IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


දේශපාලන ඇගිලි ගැසීම් නිසා කැමරූන් පාපන්දු සම්මේලනයට තහනමක්

කැමරූන් පාපන්දු සම්මේලනයට එරට රජය විසින් කරනු ලබන අනිසි බලපෑම් හේතුවෙන් කැමරූන් පාපන්දු සම්මේලනය දින නියමයකින් තොරව තහනම් කිරීමට අන්තර්ජාතික පාපන්දු සම්මේලනය තීරණය කළේය. මෙම තීරණය අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් ඊයේ (4 වැනිදා) ප‍්‍රකාශයට පත්කරන ලදි.

ලෝකයේ ඉතාමත්ම උණුසුම් පාපන්දු තරගාවලියක් වශයෙන් සැලකෙන අපි‍්‍රකානු ජාතීන්ගේ පාපන්දු කුසලානය සිවු වතාවක්ම දිනා ඇති කැමරූන් පාපන්දු කණ්ඩායමේ මීළග තරගය වන්නේ සැප්තැම්බර් මස 6 වැනිදා පැවැත්වීමට නියමිත ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගයකි.

කෙසේ වෙතත් අන්තර්ජාතික පාපන්දු සම්මේලනය විසින් පනවන ලද තහනම හේතුවෙන් කිසිදු අන්තර්ජාතික පාපන්දු තරගයකට සහභාගි වීමේ අවස්ථාව කැමරූන් පිලට අහිමි වන අතරම දේශීය වශයෙන් පාපන්දු තරග සංවිධානය කිරීමේ අවස්ථාවද එහි නිලධාරීන්ට අහිමි වෙයි.

”අන්තර්ජාතික පාපන්දු සම්මේලනයේ නිර්දේශය වන්නේ සාමාජික පාපන්දු සම්මේලන තෙවැනි පාර්ශ්වයක බලපෑමකින් තොරව සිය කටයුතු ස්වාධීනව පවත්වාගෙන යාමයි” යයි අන්තර්ජාතික පාපන්දු සම්මේලන ප‍්‍රකාශනයේ සටහන් වේ.

කෙසේ වෙතත් කැමරූන් පාපන්දු සම්මේලනය නැවත යථා තත්ත්වයට ගෙන ඒමටත්, ලබන වසරේ මාර්තු මාසයේදී එහි නිලවරණය පැවැත්වෙන තුරු කැමරූන් පාපන්දු කී‍්‍රඩාව පවත්වාගෙන යාමටත් නිදහස් කමිටුවක් පත්කරනු ලබන බවද අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පවසයි.

මෙම නිදහස් කමිටුවට අයත් නිලධාරීන්ට කැමරූන් පාපන්දු සම්මේලන මූලස්ථානයට ඇතුළුවීමේ අවසරය දීමට සහ එහි කටයුතු බාධාවකින් තොරව ඉදිරියට ගෙන යාමට කැමරූන් රාජ්‍ය බලධාරීන් අවසර දෙන තුරු මෙම පාපන්දු තහනම කි‍්‍රයාත්මක වන බවද අන්තර්ජාතික පාපන්දු සම්මේලනය පවසයි.

කෙසේ වෙතත් සැප්තැම්බර් මස 6 වැනිදාට පෙර එය සිදු නොවුවහොත් ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරගයට කී‍්‍රඩා කිරීමට කැමරූන් පිලට අවසර නොලැබෙන අතර එනිසාම ලබන වසරේදී (2014) බ‍්‍රසීලයේදී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියද කැමරූන් පිලට අහිමි වනු ඇත.

2014 ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා පැවැති සුදුසුකම් තේරීමේ තරගාවලියේදී අපි‍්‍රකානු රටවල් අතර මේ වන විටත් පෙරමුණේ සිටින්නේද කැමරූන් පාපන්දු කණ්ඩායමයි.

 



අදහස් (0)

දේශපාලන ඇගිලි ගැසීම් නිසා කැමරූන් පාපන්දු සම්මේලනයට තහනමක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 936 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 420 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 277 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 837 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 716 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 320 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site