රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණයෙන් තේරී පත් වූ සියලු නිලධරයන් තනතුරුවල රාජකාරි කිරීම වළක්වමින් ගල්කිස්ස දිසා විනිසුරු ගිහාන් රණවක මහතා අතුරු තහනමක් නිකුත් කළේය.
අධිකරණ තහනමක් පනවා තිබිය දී නිලවරණය පැවැත්වීමෙන් උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට සභාපති ඇතුළු නිලවරණ කමිටුව අධිකරණයට කැඳවීමට ද නියෝග කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිකරණය මෙතරම් විකාර වැඩ කරන්නේ ඇයි? අධිකරණය විහිළුවක් වෙලා.. (දී)
එයාල උසාවියට අපහාස කරනවා. ජනතාවට වින කරනවා. රටට ද්‍රෝහී වෙනවා. (නදී)
ගරු අධිකරණයට අපහාස කිරීම නීතියෙන් දඩුවම් ලැබියයුතු වරදක් (නි)
දැඩි දඬුවම් දියයුතුයි. මෙයාලගේ මේ වැඩ නිසා අසරණ රෝගීන් අමාරුවේ (නි)
සමහරු හිතන්නේ ඒ අයට ඕනෑ දෙයක් කරන්න පුළුවන් කියලා (නි)
දොස්තරලටවත් කිසිම වැඩක් කර දෙන්නේ නැති සංගමයක්. මෙයාලගේ ඔලුවේ හුලන් බැස්සවිය යුතුමයි. (නදී)
බොරුවට ගහමරා ගන්නේ නැතුව වෙන බටහිර රටකට ගියා නම් හරිනේ. (නි)
දොස්තරලට වැඩ වර්ජනයකට යන්න ඔන්න තවක් තුරුම්පුවක්. (නි)
ඇයි මෙහෙම වැදගත් රැකියාවක් කරන අය මෙහෙම දේවල් කරන්නේ? (නි)
මේ අයටත් අනෙක් අයට මෙන් අධිකරණයට අපහාස කළාට දඩුවම් දෙන්න (නි)
මේ සංගමය පසු ගිය කාලය පුරාම කලේ බබා පාට් එක . මොකද එයාලගෙ තනතුර මේ රටේ දුප්පත් අහිංසක අම්මලාගේ දරුවන්ව උපවාස කරවල වලටම ඇදල දැම්මා . ජනාධිපතිතුමාට පින්සිද්ධ වෙන්න ඒක නවත්වා ගත්තා . පසුව හෙද - වින්නඹු ප්‍රශ්ණය ඇති කරලා අහිංසක රෝගීන් අමාරුවේ දාන්න වැඩ කරගෙන ගියා. මේ සංගමයේ ලොක්කාත් හරියට අපේ ජනාධිපතිතුමා නිසා සමාව ලැබුණ එස්.බී. ඇමතිතුමා වගේ. මොකද මේ පාර ගරු අධිකරණයට අපහාස කරලා කට වරද්දගෙන තියෙන්නේ. ඔහු මීඩියා වල කිව්වේ හරියට ජනාධිපති වුනා වගේ. මේ රටේ මීඩියාත් මේ වාරණය ගැන නොපෙන්වා ඔහුගේ ජයග්‍රහණය මහ ලොකුවට කියෙව්වා. මෙයාලගෙ පිම්බිල්ලට මේ මීඩියාත් වගකියන්න ඕනේ. මේකෙන් වෙන්නේ වැදගත් විදියට ඉන්න හොඳ දොස්තර මහත්වරුන්ගේ නම්බුවත් නැති වෙන එක විතරයි. (නදී)
මේකේ කොමෙන්ට් දාපු අය කියන්නකෝ කොහොමද මේකෙන් ලෙඩ්ඩුන්ට කරදරයක් වෙන්නෙ කියලා. ඕනැම තනතුරකට සංගමයක් තියෙනවා. එ්ක පත් කර ගද්දි ප්‍රශ්න වෙනවා. අපි උසාවි නඩුව ඉවර උනාම බලමු. (නදී)
දොස්තර පාදෙනිය කියන්නෙ ලමා ස්නයු රෝග වෛද්‍යවරයෙක්. ඔහු විශිෂටයෙක්. ඔහුගේ ජයග්‍රහනය දරා ගත නොහැකිව සමහරු ඉරිසියා සහගත ප්‍රකාශ කිරිම හෙලා දකිනවා (නදී)