නිමල කොඩිතුවක්කු
දිවයිනට බලපා ඇති තද වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක නායයෑම් අවධානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ප්‍රකාශ කරයි.
ඒ අනුව මාතර, බදුල්ල, මාතලේ, කෑගල්ල, රත්නපුර, කුරුණෑගල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා හෙට(4) පස්වරු 4.00 දක්වා මෙම නායයෑම් නිවේදන නිකුත් කර ඇති බවද එම මධ්‍යස්ථානය පවසයි.
මෙයට අමතරව බදුල්ල, රත්නපුර, නුවරඑළිය, මාතර සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ප්‍රදේශීය ලේකම් කොට්ඨාෂ කිහිපයක් සඳහා නායයෑම් දෙවන අදියරේ නිවේදන නිකුත් කර ඇතැයි ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි. තද වැස්ස පහව ගියත් ගැඹුරු නාය යාම් සක්‍රිය වීම අවදානම් තත්ත්වයක් එම ප්‍රදේශවල පවතින බැවින් ඒ පිළිබඳව වැඩි සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත් එම සංවිධානය පැවසීය.
මෙම දිස්ත්‍රික්ක සඳහා වර්ෂාව තවදුරටත් පවතී නම් නායයාමේ, බැවුම් කඩාවැටීමේ, ගල්පෙරළීමේ, පස්කන්ඩි කඩා වැටීමේ සහ පොලව ගිලා බැසීමේ අවදානම පිළිබඳ විමසිලිමත් වන ලෙසද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd