තම මව්පියන් , සැමියා සහ තරුණ පුතුන් දෙදෙනා 2004 සුනාමියෙන් අහිමි වීමේ මතක සටහන් පොතක් ලියු සොනාලි දැරණියගල ලන්ඩනයේදී පෙන්/එකලේ සම්මානය දිනා ගත්තාය.
ජීවිත ගමනේදී අවුල්වී ගිය සිතට තවත් අනන්‍යතාවයක් ලබා ලේඛිකාවක් වීමට එම බිහිසුණු අත්දැකීම් උපකාරී වු බව සොනාලී කියන්නීය.
වේව් (තරංග) නම් ඇගේ පොත ගැන විනිශ්ච මණ්ඩලයේ සභාපතී පීටර් පාකර් කියනුයේ ස්වාභාවික ව්‍යසනයකදී මව්පියන් සැමියා හා දරුවන් මිය යෑම සම්බන්ධයෙන් පොතක් ලිවීම අතිශය දුෂ්කර කාර්යයක් බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පොත ලබාගන්න ක්‍රමයක් තිබෙනවද?කරුණ කරලා දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්න. (නදී)
ජීවිතයේ එන දුක් කම්කටොලු ඉවසාගෙන ඒවාට මුහුණ දී ජයගන්න පුළුවන් නම් ඒක තමයි ජීවත්වෙනවා කියන්නේ. ඔබට ලැබුන මේ ශක්තිය, ඉවසීමේ ගුණය සහ ධෛර්යවන්තකම මම බෙහෙවින්ම අගය කරමි. ඔබෙන් වියෝවූ සැමදෙනාට නිවන් සුව පතමි. (නි)
නෙතේ නැඟුන කඳුලක්මයි සිතට දිරිය ගෙනදෙන්නේ! අපේ කාලේ පටාචාරා දුක් කඳුලැල් උහුලන්නේ! හිතේ තිබෙන වේදනාව පොත ඇතුළට රිංගන්නේ! වචන වලට නඟන්න බැරි අරුතකි ලොවටම දුන්නේ ! (නි)
ෆෙඩ්රික් මහත්මයා, ඔබේ අදහස පැහැදිලි නැහැ. කෙසේවෙතත් ඇය අදාර්ශවත් දිරිය ලදක්. ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී ශක්තිය, පවුලේ අහිමි වූ අයට නිවන් සුව මෙන්ම ඔවුන්ට මෙවන් අකල් මරණයක් ජාති ජාතිත් නොවේවා! (නි)
ෆෙඩ්රික් මහත්තයෝ, දැන් ඔයා මොකක්ද කරන්න කියන්නේ? (නි)
නංගියේ, ඔයා ඔහෙටම වෙලා ඉන්න. නුතන පටාචාරාවක් වූ නුඹ අද දිරිය ලඳක් වුණේ පිටරටක සිට ලියූ නිසයි. නුඹගේ දක්ෂකම් බලන්නවත් , නුඹ විඳි දුක දකින්නවත් නෙමෙයි අපේ සමහරු දන්නේ.නුඹට පිටරට යන්න ලැබුණ විදිය ගැන හොයන්න. අනේද කියන්නේ? (නි)
පිටරට ගිය නිසා තමයි මේ කාන්තාව මෙහෙමහරි ඔලුව උස්සාගෙන ඉන්නේ. ලංකාවේ හිටියා නම් පවුලම නැති වුණ කෙනෙක් කියලා මුළු ගැන්විලා ඉන්න තමයි ඇයට වෙන්නේ. මම දන්නවානේ මෙහෙම විපතක් වුණ බවලතුන්ට අපේ රටේ සාධු ජනයා සළකන විදිය. ෆෙඩ්රික් මහතා, ඔබ හිතා මතා අදහස් ලිව්වොත් ගොඩක් වටිනවා (නි)
ඇයි මේ සමහරු පිටරට ගිය අයට ආඩපාලි කියන්නේ ? තමගේ රටේ ඉන්න ගමන් රටට බරක් වෙනවට වඩා නරකද පිටරටකට ගිහිල්ලා හරි ස්වාධීනව ජීවත්වෙන එක. අපේ රටේ සුනාමි නිසා පවුල් අහිමි කාන්තාවන් කීදෙනෙක් ඉන්නවද, මානසිකව කඩාගෙන වැටිලා ඉතිරි නෑයන්ට බරක් වුණ? මේ කාන්තාව දිරියෙන් නැගිටීම අගය කරනවා වෙනුවට පිටරටක් අල්ලාගෙන දොස් කියන එක හරිම වැරදියි. (නි)
පෙඩ්රික් මහත්තයෝ ඔබ ඉංග්‍රීසියෙන් ඔබේ අදහස කිව්වා නම් මම ගොඩක් සතුටු වෙනවා. මොකද එහෙනම් මට හොඳ පිළිතුරක දෙන්න තිබුනා. (නදී)
ඔබගේ නොසැලුණු දිරියට ආචාර කරමි. තව තවත් ලිවීමට ඔබට දිරිය ප්‍රර්ථනා කරමි. ඔබට තෙරුවන් සරණයි ! (නදී)
ඒ මහත්මියගේ මුහුණේ පේන්නේ හරිම වේදනාවක් එයාට බුදුසරණයි (නදී)
චමත්කාර පොතක්. (නි)
ෆෙඩ්රික්.මොලේ තියෙන කෙනෙක් දැන් ලංකාවේ සිදු වෙන අපරාද වල හැටියට ලංකාවට එන්නේ නැහැ. ඉන්න අයත් පුළුවන් විදිහට ඉඩ කඩම් විකුණලා ලංකාවෙන් චුත වෙන්න බලනවා මිසක්. (නදී)
නියමයි ! (නදී)
කාන්ති, භානු , සහ නන්දගේ අදහස් අගය කරමි (නදී)
මේ පොතේ පිටපත් දෙකක් අපේ ගමේ (ඕස්ට්‍රේලියාවේ කුඩා නගරයක් ) මහජන පුස්තකාලයේ තියෙනවා. සැහෙන ඉල්ලුමක් මේ පොත් දෙකට තියෙනවා. මමත් පෝලිමේ ඉන්නවා එකක් අරගෙන කියවන්න. (ස)
ෆෙඩ්රික් මොනා කිව්වත් ලංකාවට නම් නිකන් වත් එන්න එපා. ගැහැනියකට කෙසේ වෙතත් හැදී දැඩි කොල්ලෙක්ට වත් පාරේ යන්න බැරි කාලයක් මේක. රට විනාසයි. (අ)
ඩුබායි- තිලක් ,ඇමසෝනා එකෙන් ඇනවුම් කරලායි මම ඒ පොත ගත්තේ. (ස)
පෙඩ්රික් මහත්තයා, ඉංග්‍රීසි ජාතිකයෙක්ද,සිංහලයෙක්ද? මේ පොත කියෙව්වද,කියවාගත්තද? ඔබේ අදහස අපැහැදිලියි. (නි)
සිංහල හා ඉංග්‍රීසි යන දෙකින්ම මේ පොත මුද්‍රණය කරලාද? (නි)
ෆෙඩ්රික් මහත්මයා,ඔබතුමා වුනත් කරන්නේ ඒ ටිකම තමයි. අපි හැමෝම අද කරන්නේ රට ගැන හිතන්න කලින් තමන් ගැන සිතීමයි.අද කාලේ කවුරු හරි හිතනවා නම්, " තමාට පෙර රට " කියලා.ඒක බොරුවක් .එහෙම අය හිටියා බොහෝ ඉස්සර. (අ)
මේ පොත සිංහල භාෂාවෙනුත් මුද්‍රණය කර තිබෙනවා නම් ගොඩක් වටිනවා. අපිටත් කියවන්න පුළුවන් එතකොට. (නි)
තවත් ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා! බුදු සරණයි! (නි)
ඔබ වැනි දිරිය ලඳුන් ලොවටම වාසනාවක් (නි)
දැනට මාස 6 කට පෙර මමද එය කියෙව්වෙමි. සම්මානයක් ලබන්න වටිනවා. ඇත්තමයි, හරිම සංවේදියි. ඔබ ගැන හරි දුක හිතෙනවා. ජාති ජාතිත් මෙවන් දුකක් නොවේවායි පතනවා. අනාගතයට සුබ පතමි!! (නි)
සැබවින්ම දිරිය ළඳක් (නි)
ඔබ ලැබූ සම්මානයට සුභ පතන අතර මෙවන් කාර්යයක් සාර්ථකව කිරීමට ඔබතුමිය තුළ තිබූ කැපවීම මම අගය කරමි.ඔබගේ අහිමි වූ සියල්ලන්ටම නිවන් සැප ප්‍රාර්ථනා කරමි.උපදින කිසිම ආත්ම බවයක අප සියල්ලන්ට මෙවන් දේ අසන්නට දකින්නට නොලැබේවා! (නි)
බුදු සරණයි ඔබට! (නි)
ඔබට පටාචාරාවක් නොවී, ජීවමාන බුදුන් නොදැක, එවෑනි කෘතියක් ලිවීමට තරම් ආත්ම ශක්තියක් ලෑබීම ගෑන ඉතාමත් සතුටු වෙමි. (නි)
ඒ පොත ලබාගන්න ක්‍රමයක් තිබෙනවද? (නි)
සුභ පැතුම් සොයුරිය! දෛවයේ සරදමින් දුකට පත් වූ සියල්ලන් වෙනුවෙන් තව තවත් ලියන්න. මේ ලෝකයේ දෙමව්පියන් කිසිදින දැක නැති අනාත ළදැරියන් , සැමියෙකු සොයා ගත නොහැකිව ගෙදරට වයස්ගත වූ කාන්තාවන් සහ තමන්ගේම දරුවෙකු නැතිකමින් සිතින් මැරි මැරී උපදින විවාහක කාන්තාවන් කොතෙකුත් ඇත. ඔබේ පන්හිඳ ඒ සැම වෙනුවෙන් හෙටත් සුරතට පැමිණේවා! (නි)
දියණිකට, බිරියකට, මවකට අහිමිවු සියල්ල නොසැළී ධෛර්යමත්ව දරාගෙන මෙවැනි කෘතියක් සමාජයට දායාද කිරීම ඇත්තෙන්ම පුදුමයට කරුණක්. මුලු කාන්තා පරපුරටම ඔබ ආදර්ශයක්. (නි)
හරිම සංවේදී අවස්ථාවක් (නි)
ඔබට බුදු සරණයි! (නි)
ඔබගේ ඉදිරි දිවිය ජයගැනීමට ධෛර්යය ලැබේවා! (නි)
විඳි මහා දුක් කන්දරාවන් වලින් ඔබගේ සසරේ එකතු වුණ දුක්ඛ කර්ම රාශියක් ගෙවී ඇති බව මම සිතමි. නිවන අරමුණු කරගෙනම ඉදිරි කාලය ගෙවන්න. ඔබට තෙරුවන් සරණයි! (නි)
ඔබ දිරිය ලඳක් .ඔබට බුදුසරණින් ධෛර්යය හා ශක්තිය ලැබෙන්න ඕනේ.ඔබ අපට ආදර්ශයක්.(අ)
දුප්පත් මිනිසුන්ගේ මුදල් වලින් ඔබව පිටරට යැව්වා ඉගෙනගන්න. නමුත් ඔබ පිට රට නතර උනා (නදී)
ඔබේ සිතට සැනසීම ලැබේවා ...! (නි)
මමත් ඒ පොත බැලුවා.හරිම දුකයි.ඔබට තෙරුවන් සරණයි! (නි)
සුභ පැතුම්! (නි)
ඔබ ජීවිතයට මුහුණදෙන ආකාරය ප්‍රශංශනීයයි (නි)
කඳුළු කැට වියලුන දෙනෙතේ, අදිටනක්ද දිරියක්ද නොහැඟේ... ඇත්ත ඇති සැටියෙන් ලිවුව එකම ඇති (නි)