(රංජන් කස්තුරි)
දේශීය ආදායම් පනත් කෙටුම්පත හෙට (07) පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට නියමිත ය.
නව පනතට අනුව ශ්‍රී ලංකාවේ තිබෙන විදේශ සමාගම් විසින් සිය රටවලට ලාභ යැවීමේදී අයකරනු ලබන ප්‍රේෂණ බද්ද,ප්‍රාග්ධන බද්ද ,රඳවාගැනීමේ බද්ද හා උපයන විට ගෙවීමේ බද්ද ඔක්තෝබර් 01 වැනි දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.
නව පනතට අනුව සංස්ථාපිත බදු ඇතුළු අනෙකුත් ආදායම් බදු ගෙවීම 2018 වසරේ අප්‍රේල් 01 වැනි දා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
නව පනත මගින් දැනට අයකරන සියයට 10 ,12 ,15 ,20 හා 40 ආදි වශයෙන් වන බදු අනුපාත සරල කර තිබෙන අතර මින් ඉදිරියට එම බදු අනුපාත සියයට 14, 28 හා 40 යනුවෙන් අනුපාත තුනක් යටතේ පමණක් අයකරන බවද මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
පුද්ගල අදායම් බදු ගෙවීමේදී දැනට ආදායම් බදු අයතරන ලබන වාර්ෂික ලක්ෂ පහක් වන ආදායම් කාණ්ඩය ලක්ෂ හය දක්වා නව පනතින් වැඩි කර ඇතැයි ද මුදල් අමාත්‍යංශය කියයි.
තනි ව්‍යාපාරිකයෙක් හෝ ආදායම් ලබන පුද්ගලයෙක් සිය වාර්ෂික ඉපයීමෙන් ලබන ශුද්ධ ලාභයෙන් වසරකට ලක්ෂ පහක මුදලක් බදුවලින් නිදහස් කිරීමටද නියමිත ය.
2025 දෙසැම්බර් මස 04
786
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දේශීය ආදායම් පනතේ ඡන්දය හෙට
Ruwan Wednesday, 06 September 2017 01:23 PM
ශුද්ධ ලාභය ලක්ෂ පහේ සීමාවට ගෙන එ්ම ඉතාම නිවැරදි ක්‍රියාවකි. නමුත් අමතර ගුරුවරුන්, දොස්තරවරුන් යන අයවත් මෙයට අනිවාර්යයෙන්ම එකතු කල යුතුයි. ඔවුන් බදු වංචා කරුවන් අතරේ ඉතා ඉහළින්ම සිටී.