අවිස්සාවේල්ල දෙහිඕවිට දී ෆිනෑන්ස් ආයතනයක සීසරුවරුන් විසින් රැගෙන එමින් සිටි බස් රථයක් පැහැරගත්තැයි සැකපිට දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ සභාපති අමිල රුවන් කන්දෙආරච්චි අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසිය කියයි.
ප්‍රාදේශීය සභාපතිගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ද එම ස්ථානයේ සිටි බවට අනාවරණය වූ නිසා ද ඔවුන් පෙරදින (06) රාත්‍රී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ඉස්සරහට යනකොට මේ හොරයක්කු කෝච්චිත් උස්සයි (නදී).
බලන් ගියහම හැම ප්‍රාදේශීය සභාවකම ඉන්නේ හොරුනේ. (නදී)
නියමයි ඔහොම යන්, ඔහෙලට චන්දෙ දුන්නේ ඔය ටික කරවගන්න තමා. (ස)
සභාපති චන්ඩිකම් නොකළ තවත් ප්‍රාදේශීය සභා තිබේද? (නදී)
මැරකම් පොඩි තැනින් පටන්ගෙන ඉහලට ආවාම මේ අය තමයි ඔය කරන තරමක් දුෂණ භීෂන කරන්න පටන් ගන්නේ. (නදී)
මෙතුමා පහුගිය දවස් වල ගහපු පෝස්ටර් වල හොයල බැලුවොත් හොඳා, අවංක පිරිසුදු එඩිතර සාමකාමී දර්මිෂ්ට පාලනයකට අමතරව බස් උස්සනවා කියල කතාවකුත් ලියල තිබුනද කියල. (නදී)
සීසර්ලා කරන්නේ ඇත්තෙන්ම පැහැර ගැනීමක්. ඒ වෙලාවේ වාහනය ආරක්ෂා කරගැනීමට සහ ආත්මාරක්ෂාවට සීසර්ලට ගැහුවොත් මොකද වෙන්නේ? දන්න කෙනෙක් කියන්න පුලුවන්ද එහි ඇති නීතිමය තත්වය. උදාහරණයක් දුන්නොත් ඉතාම වටිනවා. (නදී)
පොලිසිය තාම හොයනවද? (නදී)
සීසර්ලා කරන්නෙත් රැකියාවක්. සිසර්ලා ලංකාවේ විතරක් නොවෙයි ලෝකයේ සෑම රටකම ඉන්නවා. ලංකාවේ මම අහලා තියෙන විදියට ඔවුන් වාහනයක් රැගෙන යාමට ප්‍රථම ප්‍රදේශයේ පොලිසියට, ප්‍රථමයෙන්ම ඒ බව දැනුම් දෙනවා. (නදී)
ඔහොම වැඩ කරන්න නම් ප්‍රාදේශීය සභා අවශ්‍යද? (නි)
දැන් වැඩිපුරම අත්අඩංගුවට පත්වන ප්‍රවෘත්ති වලට කතා නායකයින් වී ඇත්තේ දේශපාලකයින් (නි)
පලා බබ්බු ඉස්සෙලා කන්නේ පළාත ඒ සුදුසු කමත් එක්ක ඊළඟ ඡන්දෙදි ජයවර්දන පුරේට ගිහින් රටම කන්න පටන් ගන්නවා.ජයවේවා අපේ ආණ්ඩු ක්‍රමේට.(අ)