ගලේවෙල බෙලිගමුව වත්තේ පැල්පතක ජීවත් වන දෑස් නොපෙනෙන කේ සෙල්වරාජ් කුලියට පොල් ලෙලි ගසා ලැබෙන මුදලින් 16 හැවිරිදි රෝගී පුතා ජීවත් කරවයි.
මීට වසර ගණනාවකට පෙර පහර කෑමකට ලක් වීම නිසා සෙල්වරාජ්ගේ දෑස් අහිමි විය.
ඔහුගේ එක් දරුවකු විවාහ වි සිටී. දෑස් නොපෙනුනත් ඔහු දෑස් පෙනෙන අය සමඟ හරි හරියට වැඩ කරන්නට සමතෙකි. පොල්අතු වියන්නට ද ඔහු දක්ෂයෙකි .
ඔහුටම කියා ඉඩමක් ද නැති සෙල්වරාජ් රජයට අයිති බෙලිගමුව පොල්වත්තේ කුඩා නිවසක් තනාගෙන ජීවත්වෙයි. සෙල්වරාජ්ගේ දුරකතන අංකය. 072-5692301

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුණරත්න ඔබ හරි.(නදී)
මෙන්න නියම පියවරු. ජාති බේධ නොතකා අපි පිහිට වෙමු. මේ තාත්තාව දැක්ක නම් අර දරුවන් ගඟට දමපු පියා! මෙවැනි උදවියට පිහිට වෙන අයගේ දරුවන් ටත් දෙවියන් ආශිර්වාද කරනවා. (දී)
ලෝකය ඔබව හදන තුරු බලා නොගෙන තම දෑතේ වීරියෙන් ජීවත් වන ඔබ තුමාට මගේ උපහාරය. රජය සේරම කරනකල් උඩ බලාගෙන ඉන්න කම්මලියන්ට හොද පාඩම් මේවා (දී)
දෙමල මනුස්සයෙක්ගේ අසරණකම ගැන කරුණු අදහස් දක්වල තියෙන්නේ අපේම සිංහල අය. මෙතන එක සිංහලයෙක්වත් ජාතිවාදීව අදහස් දක්වල නැහැ. ඔය අදහස් වලින්ම පේනවා සිංහල මිනිහගේ හිත උණු වෙන තරම. අපි සියලුම දෙනා එකතුවී නැති බැරි මිනිස්සුන්ට හැකි පමණින් උදව් කිරීමට උත්සහා කරමු. එතනට ජාතියක් ආගමක් වැදගත් නැත.(නදී)
ආදර බර අමමලා වගේම ආදර බර පියවරුත් මතු ආත්මයකදී බුදු වෙනවා . නිවන් දකිනවා .අම්ම ලේ කිරි කර පොවා පියාණන් තම ලෙය දහදිය කර උපයා දරුවන් ජිවත් කරනවා.(නදී)
කාංචන හැමවිටම සමාජයේ ගැටළු ගෙන ලියන කෙනෙක් අනිවාර්යෙන්ම උපකාර කලයුතු පුවතක් (දී)
මේ වගේ කෙනෙකුට තවත් කෙනෙක් පිහිට විය යුතුයි ඒවා තමයි මනුස්ස ගුණ ධර්ම . මම ලඟදි ලංකාවට යනවා , මගේ ගම අනුරාධ පුරය නිසා ඔහු හමුවීමට යන්න ලෙහෙසියි ඉතින් පුළුවන් උදව්වක් කරනවා ලංකාදීපයට ස්තුතියි .(අ)
ම්ම හිතනවා ඇස් දෙක හොද කරන්න පුළුවන් (අ)
අපි ජීවන්වෙන සැබෑම ලොව මෙයයි. පින්දම් කරන මහත්වරුනි ඔබගේ නිවාඩු කාලය හරවත් දෙයක් කරන්න ශක්තිය ලැබේවා! (නදී)
කාටත් බරක් නොවී ජීවත් වෙන මෙවන් මිනිසුන්ට පිහිටක් වෙන්න මේ රටේ දේශපාලනාඥයින්ට බැරිද ? ප්‍රාදේශීය සභා වලට පුළුවන් නේද යමක් කරන්න. (අ)
ගිම්හානි ඔයාගේ කතාව ඇත්ත. (අ)
පිටරට ජීවත් වෙන සමහරු හිතනවා ලංකාව දැන් ගොඩක් දියුනුඉ කියල .මොකද කොළඹ පැත්තේ පාරවල් ටික සුපර් හින්ද ,මේවා දැක්කම පේනවා නේද ලංකාවත් ඉතියෝපියාවක් වගේ කියල ,මේ තමා ඇත්ත (අ)
රණවිරු ගෙය මෙයාලට දුන්නොත් හොඳ නැද්ද? (අ)
අපේ රටේ පමණක් නොවේ ලෝක හැමතැනම ඔය වගේ අය ඉන්නවා කල පව් පින් අනුව තමා හැමදේම වෙන්නේ (අ).
මේවා දකින විට ශ්‍රී ලංකා ආණ්ඩුව ගෙන කලකිරනවා (අ)
ඔන්න සංවිධාන වලට කරන්න වැඩක් තියෙනවා.(නදී)
මෙන්න දිරිය මිනිසුන්, රජය මෙවන් ජනතාවට පිහිට වෙන්න ඕනා. තව කී දෙනෙක් ඇතිද මේවගේ අසරණ වෙලා. (නදී)
මෙවන් අයට රජය උදව් කල යුතුයි. ඇයි මෙයා ලාංකිකයෙක් නෙමෙයිද? (නදී)
ඩයස්පෝරාවේ සල්ලි වලින් කවදාවත්ම දුප්පත් දෙමල කට්ටියට පිහිට වෙන්න බැරි ඇයි? රටේ ත්‍රස්තවාදය වපුරන්න විතරද ඒ මුදල් යොදවන්නේ? (නදී)
මට නම් මේවා දකිනකොට එපා වෙනවා. පන තියෙන කෙනෙකුට උදවු කරන්න කෙනෙක් නැහැ. ඕන තරම් පින් දහම් නම් කරනවා.(නදී)
ඇත්ත ගුණරත්න,මේ තවත් එක අයෙක් පමණයි.දරුවන් රකින්න හිහමනේ යනම කි දෙනෙක් ඉන්නවාද.තියෙන කෙනාට ඕනෑවටත් වැඩිය.නැති කෙනාට ඇත්තෙම නෑ.මේක තම ආශ්චර්යය උදේ සවස දකින්න තියෙන.මන් මේ හරිය දන්නවා මගේ පුංචි ඉන්නේ පළාත.ලංකාවට ගියාම අනිවාර්යෙන් ගිහින් උදව්වක් කරනවා. (දී)
ගුණරත්න ඇත්ත තිත්තයි (දී)
ඉදිරියේ එන වෙසක් මාසේ බොරු පුහු දේවල් නොකර මේ වගේ මිනිසෙකුට උදව් කරන එක ලොකු පිනක් (දී)
නියම උත්තමයෙක් (දී)
මෙහෙම රටකනේ කොටි ගණන් මහජන මුදල් විනාශ කරමින් රගර් ගහන්නේ කාර් රේස් පදින්නේ (අ)
ජාති ආගම් භේදයකින් තොරව සෙල්වරජ්ට පිහිට වෙමු පුළු පුළුවන් ආකාරයට .(අ)
ලංකාවේ මෙහෙම වෙනව ද මටනම් සුරේ නැහැ . (අ)