ ගොල්ලෝ තමයි මේ දවස් වල කොදෙව් ඉඳලා ලංකාවට එන්නේ.ජාතික කණ්ඩායම තාම කොදෙව් දුපත් වල (නි)
පොඩි දවස් වල මටත් මෙවැනි සිද්ධියක් වුනා. දිසාව මාරු වෙලා වැසිකිලිය කියලා සිතන් , ඇඳුම් අල්මාරිය පාවිච්චි කරලා තිබුනා. මෙවෙනි සිදුවීම් කාටත් වෙලා ඇති යම් යම් අවස්ථා වලදී (නි)
මේ ක්‍රීඩකය ජාතික කණ්ඩායමේ හෝ ශ්‍රී ලංකා ඒ කණඩායමේ ක්‍රීඩකයෙක් වෙන්න බැහැ. මෙයා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න ඇති . (නි)
සමහරවිට මැච් එක පැරදුන නිසා අඩියක් ගහලා එලියට පනින්න හිතුනද දන්නේ නැහැ . (නි)
ඕකට තමයි ආශ්චර්යය කියන්නේ (නි)
නුවර පැත්තේ කියල ආරංචියි .වෙබ් සයිට් වල පතුරු ගහනවා .ලංකාදීප වගකීමක් සහිත පුවත් පතක් නිසා නම හෙළිනොකරන වග අපි දන්නවා .අපි එසැන සමගයි .(අ)
ඔන්න අපි නම් නම් නෑ.
අප්පේ කවුද දන්නෑ (අ)
වෙන්න බැහැ. අපේ ක්‍රීඩකයෝ බොන්නේ නැහැ, මතට තිත තියලා තියෙන්නේ (නි)
ක්රිකට් නිසා ලෝක පූජිත වුණු අපි දැන් බලු වෙනවා. (ත)
මෙයාලට වඩා හොද, නොබොන ක්‍රිකට් ගහන්න හොද ලාබාල මල්ලිලා ඉන්නවා (නි)
මේ ක්‍රීඩකයන් පමණක් නොවෙයි, ශ්‍රී ලංකන් එකේ එන අයත් විශේෂයෙන් ලාංකිකයන් බීලා මැරෙන්න හදනවා. බොන්න දුන්නොත් වෙන මොකවත් ඕනෑ නැහැ. (නි)
බීවට පස්සේ සුරලොවේ ඇවිදින්න කියා හිතාගෙන බහින්න ගියාද දැන් නැහැ උන්නැහේ,,, කොහේ ගියත් ලංකාවේ උදවිය අපූරු වැඩ කරලා රටට කීර්තියක් ගෙනවනේ ඔයවගේ දේවල් වලින්,,, (ත)
තරග පරදින නිසා ඇදල එලියට දාන්නයි තිබුණේ (අ)
රමිත රබුක්වැල්ල
ලැජ්ජයි ලැජ්ජයි අපේ කණ්ඩායම ගැන (නි)
බඩ කට තිබුනට විතරක් මිනිහෙක් වෙන්න බැහැ. උකුණු හිසක් තරම්වත් මොලයක් තියෙන්න ඕනෑ. (නි)
කවුද ඉතින් ඔය බේබදු ක්‍රීඩකයා? (නි)
මේක ආරෙට යන ලෙඩක්ද? (නි)
ගෙදරදි අල්මරියේ දොරද දන්නේ නෑ අරින්නේ. (ත)
පළවැනියා ! දෙවනියා !! තුන්වැනියා !!! ලංකාව කී වැනි ස්ථානයද? අපේ මත්පැන් පෙරේතයෝ කොහේ ගියත් බීලා ගම කනවා (නි)
මෙහෙ මතට තිතනේ. ඒකනේ එහේ ගිහිල්ලා බොන්නේ (නි)
කනමදයෝ වගේ බීගෙන මැච් ගහනවා. හැමදාම ඉන්දියාවට පරාදයි. රටේ ගරුත්වය රකින්න බැරි අය ටීම් එකට තෝරන්න නරකයි. බලධාරියෝ යමක් කළයුතුව ඇත. (නි)
මේ කරුණු වලට අනුව එනම් උස, බීමත්කම සහ ශ්‍රී ලංකා ඒ ටීම් එකේ හිටිය ක්‍රීඩකයා වන්නේ කවුද කියලා දන්නවනේ... (නි)
ලංකාව් කොල්ලෝ ඔහොම තමයි බය නැහැ
මේ ජාතික කණ්ඩායමේ කෙනෙක් නෙමෙයි. අපේ ජාතික කණ්ඩායම තාම බටහිර කොදෙව් වලනේ. ඔය ශ්‍රී ලංකා "ඒ" කණ්ඩායමේ කෙනෙක්. එයාලා තම ලගදී කොදෙව් වල සිට ආවේ. (නි)
ඊලග මැච් එක ඉන්දියාවත් එක්ක හින්දා බයට සියදිවි හානි කරගන්න හිතුනද දන්නේ නැහැ. (නි)
රටක සාමාන්‍ය පුරවැසියෙක් මේ වගේ වැඩක් කළා නම් ඒක ඇත්තෙන්ම සුළු දෙයක් .නමුත් රටක ජාතික ක්‍රීඩා කණ්ඩායමක් නියෝජනය කරන අයෙක් මෙවන් ක්‍රියාවක් සිදුකිරීම කණගාටුදායක තත්වයක් .ක්‍රිකට් ක්‍රීඩාව තුල බොහෝ විට දකින්නට ලැබෙන්නේ මහත්මා ගුණ හෙබි ක්‍රීඩකයින් .ඔවුන්ගෙන් අයෙකුත් මෙහෙම වැඩක් කළා නම්, ලංකාවේ වර්තමානයේ සිටින රග්බි ක්‍රීඩකයන්, ගුවන් නියමුවාවත් එලියට ඇදලා දමලා යානය තමන් පදවන්න උත්සාහ කරාවි. (දී)
කණ්ඩායම පිටියේත් පිටත් විනය තියා ගන්න ඕනෑ. ඒකට කණ්ඩායම බාර අය වග කියන්න ඕනෑ (දී)
අපරාදේ දොර ඇරුනේ නැහැනේ. (දී)
ජීවන්ට පුදුම ලෙඩක් තියෙන්නේ. සේනාව නැත්නම් වැසිකිලි යන්නවත් බැහැ නේ. මේවා රටේ ප්‍රශ්න වලට වඩා බරපතල ලෝක ප්‍රශ්න. ලෝක ප්‍රජාව අතරේ අප අවමානයට පත් වෙන කරුණු. ‘ඒක සුළු සිද්ධියක්. බීමතින් සිටි බව කියන අපේ ගනුදෙනුකරුවකු අතින් වූ දෙයක්‘ යැයි බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ ප්‍රකාශකයෙක් කළ නිසා යන්තම් බේරුනා . (දී)
'තිතට මත' තිබෙන රටේ අනන්‍යතාව ඔහු හොඳින් පෙන්නලා. (දී)
පුරුද්ද කොහේ ගියත් අතහරින්න බැහැනේ (දී)
අනිවාර්යයෙන්ම ලොකු තනතුරක් හොබවන්නෙකුගේ පුත්‍රයෙක් වෙන්න ඇති. (දී)
කොල්ලෝ ඔහොම තමයි
ඇතැම් පුවත්පත් වල තියනවා යානයට ගොඩ වෙන්න පෙර පැය 4 පමණ මෙයාලා එක දිගට බිව කියල. බ්‍රිතානිය මගියෝ ලස්සනට මාදියවලට වැඩේ විස්තරකරල තියනවා.... කියල වැඩක් නැහැ.ශ්‍රී ලංකා කියල බැනියමකුත් ඇදගන හියියාලු. (අ)
ඉරිසියාකාරයෝ ක්‍රීඩකයන් ගේ පැත්තේ තොරතුරු නොදැන කරන චෝදනා .. කොච්චර තරහකින්ද ? උන්ට මතට තිත. අනිත් අයට කමක් නැහැ .. උන්ට කිසිම වරදක් වෙන්න බැහැ. (නදී)
කයිවාරු ගහන හැමෝම බිගත්තහම ඔහොම තමයි. නොබී ඉන්නකොට බිපු අයට කැගහනවා උපාසකයෝ වගේ. මොනා උනත් ගුවන්සේවයට ස්තුති කරන්න ඕනා. ඒ ගොල්ලන්ට අපේ අයගැන අපේ අයට වඩා කැක්කුමක් තියෙන එකට.(නදී)
සජිත් ,මේක බුදුන් වැඩිය දේශයක් පමණක් නොවෙයි අර කවුද කෙනෙක් කියලා තිබුනේ බුදුන් වහන්සේගේ සහෝදරයත් මෙහෙ ඉන්නවා කියලා.(නදී)
මේක සුළු සිද්ධියක්නේ. ඔච්චර දගලන්නේ ඇයි කියලා මට නම් තේරෙන්නේ නැහැ (දී)
බිවුවාම සිහිය විකල් වෙනවා
ශ්රී ලංකාව විකට් හයකින් බටහිර ඉන්දීය පිළට පරාජය වූ නිසා ටිකක් වැඩියෙන් ගන්න ඇති.(නදී)
අපේ අයට බීගත්තම ලොකු වැඩ කරන්න ආසාවක් එනවා. වැඩේ වැරදුනාම අර බීගත් මීයා කියන කතා කියනවා. කොහොමත් අපේ මේ ක්‍රිකට් ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් ඔලුව උදුම්මා ගත් අය. හොඳ ටික දෙනෙක් ඉන්නවා. මේක සුළු සිද්ධියක් නෙමේ ඇමරිකාවට යන ගුවන් යානයක වුනා නම්. ත්‍රස්තවාදියෙක් කියලා ලොකු ප්‍රශ්න ඇති වෙනවා. හොඳ වෙලාවට බ්‍රිටිෂ් ගුවන් යානයේ වුනේ (දී)
මීට වැඩිය හොදයි ප්ලේන් එක ඇතුලේ මළපහ කළා නම් (දී)
මෙහෙමත් මිනිස්සු ? බොන්න කන්න පිළිවෙලක් තියෙන්න ඕනෑ. අනික් එක එයා සමග හිටපු අනික් අයට තිබුනා එයා බීලා නම් ඔහුව වැසිකිලියට ගෙන යන්න. ලංකාවට ලැජ්ජාවක් මේ වගේ ක්‍රිකට් කරුවන් (දී)
ලංකාවේ ක්‍රිකට් දැන් ලෝකෙටම විහිළුවක් වෙලා.(නදී)
මේ ගෞරවාන්විත රටේ නම කනවා. මෙයාලට අලියෙක් ගත්තට හෙන්ඩුව ගන්න සල්ලි නැහැ (මේ තැනට එන්න ලැබුනට ඒකේ ගෞරවය රැකගන්න බැහැ) අර වානර ගතිය ඉස්මතුවෙනවා (දී)
මීට වඩා බරපතල දේවල් ගුවන් යානාවල සිදුවෙනවා. (දී)
කවුද ඒ..... කවුද ඒ කියන්නකෝ
රමිත ගුවන්යානයේ යකා නටයි
" මතට තිත " ද ?" මතට හිත ද" ? (දී)
මෝඩයෝ වගේ හැමදේටම ආගම ගාවා ගන්න එපා (දී)
පවු ගෙදර මතක් වෙන්න ඇති. (දී)
පරදිනවා කියන දේ අහන්නත් දෙයක් ද ඉතින්? මෙයාලට සැප වැඩි වෙලා තියෙන්නෙ. නම හෙලි කලානම් තමා හොද. කොන්ද පණ තියෙනවනම් පාලක මණ්ඩලය මේ වගේ මිනිස්සු කණ්ඩායමෙන් අයින් කරන්න තියෙන්නෙ. (දී)
කුණු බිත්තර ගහන්න හදපු කට්ටිය දැන් මොකද කියන්නේ? (දී)
මේ ගොල්ලොනේ ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ (අ)
කාපු බීපු වෙලාවට කරන කියන ඒවා ගණන් ගන්නවද ඇත්තටම ? (දී)
කෙහෙළිය රබුක්වෙල්ලගේ පුතා (දී)
ශ්‍රීලංකා ඒ ටීම් එක කොදෙව් සංචාරය පරාද වෙලා ගිහින් එනකොට තමයි මේක වෙලා තියෙන්නේ.(නදී)
වරුණ එහෙම කියන්න එපා! නිකන් ඒලෙවල් කරලා නැහැ වගේ කතා කරන්න එපා (දී)
අර ලකුණු 22 ගැහුව කෙනාද?(නදී)
ගුවන් යානයෙන් පනින්නේ කොහොමද
මෙයා හරකෙක්නේ. ලංකාවටම නින්දා කරනවා. බොදු බල සේනාවට මේවා පේන්නේ නැද්ද.(නදී)
තරප්පු පෙලෙන් වැටුණු රජයේ දේශපලනඥය ගේ පුත්‍රයා ද ?
අන්න නිර්භීත සිංහලයෙක්
ඇයි මීට කලින් දැකල නැද්ද දොරවල් අරිනවා? තමන්ගේ වැඩක් බලන් යනවා මනුස්සයෝ යන්න (දී)
එහෙනම් මම කිව්ව අනාවැකිය හරි. (දී)
ආ මේ අපේ රඹුක්වැල්ල ඇමතිතුමාගේ පුතා නේද?
ශ්රී ලංකා ක‍්‍රිකට් ඒ කණ්ඩායමේ ක‍්‍රීඩකයකු අඩි 35,000ක් ඉහල අහසේ ගමන් කරමින් තිබූ ගුවන් යානයක දොර විවෘත කරන්නට ගොස් සිදුවන්නට ගිය මහත් විනාශයක් ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ මැදිහත්වීමෙන් වැලකී ගොස් තිබේ.(නදී)
මම දැනන් හිටියේ නැහැ ගැන (දී)
මේවා මොන ප්‍රශ්නද මෙතුමාගේ තාත්තා විසදන ප්‍රශ්න වලට
මෙයාගේ තාත්ත ප්‍රසිද්ද ඇමති කෙනෙක්
ළමය කල වරදට තාත්තාට බනින්න එපා (දී)
තාත්ත ජනමාධ්‍යත් එක්ක ඉන්න නිසාද නම දාලා නැත්තේ? (ත)
අම්මෝ අපිව එහෙම ඕවට අල්ලගන්න එපා.
සිමාව ඉක්මවා ගියාම තමුන් දන්නේ නැහැ මොනවද කරන්නේ කියා. රටේ නම තමා අන්තිමට කැත වෙන්නේ (දී)
දැන් බලමු මෙයට ගන්න 'ඇක්ෂන් එක' මොකක්ද කියලා.... (දී)
තාත්තා පිටරට ගිහින් හිටපු හෝටලයේ උඩ තට්ටුවෙන් පැන්නා නම් පුතාට ප්ලේන් එකෙන් පනින්න බැරි මොකද?(අ)
විදේශීය ලලනාවෝ හොයලා පනින්න හැදුවද දන්නේ නැහැ (දී)
ඔහොම යමු (දී)
හොදයි බොහොම බොහොම හොදයි පිරිමි ළමයි හැදෙන හැටි (දී)
ලංකාවේ පාර දිගේ බියර් කඩ සාප්පු ඇරල තියෙනවා නම්, ගුවන් යානයේත් බොන්න දෙනවා නම් ඉතිං බීවාම තිබෙන වැරැද්ද මොකද්ද? බොන්න නේද බෝතල් දෙන්නේ? නැතිනම් බොතල් වලින් නාන්න වතුර ගෙනියන්නයැ? බොන්න දීලා මිනිස්සු අවැඩ කරනවා කියලා නිකං බොරුවට කෑගහන එකේ තේරුමක් තියෙනවද? වැරැද්ද කොහෙද කියා හොයලා ඒක හදන්න බලන්න නිකං කෑ ගහන්නෙ නැතුව (දී)
කෙහෙළියගේ පුතා රකිත රඹුක්වැල්ල (දී)
මම දන්නවා මෙය කුඩා කියල. බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලට ගිය. අනේ නුවර කියල කියන්න මටත් ලැජ්ජයි. (ත)
අපේ රටේ නම කැත කරන මේ වගේ අය ක්‍රිකට් වලින් අයින් කරන්නම බැරිද? මෙයා මීට කළිනුත් මොනවට හරි අහුවුණා. (ත)
ලංකාවේ නම වනසන්නේ දේශපාලන පවුල්වල අය තමයි. (ත)
මෙයාගේ තාත්තා අර නුවර පැත්තේ කෙනෙක්ද?
මෙයාගේ නම හෙළිකරන්නේ නැත්තේ බයටද? (ත)
මොකක්ද එක වෙඩිල්ල කරගෙන වගේ. (ත)
කාගේ පුතාද? (ත)
ඇරෙන්න බැරි දොරවල් ඇරෙනවා සිහි බුද්ධියෙන් හිටියා නම් (දී)
ක්රිකට් කාල රටත් කනවා ..... (දී)
කවුද ඉතින් මෙයා හොඳම බෙබේ තමයි (අ)
කාගේ පුතාද? (දී)
කාගේ පුතාද? (දී)
කොයි තරම් බිවුවත් වැසිකිලියටම යන්න හිතුනා, සිහිත් නැති එකේ ඇගේම කර ගන්න තිබ්බා. මොන තරම් හැදියාවක්ද
කෙහෙළිය රබුක් වෙල්ල් ගේ පුතා තමයි මේක කලේ
ලංකාව උදම් අනන හැටි පේනවා අදහස් තුලින් (අ)
බය වෙන්න දෙයක් නෑ .....කොල්ලෝ ඔහොම තමයි කියල "ප්‍රකාශයක් " කරයි (අ)
පැරදිලා යනවා (අ)
මෙය බලන්න : http://www.espn.co.uk/cricket/sport/story/217893.html# http://www.dailymail.co.uk/news/article-2353156/Drunken-Sri-Lankan-cricket-star-tried-open-aircraft-cabin-door-35-000ft-looked-toilet.html http://sports.ndtv.com/cricket/news/210154-drunk-lankan-cricketer-tried-to-open-aircraft-door-at-35000-feet
අර සේනාව මොනවා කියයිද ?(නදී)
සුවර් එකටම ආණ්ඩුවෙන් කොමිසමක් පත් කරාවී.(නදී)
මෙම පුවත ශ්‍රී ලංකික කණ්ඩායම අපහාසයට පත් කරන්න ගෙන යන මඩ ප්‍රචාරයකි. ශ්‍රී ලංකා කණ්ඩායම අද (ජුලි 2) බටහිර ඉන්දීය දුපත් වල කිංග්ස්ටන් නගරයේදී ඉන්දියාව හා තරඟ වදිනවා. ඒ මතුද නොව ජුලි 7 සහ ජුලි 9 යන දින වල පොර්ට් ඔෆ් ස්පේන් නගරයේදී බටහිර ඉන්දීය කොදෙව්ව සමග හා ඉන්දියාව සමග පිලිවෙලින් තරඟ වදිනවා. ඔවුන් මේ දිනවල කිසිම ගුවන් ගමනක යෙදී නැත. (නදී)
පුතා, එන්නකෝ අද ගෙදර (දී)
මෙහෙමත් කොල්ලෙක්
දෙයියෝ සාක්කි
මට මොකුත් මතක නැහැ!!!! (අ)
දොර අරින්ද ටිකක් අමාරු බව ඇත්ත... එත් ඇරෙන්නේ නේ කියන්ඩ බැහැ (අ)
රබුක්වැල්ල පුතාගේ මේ වැඩේට වග කියන්න වෙන්නේ (දී)
දේශපාලන බලය පෙන්නන්න ගිහිල්ලා
අනේ ලේක්කෝ ගලබඩ , ශ්‍රී ලංකා ඒ ටීම් එකත් එහෙ හිටියා.(නදී)
ගලබඩ මහත්මයෝ,මේ අපේ ජාතික කණ්ඩායම නෙවෙයි. ශ්‍රී ලංකා 'ඒ ' පිල. නිල නොවන තරඟ වලට සහභාගී වෙලා සැලකිය යුතු පරාජයන් කිහිපයක් එහෙම අරගෙන ආපහු ගෙදර යන ගමන්. හිතේ අමාරුවට බීල වෙන්ට ඇති.(නදී)
නම කියන්න අවශ්‍ය නැහැ අපි දන්නවා. (නදී)
මෙයාව අනිවාර්යයෙන්ම අනාගතයේ ලංකාවේ පාර්ලිමේන්තුවට අපිම ඡන්දෙ දීල යවනවාමයි. (දී)
මේ වගේ කට්ටිය ගැන දන්නා නිසාමද කොහෙද දොර එයා ටයිට් තියෙන්නේ
අනේ හොදයි. අරින්න දෙන්න තිබ්බේ
නම දාන්නෙ නැත්තේ ඇයි? අනේ මන්දා. පහත තැනින් යයි ගලා ජලේ කියන්නේ නිකන්ම නෙවෙයි... (දී)
ලේක්කෝ ගලබඩ ,අනේ ඔයා දන්න ක්‍රිකට්? මේක ශ්‍රී ලංකා ඒ කණ්ඩායම කොදෙව් සංචාරය නිමවා පැමිණෙද්දී වුන සිද්ධියක්.නිතර අන් අයට මඩගැසීමේ ආකල්ප තමන්ගේ හදවතේ තිබුනම ඔහොම පැටලීම ස්වාභාවිකයි. ලංකාදීපය වැනි පුවත් පතක් නිකරුනේ අන් අයට මඩ නොගසන බව හොඳින් මතක තබා ගන්න. (දී)
ගහලා එලවන්න තියෙන්නේ මේ වගේ අයව (දී)
අන්න ළමයි
සනත්, හිතේ අමාරුවට මේයාට බොන්න තිබුනේ 'පොලිඩොල්'. (ත)
ලේක්කෝ ගලබඩතුමාගේ වයර් මාරු වෙලා වගේ. (දී)
අපිට ආඩම්බර වෙන්න පුළුවන් ජාතික වස්තුවක් . දේශපාලනයට එන්න .හොඳ අනාගතයක පෙර නිමිති තියෙනවා. (ත)
මේක ජාන ලක්ෂණයක්ද මන්දා. ලංකාවේ අය යානයට නැගපු ගමන් බොන්ට තමා හොයන්නේ. සුද්දෝ කොච්චර බීවත් වෙරි වෙන්නෙත් නැහැ.(නදී)
කන්ද උඩරට රාජ්‍යයේ දේශපාලකයෙක්ගේ පුතෙක් තමයි මේක කරලා තියෙන්නේ. (ත)
මේ ක්‍රීඩකයගේ තාත්තටත් මොනවා හරි වුණා නේද මීට කලින්. (ත)
ගලබඩට කවුද හොඳ ලනුවක් දීල. (ත)
මත්තලට බලෙන් මාලේ ඉඳල එවන ශ්‍රීලන්කන් ගුවන්යානාවලට නැගල ටිකට් නැතුව කොළඹ යන්න කොළඹ ඉඳල හම්බන්තොට සංවර්ධනය කරන්න එන කට්ටියක් පුරුදුවෙලා ඉන්නවලු. ඒ අය නැග්ග පමාවටම ලොකු ලොක්කන්ගේ පුතාලගේ නම් කියල ඇති පදම් ඉස්තරම්ම බීම 'ගුඩු ගුඩු' කියල දාගන්නවලු. (ත)
වැල්ල නැති උඩරට දේශපාලකයෙක්ද? (ත)
පලවෙනි පාර වෙන්න ඇති මෙයා මෙකෙ යන්නේ. ලංකාව ඉවර කරනවා (ත)
පිටිගල කියූ අදහස් මම දුටුවා. ශ්‍රී ලංකන් ගුවන් යානය මුලදී අපට නොදන්වාම මත්තලට බැස්සුවා. එය අපට අපහසුවක් නොව සතුටක් ගෙන දුන්නා. අලුත් අත්දැකීමක් නිසා. නමුත් හතර පස් දෙනෙක් නැගලා කරපු කියපු දේවල් නිසා බලවත් කලකිරීමකට අප පත්වුණා. මේ ගැන සොයා බලන්න. (දී)
හෙඩිම කැතයි
එක පාරකුත් අක්ක කෙනෙක් රූම් එකට ගෙනත් ලෙඩක් දාගත්තා (අ)
පියාට හෝටලේ දොර හොයාගන්න බැරි ඕනා .පුතාට වැසිකිලියේ දොර හොයාගන්න බැරී ඕනා .(දී)
දැන් අපි දන්නවනේ කාගේ කවුද කියල නේ...(අ)
අප්පා වැටෙන්න ගියේ උඩු මහලෙන් පුතා වැටෙන්න ගියේ ගුවන් යනෙන්... නරකමත් නෑ (අ)
ඔය අරයාගේ පුතානේ (අ)
අපේම අක්කල නංගිලා පිටරට ගිහින් දුක් විඳලා විදේශ විනිමය රටට එවපුවම එම සල්ලි වලින් රට යන අය රටම කනවා (අ)
අය්යෝ ශ්‍රී ලංකා සිරිකිතයිනේ (අ)
මමනම් හිතුවේ නැහැ මෙයාට මේ තරමට සියදිවි නසාගන්න උවමනා උනා කියල පරාජයෙන් බේරෙන්න.....(අ)
හොඳ පුතෙක්
මේ ක්‍රිකට් පුතා එක සංචාරයක රුසියානු අඟනන් තම කාමරයට අරගෙන ලොකු පිස්සුවක් නටලා තිබුනා...පුහුණුකරු හෝ කළමනාකරු මොහුට විරුද්දව එක වචනයක් කියන්න බයලු.දේශපාලනය හැ දෙයම උඩු යටිකුරු කර තිබෙන්නේ.(අ)
තාත්තා කළ දේ පුතා නොකලොත් නොට්ටිගෙ පුතා.(නදී)
ලේක්කෝ ගලබඩ තුමාව ලංකාවට යනකොට බැඳලා තියාගන්න නැත්නම් එයත් පනියි දොර අරගෙන එලියට ක්‍රිකට් ක්‍රීඩකයන්ට හොඳ පාඩමක් උගන්වන්න කියල. (අ)
අපේ ළමයිටත් නිදහසක් තියෙන්ට ඕන කියල ඕක මග ඇරල දෙයක් කියවයි .බොරු නම් මගේ කන මොකද්ද ඔට්ටුව ?(අ)
දේශපාලඥයෙකුගේ පුතෙක් නිසා හිතන්න පුළුවන් මෙහෙම දේවල් කරනවා කියලා (නි)
හා...හා...බනින්න එපා ...මෙයා තව ටික දවසකින් අපේ රට , ඒ කියන්නේ අපිව පාලනය කරන්න එන උත්තමයෙක් වෙන්නත් ඉඩ තියෙනවා. (නි)
අප්පා කළ දේ පුතා නොකළොත් එයා නොට්ටිගේ පුතා (අ)
මෑතක වෙච්ච දෙවෙනි සිදුවීම,වෙනස කලින් සිදුවීමට යානයේ දොර සම්බන්ද නැහැ. චින්තනයේ මතට තිත සංකල්පයක් තිබුනා කියලා මතකයි.නමුත් දැන් සමස්තයක් වශයෙන් ලෝක ජනතාව හා කරට කර ප්‍රතිශතයකට තිබ්බත් බීමත්කමට ලංකාවේ බේබද්දන්ගේ සංඛ්‍යාව ඉහලයි.අනික් රටවලත් බොනවා. නමුත් ලංකාවේ බොන කට්ටියයි අනික් රටවල බොන අයයි අතර වෙනස අපේ අය පුදුම පෙරේතකමක් දක්වනවා අරක්කු වලට. හුගක්ම නොමිලේ ලැබෙන තැන්වල(මල ගෙදර,මගුල් ගෙදර, රැකියා ස්ථාන, ප්‍රිය සාදවල,නිකන් බොන අය වැඩියෙන්මයි බොන්නේ)පෝයට සිල් ගන්නවට වැඩිය මුලිකත්වය දෙන්නේ බීමත් කමටයි! දිනෙන් දින මේ සංඛ්‍යාව ඉහල යන ප්‍රතිශතයක් ගැනෙන අතරම,පාසලේ බිග් මැච් එකේදී වගේ ශිෂ්‍යයින් බොන තවත් තැනක් නැති තරම්! මෙම සිදුවීම සුළුකොට තැකිය හැකිද?එදා ලංකාවේ නම බොහෝ දෙන හදුනා ගත්තේ කොටි ත්‍රස්තවාදය හා ක්‍රිකට් ක්‍රීඩාවේ ජයග්‍රහණයයි. අද ඒ ක්‍රීඩාවේම යෙදෙන්නන් එය ආපස්සට හැරවීමට තුඩුදුන් බීමත්කම ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීම බලදාරීන් ක්‍රියා කලයුතුමයි! (නි)
ඉස්සර මිනිස්සුන්ගේ කතාවක් තියනවා නේද තාත්තා කරපු දේ නොකළොත් කවුද කියලා? (ත)
හිතල නම් නෙමේ කරන්න ඇත්තේ එත් පටි රෝල් උනේ මුළු රටේම විනය කොච්චර පිරිහිලද තමන්ගේ දරුවෝ හරියට හදාගන්න බැරී අය කොහොමද අනිත් අයට දැනමුතුකම් දෙන්නේ (අ)
අයියෝ මෙයා රෙදි හෝදන්න වෙන්න ඇති වොෂ් රූම් එක හෙව්වේ. (අ)
ඒ තමයි යි රමිත රම්බුක්වෙල්ල කියන්නේ!! (අ)
මේක අත් වැරැද්දක්. අපරාධයක් කරලා නැහැ. මෙච්චර දෙයක් වෙනකම් කණ්ඩායමේ අනිත් අය මොනවා කළාද. කණඩායම් හැගීමක් ැතුව සෙල්ලම් කරන හැටි මේකෙන්ම පේනවා. (නි)
මටත් බොන්න පටන් ගත්ත වෙලේ ඉඳන් අහස් යාත්‍රාව ඇතුලෙදි මුත්‍රා අමාරුව හැදෙන ලෙඩේ තියෙනවා.බොන්නෙත් උඩින් යන බයට. (නි)
ගණන් ගන්න එපා කොල්ලෝ.ඕවා ඔහොම තමයි. මේ වයසේදී ඕවා නොකර නාකි වුනහම කරන්නෙයි? (නි)
සිවිල් ගුවන් සේවා ඇමතිතුමනි, 12 ,13 වසර වල ඉගෙනුම ලබන සිසුන්ට ගුවන් යානා පිළබද වැඩසටහනක් සුදානම් කරලා ඒක තව ඉදිරියට ගමු.මේ ගමන කොහෙන් නවතී ද නැත්නම්? (නි)
බීමත්කම හෝ නිදිමත නිසා මගියෙක් දොර ගාවට ගිය පලියට ගුවන් යානයක දොර ඇර ගන්න බැහැ (නි)