(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දඹුල්ල පුද්ගලික හෝටලයක සේවිකාවකගේ සේවය ස්ථිර කිරීමට කටයුතු කරන බව පවසා ඇය හබරණ හෝටලයකට රැගෙන ගොස් ලිංගික හැසිරීමට ප්‍රවේශ වීම යන චෝදනා මත දඹුල්ල පුද්ගලික හෝටලයක මානව සම්පත් කළමනාකාරවරයකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත්තේ 2023 අංක නවය දරන නව දූෂණ විරෝධී පනත මගින් පුද්ගලික අංශයේ අල්ලස් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද බලතල අනුව කරන ලද ප්‍රථම වැටලීම අනුවය.
මහ විලච්චිය ප්‍රදේශයේ පදිංචිකාරියක කරන ලද පැමිණිල්ලක් අනුව පුද්ගලික හෝටලයක සේවය කරනු ලබන පැමිණිලිකාරියට දැනට ගෙවනු ලබන සියයට 75 ක සේවා ගාස්තු මුදල සම්පූර්ණයෙන් ගෙවීමට හා උසස් නිලධාරින් මගින් ඉදිරියේදී ඇයගේ සේවය ස්ථිර කර දීමට කටයුතු කිරීමටද ගණකාධිකාරී සහ මානව සම්පත් කළමනාකරු ලෙස එම හෝටලයේ රැකියාව කරන සැකකරු, ලිංගික අල්ලස් ඉල්ලා ඇය හෝටලයකට රැගෙන ගොස් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දූෂණ විරෝධී පනත නිසා තරුණියක් බේරෙයි
Sharm Sunday, 28 January 2024 11:53 AM
ආ.. එතකොට මෙච්චර කාලයක් වෙච්ච අපරාධ අල්ලන්න බැරි වුනේ ඒකයි... පව් දෙයියනේ.. මොන තරම් කැපවීමක් කරලාද..?