IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


දිස්ත්‍රික් 11 කට නාය යාමේ නිවේදන නිකුත් කරයි

(මොහොමඩ් ආසික්)

දිවයින පුරා තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 11 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 52 කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ  නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය අද (19 ) පස්වරුව දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ඇල්ල සහ හල්දුම්මුල්ල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද හාලිඇල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන  මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ .

ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඕකේවෙල, වලස්මුල්ල, කටුවන, සහ බෙලිඅත්ත යන  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහා පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ හොරණ අගලවත්ත සහ වලල්ලාවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු මටට්මේ නිවේදනයද පාලින්දනුවර සහ ඉංගිිරිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, උඩදුම්බර, පාතදුම්බර, උඩපළාත, සහ ගඟවට කෝරළය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සදහා පළමු මට්ටමේ නිවේදනයද,යටිනුවර තුම්පනේ සහ පස්බාගේ කෝරළය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සදහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා පළමු මට්ටමේ  නිවේදනයද දෙහිඕවිට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, පොල්ගහවෙල, සහ මාවතගම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා සහ  මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල, නාවුල, ලග්ගල පල්ලේගම, සහ අඹන්ගඟ කෝරළය යන ප්‍රාදේහිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර සහ කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා පළමු මට්ටමේ නිවේදනයද අතුරලිය සහ පස්ගොඩ  යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ සහ අඹගමුව යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද  හඟුරන්කෙත සහ වලපනේ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙනව මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, ඇලපාත, ඇහැලියගොඩ, කොලොන්න,වැලිගෙපොළ, කුරුවිට, ගොඩකවෙල,  සහ කහවත්ත යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද කිරිඇල්ල කහවත්ත, නිවිතිගල, බලංගොඩ, සහ ඉඹුල්පේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

 



අදහස් (0)

දිස්ත්‍රික් 11 කට නාය යාමේ නිවේදන නිකුත් කරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලියාගේ පහර කෑ තරුණයා මරුට
2024 ඔක්තෝබර් මස 07 79 0

පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින


ඊශ්‍රායලයට ආයුධ දීම දැන්වත් නවත්වන්න
2024 ඔක්තෝබර් මස 07 262 0

ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.


පක්ෂ ලකුණු ප්‍රකාශයට පත් කර අති විශේෂ ගැසට්ටුවක්
2024 ඔක්තෝබර් මස 07 158 0

1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ


ඉන්දියාවේ හිත රිද්දන්නේ නැහැ
2024 ඔක්තෝබර් මස 07 297 0

ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ කිසිදු තීන්දු තීරණයක් නොගන්නා බවත්, ඉන්දියාව සමඟ ද්වී පාර්ශ්වික සබඳතා තරකර ගැනීමට පියවර ගන්නා බවත් නවදිල්ලියට


සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ පක්ෂය තනිව මහ මැතිවරණයට
2024 ඔක්තෝබර් මස 07 329 0

ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ම


ඇල්පිටිය ප්‍ර.ස. මැතිවරණයේ තැපැල් ජන්ද පත්‍රිකා අද තැපෑලට
2024 ඔක්තෝබර් මස 07 177 0

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39250 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25620 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1104 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 385 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site