සෑම වසරකම ඔක්තොම්බර් 15 දිණට යෙදෙන ජාත්‍යන්තර සුදු සැරයටි දිනය සමරා මධ්‍යම පළාත් ශ්‍රි ලංකා දෘශ්‍යාබාධිත සම්මේලනය මගින් සංවිධානය කළ සුදු සැරයටි පා ගමන හා සැමැරුම් උත්සවය අද (13) මහනුවර, ඊ.එල් සේනානායක ළමා පුස්තකාල ශ්‍රවණාගාරයේදි පැවත්විණි.
මෙම පාගමන සඳහා සුදු සැරයටි රැගත් දෘශ්‍යාබාධිත පුද්ගලයින් 100 ක් මෙන්ම නීතිඥ චමින්දානන්ද කිරිඇල්ල ඇතුළු මහනුවර මහනගර සභාවේ මන්ත්‍රිවරුන් මෙන්ම මධ්‍යම පළාත් සභා මන්ත්‍රිවරුද සුදු සැරයටියක් රැගෙන පා ගමන සදහා එක්වුහ.
මේ අතර ජාත්‍යන්තර සුදු සැරයටි දිනය නිමිත්තෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුව සහ දෘෂ්‍යාබාධිත පුනරුත්තාපන අරමුදල එක්ව සංවිධානය කරන සුදු සැරයටි දින සැමරුම් උත්සවය සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී. දිසානායක හා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සිකුරාදා (14) බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයේදී පෙරවරු 9.00 ට පැවැත්වීමට නියමිතය.
එහිදී සුදු සැරයටි රැගත් දෘෂ්‍යාබාධිත පුද්ගලයන් සහභාගී වන පා ගමනක් පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගණය අසල සිට අපේ ගම පරිශ‍්‍රය දක්වා පැවැත්වීමටද කටයුතු යොදා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලුවෝ නම් ඇස් තියාගෙනත් යන්නේ අන්ධ මිනිස්සු වගේ. (හේ)
කොහොමත් දේශපාලකයෝ ඇස් අරගෙන ඉන්නේ ඡන්දෙ ඉල්ලන කල් විතරයි. දිනුවට පස්සේ ඇස් වහගෙන සුදු සැරයටියෙන් යනවා වගේ තමයි අපිට පෙන්නේ. (බ)
දෘශ්‍යාබාධිත නොවන අය සුදු සැරයටිය ගැනීමෙන් දෘශ්‍යාබාධිත අයගේ සිරුරෙන් අඩක් වන සැරයටියට කළ අගෞවයක් හැටියටයි මම දකින්නේ.එය දේශපාලකයන්ගේ ප්‍රදර්ශන භාණ්ඩයක් වුණා. (බ)
සුදු සැරයටිය ගත්තා වගේම ඔවුන්ගේ දෘෂ්ඨි ආබාධයෙනුත් බාගයක් ගත්තා නම් තමයි සුදුසුම දේ කළා වෙන්නේ. (නි)
අපේ රටේ දේශපාලකයින්ට සුදු සැරයටි අමුතුවෙන් ඕනෑ නැහැ (නි)
දැන්වත් දෑස් හැර රටට සහ ජනතාවට වෙන්න යන දේ දෙස බලනමෙන් දේශපාලකයන්ගෙන් ඉල්ලා සිටිනවා (නි)
දේශපාලුවෝ කියන්නේ ජාති අන්ධයෝ කොටසක් කියලයි මට හිතෙන්නේ. ඔවුන්ට සුදු සැරයටි වලින් පලක් නැහැ. (හේ)