ඩෙංගු මදුරුවන් සිටීදැයි මිරිහානේ නිවාස හත්සිය පණහක් අද (16) සෝදිසි කළ පොලිස් පරිසර ඒකකය නිවාස තිස්පහකින් මදුරු කීටයින් සිටින ස්ථාන සොයා ගත්තේය.
වෛද්‍යවරුන් ,නීතිඥවරුන් ,ගුරුවරුන් හා ව්‍යාපාරිකයින් ඒ අතර සිටින බවත් ඔවුනට නඩු පවරන බවත් පොලීසිය කියයි.ඔවුහු පොලිස් ඇප මත මුදා හරිනු ලැබුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල්ගස් වල පොල්පිති අතර වැස්සට වතුර රැඳෙනවා. ඒවගේ මදුරු කීටයෝ ඉන්නවා. රටේ සියලුම පොල්ගස් කපාදමන්න නියෝග කලොත් නරකද? (නි)
ඩෙංගු ප්‍රශ්නයට නිසි පිළියම් නොසොයා මේකරණ දේවලින් තවත වත් ප්‍රශ්නය උග්‍රවනවා හැර වෙන දෙයක් සිදු නොවේ. (නදී)
මෙහෙම ගිහින් මේ අය මදුරුවන්ටත් නඩු දායිද දන්නෙ නැහැ. (නි)
ලෝකේ හොදම අධ්‍යාපනේ තියෙන්නේ මෙහෙයි කියලා නිතරම පම්පෝරි කතා නම් අඩු නැහැ. නමුත් මදුරුවන්ට ගහන්න බෙහෙතක් තාම හදා ගන්න බැරිවුනා. ඒකත් සුද්දා දෙනකම් දත නියව නියවා ඉන්නවා.ලංකාවේ ඕනෑම රබර් වත්තකට ගිහින් බලන්න , හැම පොල්කටුවේම මදුරු කිටයෝ. (නි)
නමුත් පහත් තැනින් යයි ගලා ජලේ (නි)
මැලේරියාව නැතිවුනෙත් බෙහෙතක් හොයාගත් නිසයි. මදුරුවෝ නැතිකරන එක අමාරු වැඩක් ඉක්මනින්ම බෙහෙතක් සොයා බලන්න.(නදී)
අපි පොලිසියේ මහත්තුරුන්ගේ ගෙවල්, මහල් නිවාස සෝදිසි කරන්න පොලිස් නිලධාරීන් හැර වෙනත් අයව යවමු.(නදී)
ඇයි පායන කාලයට හිතන්නෙ නැතුව වැස්සට විතරක් මතක් වෙන්නේ ? (නි)
දඩ ගහල හම්බවෙන සල්ලි වලින් මදුරුවන්ට මොනවා හරි කරනවා නම් ඉවසන්න පුළුවන්. මගේ නැන්දගේ ගෙදරට ආපු අය ටිකක් ශීතකරණයේ පිටිපස හොදට සීල් කරලා තිබුණු තහඩුව පිහියකින් ගලවලා මදුරුවෝ හොයලා. (නි)
එතකොට පොලිස් ගෙවල්වල නැද්ද? (ත)
සුගත්, තබුක්, ඔබ හරි. ඒත් දැන් කියනවනේ කියුබාවෙන් ගෙනා බෙහෙත් ඉහින්න කෝටි 200ක් යන කතාවක්. මේකට වියදම් කරන්න ලෝබයි. 5% මදුරු කීට ගහනය දැන් 40% ට නැගලා. දවස ගානේ අහිංසකයෝ මැරෙනවා. මේ මදුරුවොත් උන්ගේ ලේ විසවෙයි කියන බයටද කොහෙද ලොක්කන්ට විදින්නේ නැහැනේ. එහෙම වුනා නම් මේකට පිලියමක් කෙරෙනවා මේ වෙනකොට. (නි)
මොනතරම් මහජන මුදල් කන්දරාවක් බොරු සෝබන දේවල් වලට වියදම් කරනවද ?වැඩක් නැති දේවල් වලට වියදම් නොකර රටෙයි ජනතාවයි ගැන බලලා දැන්වත් අපිව රව්ට්ටන්නේ නැතිව බැරිද කියුබාවෙන් ගේනවා කිව බහෙත් ගෙනත් මේ මදුරු වසංගතය නැති කරන්න.(නදී)
සුගත් ඔබ නිවැරදියි (නි)
පරිසරය පිරිසිදුව තිය ගන්න එකෙන් ඩෙංගු අවම කර ගන්න යම් පිටිවහලක් වෙනවා. නමුත් මිනිස්සුන්න්ට දඩ ගැහුවා කියල මේක නවත්වන්න බෑ. රට වටේ තියෙන ඔක්කොම ගස් ටික එහෙනම් කපල දාන්න වෙය් තව වැව ටිකය් ජලස ටිකය් ලින් ටිකයි ඔක්කොම වහල දාන්න වෙයි. අතීසාරේට අමුඩ ගහන්නේ නැතුව හරි දේ කරන්න ඕනි. කියුබාව අදර්සේට ගන්න. (අ)
මමත් කියලා ඇති දොස්තරලගේ ගෙවතුත් පරීක්ෂා කර බලන්න කියලා. හරිනේ, දුප්පත් අයගේ ගෙවතු හොය හොයා ගිහින් නඩු දැම්ම අය නේද? මහජන සෞඛ්‍ය පරීක්ෂකලාගේ ගෙවතුත් පරික්ෂා කරන්න.(නදී)
දොස්තරලා ලෝකෙට පරකාසේ ගෙදරට මර ගාතේ ඕන් කනෝ පිනුම් .(නදී)
බලන් යනකොට ලොකු ලොකු කට්ටිය ඩෙංගු බෙදාගෙන බෝ කරනවද ?(නදී)